"කොස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: ca:Artocarpus heterophyllus
79 පේළිය: 79 පේළිය:
[[ගොනුව:Young Jackfruit.JPG|thumb|upright|පොලොස්]]
[[ගොනුව:Young Jackfruit.JPG|thumb|upright|පොලොස්]]


කොස් යනු දකුණු හා දකුණු ආසියාතික කෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු කොස් මදුළු පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු කොස් මදුළු පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. මෙහි අඩංගු වන කොස් ඇට තම්බා බෝංචි පිස ගන්න ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්‍රයන් ඉටිලි වැනි වාෂ්ප තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.
කොස් යනු දකුණු හා දකුණු ආසියාතික කෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු කොස් මදුළු පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු කොස් මදුළු පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. ඉදුනු ෙකාස් වැල සහ වරකා යනුෙවන් වර්ග ෙදකකට ෙබෙද් මෙහි අඩංගු වන කොස් ඇට තම්බා බෝංචි පිස ගන්න ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්‍රයන් ඉටිලි වැනි වාෂ්ප තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.


=== පොලොස් ===
=== පොලොස් ===

06:18, 4 මැයි 2012 තෙක් සංශෝධනය

කොස් ගස
ගෙඩි සහිත කොස් ගස
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Magnoliophyta
වර්ගය: Magnoliopsida
ගෝත්‍රය: Rosales
කුලය: Moraceae
Tribe: Artocarpeae
ගණය: 'Artocarpus'
විශේෂය: A. heterophyllus
ද්වීපද නාමය
අර්ටෝචාර්පුස් හෙටෙරෝෆ්ය්ල්ලුස් (Artocarpus heterophyllus)
Lam.
පර්යාය නාම(ය)
  • අර්ටෝචාර්පුස් බ්‍රසිලිලේනිස් (Artocarpus brasililenis) L. ex Carl Linnaeus
  • අර්ටෝචාර්පුස් හෙටෙරෝෆ්ය්ල්ල (Artocarpus heterophylla) Lam. ex Lamarck
  • අර්ටෝචාර්පුස් මෂිෂ්ම (Artocarpus maxixma) Blanco. ex Blancoi

කොස් ගස හෙවත් බත් ගස ( හෙරලිය ) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි.

කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.

නිරුක්ති ශාස්ත්‍රය සහ නාම මාත්‍රයන්

කොස් ගස යන නාමය පැමිණ ඇත්තේ "ජැකා" (jaca) යන පෘතුග්‍රීසි වචනයෙන් වන අතර එම පෘතුග්‍රීසි වචනයට පාදක වී ඇත්තේ මලයාලම් භාෂාවේ එන "චක්ක" (chakka) යන භාෂිතයයි. පෘතුග්‍රීසින් පළමු වරට ඉන්දියාවට පැමිණියේ 1498 දීය. ඔවුන් ඉන්දියාවේ කොළ්හිකොද් (කැලිකට්) හි පිහිටි මලබාර් (Malabar) වෙරළට ගොඩ බසින ලදී. මෙම "චක්ක" යන මලයාලම් නාමය ප්‍රථම වරට සදහන් වෙන්නේ, හෙන්ද්‍රික් වන ර්හීඩ් ( Hendrik van Rheede) (1678-1703) විසින් ලියන ලද හොර්ටුස් මලබරිචු (Hortus Malabaricus) යන ලතින් පොතේය. පසුව මෙය හෙන්ර්ය් යුලේ (Henry Yule) විසින් "The Wonders of the East " ලෙස පරිවර්තනය කරන ලදී. කොස් යනු බංගලාදේශයේ ජාතික පලතුරද වේ. තවද, කොස් ගස අප්‍රිකානු ප්‍රදේශ වලින්ද හමු වී තිබේ. උදා: උගන්ඩාවේදී.

මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබයි.

‍මෙහි ඉංග්‍රීසි නාමය වන්නේ "ජැක්ෆ්‍රුට්" (Jackfruit)ය. භෞතවෛද්‍යුවරයකු සහ ස්වභාව විද්‍යාඥයකු වූ Garcia de Orta විසින් 1563 රචිත "Colóquios dos simples e drogas da India" පොතේද, මෙම නාමය භාවිතා කර තිබේ. උද්භිද විද්‍යාඥයකු වූ රැල්ෆ් රන්ද්ලෙස් ස්ටේවර්ට් (Ralph Randles Stewart) ගේ අදහස වන්නේ ස්කොට්ලන්ජාතික උද්භිද විද්‍යාඥයකු වූ බෙංගාල, සුමාත්‍රා සහ මලයාසි හි පිහිටි ඊස්ට් ඉන්දියා ආයතනයේ සේවයේ නිරත වූ විලියම් ජැක් (William Jack) (1795-1822) මෙම නාමය සදහා මුල් වූ බවයි. නමුත්, මෙම විලියම් ජැක් ඉපදීමට පෙර සිටම මෙම "ජැක්" යන නාමය යොදා ගත් බවට නිදසුන් පවතී. 1699 දී Dampier විසින් රචිත "A new voyage round the world" පොත එයට කදිම නිදසුනකි.

බෙන්ගාලි හෝ බංගලා: කතල් (কাঁঠাল)

කැරිබියෙන්: "කටහර්"

චයිනීස්: (:波羅蜜|波羅蜜) (බෝලුඔමි)

හින්දි: කතල් (कटहल)

ලුගන්ඩ: ෆෙනේ

මලයාලම්: චක්ක (ചക്ക)

මරති: "ඵනස්" [फणस]

නේපාලි: "කටහර්" (कटहर)

සිංහල: "කොස්" | "හෙරලි"

දෙමල: "පල" (பலா)

තෙලිගු : "පන්ස" (పనస)

තායි: "ඛනූන්" (ขนุน)

වගාව සහ පාරිස්ථිකවිද්‍යාව

කොස් ගෙඩිය

කොස් යනු ඉන්දියානු කෘෂිකර්මාන්තය තුල ශතවර්ෂ ගණනාවක්පුරා වැදගත් මෙහෙයක් ඉටුකළ දෙයකි. පුරාවිද්‍යායාත්මක සොයාගැනීම් වලට අනුව ඉන්දියාව තුල අවුරුදු 3000-6000 පෙර සිටම මෙම වගාව සිදුකර තිබේ. තවදුරටත් කරන ලද සොයාගැනීම් වලට අනුව ඉන්දියානු අධිරාජ්ජවාදියකු වූ අශෝක රජතුමාගේ කාලයේ උයන් වතු සැදීමේදී යොදාගත් පලතුරු ගස් අතර කොස් ගසද වූ බව පෙනේ. ඉන්දියානු තාරකාවිද්‍යාඥයකු, ගණිතඥයකු සහ නක්ෂත්‍රඥයකු වූ වරහමිහිරා (Varahamihira) විසින් රචිත "Brhat Samhita" ග්‍රන්තයේද මෙම ගස ගැන සදහන් වී තිබේ. එමෙන්ම, මෙම ගස අවුරුදු 35-40 පමණ වූ විට එහි ලීය ගෘහභාණ්ඩ සැදීමට යොදා ගත හැකිය. මෙම ගසේ ඇති දියරය භාජන වල කුඩා සිදුරු වැසීමට යොදා ගන්නා ආලේපනයක්ද වේ. ඉන්දියානු කේරල ප්‍රදේශයේ කළු ගම්මිරිස් වැල් වලට ආධාරකයක් වශයෙන්ද ගොවියන් කොස් ගස ප්‍රයෝජනයට ගනී. එබැවින් කේරල ප්‍රදේශයේ බහුලව කළු ගම්මිරිස් වැල් වලින් වැසී ගිය කොස් ගස් දකින්නට ලැබේ.

කොස් ගෙඩියක විශාලත්වය විදහාපායි.

බ්‍රසීලයේ කොස් ගස ආක්‍රමණශීලී ශාකයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම "Rio de Janeiro" හි ටිජුකා ෆොරස්ට් (Tijuca Forest) ජාතික උද්‍යානයෙන් මෙම කොස් ගස් ඉවත් කිරීමටද යෙදිනි. ටිජුකා ෆොරස්ට් යනු 19 ශතවර්ෂයේ මැද භාගයේ රුක් රෝපණය ආරම්භ කල කෘතීම දිවිතීක වනාන්තරයකි. මුල් කාලයේදී කොස් ගසද මෙම වනාන්තරය තුල දකින්නට ලැබුණු අතර පසුව උද්‍යාන කළමනාකරණ මණ්ඩලය මෙම ගස් ඉවත් කිරීමට යෝජනා කරන ලදී. මෙම තීරණයට හේතුව වුවේ කොස් ගස් විශාල වශයෙන් එම වනය පුරා පැතිරයාමත්, එම කොස් ගස් වල ඵලයන්ට ආස කරන ඇතැම් ක්ෂීරපායී සතුන් නිසා දේශීය කුරුල්ලන්ට ඇති වූ තර්ජනයන්ය. මෙම නිසා 2002 සිට 2007 දක්වා වූ කාලසීමාව තුල කොස් ගස් 55,662 කපා විනාශ කිරීමට උද්‍යාන බලධාරීහු පියවර ගත්තාහුය.

වාණිජ්‍යමය ප්‍රයෝජන

උපන් රටෙන් පිටතදීද අපට කොස් ඵලදාව දක්නට ලැබේ. ආසියානු ආහාර වෙළද පොළ තුලද, විශේෂයෙන්ම පිලිපීන වෙළද පොළ තුලද බහුලව කොස් ඵලදාව දකින්නට ලැබේ. බ්‍රසීලයේ මුහුදු බඩ ප්‍රදේශ වල බහුල වශයෙන් කොස් වගාව සිදු කරන අතර ඒවා බොහෝසෙයින් දේශීය වෙළද පොලට යොමු කෙරේ. කොස් ටින් කරන ලද සීනි සිරප් ලෙසද, ශීතකළ ටින් ලෙසද වෙළද පොලේ දකින්නට ලැබේ. වියලු කොස් කැබලි විවිධ නිෂ්පාදකවරු යටතේ වෙළද පොලේ පවතී.මීට අමතරව, උතුරු ඔස්ට්‍රලියාවේ ඩාවින්(Drawin) හි උණුසුම් සෘතුවේ එළිමහන් වෙළද පොළවල් වල බොහෝසෙයින් කොස් ඵල ආශ්‍රිත නිෂ්පාදන දක්නට ලැබේ.

1656 පින්තුරයක්

කොස් ගෙඩිය

කොස් ගෙඩියෙහි මදයේ ඇති මදුළු, කෙදි සහිත ස්වභාවයෙන් යුතු ආහාරයකි. මෙහි රස ඇබුල් කෙසෙල් වල රසයට සමාන රසයක් ගනී. මෙම රසයේ ස්වභාවය අනුව විවිධ කොස් වර්ග වර්ගීකරණයක්ද දකින්නට ලැබේ. බ්‍රසීලයේ කොස් වර්ග තුනක් ඇති අතර, ඒවානම් "Jaca-dura", "Jaca-mole" සහ "Jaca-manteiga" ලෙස හදුන්වයි. මෙහි පළමු වර්ගය, එනම් "Jaca-dura" යනු ඝන ප්‍රභේදයක් වන අතර ප්‍රමාණයෙන්ද විශාල මෙය කි. ග්රෑම් 15-40 යුතු බරකින්ද යුක්ත වේ. දෙවැනි ප්‍රභේදය වන "Jaca-mole" මෘදු ප්‍රභේදයක් වන අතර "Jaca-manteiga" යනු මෙම පළමු සහ දෙවැනි ප්‍රභේද දෙක අතර මැදි ප්‍රභේදයක් වේ.

කේරලයේදීද කොස් වර්ග දෙකක් හමුවන අතර ඒවා "වරික්ක"(Varikka) සහ "කුෂ"(Kuzha) ලෙස හදුන්වයි. "වරික්ක" වල යන්තම් ඝන මදයක් ඒවා ඉදුණු පසුවද පවතියි. නමුත් "කුෂ" ඉදුණු පසු ඉතාම මෘදු ද්‍රාවනයක් ආකාරයේ මදයකින් යුක්ත වේ. "චක්ක වරට්ටියතු"(Chakka Varattiyathu) නම් වූ පැනිරසමය ආහාරය "වරික්ක" වලින් පිළියෙළ කරනු ලබන අතර එය "වරික්ක" කල් තබා ගන්නා ක්‍රමයක් ලෙසද භාවිතා කරනු ලබයි. කේරලයේදී ඇතැම් විට අඩි 4 ක් පමණ දිගින් යුතු විශාල කොස් ගෙඩිද දකින්නට ලැබේ.

පිළියෙළ කර ගත හැකි දෑ

පොලොස්

කොස් යනු දකුණු හා දකුණු ආසියාතික කෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු කොස් මදුළු පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු කොස් මදුළු පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. ඉදුනු ෙකාස් වැල සහ වරකා යනුෙවන් වර්ග ෙදකකට ෙබෙද් මෙහි අඩංගු වන කොස් ඇට තම්බා බෝංචි පිස ගන්න ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්‍රයන් ඉටිලි වැනි වාෂ්ප තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.

පොලොස්

ශ්‍රි ලංකාවේ පොලොස් ලෙස හදුන්වනු ලබන මෙය, ඉංග්‍රීසියෙන් "යo ෆ්රුට්" ලෙසද කේරල භාෂාවේ "ඉදිචක්ක"(idichakka) ලෙසද හදුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුල මාංශමය ආහාර වලට ප්‍රතිස්ථාපිත ආහාරයක් ලෙස යොදා ගන්නා ප්‍රණීත ආහාරයකි. මෙහිදී නොඉදුණ කොස් ගෙඩියේ පොත්ත සෙමින් ඉවත්කර කුඩා කැබලි වලට කපා ආහාරයට ගත හැකි වන පරිදි පිස ගනු ලබයි. මෙම පොලොස් ආහාරය බහුලව ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල් වල දකින්නට තිබේ. සංස්කෘතීන්ට අනුවද කොස් භෝජනය විවිධ ආකාරයෙන් පිසගනු ලබයි. තෙලිගු සංස්කෘතිය තුල කොස් අබ සමග මිශ්‍ර කොට ප්‍රණීත තෙලිගු ආහාරයක් සාදා ගනී.

කොස් කැබලි

ආන්ද්‍ර්හි කොස් යනු ප්‍රණීත ආහාරයක් ලෙස සලකනු ලබන අතර ඔවුන් එය "පන්ස පොට්ටු කූර"(Panasa Pottu Koora) ලෙස හදුන්වනු ලබයි.

කේරල භෝජන

1. ඉදිචක්ක තෝරන් (Idichakka Thoran): මෙය පිළියෙළ කර ගනු ලබන්නේ ඉතාම ළපටි, නොඉදුණු කොස් ගෙඩි යොදා ගනිමින්ය. මෙම කොස් ගෙඩියේ උල් සහිත ඝන පොත්ත තියුණු පිහියකින් සහිනු ලබන අතර පසුව එය ඉතා කුඩා කැබලි වලට කපා, අවශ්‍යතරමට වතුර එකතු කර තම්බා ගනී. පසු එයට හීනියට ගා ගත් පොල්, වියලි ගම්මිරිස්, ලුණු, වියලි කහ යනාදිය අවශ්‍යපරිදි දමා මද ගින්නේ පිස ගනී. එය තවත් රස කර ගැනීමට පොල්තෙලෙන් බැදගත් අබ ඇටද එක් කර ගත හැකිය.

2. චක්ක අවියල් (Chakka Aviyal): නොඉදුණ කොස් ගෙඩි යොදා ගනිමින් සාදනු ලබන මෙම විශේෂ ආහාරයට හීනියට අබරගත් පොල්, වියලි මිරිස්, වියලි කහ යනාදිය එකතු කරයි. මෙහිදී භාවිතා කරනු ලබන්නේ කොස් මදුළු පමණි. මෙම කොස් මදුළු කේරලයේ "චක්ක චුල"(Chakka Chula) යන නමින් හදුන්වයි. කොස් ඇටද, එහි වටා වූ ඝන පොත්ත ඉවත් කර පසු කැබලි කර මෙම මාළුවටම එකතු කරනු ලබයි.

3. චක්ක කුළ්හචථු (Chakka Kuzhachathu) හෝ චක්ක පුළ්හුක්කු (Chakka Puzhukku): නොඉදුණ නමුත් හොදින් මේරූ කොස් මෙම පිළියෙළ කිරීම සදහා යොදා ගනී. පළමුව කොස් මදුළු හොදින් තම්බා ගනී. පසුව ගා ගත් පොල්, කුඩුකර ගත් වියලි මිරිස්, වියලි කහ හා සුදුලූනු ද තම්බා ගත් කොස් මාළුවට දමා, යලි පිස ගනී. පසු හොදින් තැම්බුණු කොස්, ලී හැන්දක් ආධාරයෙන් හොදින් පොඩි කර ගනී. පසු මෙය මතට පොල්තෙල් හැදී දෙකක් පමණ දමා ගනී. මෙම රසැති ආහාරය "කන්ජි"(Kanji) බත් සහ "කදුමඟ"(Kadumanga) නැමැති ආහාරය සමගද කෑමට ගනී.

4. චක්ක කූන්ජු තොරණි (Chakka Koonju Thoran): මෙය හොදින් මෙරූ කොස් ගෙඩියක මැද කොටස ගෙන සාදනු ලබන රසවත් ආහාරයකි.

5. චක්කකුරු අස්ට්‍රම් (Chakkakuru Astram): කොස් ඇට යොදා ගනිමින් සාදනු ලබන දකුණු කේරලයේ මධ්‍යම "ට්‍රවන්චොරේ"(travancore) ප්‍රදේශයට ආවේණික ආහාර වර්ගයකි.

6. චක්කකුරු මෙළ්හුක්කුපුරත්ති (Chakkakuru Mezhukkupuratti) හෝ චක්කකුරු උප්පෙර්ල් (Chakkakuru Upperi) : කොස් ඇට හොදින් තම්බා මද ගින්නේ පොල්තෙලින් බැද සාදා ගනු ලබන ආහාරයකි.

7. චක්ක උප්පෙරි (Chakka Upperi) හෝ චක්කචුල වරුතතු (Chakkachula Varuthathu) හෝ කොස් කැබලි (Jackfruit Chips) : නොඉදුණු නමුත් ඉදීමට ඉතාමත් ආසන්න කොස් මේ සදහා යොදා ගනී. එනම්, මෙයට යොදා ගනු ලබන කොස් මදුලේ පැණි රසය නොපැමිණිය යුතුය. පසුව මෙම මදුළු කුඩා කැබලිවලට කපා ගැබුරු තෙලෙන් බැද ගනී. රසය වැඩි කර ගැනීමට ලුණුද එකතුකර ගනී.

8. චක්ක වරට්ටියතු (Chakka Varattiyathu): ඉදුණු කොස් මදුළු යොදා ගනිමින් සාදනු ලබන ආහාරයකි. මෙය "එලයප්පම්"(elayappam) හෝ "එලයදු"(elayadu) වැනි රසවත් උදෑසන ආහාර සැදීමට යොදා ගනී.

9.චක්ක ප්‍රතමන් (Chakka Prathaman): මෙය පොල් කිරි සහ "චක්ක වරට්ටියතු"(chakka varattiyathu) එක් කර සාදා ගනු ලබන "පගසම්"(pagasam) එකකි. මෙය නැවුම් ඉදුණු කොස් මදුළු වලට පොල් කිරි දමා ද සාදාගත හැකිය. ගිතෙල් තුල බැදගත් පොල් කැබලි, මිදී වැනි දෑ එක් කර වඩාත් රසයක් ලබා ගත හැකිය.

කොස් ලීය

කොස් ගසේ ලීය බොහෝ සෙයින් සංගීත භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගනී. ඉන්දුනීසියාවේ "ගමෙලේඅන්"(gamelean) වලට පිලිපීනයේ "කුටියපි"(kutiyapi) වලටත් මෙම කොස් ලීය යොදා ගනී. මීට අමතරව ඉන්දීය සංගීත භාණ්ඩක් වන "වීණාව", "ම්රිදන්ගම්"(Mridangam) සහ "කන්ජිර"(Kanjira) යන බෙර වල බද සෑදීමටත් මෙම ලීය යොදා ගනී. එමෙන්ම ඉන්දියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට, නිවාස සැදීමේ කටයුතුවලට ද කොස් ලී බහුලව යොදා ගනී. කේරලයේ හින්දු උත්සව සදහා භාවිතා කරන "අවනී පාලක"(Avani Palaka) යන නමින් ප්‍රසිද්ධ අලංකෘත ලී පෝරැව සැදීමට ද යොදා ගන්නේ කොස් ලීය.

කොස් ලී බහුල වශයෙන් ජනෙල් දොරවල් සෑදීමට, නිවාස ඉදිකිරීමට මෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ද යොදා ගනී.

මීට අමතරව, කොස් ගසේ අරටුව බෞද්ධ ආරණ්‍යවාසී භික්ෂුන්ගේ සිවුරු පාඩු ගැසීමට අවශ්‍ය ඩයි වර්ග නිපදවා ගැනීමටද යොදා ගනී.

සංස්කෘතික වැදගත්කම

ශ්‍රී ලංකාව

මල්වර චාරිත්‍ර වලදී කිරි ගස ලෙස යොදා ගනී.

වෙනත් රටවල

තමිල්නාඩුවේ ශුභ පලතුරු තුනෙන් එකක් ලෙස කොස් හැදින්විය හැකිය. අනෙක් ශුභ පලතුරු දෙක වන්නේ අඹ සහ කෙසෙල්ය.

ආශ්‍රිත ලිපි

මුලාශ්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=කොස්&oldid=209447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි