"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: zu:Elizabeth II
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: crh:II Elizabet
95 පේළිය: 95 පේළිය:
[[cbk-zam:Reina Elizabeth, el aca-segundo]]
[[cbk-zam:Reina Elizabeth, el aca-segundo]]
[[ceb:Elizabeth II sa Hiniusang Gingharian]]
[[ceb:Elizabeth II sa Hiniusang Gingharian]]
[[crh:II Elizabet]]
[[cs:Alžběta II.]]
[[cs:Alžběta II.]]
[[cy:Elisabeth II, brenhines y Deyrnas Unedig]]
[[cy:Elisabeth II, brenhines y Deyrnas Unedig]]

07:35, 22 මැයි 2012 තෙක් සංශෝධනය

tiny globe
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින
ආධිපත්‍යය 952 පෙබරවරි 6 සිට (56 වසරක්)
ඔටුනු පැළඳවීම 1953 ජුනි 2
පෙර රජු VI වන ජෝර්ජ් රජු
පසුව ඔටුන්න හිමි කුමරා චාල්ස් (වේල්සයේ කුමරු)
වල්ලභයා පිලිප්කුමරු (එඩ්න්බර හි සිටුවර)
දරුවන් චාල්ස්, ඈන්, ඇන්ඩ්‍රා, එඩ්වර්ඩ්
සම්පූර්ණ නම එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි
හැදින්වීම් මහා බිතාන්‍යයේ මහ රැජින
එළිසබෙත් කුමරිය
එඩ්න්බර සිටුවරිය
යෝක්හි එළිසබෙත් කුමරිය
රාජකීය නිවස වින්ඩ්සර් නිවස
රාජකීය ස්ත්‍රෝත්‍රය ‘god save the Queen’
පියා VI ජෝර්ජ් රජු
මව එළිසබෙත් බෝව්ස් ලයන්
උපත 1926 අප්‍රේල් 21 (82 වියේ පසුවේ)
මේ‍ෆෙයාර්, ලන්ඩන්, එක්සත් රාජධානිය
බෞතිස්ම කරන ලද්දේ 1926 මැයි 29, බකින්හෑම් මාලිගය, ලන්ඩන්


දෙවන එළිසබෙත් රැජින වූ කලී නිදහස් ජනපද දහසකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද පාලිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හය වන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.

එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජින ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ එතුමිය විසිනි.

මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.

න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් වන්නේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජින වෙනත් තනතුරු රැසක් ද දරනු ලබන්නීය. ඒවා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා, නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ‍ ෆිජිහි ප්‍රධානියා යන ඒවාය.

ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.

1947 එළිසබෙත් රැජින පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරහි සිටුවර යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ විස්කවුන්ට් සෙවර්න් උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොපී කුමරියට දාවය.


සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_එලිසබෙත්_රැජිණ&oldid=211309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි