"නෙප්චූන් වෙතින් ඔබ්බෙහි පිහිටි ග්‍රහලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: fa:سیاره های دورتر از مدار نپتون
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: fa:سیاره‌های دورتر از نپتون
18 පේළිය: 18 පේළිය:
[[es:Planeta X]]
[[es:Planeta X]]
[[et:Planeet X]]
[[et:Planeet X]]
[[fa:سیاره های دورتر از مدار نپتون]]
[[fa:سیاره‌های دورتر از نپتون]]
[[fi:Neptunuksentakaiset planeetat]]
[[fi:Neptunuksentakaiset planeetat]]
[[fr:Planète X]]
[[fr:Planète X]]

16:14, 4 මාර්තු 2012 තෙක් සංශෝධනය

"එක්ස්" ග්‍රහලෝක සංකල්පයෙහි නිර්මාතෘ වන පර්සිවල් ලොවෙල්

තාරකා විද්‍යාවෙහිදී ‘Planet X’ හෙවත් නොදත් ග්‍රහලොව නමින් සලකනුයේ නෙප්චූන් ග්‍රහලොවට ඔබ්බෙන් වූ න්‍යායාත්මක ග්‍රහ වස්තුවකි. මෙම සංකල්පය ගොඩ නගනු ලැබුයේ වායු යෝධයන්ගේ විසංගත හැසිරීම් තර්කානුකූලව පහදාදීම සඳහා විය. ප්‍රධානවම මෙම සංකල්පය මගින් විමර්ශනයට ලක් කෙරුණු ග්‍රහලෝක වූයේ යුරේනස් හා නෙප්චූන්ය. මෙම ග්‍රහලෝකවල කක්ෂවල වූ අපගමනයන් පිළිබඳව නිරාකරණය කරගනු ලැබුයේ 1980 දශකයේ දීය.

‘X’ යනුවෙන් අදහස් කරනුයේ රෝම ඉලක්කම්වලින් “10” යන සංඛ්‍යාව නොව “නොදත්” යන අදහසය. මෙම සංකල්පය ගොඩනගන ලද අවධියේ අප දැන සිටියේ ග්‍රහලෝක 8ක් ගැන පමණක් බැවින් එම කාලයේ දී මෙය “නවවන ග්‍රහලොව” නමින් ද හැඳින්වූ අවස්ථාවන් එමටය. එසේම 1930 න් පසු 1990 දී මෙම සංකල්පය ඉවත් වීමට පටන් ගන්නා තෙක්ම “දසවන ග්‍රහලොව” නමින් ද හැඳින්විය. කෙසේ වුවද , අදවන විට ‘Planet X’ යනුවෙන් තාරකා විද්‍යා අයවළුන් සලකනුයේ කල්පිත වස්තුවකි.

‘Planet X’ සෙවීමේ ගැඹුරු නිරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ප්ලූටෝ සොයාගැනුණද එය ‘Planet X’ ලෙස නොසලකයි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ වාර්ෂික සැසියේදී “එරිස්” ග්‍රහකය ග්‍රහලොවක් ද නැත් ද යන්න පිළිබඳව සලකා තිබුණි. (2006 ග්‍රහලෝක පිළිබඳ නැවත අර්ථ දැක්වීම අනුව) කෙසේ වුවද ජනප්‍රිය සංස්කෘතිය අනුව ‘Planet X’ සලන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සොයා නොගත් ග්‍රහලෝකයක් ලෙසිනි.