"කැමරව" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (r2.7.2) (රොබෝ වෙනස් කරමින්: eu:Kamera)
 
 
[[කැමරාවක්]] යනු ප්‍රතිබිම්භප්‍රතිබිම්බ ප්‍රතිග්‍රහණය සඳහා භාවිත වන උපාංගයක් වන අතර,එමගින් නිශ්චල ඡායාරූප හෝ චලනයක් දැක්වෙන ඡායාරූප අනුක්‍රමයක් (චිත්‍රපටයක හෝ වීඩියෝ පටයක්) ප්‍රතිග්‍රහණය කළ හැක. කැමරාව සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන camera obscura [[නම්]] ලතින් පදයෙන් නිර්මාණය වූවක් වන අතර එහි අරුත 'අඳුරු කුටිය' යන්නයි. මෙය ප්‍රතිබිම්භ ප්‍රක්ෂේපණය සඳහා තත්කාලීන ප්‍රතිබිම්භක පද්ධතියක් ලෙස සම්පූර්ණ කාමරයක් භාවිත වූ මුල් කාලීන ක්‍රමවේදයක් හැඳින්වීම සඳහා භාවිත වූ පදයකි. නූතන කැමරාව මෙම camera obscura ඇසුරෙන් නිර්මාණය වී ඇත.
 
කැමරාවක් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් කොටසට අදාල ආලෝකය හෝ එහි වෙනත් කොටසකට අයත් ආලෝකය සමග ක්‍රියාත්මක වන එකක් විය හැක. සාමාන්‍යයෙන් කැමරාවක් සමන්විත වනුයේ එක් කෙළවරක ආලෝකය ඇතුල් වීම සඳහා කුඩා විවරයකින් යුත් ආවරණය වූ කුහරමය කොටසක් සහ විවරයෙන් ඇතුල් වන ආලෝකය පටිගත කිරීම හෝ නැරඹීම සඳහා සකස් කළ ප්‍රතිග්‍රාහක මතුපිටකිනි. බොහෝ කැමරාවල විවරයට ඉදිරියෙන් කාචයක් ස්ථානගත කොට තිබෙන අතර එමගින් ඇතුල් වන ආලෝකය එක් රැස් කර අදාල සම්පූර්ණ ප්‍රතිබිම්භය හෝ ඉන් කොටසක් පටිගත කෙරෙන පෘෂ්ඨය මතට නාභිගත කෙරේ. විවරයේ ප්‍රමාණය බොහෝ විට ප්‍රාචීර යාන්ත්‍රණයකින් පාලනය කෙරෙන නමුත් ඇතැම් කැමරාවල විවරයේ ප්‍රමාණය වෙනස් කළ නොහැක.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/230454" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව