"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලංකික දේශපාලකයින් ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ලංකික දේශපාලනඥයෝ එක් කරන ලදී. [[විකිපීඩ...
සුළු small update to fix broken link
47 පේළිය: 47 පේළිය:
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3060.html රත්වත්තේ පරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3060.html රත්වත්තේ පරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3004.htm ගොපල්ලව පරපුර]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3004.htm ගොපල්ලව පරපුර]
* [http://www.exploresrilanka.com/explore_dalada.htm ශ්‍රී දළදා මාලිගාව ගැන ඉංග්‍රීසියෙන් රචිත ලිපියක්]
* [https://www.lanka.com/about/attractions/temple-of-the-tooth-relic/ ශ්‍රී දළදා මාලිගාව ගැන ඉංග්‍රීසියෙන් රචිත ලිපියක්]
* [http://www.sssbpt.org/Pages/SaiSpiritualShowers/SSS11Sep2008.html සත්‍ය සායි බබා ආශිර්වාද]
* [http://www.sssbpt.org/Pages/SaiSpiritualShowers/SSS11Sep2008.html සත්‍ය සායි බබා ආශිර්වාද]
* [http://www.flickr.com/photos/menik/2308888119/ විජයරත්න පරපුර ගැන ඉංග්‍රීසියෙන් රචිත ලිපියක්]
* [http://www.flickr.com/photos/menik/2308888119/ විජයරත්න පරපුර ගැන ඉංග්‍රීසියෙන් රචිත ලිපියක්]

15:47, 18 නොවැම්බර් 2015 තෙක් සංශෝධනය

නෙරංජන් විජයරත්න දියවඩන නිලමේ ලෙසින්
පුද්ගලික තොරතුරු
උපතඅගෝස්තු 9 1956
මහනුවර ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාදේවිකා විජයරත්න
දරුවන්මෝක්ෂනා හා නවින්ද්‍ර
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලයය, කොළඹ
රැකියාවදේශපාලනය

නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න ශ්‍රී ලංකාවේ හිටපු දියවඩන නිලමේ වරයෙකි. (උපත අගෝස්තු 9 1956). එම තනතුරු කාලය සාර්ථකව නිම කල ඔහු පසුව දේශපාලනයට එක්විය. දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.

මුල් දිවිය

නිශ්ශංක විජයරත්න හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් එඬ්වින් විජයරත්න යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු මනෝ විජයරත්න ජනාධිපති මහින්ද රාජපක්ෂ යන්ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය 2007 සිට 2010 තෙක් තනතුර දැරී ය . නෙරංජන් විජයරත්න අධ්‍යාපනය ලැබූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ

දියවඩන නිලමේ

තම පියාගේ අඩිපාරේ යමින් හේ, මහනුවර, ශ්‍රී දළදා මාලිගාවෙහි දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය.LTTE විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.[1] දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, ශ්‍රී දළදා මාලිගාව සහ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය.[2] ශ්‍රී දළදා මාලිගාව විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ තායි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය [3] නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය.ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, ජපන්, තායි සහ මියන්මාර ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි බෞද්ධ උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. දියවඩන නිලමේ ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.

දේශපාලනය

දෙවන වාරයටත් දියවඩන නිලමේ ධූරය හෙබවීමෙන් අනතුරුව එම ධූරයෙන් නික්මුනු ඔහු ක්‍රියාකාරී දේශපාලනයට එළඹිණි.

පවුල් දිවිය

ආචාර්ය ලක්ෂ්මිනාත් හා චින්තා මැදිවකගේ දියණිය වන දේවිකා මැදිවක හා විවාහ වී ඇති ඔහුට මෝක්ෂනා දියණිය හා නවින්ද්‍ර නමින් පුතුකු ද වේ.

මෙයද බලන්න

ආශ්‍රිත

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=නෙරංජන්_විජයරත්න&oldid=350520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි