"රේගුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
14 පේළිය: 14 පේළිය:


==පිංතූර ගැලරිය==
==පිංතූර ගැලරිය==

<Gallery>
<Gallery>
image:Ship_1.jpg
image:Ship_1.jpg
image:Airports_2.jpg
image:Plants.jpg|අපනයනය හෝ ආනයනය තහනම් ශාක
image:Plants.jpg|අපනයනය හෝ ආනයනය තහනම් ශාක
image:Check_5.jpg
image:Check_5.jpg

12:46, 18 අප්‍රේල් 2016 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකා රේගු‍වේ ලාංඡනය

රේගු ඉතිහාසය

මිනිසා ශිෂ්ටාචාරගත වු අවධියේ සිටම මේ රේගු වෘත්තිය පැවති ඇත[තහවුරු කර නොමැත].අතීතයේදී දේශ දේශාන්තරයන්හි සැරි සැරූ වෙළෙන්දන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයාට ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායක්ව පැවතිණ. ඒ සම්ප්‍රදායේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් රේගුව ආරම්භ වු බව කියැවේ. ක්‍රි:පු:2700-2200 කාලයේදි පුරාණ ඊජිප්තුවේ රේගු වෘත්තිය පැවති බවට සාධක හමු වී ඇත.

එමෙන්ම සිරියානු කාන්තාරයේ පැල්මයිරාහි ඔසිස් නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්‍ෂි චීනයෙන් හමු වේ.

රේගුව යන්නෙහි අර්ථය

රේගු යනු පෘතුග්‍රීසි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ නැව් තොටෙහි බදු අය කරන තැන යන්නයි. එමෙන්ම අතීතයේදී සුංගම්, සුංඝඝාත,සුංකම හෝ සුංවත යනුවෙන් ද රේගුව හදුන්වා ඇත.බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හදුන්වා ඇත්තේ කරවුවර ලෙසයි. ලන්දේසි යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ ලෙස හදුන්වා ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් කස්ටමස් ලෙස හදුන්වයි.

  • ජාත්‍යන්තර රේගු දිනය :ජනවාරි 26 වෙනිදා
  • රේගු මූලස්ථානය :බෙල්ජියමේ බ්‍රසල්ස්වල
  • සාමාජික රටවල් ගණන :124

පිංතූර ගැලරිය

මේවාද බලන්න

බාහිර සබැදි

"https://si.wikipedia.org/w/index.php?title=රේගුව&oldid=363069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි