"ශ්‍රි ලංකා මෙතොදිස්ත සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:

ශ්‍රි ලංකාව තුල පවතින රෙපරමාදු ක්‍රිස්තියානි නිකායක් වන ශ්‍රි ලංකා මෙතොදිස්ත සභාව,1814 ජුනි 29 වන දින පිහිටුවන ලදි. මෙම සභාව දේවස්ථාන පිළිබඳ ලෝක සභාව, අසියානු ක්‍රිස්තියානි සම්මේලනය, ශ්‍රි ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය හා ලෝක මෙතොදිස්ත මණ්ත්‍රණ සභාවෙ සාමජිකයෙකි.

== ඉතිහාසය ==
== ඉතිහාසය ==

[[ගොනුව:Wesleyan_Methodist_Chapel,_at_Galle,_Ceylon_(104,_September_1868,_II_(New_Series))_-_Copy.jpg|thumb|260x260පික්|Wesleyan Methodist Chapel, at Galle, Ceylon (1868)]]

[[ගොනුව:Mission_Chapel_and_School,_Colombo,_Ceylon_(p.168,_November_1865,_XXII).jpg|thumb|260x260පික්|Mission Chapel and School, Colombo, Ceylon (p.168, November 1865, XXII)]]

27 පේළිය: 22 පේළිය:

හාවර්ඩ්, කුවෝන්ස්, කැලවේ, ස්පෙන්ස්, හාඩි සහ ජෝර්ජ්ලි යන දේවගැතිවරුන්, වෘතියෙන් මුද්‍රණාලකරුවන් වු බැවින් ඔවුන් මුද්‍රණ කටයුතු වලට දායක විය. බෙන්ජමින් ක්ලෆ් විසින් ශබ්ද කෝෂය 1821දි, ඉංග්‍රීසියෙන් සිංහල බසට ද, 1830 දි සිංහලෙන් ඉංග්‍රීසි බසට ද පරිවර්තනය කර ප්‍රකශයට පත් කළේය. තවද ඔහු, පළමු පාලි ව්‍යාකරන හා වචන මාලා පොතක් ප්‍රකාශයට පත් කළ අතර සිංහල දේශන පරිවර්තනය හා මුද්‍රණය කරන කළේය.වෙස්ලියානු මුද්‍රණාලය තවදුරටත් ඩී. ජේ. ජෝර්ජ්ලි දේවගැතිතුමන් සහ පර්සිවල් විසින් නිෂ්පාදනය කල විද්වත් පොත් මුද්‍රණය කර ප්‍රරකාශයට පත් කෙරු අතර, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා බයිබල් සංගමය උදෙස සිංහල බයිබල් මුද්‍රණය කළෝය.

== See also ==

16:21, 1 පෙබරවාරි 2018 තෙක් සංශෝධනය

ශ්‍රි ලංකාව තුල පවතින රෙපරමාදු ක්‍රිස්තියානි නිකායක් වන ශ්‍රි ලංකා මෙතොදිස්ත සභාව,1814 ජුනි 29 වන දින පිහිටුවන ලදි. මෙම සභාව දේවස්ථාන පිළිබඳ ලෝක සභාව, අසියානු ක්‍රිස්තියානි සම්මේලනය, ශ්‍රි ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය හා ලෝක මෙතොදිස්ත මණ්ත්‍රණ සභාවෙ සාමජිකයෙකි.

ඉතිහාසය

Wesleyan Methodist Chapel, at Galle, Ceylon (1868)
Mission Chapel and School, Colombo, Ceylon (p.168, November 1865, XXII)

Wesleyan Chapel at Seedua, in the Island of Ceylon (1846)

ශ්‍රි ලංකාවට මෙතොදිස්ත දහම ගෙනෙ එමේ මිශනාරි සෙවය පවරුනෙ, ජෝන් වෙස්ලි දේවගැතිතුමන්ගෙ දකුනු අත වු තෝමස් කෝක් දේවගැතිතුමන් වෙතයි. මෙම මිශනාරිවරුන් 1813 දෙසැම්බර්ර් 30 වන දින පෝට්ස්මෞත් වරායෙන් ගමන් අරම්බ කලොය. 1814 මැයි 3 වන දින තෝමස් කෝක් තුමන් රෝගතුරුවර මිය ගිය අතර එතුමන්ගෙ සිරුර මුහුදු පතුලෙ තැන්පත් කෙරුනි. 1814 ජුනි 29 වන දින තෝමස් හෝල්, විලියම් ඔල්ට්, ජෝර්ජ් අර්ස්කයින් හා බෙන්ජමින් ක්ලෆ් ගාල්ලට පැමිණියෝය. කුවෝන්ස් , ක්ලෆ් හා ලින්ච් රැගත් බෝට්ටුව ගාලු වරයට සේන්දු වු අතර ඔල්ට් හා අර්ස්කයින්, ඔවුන්ගේ පෞද්ගලික හේතුන් මත ඉට පසු දින වැලිගමින් ගොඩ බැස්සෝය.

මිශනාරිවරුන් ලංකාවේ විවිඩ ප්‍රදේශවල සේවය උදෙසා ව ගියෝය. කුවෝන්ස් හා ලින්ච් යාපනයටත්, ඔල්ට් මඩකලපුවටත්, අර්ස්කයින් මාතරටත් පිටත්ව ගිය අතර ක්ලෆ් ගාල්ලේ රැදී සිටියේය. පවුල් හේතුන් මත බොම්බෙ රැදී සිටි හාවර්ඩ්, 1815 මුල් බාගයෙදි ගාල්ලට පැමිණි අතර, ඔහු නැවත කොළඹ මිශනාරි සේවය උදෙසා පිටත්ව ගියේය. පසුව ක්ලෆ් ද, කොළඹට පැමිණි අතර, ගාල්ලේ මිශනාරි සෙවය අර්ස්කයින් වෙත පැවරුණේය. 1815 මැද බාගයෙදි, මෙම මිශනාරිවරුන් කොළඹ ඩෑම් මාවතේහි ඉඩම් කොටසක් මිලදි ගත් අතර, එතන මෙතොදිස්ත දේවස්ථානයක් ඉදි කළෝය. අදටත් මෙම දේවස්ථානය එහි පවතින අතර, එය ආසියාවේ ඉපැරණිම මෙතොදිස්ත දේවස්ථානය වෙ. ඔවුන් ඉන්පසුව කොළඹ ළමා දහම් පාසලක් සහ මුද්‍රණාලයක් ආරම්භ කළෝය. වෘතියෙන්  මුද්‍රණාලකරුවෙකු වු හාවර්ඩ් දේවගැතිතුමන්, එහි වැඩ අධීක්ෂණය කල අතර, ඔවුන් ළමයින් සදහා පොත් මුද්‍රණයද අරම්භ කළෝය. මෙ අතරතුර, 1816 දෙසැම්බර් මස “වෙස්ලියානු මිෂන් නිවස” නමින් දෙව් මැදුරක් නමස්කාරය සදහා විවෘත ව්ය.

1834 වකවනුවෙදි, කාන්තාවන්ගෙ අධ්‍යාපනයට එරෙහිව ආකල්ප පැවතියද, මිශනාරිවරුන් විසින් වෙම්බඩි උසස් බලිකා විද්‍යාලය ආරම්භ කළෝය.

පණ්ඩිත් ආරුමුග නාවලර් සමග, පීටර් පර්සිවල් දෙමළ බසට බයිබලය පරිවර්තනය කළේය. තවද පීටර් පර්සිවල් විසින් ලියන ලද ඇන්ග්ලෝ-දෙමළ ශබ්ද කෝෂය (1838) හා දෙමළ හිතෝපදේශ එකතුව , එහි ඉංග්‍රීසි පරිවර්තනය සමග යාපනය පොත් සංගමය විසින් පලකරන ලදි. මෙය ඇමරිකානු ලංකා දූත මෙහෙවර මගින් මුද්‍රණය කල ප්‍රතම දමිල පොත් දෙක විය. ඔහුගෙ “His Land of the Veda: India briefly described in some of its aspects, Physical, Social, Intellectual & Moral” 1854දි මුද්‍රණය විය.

මිෂනාරිවරුන් රට පුරා දරුවන් උදෙසා තම සේවය අරම්භ කල අතර, ගාල්ල, බදුල්ල, දියතලාව සහ තුම්මොදර ප්‍රදේශවලදි අනාථ දරු නිවාස හා වෘත්තීය පුහුණු මධ්‍යස්තාන පිහිටෙවුවේය. මෙම සේවය දිගටම ක්‍රියාත්මක වු අතර, 20 වන සියවසේදි, ත්‍රිකුනාමලය, චෙන්කලඩි, හා නිලාවැලි ප්‍රදෙශවලදිද මෙම නිවාස ඉදි කළේය. රැකියාවන්හි නියුතු දෙමාපියන්ගෙ දරුවන් රැකබලගනිම සදහා, මෙතෝදිස්ත පල්ලිය විසින් වැලිමඩ, මොරටුමුල්ල, අඟුලාන, පානදුර සහ මරදාන ප්‍රදෙශවලදි දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පසල් ආරම්භ කළේය.

උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා නගර වෙත ගමන් කළ තරුණ ගැහැණු ළමුන්ට ආරක්ෂිත නවාතැන් පහසුකම් නොතිබුන බැවින්, ප්‍රාදේශීය සභාවන් වල ද සහාය ඇතිව, කාන්තා නේවාසිකාගාර කොළඹ, මරදාන, මුවර් පාර (Moor Road), බදුල්ල, සහ කටුනායක පිහිටෙවුවේය. මේ අතරතුර වැඩිහිටි නිවාස බදුල්ල, වැල්ලවත්ත, මොරටුමුල්ල, සහ පුත්තූර් ප්‍රදෙශවල පිහිටවු අතර , එම නිවාස මෙතෝදිස්ත කාන්තා සන්ගමය මගින් රැකබලා ගත්තේය.