"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
160 පේළිය: 160 පේළිය:
===කෙනඩිගේ ප්‍රතිසංස්කරණ===
===කෙනඩිගේ ප්‍රතිසංස්කරණ===


[[File:BoudinRedRoom.jpg|thumb|ජෝන් එෆ්. කෙනඩි පාලන සමයේ ස්ටීවන් බෝඩින් විසින් නිර්මාණය කරන ලද රතු කාමරය]]
[[File:BoudinRedRoom.jpg|thumb|The [[Red Room (White House)|Red Room]] as designed by [[Stéphane Boudin]] during the administration of John F. Kennedy]]
ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි(1961-63)ගේ බිරිඳ වන ජැකලින් කෙනඩි විසින් මන්ධිරයේ ඉතා විශාල සහ ඓතිහාසික නැවත සැරසිලි කිරීම් කිහිපයක්ම සිදුකරන ලදී.මන්ධිරයේ මානව කෘති එකතු කිරීම සඳහා ඇය වින්ටතර් කෞතුකාගාරයේ හෙන්රි ෆ්‍රැන්සිස් ඩු පොන්ට් ගේ සහාය ලබා ගන්නා ලදී.ක්‍රවුන්ශිල්ඩ් පවුල,ජේන් එන්ගල්හාර්ඩ්,ජේන් රයිට්ස්මන් සහ ඕපෙන්හෙමර් පවුල ඇතුළුව ධනවත් මහජන හිතෛෂීන් විසින් ධවල මන්දිරයට වෙනත් පුරාවස්තු,සිහින් චිත්‍ර කෙනඩිගේ කාලය තුලදී පිරිනමන ලදී. සැරසිලි සඳහා සහය වීමට කෙනඩි මහත්මිය විසින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබු ප්‍රංශ අභ්‍යන්තර මෝස්‌තර ආයතනයක් වූ ජැන්සෙන් නිවසේ ස්ටෙෆාන් බවුඩින් සේවයට බඳවා ගනු ලැබීය.
ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි(1961-63)ගේ බිරිඳ වන ජැකලින් කෙනඩි විසින් මන්ධිරයේ ඉතා විශාල සහ ඓතිහාසික නැවත සැරසිලි කිරීම් කිහිපයක්ම සිදුකරන ලදී.මන්ධිරයේ මානව කෘති එකතු කිරීම සඳහා ඇය වින්ටතර් කෞතුකාගාරයේ හෙන්රි ෆ්‍රැන්සිස් ඩු පොන්ට් ගේ සහාය ලබා ගන්නා ලදී.ක්‍රවුන්ශිල්ඩ් පවුල,ජේන් එන්ගල්හාර්ඩ්,ජේන් රයිට්ස්මන් සහ ඕපෙන්හෙමර් පවුල ඇතුළුව ධනවත් මහජන හිතෛෂීන් විසින් ධවල මන්දිරයට වෙනත් පුරාවස්තු,සිහින් චිත්‍ර කෙනඩිගේ කාලය තුලදී පිරිනමන ලදී. සැරසිලි සඳහා සහය වීමට කෙනඩි මහත්මිය විසින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබු ප්‍රංශ අභ්‍යන්තර මෝස්‌තර ආයතනයක් වූ ජැන්සෙන් නිවසේ ස්ටෙෆාන් බවුඩින් සේවයට බඳවා ගනු ලැබීය.



14:32, 11 අප්‍රේල් 2014 තෙක් සංශෝධනය

ධවල මන්දිරය
දකුණු පෝටිකෝව දර්ශනය වන දකුණු මුහුණත
ධවල මන්දිරය is located in Central Washington, D.C.
ධවල මන්දිරය
වොෂින්ටන්, ඩි.සි. හි පිහිටිම
සාමාන්‍ය තොරතුරු
ගෘහනිර්මාණ ශෛලියනව සම්ප්‍රදායික,පැලඩියානු
පිහිටීම1600,පෙන්සිල්වේනියා විදිය,වයඹ වොෂින්ටනය,ඇමෙරිකා එක්සත් ජනපදය
වර්තමාන නිවැසියන්බැරක් ඔබාමා, ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපති සහ පවුල
ඉදිකිරීම් ආරම්භ වූයේ1792 ඔක්තෝබර් 13,වසර 221කට පෙර
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාජේම්ස් හොබාන්

ඇමෙරිකා එක්සත් ජනපදය ජනාධිපතිවරයාගේ නිල නිවස සහ ප්‍රධාන සේවාස්ථානය වන ධවල මන්දිරය පිහිටා ඇත්තේ වොෂින්ටන් නුවර 1600,පෙන්සිල්වේනියා විදියේ හීය.එය එක්සත් ජනපද ජනපති ජෝහ්න් ඇඩම්ස් ගේ සිට සියලුම එක්සත් ජනපද ජනපතිවරුන්ගේ නිල නිවස බවට පත්ව ඇති අතර ජනපතිගේ සහ ඉහල නිලධාරීන්ගේ ක්‍රියාවන් ලේඛකයන් විසින් මෙටෝන්ය්ම් යන පදය භාවිතා කරනු ලබයි.

ධවල මන්දිරය අයර්ලන්ත ජාතික ජේම්ස් හෝබන් විසින් වර්ෂ 1792 සහ 1800 අතර කාලයේදී සුදු පැහැති වැලිගල් විශේෂයක් යොදා ගනිමින් නව සම්ප්‍රදායික මෝස්‌තරයකට අනුව නිර්මාණය කරන ලදී.වර්ෂ 1800දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ තෙවැනි ජනාධිපති වන තෝමස් ජෙෆසන් මෙහි පදිංචිය සඳහා පැමිණි පසු එවකට සිටි වස්තු විද්‍යාඥයෙකු වූ බෙන්ජමින් හෙන්රි ලැට්රෝබ් සමග එක්ව ධවල මන්දිරයේ පිටතින් කණු පෙළක් ඉස්තාලය සහ ගබඩාගාරය සැඟවීමේ අරමුණෙන් ඉදිකරන ලදී.

වර්ෂ 1814දී, 1812 යුද සමයේදී බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් වොෂින්ටනය ගිනි තබන විට මෙම මන්ධිරයටද ගිනි තබමින් එහි බාහිරය සහ අභ්‍යන්තරය විනාශ කරන ලදී. ප්‍රතිසංස්කරණය ඉතාමත් කඩිනමින් ආරම්භ වූ අතර ජනපති ජේම්ස් මොන්රෝ වර්ෂ 1817 ඔක්තෝම්බර් මස අඩක් නිමකල විධායක නිල නිවසට මාරු වුවේය.ඉදිකිරිම් වර්ෂ 1824දී දකුණු පෝටිකොවත් 1829දී උතුරු පෝටිකොවත් එකතු කරමින් අඛණ්ඩව සිදු කළේය.

විධායක මැදුර තුල වූ ජනාකීර්ණ තත්වය නිසා වර්ෂ 1901දී ජනපති තියඩෝර් රූසේවෙල්ට් සියලුම කාර්යාල කාර්යාලයන් අලුතෙන් ඉදිකළ බටහිර කොටසෙහි ස්ථාපනය කරන ලදී.වසර 08කට පසුව ජනාධිපති විලියම් හොවර්ඩ් ටාෆ්ට් විසින් බටහිර කොටස විශාල කර ඕවලාකාර කාර්යාලය නිර්මාණය කරන ලදී. වර්ෂ 1927දී තෙවන මහල් අට්ටාලය පවතින දිගු මඩු පියසි කව්ලුව සහිත නෙත්ති වහල විශාල කරමින් ජනාධිපති වාසස්ථානය බවට පත්කරන ලදී.අලුතින් ඉදිකරන ලද නැගෙනහිර කොටස ප්‍රියසම්භාෂණ අංගයන් සඳහා පිළිගැනීමේ ශාලාවක් වශයෙන් භාවිතා කරනු ලැබූ අතර ජනාධිපති ජෙෆර්සන් විසින් අලුතින් ඉදිකරනු ලැබූ කොටස් සම්බන්ධ කරන ලදී.

වර්ෂ 1946දී නැගෙනහිර කොටසේ වෙනස් කිරීම් අවසන් කරනු ලැබුවේ අමතර කාර්යාල අවකාශයක්ද ඉදිකිරීමෙනි.වර්ෂ 1948දී ධවල මන්දිරයේ බර දරන බාහිර බිත්ති සහ අභ්‍යන්තර ලී බාල්ක විනාශ වී ඇති බවට සොයා ගන්නා ලදී.ජනාධිපති හැරී එස්. ට්‍රුමන්ගේ සමයේ අභ්‍යන්තර කාමර සියල්ල සම්පුර්ණයෙන් ගලවා ඉවත් කර බිත්ති ඇතුලතින් බර දරන වානේ සැකිලි අලුතින් නිමවන ලදී.එම වැඩ අවසන් වූ පසු ඇතුලත කාමරද අලුතින් ඉදි කරන ලදී.

වර්තමානයේ ධවල මන්ධිර සංකිර්ණය විධායක නිවාසයකින්,බටහිර සහ නැගෙනහිර කොටසකින්,කලින් රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෙස පැවති ජනාධිපතිගේ සහ අගමැතිගේ කාර්ය මණ්ඩලයේ කාර්යාල පිහිටා ඇති එයිසෙන්හවර් විධායක කාර්යාල ගොඩනැගිල්ලෙන් සහ ආගන්තුකයන් සඳහා ඇති බ්ලෙයාර් නිවසෙන් සමන්විත වේ.

ඉතිහාසය

1789-1800

ජනාධිපති ජෝජ් වොෂින්ටන්ගේ නිලකාලය වර්ෂ 1789 අප්‍රේල් මස ආරම්භ වීමත් සමග නිව්යෝක් නගරයේ පිහිටි විධායක මන්ධිර 2ක් ඔහුගේ වාසස්ථාන කර ගන්න ලදී.ඒ 3 චෙරි වීදියේ පිහිටි සැමුඑල් ඔස්ගූඩ් නිවාසය(1789 අප්‍රේල් මස සිට 1790 පෙබරවාරි දක්වා) සහ 39-41 බ්‍රෝඩ්වේ හි පිහිටි ඇලෙක්ස්සැන්ඩර් මැකොම්බ් නිවසයි(1790 පෙබරවාරි සිට අගෝස්තු දක්වා).ඔහුගේ නිල නිවාසය වන රාජ්‍ය නිවාසයේ ඉදිකිරීම් කටයුතු වර්ෂ 1790 මැයි මස නිව්යෝක් නගරයේ ආරම්භ වුවත් ඔහු එහි කිසිදිනක පදිංචි වුයේ නැත.වර්ෂ 1790 දෙසැම්බර් මස ෆිලඩේල්ෆියා නගරය ඇමෙරිකානු එක්සත් ජනපදයේ අගනගරය බවට පත් විය.

වොෂින්ටන් ඩී.සී හී ඉදිකිරීම් කටයුතු හේතුවෙන් වසර 10ක කාලයක් සඳහා ඇමෙරිකානු එක්සත් ජනපදයේ අගනුවර වශයෙන් ෆිලඩේල්ෆියා නගරය වර්ෂ 1790 ජුලි මස වාසස්ථාන පනත මගින් තාවකාලිකව නම් කරන ලදී.එවකට 190 ඉහල විදියේ පිහිටි රොබට් මොරිස් ගේ නිවාසය ජනාධිපති ජෝජ් වොෂින්ටන්ගේ පදිංචිය සඳහා කුලියට ගන්නා ලදි.ෆිලඩෙල්ෆියාවා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිත්‍ය අගනුවර බවට පත්කිරීමේ නිරර්ථක උත්සාහයක කොටසක් වශයෙන් ඉතා විශාල ජනාධිපති මන්ධිරයක් පෙන්සිල්වේනියාවේ ඉදිකළත් ජනාධිපති වොෂින්ටන් එහි වාසය කිරීම ප්‍රතික්‍ෂේප කරන ලදී.

වර්ෂ 1797 මාර්තු සිට 1800 නොවැම්බර් දක්වා ජනාධිපති ජෝන් ඇඩම්ස් විසින්ද මාර්කට් විදියේ පිහිටි මන්ධිරයේ වාසය කරන ලදී.වර්ෂ 1800 නොවැම්බර් මස ජනාධිපති ඇඩම්ස් ධවල මන්ධිරයේ පළමු වාසස්ථානකරු බවට පත් විය.හෝටලයක් බවට පත්වුණු ෆිලඩෙල්ෆියාවේ ජනාධිපති නිවාසය වර්ෂ 1832දි කඩා දැමුණු අතර මෙතෙක් පාවිච්චි නොකළ ජනාධිපති මන්ධිරය පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලය විය.

වාස්තු විද්‍යාත්මක තරඟය

හොබාන්ගේ චාල්ස්ටන් ප්‍රාන්ත උසාවිය, චාල්ස්ටන්,දකුණු කැරොලිනාව, 1790–92,ජනාධිපති වොෂින්ටන් ප්‍රසංශ කරන ලදී
වර්ෂ 1793දි ජේම්ස් හොබාන් විසින් මහල් 3ක් සහ පිවිසුම් මාර්ග 9ක් සහිතව අඳිනු ලැබූ නිර්මාණය මහල් 2ක් සහ පිවිසුම් මාර්ග 11ක් ලෙස වෙනස් කරන ලදී
වර්ෂ 1570දි ප්‍රකාශයට පත් කරන ලද ඇන්ද්‍රියා පැලඩියෝගේ සිත්තම
ධවල මන්ධිරයේ උතුරු පෝටිකෝව සහ ලෙයින්ස්ටර් නිවාසය
ගොනුව:White House South Side Comparison.jpg
ධවල මන්ධිරයේ දකුණු පෝටිකෝව සහ චතෙව්‍ ඩි රස්ටිග්නැක් නිවාසය

පිඑර්රේ(පීටර්)චාර්ල්ස් එල්'ඵන්ෆන්ට්' විසින් සැලසුම් කල ජනාධිපති නිවස අලුතින් ඉදිකරන ලද ෆෙඩේරල් නගරයෙහි ප්‍රධාන අංගයක් විය.ධවල මන්දිරයේ ගෘහ නිර්මාණකරු තෝරා ගැනීම සඳහා වූ මෝස්තර නිර්මාණ තරගයට යෝජනා නවයක් ලැබුණු අතර තෝමස් ජෙෆ්ෆෙර්සෝන් විසින් නිර්ණාමිකව භාර දුන් යෝජනාවද ඒ අතර විය.

වර්ෂ 1971 මැයි මස ජනාධිපති වොෂින්ග්ටන්ගේ දක්ෂිණ චාරිකාවේදී ඔහු චාර්ල්ස්ටන්,දකුණු කැරොලිනා හි සංචාරය කල අතර එහිදී තවමත් ඉදිකිරීම් අවසන්ව නොමැති අයර්ලන්ත ජාතික ජේම්ස් හෝබාන් විසින් නිර්මාණය කරන ලද චාර්ල්ස්ටන් කවුන්ට් උසාවිය නිරීක්ෂණය කළේය.ඔහු හොබන් ව හමුවීමට ඉතා කැමති වු අතර ඊලග වසරේදී, ඔහු හොබාන්ව ෆිලඩෙල්ෆියාවට 1972දී කැඳවා මුණගැසුණේය.

වර්ෂ 1972 ජූලි 16 වන දින, ජනාධිපති ගෘහ නිර්මාණ ශිල්ප තරඟයේ විනිශ්චය ලබා දීම සඳහා ෆෙඩරල් කොමසාරිස්වරුන් මුණගැසුනේය. ඔහුගේ සමලෝචනය ඉතාමත් කෙටි වූ අතර ඔහු ඉතා ඉක්මනින් හොබන්ගේ ඉදිරිපත් කිරීම තෝරාගන්නා ලදී.

1972 ජූලි 16 වන දින, ජනපති වස්තු නිර්මාණ ශිල්ප තරඟයේ විනිශ්චය ලබා දීම සඳහා ෆෙදෙරල්හි කොමසාරිස්වරුන් හමු වුනේය. ඔහුගේ සමලොචනය් ඉතාමත් කෙටි වූ අතර ඔහු ඉතා ඉක්මනින් හොබන්ගේ ඉදිරිපත් කිරීම තෝරාගන්නා ලදී.

ජනාධිපති වොෂින්ටන් හොබන්ගේ මුල් ඉදිරිපත් කිරීමෙන් සංතෘප්ත වුයේ නැත. මන්දයත්, එය ප්‍රමාණයෙන් කුඩා වීමත්,එහි සැරසිලි මද වීමත්,එය සිහිවීම පිණිස ප්‍රමාණවත් නොවීමත් හේතුවෙනි. ඔහුගේ අනුමැතිය මත මෙම මන්ධිරය තට්ටු තුනක සිට දෙකක් දක්වා අඩුකල අතර ප්‍රවේශ මාර්ග නවයේ සිට එකොළහක් දක්වා පුළුල් කරන ලදී.හොබන්ගේ තරඟ චිත්‍ර නැසී ගියේය.

නිර්මාණයේ බලපෑම්

මෙම ගොඩනැගිල්ලෙහි රෝමානු නිර්මාණ ශිල්පී විට්‍රුවියස් හෝ ඇන්ඩ්රියා පැලඩියෝ ශෛලීන්වල ඍජුව හෝ වක්‍රව සම්බන්ද වන සම්භාවනීය ප්‍රභවයන් හඳුනාගත හැක.; පැලඩියෝ බටහිර වාස්තු විද්‍යා ශිල්පය මත සැලකිය යුතු බලපෑමක් ඇති කල රෙනෛස්සෝන් හි ඉතාලි ජාතික වාස්තු නිර්මාණ ශිල්පියෙකි.පසු කාලයේදී ඔයිරියැක්ටස් ආසනය(අයර්ලන්ත පාර්ලිමේන්තුව)වූ අයර්ලන්ත ජනරජයේ ඩබ්ලින් හි ලෙනිස්ටර් නිවසේ ඉහල මහල් වල ආභාෂය හොබන් විසින් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලේ දක්නට ඇත.සමස්ත බිම් සැලසුම සඳහා ජෝර්ජියානු යුගයේ අයර්ලන්ත නිවාස කිහිපයක් අනුප්‍රාණ ප්‍රභව ලෙස යෝජනා කර ඇත.මෙම බලපෑම් ලේඛනගත කර නැති නමුත් ඒවා නිල ධවල මන්ධිර මාර්ග විස්තරයේ හා ධවල මන්දිර ඓතිහාසික සංගම් ප්‍රකාශනයේ උපුටා ගැනීම් වේ.හොබෝන් විසින් නිර්මාණය කරනු ලැබූ දකුණු පෝටිකොව සහ මතුරින් සැලට් විසින් නිර්මාණය කල ප්‍රංශයේ ඩොඩොග්නෙ කලාපයේ ලා බචේලෙරි නව සම්ප්‍රදායික ගැමි නිවසක් වන චැටෙව්‍ ඩ් රස්ටිග්නැක් අතර සම්බන්දයක් ඇති බවට 1962 දී ප්‍රකාශිත ප්‍රථම නිල ධවල මන්ධිර මාර්ග විස්තරය යෝජනා කරයි.1789 ට පෙර ආරම්භ කරන ලද ප්‍රංශ නිවසේ ඉදිකිරීම් ප්‍රංශ විප්ලවය හේතුවෙන් අවුරුදු විස්සක් තිස්සේ බාධාවන්ට ලක්වූ අතර එය අවසාන වශයෙන් 1812-1817 කාලයේදී ගොඩනගනු ලැබීය.හොබෝන් ප්‍රංශයට ගමන් නොකළ නිසා නිවාස දෙක අතර වූ සෛද්ධාන්තික සම්බන්ධය විවේචනයට ලක්විය. තෝමස් ජෆ්ෆෙර්සෝන් ඔහුගේ 1789 ඔර්දෙඋඔෂ්හි සංචාරය තුල ඔර්දෙඖෂ් වාස්තු විද්යා පාසලේදී සලට්ස් ගේ වාස්තු නිර්මාණ චිත්ර දුටුවේය.ඔහුගේ එක්සත් ජනපදයට ආපසු පැමිණීමේදී ,ඉන්පසු ඔහු මෙහි බලපෑම වශින්ග්ටෝන්, හොබන්, ඔන්රොඑ සහ බෙන්ජමින් හෙන්ර්ය් සමග බෙදගට්ටේය.

ගොඩනැංවීම

වර්ෂ 1792 ඔක්තෝබර් මස 13 වන දින මුල් ගල තැබීමත් සමග ධවල මන්දිරයේ ගොඩනැංවීම විධිමත් උත්සවයකින් තොරව ආරම්භ විය. ප්‍රධාන මන්ධිරයේ සහ එහි අත්තිවාරමේ වැඩ වහලුන් සහ නිදහස් අප්‍රිකානු-ඇමෙරිකානු කම්කරුවන් සහ යුරෝපීය සේවකයන් විසින් සිදු කරන ලදී. අනෙකුත් වැඩ බොහොමයක් එ වන විට ඇමෙරිකානු පුරුවසිභාවයවත් ලබා නොසිටි සංක්‍රමණිකයන් විසින් සිදු කරන ලදී.හොබාන් විසින් බඳවා ගන්නා ලද ස්කොට්ලන්ත සංක්‍රමණිකයන් විසින් වැලිගල් බිත්ති සහ........ධවල මන්ධිරයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් සඳහා අවුරුදු 8කට වඩා වැඩි කාලයක් ගතවූ අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 232,371.83 (වර්තමාන වටිනාකම ඇමෙරිකානු ඩොලර් $3,229,057) ගතවී ඇත.ඒ වන විට වැඩ අවසන් නොවූවත් ධවල මන්ධිරය වර්ෂ 1800 නොවැම්බර් මස පළමු දින පදිංචිය සඳහා විවෘත විය.

ගොඩනැගිලි ද්‍රව්‍ය සහ කම්කරුවන්ගේ හිඟකම හේතුවෙන් ප්‍රංශ ඉංජිනේරු පියරේ චාල්ස් එල්'එන්ෆන්ට් විසින් නිර්මාණය කරනු ලැබූ ධවල මන්දිරයේ සැලසුම වෙනස් කරනු ලැබූ අතර එය අවසානයේදී ඉදිකරනු ලැබූ මන්දිරයට වඩා පස් ගුණයකින් විශාල වේ.සැලසුම් කරනු ලැබූ මන්දිරය මහල් 3කින් යුක්ත වුවත් නිමකරන ලද මන්දිරය මහල් 2කින් පමණක් සමන්විත වූ අතර ගොඩනැගිල්ලේ ශෛලමය මුහුණත සඳහාද අඩු වියදම් සහිත ගඩොල් යොදා ගන්නා ලදී.

ධවල මන්ධිරය ඇමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රකට ගොඩනැගිල්ලක් වූ බැවින් එහි ප්‍රතිමූර්තින් කිහිපයක්ද ඉදිකරන ලදී.

වාස්තු විද්‍යාත්මක විස්තරය

ධවල මන්දිරයේ ප්‍රධාන පස වන උතුරු පස මුහුණත තට්ටු 3කින් සහ පිවිසුම් 11කින් සමන්විත වේ.බිම් මහල සැඟවීම සඳහා ඉදිකරන ලද හැඩපෝරුව සහ ප්‍රාරකාරය හේතුවෙන් උතුරු පස මුහුණතේ මහල් 2ක් පමණක් දර්ශනය විය.The central three bays are behind a prostyle portico (this was a later addition to the house, built circa 1830) serving, thanks to the carriage ramp, as a porte cochere. The windows of the four bays flanking the portico, at first-floor level, have alternating pointed and segmented pediments, while at second-floor level the pediments are flat. The principal entrance at the centre of the portico is surmounted by a lunette fanlight. Above the entrance is a sculpted floral festoon. The roofline is hidden by a balustraded parapet.

මන්ධිරයේ දකුණු මුහුණත පැලේඩියානු සහ නව සම්ප්‍රදායික මෝස්‌තරයන්හි එකතුවක් වශයෙන් හැඳින්විය හැක.It is of three floors, all visible. The ground floor is rusticated in the Palladian fashion. At the centre of the façade is a neoclassical projecting bow of three bays. The bow is flanked by 5 bays, the windows of which, as on the north façade, have alternating segmented and pointed pediments at first-floor level. The bow has a ground floor double staircase leading to an Ionic colonnaded loggia (with the Truman Balcony at second-floor level), known as the south portico. The more modern third floor is hidden by a balustraded parapet and plays no part in the composition of the façade.

නම්කිරීමේ සම්ප්‍රදායන්

මෙම ගොඩනැගිල්ල පළමුව ජනාධිපති මාලිගාව,ජනාධිපති මන්ධිරය,ජනාධිපති නිවාසය යනාදී විවිධ නම් වලින් හඳුන්වන ලදී.ප්‍රථම වර මෙයට ධවල මන්ධිරය වශයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ වර්ෂ 1811 දිය. A myth emerged that during the rebuilding of the structure after the Burning of Washington, white paint was applied to mask the burn damage it had suffered,[17] giving the building its namesake hue.[18] The name "Executive Mansion" was used in official contexts until President Theodore Roosevelt established the formal name by having "White House–Washington" engraved on the stationery in 1901.[19][20] The current letterhead wording and arrangement "The White House" with the word "Washington" centered beneath goes back to the administration of Franklin D. Roosevelt.[20]

Although it was not completed until some years after the presidency of George Washington, it is also speculated that the name of the traditional residence of the President of the United States may have derived from Martha Washington's home, White House Plantation in Virginia, where the nation's first President had courted the First Lady in the mid-18th century

ධවල මන්ධිරයේ විකාශනය

පෙර භාවිතය,වර්ෂ 1814 ගින්න සහ නැවත ගොඩනැංවීම

1800 වර්ෂයේ නොවැම්බර් මස 1 වැනි සෙනසුරාදා ජනාධිපති ජෝන් ඇඩම්ස්,මෙම ගොඩනැගිල්ලේ පළමුවන ජනාධිපති ලෙස පදිංචියට පැමිණියේය.ඔහු මෙහි පදිංචි වීමෙන් දෙවන දින ඔහුගේ භාර්යාව වන ඇබිගේල් වෙත ලියන ලද ලිපියෙහි පහත සදහන් යාඤාව ලියා යවන ලදී.

    මා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනුයේ මෙම නිවසට සුභ ආශිර්වාද ලබා දෙන ලෙසට සහ මින් ඉදිරියට මෙහි වාසය කරන සැමට එම ආශිර්වාදය 
    ලබා දෙන ලෙසටත්ය.මෙහි සිටින අවංක සහ ඥානවන්ත පුද්ගලයින් මින් ඉදිරියට මෙම වහල යට සිට සදාකාලිකවම පාලනය කරනු ඇත.

ඇඩම්ස් ජනාධිපතිවරයාගේ මෙම ආශිර්වාදය තියඩෝර් රොස්වෙල්ට් විසින් රාජ්‍ය භෝජන ශාලාවේ දුම් කවුළුවේ නෙලා ඇත.1801 තෝමස් ජෙෆර්සන් මෙම රමණීය නිවහනට පැමිණීමට පෙර ඇඩම්ස් ජනාධිපතිවරයා ඉතා කෙටි කාලයක් මෙහි වාසය කර ඇත.මෙම නිවස ඉතා විශාල බැව් ඇඩම්ස් කල චෝදනා නොසලකා (ආදිපාදවරුන් දෙදෙනෙකුටද ,පාප් වහන්සේට සහ ප්‍රධාන ලාමාවරයාටද)ජෙෆර්සන් මෙම නිවාස විශාල කිරීම පිළිබඳව සලකා බැලීය.මෙම ගොඩනැගිල්ලේ නැගෙනහිර සහ බටහිර දිශාවන්හි කුඩා ප්‍රමාණයේ ගොඩනැගිලි ඉදිකර එහි නිවසේ අභ්‍යන්තර මෙහෙයුම් සඳහා ඇපුල්ලුම් පොලක්,ඉස්තාලයක් සහ ගබඩාවක් නිර්මාණය කිරීමට බෙන්ජමින් හෙන්රි ලැට්රෝබ්ගේ සහායද ලබාගන්නා ලදී.ජෙෆර්සන්ගේ කුළුණු පෙළ අද වන විට මෙම ගොඩනැගිල්ලේ නැගෙනහිර සහ බටහිර යා කිරීමට යොදාගෙන ඇත.

යෝක් අරගලයේදී ඉහළ කැනේඩියානු පාර්ලිමේන්තු ගොඩනැගිලි ගිනි තැබීමට පලිගැනීමක් වශයෙන්,1812 යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව වර්ෂ 1814දී වොෂින්ටනය ගිනිගන්නා අතරතුර,බ්‍රිතාන්‍ය හමුදාව විසින් ධවල මන්දිරයට ගිනි තබන ලදී.වොෂින්ටනයේ සෑහෙන ප්‍රමාණයක් මෙම ගිනිතැබීම් වලින් විනාශයට පත්විය.ධවල මන්දිරයේ පිටත බිත්ති පමණක් ඉතිරි විය.දකුණු දිශාවේ බිත්තිය හැර ගින්නෙන් විනාශ වූ සියලු පිටත බිත්ති නැවත ඉදිකිරීමට සිදුවුයේ ගින්නෙන් වූ හානිය හේතුවෙනි.බ්‍රිතාන්‍ය හමුදාව විසින් ධවල මන්දිරය කොල්ලකෑමේදී පැහැරගෙන යන ලද බඩුබාහිරාදියෙන් නැවත ලබා ගැනීමට හැකිවුයේ අයිතම දෙකක් පමණකි.සේවකයින් සහ වහලුන් විසින් ජෝර්ජ් වොෂින්ටන්ගේ සිත්තමක් බේරා ගන්නා ලදී.1939දී කැනේඩියානු ජාතිකයෙකු විසින් ඔහුගේ සීයා වොෂින්ටනයෙන් ලබා ගන්නා ලද ආභරණ පෙට්ටියක් ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී.රූස්වෙල්ට් හට භාර දී ඇත.වර්ෂ 1814 නොවැම්බර් මස 24වන දින රාතී‍්‍රයේ ඇතිවූ කුණාටුව හේතුවෙන් එච්.එම්.එස්. ෆන්ටෝම් විසින් මෙහෙයවන ලද හැලිෆාක්ස් බලා යාත්‍රා කල බ්‍රිතාන්‍ය නෞකාව දියබත් වීම හේතුවෙන් එහි තිබු බොහොමයක් භාණ්ඩ විනාශ වූ බව සමහරුන් චෝදනා කලත් ෆන්ටෝම් ඒ පිළිබඳව මැදිහත් වී නොමැත.

මෙම ගින්නෙන් අනතුරුව ජනාධිපති ජේම්ස් මැඩිසන් වර්ෂ 1814 සිට 1815 දක්වා ඔක්ටගන් නිවාසයේ පදිංචි වී සිටි අතර 1815 සිට ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු සෙවන් බිල්ඩින්ස් හි වාසය කර ඇත.මේ අතරතුර ගෘහ නිර්මාණ ශිල්පින් වන බෙන්ජමින් හෙන්රි ලැට්රෝබ් සහ හොබාන් විසින් ප්‍රතිනිර්මාණය කර නැවත ඇරඹු ඉදිකිරීම් කටයුතු වර්ෂ 1815 සිට වර්ෂ 1817 දක්වා සිදු විය. වර්ෂ 1824 ජේම්ස් මොන්රෝගේ පරිපාලනය යටතේ දකුණු පෝටිකෝව ගොඩනැගුණු අතර ඊට වර්ෂ 6කට පසු උතුරු පෝටිකෝව ඉදි කර ඇත.වර්ෂ 1814දි ලැට්රෝබ් විසින් මෙම පෝටිකෝ පිළිබඳව යෝජනා කර තිබුනද මෙම පෝටිකෝ 2ම හොබාන් විසින් නිර්මාණය කොට ඉදිකරන ලදී.මෙහි දකුණු පෝටිකෝවේ ඇති ඉලිප්සාකාර පියගැටපෙළ ප්‍රංශයේ චැතිව්‍ ඩි රස්ටිග්නැක් හි පිහිටි ඉලිප්සාකාර පියගැටපෙළෙහි අභාෂයෙන් ඉදිකරන ලද්දක් වුවත් මේ පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර පවති.ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර ඉදිකිරීම් සඳහා වොෂින්ටනයට ඉතාලියෙන් පැමිණි ශිල්පීන් විසින් පෝටිකෝ 2හිම ශෛලමය කැටයම් නිර්මාණය කර ඇත.

අතිවාසය සහ බටහිර කොටසේ ඉදිකිරීම්

වර්ෂ 1882දී ටිෆනි වීදුරු තිරය දර්ශනය වන පිවිසුම් ශාලාව

ඇමෙරිකානු සිවිල් යුද්ධය පැවති සමයේ ධවල මන්ධිරය ජනාකීර්ණ ස්ථානයක් බවට පත් විය.The location of the White House was questioned, just north of a canal and swampy lands, which provided conditions ripe for malaria and other unhealthy conditions.මෙම කාරණා සම්බන්ධයෙන් විසදුම් ඉදිරිපත් කිරීමේ කාර්ය සේනාධිපති ජෙනරාල් නැතනියල් මිච්ලර් හට පැවරිණ.ජනාධිපති ඇතුළු ඔහුගේ පවුලේ වාසස්ථානය වූ ධවල මන්ධිරය වෙනුවට වොෂින්ටන් ඩී.සී. හී පිහිටි මෙරිඩියන් උද්‍යානයේ පිහිටි අලුතින් සැලසුම් කරන ලද මන්ධිරයක් වෙත ගෙනයාම ඔහුගේ යෝජනාව වුවද එය කොංග්‍රස් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

වර්ෂ 1860 ඒබ්‍රහම් ලින්කන් පාලන සමයේ ධවල මන්ධිරයේ උතුරු පිට්ටනිය

වර්ෂ 1873 සංත්‍රාසය හේතුවෙන් ඇතිවූ ආර්ථික අවපාතය එම දශකය මුළුල්ලේම පැවතින.ස්වාධීනත්වයේ පිළිරුව ව්‍යාපෘතිය මෙන්ම වොෂින්ටන් ස්මාරකය වශයෙන් පසුව හඳුන්වනු ලැබූ ඔබලිස්ක් හී ඉදිකිරීම්ද මුල්‍යමය අපහසුතා හේතුවෙන් වර්ෂ ගණනාවකට නතර විය.

චෙස්ටර් ඕතර් ජනාධිපති ධුරයට පත්වූ පසු ධවල මන්ධිරයේ ප්‍රතිසංස්කරණ කනවැන්දුම් ලුක්රේෂියා ගාර්ෆිල්ඩ් මහත්මිය මන්ධිරයෙන් පිටත්ව ගිය වහාම ආරම්භ කරන ලෙසට නියෝග කරන ලදී.ජනාධිපති ඕතර් විසින් සෑම රාත්‍රී කාලයකම පාහේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කරමින් යෝජනා ඉදිරිපත් කරන ලදී. නිර්මාණකරුවන් කිහිප දෙනෙකු සහය සඳහා එවන ලෙසට එවකට සිටි චිත්‍රශිල්පියෙකු සහ නිර්මාණකරුවෙකු වූ ලුවිස් කොම්ෆ්ර්ට් ටිෆනිගෙන් ඉල්ලා සිටින ලදී.ධවල මන්ධිරයෙන් ඉවත් කරනු ලැබූ ගෘහභාන්ඩ සහ ගේදොර අයිතම කරත්ත 20කට අධික ප්‍රමාණයක පටවා ගෙනගොස් මහජනයා ඉදිරියේ වෙන්දේසි කරන ලදී.All that was saved were bust portraits of John Adams and Martin Van Buren.ධවල මන්ධිරයේ දකුණු පස නවීන නිවසක් සෑදීමේ යෝජනාවක් තිබුනත් නිසි සහයෝගය නොමැති වීම හේතුවෙන් එය අසාර්ථක විය.

In the fall of 1882 work was done on the main corridor, including tinting the walls pale olive and adding squares of gold leaf, and decorating the ceiling in gold and silver, and colorful traceries woven to spell "USA". The Red Room was painted a dull Pomeranian red, and its ceiling was decorated with gold, silver, and copper stars and stripes of red, white, and blue. A fifty-foot jeweled Tiffany glass screen, supported by imitation marble columns, replaced the glass doors that separated the main corridor from the north vestibule.[37][38]

In 1891, First Lady Caroline Harrison proposed major extensions to the White House, including a National Wing on the east for an historical art gallery, and a wing on the west for official functions.[33] A plan was devised by Colonel Theodore A. Bingham, which reflected the Harrison proposal.[33] These plans were ultimately rejected.

However, in 1902 Theodore Roosevelt hired McKim, Mead & White to carry out expansions and renovations in a neoclassical style suited to the building's architecture, removing the Tiffany screen and all Victorian additions.[39][40] Charles McKim himself designed and managed the project, which gave more living space to the President's large family by removing a staircase in the West Hall and moving executive office staff from the second floor of the residence into the new West Wing.[13]

President William Howard Taft enlisted the help of architect Nathan C. Wyeth to add additional space to the West Wing, which included the addition of the Oval Office.[33] The West Wing was damaged by fire in 1929, but rebuilt during the remaining years of the Herbert Hoover presidency. In the 1930s, a second story was added, as well as a larger basement for White House staff, and President Franklin Roosevelt had the Oval Office moved to its present location: adjacent to the Rose Garden.

ට්‍රුමන්ගේ නැවත ඉදිකිරීම්

ට්‍රුමන් ප්‍රතිසංස්කරණ යටතේ බාහිර බිත්ති සඳහා වානේ සැකිලි ඉදිකරන අයුරු

දශක ගණනක දුර්වල නඩත්තු කිරීම් හේතුවෙන් කූලීඩ්ගේ පරිපාලන කාලය තුල ඉදිකරන ලද හතරවැනි මහලේ අට්ටාලය සහ හෙන්රි එස්. ට්‍රුමන් සඳහා දකුණු පෝටිකෝවට ඉහලින් ඉදිකරන ලද දෙවන මහලේ සඳැල්ල විනාශයට පත් වෙමින් තිබුණි.වර්ෂ 1948දී ධවල මන්ධිරය කඩා වැටීමට ඉතා ආසන්න බවට ජනාධිපති ට්‍රුමන්ට කල ප්‍රකාශය මෙහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමටත් වසර 2ක කාලයක් සඳහා(1949 සිට 1951 දක්වා)බ්ලෙය්ර් නිවාස වෙත මාරු වීමටත් හේතු විය.මෙහි නවීකරණ කටයුතු ෆිලඩෙල්ෆියානු සමාගමක කොන්ත්‍රාත්කරුවෙකු වන ජෝන් මැක්ෂේන් විසින් කරනු ලැබූ අතර ඇතුලත spaces සම්පුර්ණයෙන් ගලවා ඉවත් කිරීම,බර දැරීම සඳහා ඇතුලතින් නවතම වානේ සැකිලි ඉදිකිරිම සහ කාමර අලුත් ආකෘතියකට අනුව ඉදිකිරිම ඒ අතර වේ.මෙම නවීකරණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.7ක්(වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක් පමණ)වැය විය.

බිම්තල සැලස්මෙහි සිදු කල වෙනස්කම් කිහිපය අතර ප්‍රධාන පියගැටපෙළ පිහිටි ස්ථානය CROSS ශාලාව වෙනුවට පිවිසුම් ශාලාව වෙත විවෘත කිරීම ප්‍රමුඛ වේ.මධ්‍යගත වායුසමීකරණ පද්ධතියක් සහ වැඩකුටි,ගබඩාවන් සහ බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහා අතිරේක උප යටමාල 2ක්ද එක් කරන ලදී.වර්ෂ 1952 මාර්තු මස 27 වන දින ජනාධිපති ට්‍රුමන් නැවත ධවල මන්ධිරයේ පදිංචිය සඳහා පැමිණෙන ලදී.ට්‍රුමන්ගේ ප්‍රතිසංස්කරණ තුලදී මන්ධිරයේ සැකිල්ලේ කිසිදු වෙනසක් සිදු නොකළ අතර බොහාමයක් නව අභ්‍යන්තර ඉදිකිරීම් සමාන්‍ය සහ සුළු ඓතිහාසික වටිනාකමකින් යුක්ත විය.බොහොමයක් මුල් කපරාරු නිර්මාණයන් 1814-1816 කාලයේ නැවත ඉදිකිරීම් වන අතර ඒවා මෙන්ම නැගෙනහිර කාමරයේ ඇති ශක්තිමත් බිඔක්ස් පනේලද නැවත සවි කල නොහැකි තරම් පළුදුවී තිබිණ.ජනාධිපති ට්‍රුමන් විසින් ප්‍රධාන නිවාසයෙහි බිම් මහලෙහි පිහිටි වමේල් කාමරයේ,පුස්තකාලයේ,චීන කාමරයේ සහ සිතියම් කාමරයේ බිත්ති දැවමය පනේල යොදා සකස් කරන ලදී.

කෙනඩිගේ ප්‍රතිසංස්කරණ

ජෝන් එෆ්. කෙනඩි පාලන සමයේ ස්ටීවන් බෝඩින් විසින් නිර්මාණය කරන ලද රතු කාමරය

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි(1961-63)ගේ බිරිඳ වන ජැකලින් කෙනඩි විසින් මන්ධිරයේ ඉතා විශාල සහ ඓතිහාසික නැවත සැරසිලි කිරීම් කිහිපයක්ම සිදුකරන ලදී.මන්ධිරයේ මානව කෘති එකතු කිරීම සඳහා ඇය වින්ටතර් කෞතුකාගාරයේ හෙන්රි ෆ්‍රැන්සිස් ඩු පොන්ට් ගේ සහාය ලබා ගන්නා ලදී.ක්‍රවුන්ශිල්ඩ් පවුල,ජේන් එන්ගල්හාර්ඩ්,ජේන් රයිට්ස්මන් සහ ඕපෙන්හෙමර් පවුල ඇතුළුව ධනවත් මහජන හිතෛෂීන් විසින් ධවල මන්දිරයට වෙනත් පුරාවස්තු,සිහින් චිත්‍ර කෙනඩිගේ කාලය තුලදී පිරිනමන ලදී. සැරසිලි සඳහා සහය වීමට කෙනඩි මහත්මිය විසින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබු ප්‍රංශ අභ්‍යන්තර මෝස්‌තර ආයතනයක් වූ ජැන්සෙන් නිවසේ ස්ටෙෆාන් බවුඩින් සේවයට බඳවා ගනු ලැබීය.

ඒ ඒ කාමර සඳහා තේමාව ලෙස ලෝක ඉතිහාසයේ සහ පෙර සමුහාණ්ඩු වල විවිධ කාලච්ඡේද යොදාගන්නා ලදී.කොල පැහැති කාමරයට ෆෙඩරල් ශෛලිය,නිල් පැහැති කාමරයට ප්‍රංශ අදිරාජ්‍ය,රතු කාමරයට ඇමරිකානු අදිරාජ්‍ය,කහ පැහැති ඕවල් හැඩයේ කාමරයට 16 වන ලුවිස් සහ ට්‍රීටි කාමරය ලෙස නම්කළ ජනාධිපති ගේ අධ්‍යන කාමරය සදහා වික්ටෝරියන් එම තේමාවන් වේ.පෞරාණික ගෘහ භාණ්ඩ අත්පත් කරගත් අතර සැරසිලි සහිත රෙදිපිළි හා වෙනස් කිරීම් සහිත කාලඡේද ලේඛන නිපදවා පිහිටුවන ලදී.ජනාධිපති කෙනඩි විසින් සිදු කරනු ලැබූ මෙම ප්‍රතිසංස්කරණ ධවල මන්ධිරයට මනා පෞරුෂයක් එක්කරනු ලැබූ අතර එය මැඩිසන් සහ මොන්රෝගේ ප්‍රංශ රුචිකත්වය සිහිකරවයි.1834දී සුබර් සහ සයි විසින් නිර්මාණය කල පෞරාණික වූ ඩේ ඇමරික් නෝර්ඩ් නම් බිත්ති පත්‍රය කෙනඩි මහත්මිය විසින් තානාපති පිළිගැනීමේ කාර්යාලයේ සවිකරන ලදී.මෙම බිත්ති පත්‍රය තවත් මන්ධිරයක බිත්තියක 1961 දී එම නිවස සිල්ලර බදු කඩයක් සඳහා කඩා දමන තෙක් එල්ලා තිබී ඇත.කඩා දැමීමට පෙර,මෙම බිත්ති පත්‍රය බේරාගෙන ධවල මන්දිරයට විකුණන ලදී.

ප්‍රථම ධවල මන්දිර මාර්ග සිතියම් පොත කෙනඩි මහත්මියගේ අධික්ෂණය යටතේ කුරටර් ලොරින් වැක්ස්මන් ගේ උපදේශනය යටතේ නිමවන ලදී.මෙම මාර්ග සිතියම් පොත විකිණීමෙන් ලද ආදායම ධවල මන්ධිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවන ලදී.

කෙනඩිගේ ප්‍රතිසංස්කරණයෙන් පසු ධවල මන්ධිරය

President Kennedy and Vice President Johnson

ජනාධිපති ට්‍රුමන් විසින් සිදු කල අලුත්වැඩියාවෙන් පසු ධවල මන්දිරයේ ඓතිහාසික ස්වරුපයට ඇති ගෞරවය නිසා මන්ධිරයේ විශාල වාස්තුවිද්‍යාත්මක වෙනසක් සිදු කර නැත.කෙනඩි ප්‍රතිසංස්කරණයේ සිට හැම ජනපති පවුලක්ම ධවල මන්දිරයේ පෞද්ගලික කොටස් වලට කුමන හෝ වෙනසක් සිදු කර ඇති නමුත් ප්‍රධාන කාමර වලට වෙනසක් කිරීමට ප්‍රථම ධවල මන්දිර සංරක්ෂණ කමිටුව එය අනුමත කල යුතු වේ.ධවල මන්දිරයේ ඓතිහාසික බව පවත්වා ගැනීම සඳහා මහ සභාවේ බලයලත් කමිටුවක් ජනාධිපති පවුල සමඟ ක්‍රියා කරන අතර බොහෝ විට මෙම කමිටුව ජනාධිපති ආර්යාව,ධවල මන්ධිරයේ පාලක සහ ප්‍රධාන උපදේශකගෙන් සමන්විත වේ.

ජනාධිපති නික්සන්ගේ පරිපාලන කාලය(1969-74) තුල ජනාධිපති ආර්යා පැට් නික්සන් ජනපති රිචර්ඩ් නික්සන් විසින් පත්කරන ලද ක්ලේමෙන්ට් කොන්ගර් සමග එක්ව කොළ,නිල් සහ රතු පැහැති කාමර නැවත සකස් කරන ලදී.නික්සන් මහත්මියගේ උත්සාහයන් මන්ධිරය අත්පත් කර ගන්නා ලද මානව කෘති 600කට අධික ප්‍රමාණය ඕනෑම පරිපාලනයක් විසින් කරගත් විශාලම අත්පත් කරගැනීම වේ.ඇයගේ සැමියා විසින් නවීන පුවත්පත් සාකච්ඡා කාමරයක් ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් ගේ පරණ පිහිණුම් තටාකය මත නිර්මාණය කළේය.එමෙන්ම ජනාධිපති නික්සන් විසින් ධවල මන්ධිරයේ යටමාලයේ පන්දු යැවීමේ තනි පටුමගක්ද ඉදි කළේය.

ජනාධිපති කාටර් පරිපාලන සාමය තුල පරිගණක සහ ප්‍රථම ලේසර් මුද්‍රණ යන්ත්‍රය ධවල මන්ධිරයට එකතු කල අතර ජනාධිපති රීගන් පරිපාලනයේදී පරිගණක තාක්ෂණ භාවිතය පුළුල් කරන ලදී.ජනාධිපති කාටර්ගේ යුගයේදී ධවල මන්දිරයේ වහලය මත ඉදි කරන ලද සූර්ය ජාලතාප තැටි එකතුව ජනාධිපති රීගන් විසින් ඉවත් කරනු ලැබීය.ජනාධිපති රීගන් කාලය තුලදී පෞද්ගලික පවුල් වාසස්ථානයට අලුතින් සැරසිලි එක් කල අතර පොදු ප්‍රදේශද නඩත්තු කරන ලදී.මන්ධිරය වර්ෂ 1988දි කෞතුකාගාරයක් ලෙස නම් කරනු ලැබිය.

වර්ෂ 1990දි, බිල් සහ හිලරි ක්ලින්ටන් සැරසිලිකරු කැකි හොකෙර්ස්මිත් ගේ සහය ඇතිව ඕවල් කාමරය,නැගෙනහිර කාමරය,නිල් පැහැති කාමරය,ප්‍රධාන භෝජන ශාලාව,ලින්කන් නිදන කාමරය සහ ලින්කන් විසිත්ත කාමරය ඇතුළු කාමර කිහිපයක් ප්‍රතිසංස්කරණය කළේය.ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පාලන සමයේදී, ජනාධිපති ආර්යා ලෝරා බුෂ් විසින් ලින්කන් නිදන කාමරය ලින්කන් යුගයට සමකාලින ශෛලියකට ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර කොළ කාමරය,කැබිනට් කාමරය සහ නාට්‍යය ශාලාවද නැවත සකස් කරන ලදී.

ජනපති ෆ්‍රැන්ක්ලින් ඩි. රූස්වෙල්ට් අංශබාග තත්වයෙන් පෙලීම හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කල නිසා ධවල මන්ධිරය තුල වෙනස්කම් කිහිපයක් සිදු කල නිසා වොෂින්ග්ටන් හි රෝද පුටුවකින් ලඟා විය හැකි ප්‍රථම රජයේ ගොඩනැගිල්ල බවට ධවල මන්ධිරය පත් විය.වර්ෂ 1990 දී අමුත්තන්ගේ කාර්යාල අධ්‍යක්ෂක මෙලින්ඩා එන්.බේට්ස් විසින් කරනු ලැබූ නැගෙනහිර කොටසේ කොරිඩෝවේ හැඩපෝරුව අමතරව එකතු කිරීම යෝජනාව හිලරි රොඩ්හැම් ක්ලින්ටන් විසින් අනුමත කරනු ලැබිය.එය නැගෙනහිර අංශයේ ආරක්ෂක පිවිසුම් දොරටුව හරහා මහජන චාරිකා සහ විශේෂ අංග සඳහා ගොඩනැගිල්ලට ඇතුළු වන රෝද පුටු වලට පහසුවක් විය.

2013දි ජනාධිපතිවරයෙකු විසින් සිය නිල වාසස්ථානයකට සූර්ය ශක්තිය යොදාගත් ප්‍රථම වතාව සටහන් කරමින් ජනාධිපති බැරක් ඔබාමා විසින් ධවල මන්ධිරයේ වහලය මත සූර්ය පැනල එකතුවක් සවිකරණ ලදී.

ජනාධිපතිවරයෙකු සාමාන්‍යයෙන් ධවල මන්දිර භූමියට හෝ එහි සිට පිටතට නිල හෙලිකොප්ටරයකින් හෝ මෝටර් රථ පෙලකින් ගමන් කරයි.1950දි, ජනපති ඩ්වයිට් ඩි. එඉසෙන්හවර් ධවල මන්ධිර භූමියේ සිට හා ඉන් පිටතට හෙලිකොප්ටරයකින් ගමන් ගත් පළමු ජනපති වේ.

පිරිසැලැස්ම සහ සැපපහසුකම්

වර්තමානයේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වාසය කරන ගොඩනැගිලි සමුහය ධවල මන්දිර සංකිර්ණය වශයෙන් හඳුන්වනු ලබයි.එය ප්‍රධාන විධායක නිවාසයෙන් හා එයට දෙපසින් පිහිටා ඇති නැගෙනහිර හා බටහිර කොටස් වලින් සමන්විත වේ.මෙහි ප්‍රධාන ප්‍රවේශකයා විසින් දවසේ සියලු ගේදොර කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.ධවල මන්ධිරය තට්ටු 6කින් සහ වර්ග අඩි 55,000ක වපසරියකින්,කාමර 132ක්,නානකාමර 35ක්,දොරවල් 412ක්,ජනේල 147ක්,උදුන් 28ක්,තරප්පු පෙළවල් 8ක්,විදුලි සෝපාන 3ක්,පූර්ණකාලීන අරක්කමියන් 5ක්,ටෙනිස් අංගනයක්,පන්දු යැවීමේ පථයක්,චිත්‍රපට රඟහලක්,දිවීමේ පථයක්,පිහිනුම් තටාකයක් සහ ....කින් සමන්විත වේ.සෑම සතියකම අමුත්තන් 30,000ක් පමණ මෙහි පැමිණෙයි.


ධවල මන්ධිර සංකිර්ණය
බටහිර කොටස
බිම් මහල
ප්‍රධාන මහල
දෙවන මහල (residence)

විධායක නිවාසය

ප්‍රධාන වාසස්ථානය මෙහි මධ්‍යයේ පිහිටා ඇත.ජෙෆසන් විසින් නිර්මාණය කරනු ලැබූ බටහිර සහ නැගෙනහිර කුළුණු දෙපෙළ වර්තමානයේ බටහිර සහ නැගෙනහිර කොටස් 2කට සම්බන්ද කර ඇත.මෙම විධායක නිවාසය ජනාධිපතිගේ වාසය සඳහාත් උත්සව සහ රාජකාරි විනෝදාංග සඳහාත් ඉඩ පහසුකම් සලසනු ලබයි.ධවල මන්ධිරයේ ප්‍රධාන මහල නැගෙනහිර කාමරයෙන්,රතු කොළ සහ නිල් කාමර වලින්,ප්‍රධාන භෝජන ශාලාවකින්,පවුලේ කෑම කාමරයකින්,හරස් ශාලාවෙන්,පිවිසුම් ශාලාවෙන් සහ ප්‍රධාන පියගැට පෙලකින් සමන්විත වේ.රාජ්‍යතාන්ත්‍රිකයන් පිළිගැනීමේ උත්සව ශාලාව,සිතියම් කාමරය,චීන කාමරය,වර්මේල් කාමරය,පුස්තකාලය,ප්‍රධාන මුළුතැන්ගෙය සහ අනෙකුත් කාර්යාල ධවල මන්ධිරයේ බිම් මහලෙහි පිහිටා ඇත.දෙවන මහලේ ඇති පවුලේ නිවහනේ කහ ඕවලාකාර කාමරය, නැගෙනහිර සහ බටහිර විසිත්ත ශාලාවන්,ධවල මන්ධිරයේ ප්‍රධාන නිදන කාමරය,ජනාධිපතිගේ කෑම කාමරය,ගිවිසුම් කාමරය,ලින්කන්ගේ නිදන කාමරය,රැජිණගේ නිදන කාමරය සහ අමතර නිදන කාමර 2ක්,කුඩා මුළුතැන් ගෙයක් සහ පෞද්ගලික හැඩගැන්වීමේ කාමරයකින් යුක්ත වේ.ධවල මන්ධිරයේ සෞරාලය,ක්‍රීඩාගාරය,ලිනන් කාමරය,මුළුතැන්ගෙය සහ තවත් විසිත්ත කාමරයක්(ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ්ගේ ව්‍යායාම් කාමරය)ධවල මන්ධිරයේ තෙවන මහලේ පිහිටා ඇත.

බටහිර කොටස

ධවල මන්ධිරයේ බටහිර කොටස ජනාධිපති කාර්යාලය(ඕවලාකාර කාර්යාලය) සහ පනස් දෙනෙකුට පමණ ඉඩකඩ ඇති ජනාධිපතිගේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාර්යාල වලින් සමන්විත වේ.ඊට අමතරව එය ජනාධිපති විසින් ව්‍යාපාරික හමුවීම් සහ කැබිනට් මණ්ඩල රැස්වීම් පවත්වනු ලබන කැබිනට් කාමරයකින්,white house situation room,ජේම්ස් එස්. බ්‍රැඩ් පුවත්පත් සාකච්ඡා පවත්වන කාමරයෙන් සහ රූස්වෙල්ට් කාමරයෙන් සමන්විත වේ.2007 වසරේදී මාධ්‍ය සාකච්ඡා පවත්වන කාමරයේ අලුත්වැඩියා කටයුතු ඇඳි සටහන් සහ ප්‍රස්ථාර නිරූපණය සඳහා අවශ්‍ය LCD තිර සහ ෆයිබර් ඔප්ටික් රැහැන් එකතු කිරීමෙන් පසු සම්පුර්ණ විය.The makeover took 11 months and cost $8 million, of which news outlets paid $2 million.මහල් කිහිපයකින් සමන්විත වූ භූගත ගොඩනැගිල්ල සඳහා වූ අවුරුදු 2ක ව්‍යපෘතිය 2010 සැප්තැම්බර් මස ආරම්භ කෙරිණ.මේ හේතුවෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් කොටසක් අසල පිහිටි පැරණි විධායක කාර්යාල ගොඩනැගිල්ලටත් එයිසෙන්හවර් විධායක කාර්යාල ගොඩනැගිල්ලටත් මාරු කෙරිණ.

ධවල මන්ධිරයේ මෙම කොටස ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් වූ බටහිර කොටස සඳහාද යොදා ගන්නා ලදී.

නැගෙනහිර කොටස

නැගෙනහිර කොටසේ ඇති අතිරේක කාර්යාල අවකාශය 1942 වසරේදී ධවල මන්ධිරයට එක් කෙරිණි.එහි ප්‍රයෝජන අතර නැගෙනහිර කොටස ජනාධිපති ආර්යාවගේ සහ කාර්ය මණ්ඩලයේ කාර්යාල සහ ධවල මන්ධිරයේ සාමජීය කාර්යාලය පිහිට තිබීම ප්‍රධාන වේ.වර්ෂ 1977දී රොසලින් කාටර් විසින් පළමු වරට ඇගේ පෞද්ගලික කාර්යාල නැගෙනහිර කොටසේ පිහිටුවා එය ජනාධිපති ආර්යාවගේ කාර්යාලය වශයෙන් නම් කරන ලදී.නැගෙනහිර කොටස දෙවන ලෝක යුද්ධය සමයේ හදිසි අවස්ථාවන් සඳහා ඉදිකරන ලද භූගත බංකරය සැඟවීමේ අරමුණෙන් ඉදිකරන ලදී.එම බංකරය ජනාධිපති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය වශයෙන් හඳුන්වන ලදී.

භුමිය

ධවල මන්ධිරය සහ එහි භූමි ප්‍රමාණය අක්කර 18 ඉක්‌මවයි(හෙක්ටයාර 7.3ක් පමණ).ධවල මන්ධිරයේ උතුරු පෝටිකෝව ඉදිකිරීමට පෙර බොහොමයක් පොදු අංගයන් පවත්වනු ලැබුවේ තෝමස් ජෙෆර්සන් විසින් graded සහ සිටුවනු ලැබූ දකුණු පිට්ටනියෙහිය.ජෙෆර්සන් විසින් උතුරු පිට්ටනිය සඳහා නිර්මාණය කරනු ලැබූ රෝපණ සැලැස්මේ තිබු විශාල ගස් හේතුවෙන් ධවල මන්දිරය පෙන්සිල්වේනියා විදිය පසින් අඳුරු වීමට ඉඩ තිබුණි.19වන සියවස මධ්‍යයේ සිට අග භාගය ඇතුලත හරිතාගාර රාශියක්ම ඉදිකරනු ලැබුවේ වර්තමානයේ ධවල මන්දිරයේ බටහිර කොටස පිහිට ඇති ප්‍රදේශයේය.මෙම කාලය තුලදී උතුරු පිට්ටනියේ අලංකාර බුමුතුරුණු මෝස්තරයේ මල් පාත්ති ස්ථාපිත කරන ලදී.ධවල මන්ධිරයේ පිට්ටනි සඳහා ඉතිහාසය පුරා උයන් පාලකයන් විශාල ප්‍රමාණයක් සිටියද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි.රූස්වෙල්ට්ගේ නියමයෙන් වර්ෂ 1935දී ඔල්ම්ස්ටෙඩ් සහෝදරයන් ව්‍යාපාරයේ ෆෙඩ්රික් ලෝ ඔල්ම්ස්ටෙඩ් විසින් කරනු ලැබූ නිර්මාණය අදටත් ප්‍රධාන සැලැස්ම වශයෙන් භාවිතා කරනු ලබයි.ජනාධිපති කෙනඩිගේ පරිපාලන සමය තුල ධවල මන්ධිරයේ රෝස උද්‍යානය රැචෙල් ලැම්බට් මෙලන් විසින් නැවත නිර්මාණය කරන ලදී.The Rose garden borders the West Colonnade. Bordering the East Colonnade is the Jacqueline Kennedy Garden, which was begun by Jacqueline Kennedy but completed after her husband's assassination. On the weekend of June 23, 2006, a century-old American Elm (Ulmus americana L.) tree on the north side of the building, came down during one of the many storms amid intense flooding. Among the oldest trees on the grounds are several magnolias (Magnolia grandiflora) planted by Andrew Jackson. Michelle Obama planted the White House's first organic garden and installed beehives on the South Lawn of the White House, which will supply organic produce and honey to the First Family and for state dinners and other official gatherings.

මහජන ප්‍රවේශය සහ ආරක්ෂාව

ආදර්ශ ගත කල ඉංග්‍රීසි සහ අයර්ලන්ත නිවාස ලෙසම 20 වන සියවසේ මුල් භාගය වනතෙක් මුල සිටම මෙම ධවල මන්දිරය මහජනතාවට වුර්තව පැවතුණි. ජනපති තෝමස් ජෙෆ්ෆෙර්සෝන් 1805 දී ඔහුගේ දෙවන සමාරම්භය සඳහා විවුර්ත නිවසක් රඳවා ගත් අතර නිල් කාමරයේ ඔහු මිනිසුන්ට ආචාර කරන කපිටෝල් හිදී කල ඔහුගේ දිව්රුම් උත්සවයේදී මිනිසුන් විශාල පිරිසක් ඔහු පසුපස නිවසටම පිරිවරා ගියහ. 1829දි, සමහර වෙලාවට ධවල මන්දිරය තුල 20000ක් පමණ වන ජනතාව ඔහුගේ සමාරම්භක උළෙල සමරද්දී මැර බවට පත් වුන විවුර්ත නිවාස හෝටලයක් කිරීමට ඉඩ දීමට ජනපති ඇන්ඩ්රු ජැක්සොන් හට සිදු වුණි. අවසානයේදී ඔහුගේ සහායකයන්ට පිරිසව දොඩම් යුෂ හා විස්කි වල තිබු ප්‍රබල මද්‍යසාර පානවලින් පිරී තිබුන අපුල්ලන බාල්දි සමග එලියට ඇද දමන්නට සිදු වුණි. අලුතින් පත් වුණු ග්රෝවෙර් ක්ලේවෙලන්ඩ් සාම්ප්‍රදායක විවුර්ත නිවාස ඉදිරිපිට වෙනුවට ධවල මන්දිරයේ ඉදිරි පෙළ ආසනවල සිට යුධ භටයන්ව ජනපද සම්මලොචනයකට සකසන විටද 1885 වන තෙක් මෙම පුරුද්ද දිගටම තිබුණි. ජෙෆර්සන් ත් ඒ වන තෙක්ම අඛණ්ඩව යුධ සමය හැර පවත්වා ගෙන ගිය අලුත් අවුරුදු දිනයට සහ ජූලි දාහතර වන දින වාර්ෂික පිළිගැනීම් සඳහා ඔහුගේ නිවසට මහජන චාරිකා වලට අවසර ලබා දුන්නේය. එම පිළිගැනීම් ජනපති බිල් ක්ලින්ටන් කෙටියෙන් සමාලෝචනය කලද 1930 පෙර භාගයේදී අවසන් විය. ධවල මන්දිරයට තවත් ලගා විය හැකි ක්‍රම පැවතුණි; ජනපති ඒබ්‍රහම් ලින්කන් දේශපාලන පත්වීම් හා අනෙකුත් අනුග්‍රහයන් පිළිබඳව ඇසීමට බලාගෙන සිටින රැකියා හොයන්නන් ගෙන් ඔහු ඉතාමත් හිරිහැරයට ලක් වූ බව’ පැමිණිලි කළේය. ලින්කන් සමහර ඇසුරු කරන්නන් හෝ බලවත් දේශපාලකයෙක් හෝ මත සාදන්නෙක් ගේ යහළුවෙක් අතර අවදානම් පැතිරවීමට වඩා තරහවට පෙලබවීම සිදු කළේය.

1974දි, අවසර නැති සොරකම් කරන ලද යුධ හමුදා හෙලිකොෆ්ටරයක් ධවල මන්දිර භූමියට ගොඩ බාන ලදී. 1994දි, අවුරුදු විස්සකට පසුව, සැහැල්ලු යානයක් ධවල මන්දිර භූමිය මත විනාශ වූ අතර ගුවන් නියමුවා ඒ විගසම මිය ගියේය. අග නුවර ගුවන් ගමනාගමනය පිළිබඳව ආරක්ෂාව වැඩි වීමේ ප්‍රතිපලයක් ලෙස 2005දි අනවසර ගුවන් යානයක ලඟා වීමකට පෙර ධවල මන්දිරය හිස් කරන ලදී.

1995 අප්‍රේල් 19 වන දින ඔක්ලොහොම නුවර පිපිරීමට මූලික ප්‍රතිචාරයක් ලෙස 1995 මැයි 20 දින නැගෙනහිර පැත්තේ ලෆයෙට් පාර්ක් හි සිට 17 වන මග වනතෙක් ධවල මන්දිරය ඉදිරිපිට වාහන තදබදය නිසා පෙනින්සුල්වනිය මාවත එක්සත් ජනපද රහස් සේවාව වසා දමන ලදී.පසුව, නැගෙනහිර සිට 15 වන මාවත දක්වා අමතර කට්ටය වසා තැබීම තව දිගු කරන ලදී. පාර මහජනතාවට මුළුමනින්ම දවස් දෙකක කාලයක් තුල වස දමන ලදී.

වොෂින්ග්ටන් ඩි.සි හි සංවිධායක ප්‍රජා කණ්ඩායම් විසින් පෙනින්සියුල්වෙනියා මාවත වැසීම තහනමට ලක් වන ලදී. වාහන තදබදය නිකරුණේ වැසීම වලක්වා ලීම සහ එය නගරයට හොදින් සංකල්පිත ඓතිහාසික සැලසුමේ නොගැලපීම ගැන ඔවුන් වාද කළහ. ආරක්ෂක අභ්යර්ථ සඳහා, ධවල මන්දිරය අනිකුත් සංක්දා ප්‍රකාශක ෆෙඩරල් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඇති වීදියෙන් පසුපසට වඩාත් ඔබ්බට වන්නට ඇති බව සැලකිල්ලට ලක් කළහ.

වර්තමානයේ භාණ්ඩාගාර ගොඩනැගිල්ල නැගෙනහිරට සහ බටහිරට පරණ විධායක කාර්යාල ගොඩනැගිල්ල ඇතුලත් වන වැටක් සහිත අංගණය අන්තර්ගත කිරීමට පෙර, මෙම අයින් අඩි පාර ධවල මන්දිරයේ දිනපතා මහජන චාරිකා සඳහා පෙළ වැටුම් ප්‍රදේශයක් ලෙස සලකනු ලැබීය. සැප්තැම්බර් 11 පහර දීම් වල නැගිටීමත් සමග මෙම චාරිකා තහනමට ලක් විය. 2003 සැප්තැම්බර් වලදී වොෂින්ග්ටන්හිඔවුන්ගේ විදේශ ජාතික සහ පසුබිම් අවේක්ෂණ වලට යටත් වන සංගමය පිලිබඳ නියෝජිතයන් හෝ තානාපති හරහා කණ්ඩායම් වලට පෙර ගිවිසුම් සැකසීම සඳහා ඔවුන් සීමිත පදනමක් මත නැවත ආරම්භ කළහ. නමුත්, ධවල මන්දිරය මහජනතාවට ලංව පැවතුණි. කෙසේ වුවද, 2013 මාර්තු 09 දින සේම, ධවල මන්දිර චාරිකා දේපල තහනමට පසු අයවැය සංරෝධක හේතුවෙන් තහනම් කරනු ලැබිණි.

ධවල මන්දිර භූමි සංකීර්ණය එක්සත් ජනපද ආරක්ෂක සේවය හා එක්සත් ජනපද උයන් පොලීසිය විසින් ආරක්ෂා කරනු ලබයි. 2005 ජනපති සමාරම්භය තුල, වොෂින්ග්ටන් ඩිසි හරහා ගගන තලය මුර කිරීමට NASAMS භාවිත කරනු ලැබිණි. සමාන NASAMS ඒකක ජනපති හා ගුවන් යන වලට තදින්ම තහනම් ධවල මන්දිරය වටා සෑම ගගන තලයක්ම ආරක්ෂා කිරීමට යොදා ගනු ලැබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=ධවල_මන්දිරය&oldid=300544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි