"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
contents
14 පේළිය: 14 පේළිය:

මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි.

== දැනුම් සම්භාරය ==

අරාබි ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව අත් කරගෙන තිබූ දැනුම විශිෂ්ටයි. ඔවුන් තාරකා මණ්ඩල හඳුනාගෙන ඒවා ගැන තොරතුරු සැපයූ අතර තරු නම් කළා. වඩාත් නිවැරදි දිනදර්ශන නිර්මාණය කළා. ආකාශ වස්තුවල ගමන් මාර්ග ගැන තිබූ වගු නිවැරදි කළා. දවසේ ඕනෑම වේලාවක හිරු, සඳු සහ අපට පෙනෙන ග්‍රහලෝක පහක දිශා හඳුනාගැනීමට ඔවුන්ට හැකි වුණා. එම තොරතුරු මුහුදු ගමන්වලට මහඟු අත්වැලක්. ආකාශ වස්තු නිරීක්ෂණය කිරීමෙන් නිවැරදිව වෙලාව පවසන්නත් හැකි වුණා.

== බාහිර යොමු ==
== බාහිර යොමු ==

11:45, 12 දෙසැම්බර් 2014 තෙක් සංශෝධනය

රේඩියෝ දුරේක්ශ

තාරකා විද්‍යාව (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි.

තාරකා විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත්කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනීම් රැසකට දායක වී ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. එසේම අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි "විද්‍යාවන්" අතලොස්සෙන් එකකි. ඒ නව සොයාගැනීම් වලින් සහ කෙටි කාල පරාසයන් තුල සිදුවන සංසිද්දීන් නිරීක්ෂණය කිරිමෙන්ය.

නූතන තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීෂ්‍යය යන දෙකෙහිම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තූන්හි අහසේ පිහිටීම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරීමට ජ්‍යෝතීෂ්‍යය උත්සාහ කරයි. එහෙත් තාරකා විද්‍යාවේ කටයුතු වලදී "විද්‍යාත්මක ක්‍රමය" යන්න භාවිතා වන අතර ජ්‍යෝතිෂ්‍යයේදී එසේ නොවේ. එමනිසා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුය.

තාරකා විද්‍යාවේ පුරෝගාමීන්

හත්වන සහ අටවන සියවස්වලදී ඉස්ලාම් ධර්මය උතුරු අප්‍රිකාව, ස්පාඤ්ඤය සහ නැඟෙනහිරෙන් පිහිටි ඇෆ්ගනිස්ථානය දක්වා පැතිර ගියා. මේ නිසා පර්සියාව සහ ග්‍රීසිය විසින් සොයාගත් විද්‍යාත්මක තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට අරාබි විද්වතුන්ට හැකි වුණා.

නවවන සියවසේදී ග්‍රීක තාරකා විද්‍යාඥයෙක් වූ ටොලමි සොයාගත් තොරතුරු සහ තවත් වටිනා විද්‍යාත්මක තොරතුරු රැසක් අරාබි ජාතිකයන් තම මව්බසට පරිවර්තනය කළා. අබ්බාසිඩ්ගේ පාලනය අත්ලාන්තික් සාගරයේ සීමාවේ පිහිටි රටවල සිට ඇෆ්ගනිස්ථානය දක්වාම ව්‍යාප්ත වුණා. ඒ නිසා ගණිතය, තාරකා විද්‍යාව හා අනිකුත් විෂයන් පිළිබඳව ඉන්දියානුවන් සොයාගෙන තිබූ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණා.

මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි.

දැනුම් සම්භාරය

අරාබි ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව අත් කරගෙන තිබූ දැනුම විශිෂ්ටයි. ඔවුන් තාරකා මණ්ඩල හඳුනාගෙන ඒවා ගැන තොරතුරු සැපයූ අතර තරු නම් කළා. වඩාත් නිවැරදි දිනදර්ශන නිර්මාණය කළා. ආකාශ වස්තුවල ගමන් මාර්ග ගැන තිබූ වගු නිවැරදි කළා. දවසේ ඕනෑම වේලාවක හිරු, සඳු සහ අපට පෙනෙන ග්‍රහලෝක පහක දිශා හඳුනාගැනීමට ඔවුන්ට හැකි වුණා. එම තොරතුරු මුහුදු ගමන්වලට මහඟු අත්වැලක්. ආකාශ වස්තු නිරීක්ෂණය කිරීමෙන් නිවැරදිව වෙලාව පවසන්නත් හැකි වුණා.

බාහිර යොමු

තාරකා විද්‍යාවේ ප්‍රධාන උප ක්‍ෂෙත්‍ර

Edit
Astrophysics | Cosmology | Galactic astronomy | Extragalactic astronomy | Galaxy formation and evolution | Planetary science | Stellar astronomy | Stellar evolution | තාරකා සම්භවය
"https://si.wikipedia.org/w/index.php?title=තාරකා_විද්‍යාව&oldid=321797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි