"හංගුල්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:කොරියාවේ ජාතික සංකේත එක් කරන ලදී. HotCat භාවිතයෙන්
53 පේළිය: 53 පේළිය:
[[ප්‍රවර්ගය:කොරියානු භාෂාව]]
[[ප්‍රවර්ගය:කොරියානු භාෂාව]]
[[ප්‍රවර්ගය:කොරියාවේ ජාතික සංකේත]]
[[ප්‍රවර්ගය:කොරියාවේ ජාතික සංකේත]]
[[ප්‍රවර්ගය:අක්ෂර වින්‍යාස ප්‍රතිසංස්කරණය]]

00:06, 3 මාර්තු 2013 තෙක් සංශෝධනය

හංගුල්
හෝ
චුසංගුල්
චුසංගුල් (ඉහළ), සහ හංගුල් (පහළ)
වර්ගය
line-height:1.25em
භාෂාකොරියානු
Creatorමහා සේජොං රජුගේ රාජසභාව
කාල සීමාව
1443 සිට වර්තමානය
U+AC00–U+D7AF,
U+1100–U+11FF,
U+3130–U+318F,
U+3200–U+32FF,
U+A960–U+A97F,
U+D7B0–U+D7FF,
U+FF00–U+FFEF


හංගුල් [nb 1] ලෙසින් හෝ චුසංගුල් ( දකුණු කොරියාවේ හංගුල් ලෙසින් හා උතුරු කොරියාවේ චුසංගුල් ලෙසින් නිල වශයෙන් පිටපත් කෙරෙන ),[1] ලෙසින්ද හැඳින්වෙන, කොරියානු හෝඩිය යනු කොරියානු භාෂාවේ දේශීය හෝඩියයි. 1443 දී ජෝසොන් රාජවංශය සමයෙහිදී තැනුනු එය, වර්තමානයේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන දෙරටෙහිම නිල අක්ෂර මාලාව වන අතරම, චීනයෙහි ජීලිං පළාතෙහි යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තයෙහි සම-නිල අක්ෂර මාලාව වෙයි. දකුණු කොරියාවේ, හංගුල් භාවිතයේදී හංජා ලෙසින් හැඳින්වෙන චීන අත්ෂර භාවිතයෙන් ආවර්ධනය කෙරෙන මුත්, උතුරු කොරියාවේ, හංජා භාවිතය නැති තරම්ය.

හංගුල් වනාහි ව්‍යඤ්ජනාක්ෂර සහ ප්‍රාණාක්ෂර 24 කින් සමන්විත සත්‍ය හෝඩියකි. කෙසේවෙතත්, ලතින් හෝඩියකදී මෙන් අක්ෂර අනුක්‍රමිකව ලිවීම වෙනුවට, එක එකක් විසින් මාත්‍රාවක් පිටපත් කෙරෙන, 한 හන් han වැනි, කට්ටල වලට හංගුල් අක්ෂර සමූහගත කෙරෙයි. එනම්, 한 හන් han මාත්‍රාව එක් අක්ෂරයක් ලෙස පෙනුනද, එය අක්ෂර තුනකින් සමන්විත වෙයි: ㅎ h, ㅏ a, සහ ㄴ n. එක් එක් මාත්‍රා කට්ටලය සමන්විත වන්නේ අක්ෂර දෙක සිට පහ දක්වා අතර වන සංඛ්‍යාවකින් වන අතර, එහි අවම වශයෙන් එක් ව්‍යඤ්ජනාක්ෂරයක් සහ එක් ප්‍රාණාක්ෂරයක් අඩංගු වෙයි. මෙම කට්ටල සකස්කෙරෙනුයේ වමේ සිට දකුණට තිරස් දිශාවට සහ ඉහළ සිට පහළට සිරස් දිශාවටය. පැවතිය හැකි කට්ටල ගණන ගණිතමය වශයෙන් ගණනය කල විට 11,172 ක් වුවද, කොරියානු ශබ්දක්‍රෙමෝපායය විසින් පැවතීමට ඉඩසලසන මාත්‍රා ගණන ඊට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවක් වන අතර, ශබ්දක්‍රෙමෝපායානුකූලව පැවතිය හැකි සියළු මාත්‍රා සත්‍ය ලෙසින් කොරියානු වචන වල නොපවතියි. ශබ්දවිද්‍යාත්මක විස්තරයක් සඳහා, කොරියානු ශබ්දවිද්‍යාව බලන්න.

නම්

නිල නම්

හංගුල්
South Korean name
හංගුල්한글
ප්‍රතිශෝධිත රෝමානුකරණයHan(-)geul
මැකූන්–‍රයිෂවර්Han'gŭl
හංගුල්
North Korean name
හංගුල්조선글
ප්‍රතිශෝධිත රෝමානුකරණයJoseon(-)geul
මැකූන්–‍රයිෂවර්Chosŏn'gŭl
හංගුල් ඇසුරෙන් හංගුල් යන වචනය ලියන අයුරු

සටහන්

  1. උච්චාරණය/iconˈhɑːn.ɡʊl/ හෝ /ˈhɑːŋɡʊl/

අධෝසටහන්

  1. කොරියානු: 한글 Han-geul/Han'gŭl [haːn.ɡɯl] ( අසන්න) හෝ 조선글 Chosŏn'gŭl/Joseongeul [tɕosʌnɡɯl]
"https://si.wikipedia.org/w/index.php?title=හංගුල්&oldid=247254" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි