|
|
බොහෝවිට සරල ලෙසින් '''මැල්කම් කාදිනල් රංජිත්''' හෝ '''මැල්කම් රංජිත්''' ලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ [[කාදිනල් තුමා (කතෝලික ධර්මය)|කාදිනල් තුමෙකු]] වෙයි. එතුමා, [[කොළඹ අග රදගුරු පදවිය|කොළඹ අගරදගුරු පදවිය]] හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ [[පුරවර අග රදගුරු වහන්සේ|පෞර අගරදගුරු වහන්සේ]] (Metropolitan Archbishop) වෙති.
කාදිනල් රංජිත් හිමිපාණන්පියතුමන් , මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය|රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය|ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
== දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය ==
මැල්කම් රංජිත් හිමිපාණන්පියතුමන් , [[පොල්ගහවෙල]]දී දොන් විලියම් සහ මේරි විනිෆ්රිඩා ට දාව උපන්නේ පවුලේ [[එකම පිරිමි දරුවා]] ලෙසිනි. 1956 දී [[බොරැල්ල|බොරැල්ලෙහි]] [[ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය]] ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ [[මෝදර]] ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා [[මහනුවර]] ජාතික [[දේවධර්මශාස්ත්‍රාලයය|දේවධර්මශාස්ත්‍රාලයෙහි]] දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි [[තෝමස් කුරේ|තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්]] පියතුමන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා [[රෝමය]] වෙත යවන ලදුව, එහිදී එතුමාණන් [[පොන්ටිෆිකල් අර්බනියානා විශ්වවිද්‍යාලයය|පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන්]] දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.
[[ප්‍රවර්ගය:චරිත කතා]]
|