"සිරිධම්ම විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු insert coordinates of school |
No edit summary |
||
13 පේළිය: | 13 පේළිය: | ||
|enrollment = 3500 |
|enrollment = 3500 |
||
|gender = මිශ්‍ර |
|gender = මිශ්‍ර |
||
|colors =<font |
|colors =<font style="background:gold; color:blue">" නිල් "</font><font style="background:white; color:black"> '''සහ''' <font style="background:blue; color:gold">" රන් "</font> |
||
{{color box|blue}}{{color box|gold}} |
{{color box|blue}}{{color box|gold}} |
||
|city = [[ගාල්ල ]] |
|city = [[ගාල්ල ]] |
08:38, 6 මැයි 2012 තෙක් සංශෝධනය
සිරිධම්ම විද්‍යාලය Siridhamma College | |
---|---|
ගොනුව:Siridhamma College Crest.jpg | |
Location | |
ඛණ්ඩාංක | 06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°Eඛණ්ඩාංක: 06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°E |
තොරතුරු | |
වර්ගය | ආණ්ඩුවේ පාසලකි |
ආදර්ශ පාඨය | පඤ්ඤා නරානං රතනං |
ආරම්භ කලේ | 1995 පෙබරවාරි 06 |
ආදිකර්තෘ | ආචාර්ය රිචඩ් පතිරණ |
විදුහල්පති | ප්‍රේමසිරි ඈපා |
ශ්‍රේණි | 1 - 13 |
බාලක/බාලිකා | මිශ්‍ර |
Enrollment | 3500 |
වර්ණ(ය) | " නිල් " සහ " රන් " |
“පඤ්ඤා නරානං රතනං” – ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය යන්න ආදර්ශ පාඨය කරගත් සිරිධම්ම විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ල, ලබුදූව හි පිහිටුවා ඇත, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකෙන්ම සමන්විත මිශ්‍ර පාසල් අතුරෙන් ඉහලින්ම සිටින පාසලක් වන අතර කෙටි කාලයකින් ඉමහත් කීර්තියක් අත්කරගත් ජාතික පාසලකි.
ඉතිහාසය
ආරම්භය
අක්මීමණ ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ[1] සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී. මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.
මඟ සළකුණු
- 1995 පෙබරවාරි 06 දින පාසල ආරම්භය
- 1996 පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
- 1999 පාසලේ ශ්‍රවණාගාරය, පරිගනක ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල හා නේවාසිකාගාර ගොඩනැගිලි විවෘත කිරීම
- 1999 5 වසර ශිෂ්‍යත්වය සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
- 2004 උසස්පෙළ සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
ආදි විදුහල්පතිවරුන්
විදුහල්පතිවරයා/විදුහල්පතිවරිය | සිට | දක්වා |
---|---|---|
P.S.K.රාජපක්ෂ | 1995 | 2004 |
සුමේධ වක්වැල්ල | 2004 | 2007 |
වර්ථමානය
අද වන විට සිසුන් 3500 ක් පමන දක්වා වර්ධනය වී ඇත.
නිවාස
පෙරදී, පාසලේ ළමුන් මැණික් වර්ගවල නම් සහිත නිවාස 4කට බෙදා තිබුනි, එනම්.
- සෆායා - නිල් වර්ණය
- ඔපල් - දම් වර්ණය
- ක්‍රිස්ටල් - රතු වර්ණය
- ඩයමන්ඩ් - කහ වර්ණය
වර්ථමානයේ සිසුන් නිවාස 5කට බෙදා තිබේ. එනම්,
- සිංහරාජ - කොළ වර්ණය
- දුන්හිඳ - රතු වර්ණය
- මහවැලි - නිල් වර්ණය
- සමනළ - කහ වර්ණය
- සීගිරි - රෝස වර්ණය
ක්‍රීඩා
- මලල ක්‍රීඩා
- චෙස්
- පැසිපන්දු
- හොකී
- පාපන්දු
ශිෂ්‍යභට ඛණ්ඩය
නිළ ඇඳුම
- පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම - පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම - ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
නිල් කරපටිය සමඟ සුදු අත්කොට හැට්ටය හා නිල් රැලි සාය
සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.
පාසල් ගීතය
සිරි සරසවි නිතියෙන් රඳනා
සිරිත විරිත නැණ ගුණ වඩනා
සිරිදම් විදුහල් මවුනි දයාබර
පහන් ටැඹකි ඔබ මඟ කියනා
නව විදු නැණ සිප් ලලිත කළා
නිපුණ වෙමින් කෙළි මඩුලු දිනා
පිරිපුන් දරුවන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා
විපුල දිරිය ඉඳු බව සපුරා
සාධු ගුනෙන් හදවත සරසා
පිරිපුන් මිනිසුන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා
පබැඳුම, රත්නශ්‍රී විජේසිංහ ෴