"විද්‍යුතය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සන්නායක වස්තු මගින් ඒවා අසල වූ ක්ෂේත්‍රයක ශක්තිය කෙරෙහි විශාල ව‍ශයෙන් බලපෑම් සිදු කරයි. තීව්‍ර තුඩු සහිත වස්තූන්ගේ තුඩු ගමන් කිරීමට සිදු වේ නම් ක්ෂේත්‍ර තීව්‍රතාව තවත් ඉහල‍වේ. අකුණු සන්නායක සදහා මෙම මුලධර්මය යොදාගනී. තීව්‍ර තුඩු සහිත සන්නායකය එය විසින් ආරක්ෂා කරන ගොඩනැගිල්ලට වඩා ඒ මතට විදුලි සැර ඇද ගනී.
 
==විද්‍යුතය හා ස්වභාවික ලෝකය==
=== කායික බලපෑම ===
මිනිස් ශරීරයට වෝ‍‍ල්ටියතාවක් සැපයු විට පටකයන් හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරයි. සම්බන්ධය රේකීය නොවුවත් වෝල්ටීයතාව වැඩිවන විට ගලන ධාරාවද වැඩිවේ. දේහලීය සංවේදනතාව ධාරාවේ පථය හා සපයන ලද සංඛ්‍යාතය සමග වෙනස් වන අතර ජව මූලික සංඛ්‍යාත විද්‍යුත‍ය සඳහා පථ 1mA පමණ වේ.ධාරාවෙහි අගය ප්‍රමාණවත් තරම් ඉහළ වේ නම් එවිට පේෂී සංකෝචනය,හෘද තත්වායනය ,පටක පිලිස්සීම ආදී බලපෑම් ඇතිවේ. විද්‍යුතය කර ඇති සන්නායකයක් බාහිරව හඳුනා ගැනීමට නොහැකි බැවින් එය උවදුරක් ඇතිවීමේ මාර්ගයක් වේ.විදුලිසැර වැදීමෙන් ඇතිවන වේදනාව අතිශය තීව්‍ර විය හැක අතර එබැවින් විදුලිය හිංසන උපායන්ට යොදාගැනේ. විදුලි පහරක් නිසා සිදුවන මරණයක් electrocution ලෙස ඉංග්‍රීසියෙන් සඳහන් වේ. වර්ථමානයේ සුලභව භාවිතා ‍ෙනාවුවද සමහරක් අධිකරන බල ප්‍රදේශ තුළ මරණ දණ්ඩනයට ලක්වූවන් විදුලි සැර වැදීමෙන් මරණයට පත් කිරීම සිදුකරනු ලැබීය.
 
=== විද්‍යුත් සංසිද්ධිය ===
[[ගොනුව:Electric-eel2.jpg|thumb|400px]]
විද්‍යුත‍ය යනු සියයට සීයක්ම මිනිස් නිපැයුමක් නොවේ. අකුණු ගැසීම වැනි විවිධාකාර තත්වලින්
විද්‍යුත‍ය ස්වභාවයේ පවතී. පෘථිවි චුම්භක ක්ෂේත්‍රය ද පෘථිවි ගර්භය වටා වූ ස්වභාවික ඩයිනමෝවක් ආකාරයට ක්‍රියා කරන සංක්‍රමණ ධාරා හේතුවෙන් ඇතිවේ යැයි විශ්වාස කෙරේ. උක් දඬු මෙන්ම ක්වාටිස් වැනි සමහර පාෂාණ වර්ග ද බාහිර පීඩනනයකට යටත් වූ කල ඒවායේ පෘෂ්ඨ හරහා විභව අන්තරයක් හටගනී. මෙ‍ම සංසිද්ධිය පීඩ විද්‍යුත‍ය වශයෙන් හැඳින්වේ.
 
ග්‍රීක භාෂාවේ piezein යනු තද කරීමයි. මෙම සංසිද්ධිය 1880 දී පියරි හා ජැක්ස් කියුරි විසින් සොයාගන්නා ලදී. මෙම ආවරණය පරස්පර ලෙස පීඩ විද්‍යුත් ද්‍රව්‍යයක් විද්‍යුත් ක්ෂේත්‍රයකට භාජනය කළ විට එහි හෞතික මාන යම් ප්‍රමාණයකින් වෙන්වීම සිදු වේ.
 
මෝරුන් වැනි සමහර ජීවින් “විද්‍යුත් ප්‍රතිචාර” යන හැකියාව මගින් විද්‍යුත් ක්ෂේත්‍ර‍ෙය් වෙනස් වීම් හඳුනාගෙන එයට ප්‍රතිචාර දැක්විය හැක. සමහරක් ජීවීන් විද්‍යුත් ජනනීය ජීවීන් වන අතර ඔවුහු ආරක්ෂාකාරී හෝ ප්‍රහාරක ආයුධයක් වශයෙන් විද්‍යුතය නිපදවා භාවිතයට ගනිති. ‘විදුලි ආඳා’ ඇතුළත් වන ජම්නොටිෆෝම් ගෝත්‍රයේ ජීවීන්ට විද්‍යුත් ජනක සෛල ලෙස හැඳින්වෙන විශේෂ‍ෙයන් සැකසුණු පේෂී සෛලවල නිෂ්පාදිත අධික වෝල්ටීයතාවන් ඇසුරින් ඔවුන්ගේ ගොදුරු ආවරණය කරගැනීම හෝ අඩපන කිරීම කළ හැක. ස්නායු පද්ධතියේ ස්නායු සහ පේෂීන් අතර සන්නිවේදනයට උපකාරී වන ක්‍රියා විභවයන් ලෙස හැඳින්වෙන විද්‍යුත් ස්පන්දයක් ඇසුරෙන් සියළු ජීවීන් සිය සෛල පටල /ප්ලාස්ම ඹස්සේ තොරතුරු සම්‍ප්‍රේෂණය කරති. (මෙම මුලධර්ම හේතුවෙන් විදුලිසැර වැදීමක් මගින් ස්නායු පද්ධතිය අධිභාරයකට ලක්වී‍මෙන් ජීවියෙකු තාවකාලිකව හෝ ස්ථිරවම අංශභාග තත්වයකට භාජනය විය හැක.) මෙම පද්ධතීන් සමහර ශාකවල සම්බන්ධීකරණ ක්‍රියාවලිය සඳහා ද වැදගත් වේ.
 
[[ප්‍රවර්ගය:විදුලිය]]

සංස්කරණ

19,667

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/372929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව