"රාජකීය විද්‍යාලය, කොළඹ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
8 පේළිය: 8 පේළිය:
|city = [[කොළඹ]]
|city = [[කොළඹ]]
|country = [[ශ්‍රී ලංකාව]] {{flagicon|Sri Lanka}}
|country = [[ශ්‍රී ලංකාව]] {{flagicon|Sri Lanka}}
|website = [http://www.royalcollege.lk/ නිළ වෙබ් අඩවිය]
|website = [http://www.royalcollege.lk/]
}}
}}



12:19, 7 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

රාජකීය විද්‍යාලයය
ගොනුව:Royal College Colombo shield.jpg
Location
Map

තොරතුරු
වර්ගයරාජ්‍ය පාසලකි
ආදර්ශ පාඨයලතින්: Disce aut Discede
("Learn or Depart" / "උගනිවු, නැත පිටවෙනු")
Floreat
(Latin:"Flourish" / "වැජඹේවා!")
ආරම්භ කලේ1835
වෙබ් අඩවිය[1]

1835 වර්ෂයේදී ජෝශෆ් මාෂ් දේවගැතිතුමා විසින් ආරම්භ කරන ලද කොළඹ රාජකීය විද්‍යාලයය, ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රමුඛතම පාස‍ල ලෙසින් නම් දරයි. කොළඹ දිස්ත්‍රික්කයේ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ ස්ථාපිත කොළඹ රාජකීය විද්‍යාලය එක් ‍පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයටත් මායිම්ව ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත.

අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇති මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවට විදුසෙවන සපයන කොළඹ රාජකීය විද්‍යාලයය, නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් භාවිතා කරමින් තම සිසු දරුවන්ගේ නැණැස පාදමින් විශාල මෙහෙයක් ඉටුකරමින් සිටියි.

වසර 175ක ඉතිහාසය පුරාවට රාජකීය විද්‍යාලයයෙන් බිහිවී ඇති රාජ්‍ය නායකයින්, දේශපාලකයින් හා නොයෙකුත් ක්ෂේත්‍රවල නම් දැරූ පුද්ගලයන් පිරිස ඉතා විශාලය.

ගොනුව:800px-Royal College Colombo main building.jpg
කොළඹ රාජකීය විද්‍යාලය

නිවාස

හිටපු විදුහල්පති වරුන්ගේ නම් 5 කින් හැඳින් වෙන නිවාස 5 කි

මාෂ්, හාවඩ්, හාට්ලී, බෝක්, රීඩ්

මීට අමතරව නෙවසිකාගාරයේ සිසුන් ද තවත් නිවාස 4 කට බෙදී තරඟ පවත්වය් ඒවා නම්

අන්ගි, බෙලෙත්, බ්‍රැඩ්බි, කෝරෙයා,

ක්‍රීඩා ඉසව්

  • මලල ක්‍රීඩා
  • ඔරු පැදීම
  • පිහිනුම්
  • වෝටර් පෝලෝ
  • ක්‍රිකට්
  • චෙස්
  • ස්ක්‍රැබල්
  • පැසි පන්දු

  • බැඩ්මින්ටන්
  • ටෙනිස්
  • හොකී
  • පාපන්දු
  • බාලදක්ෂ
  • ස්කොෂ්
  • බේස්බෝල්
  • වොලිබෝල්

  • වූෂු
  • කරාතේ
  • ජිම්නාස්ටික්
  • මේස පන්දු
  • රග්බි පාපන්දු
  • කබඩි
  • ශිෂ්‍ය භට

රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය

'නිල් මහ සටන' ලෙස විරුදාවලී ලත් රාජකීය - ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය 132 වතාවට 2011 වර්ශයේ පැවැත් වුනු අතර, එය ලොව පවතින දෙවන පැරණිතම අන්තර් පාසල් ක්‍රිකට් තරගය වේ (පැරණිතම අන්තර් පාසල් ක්‍රිකට් තරගය වන එංගලන්තයේ ඊට්න් - හැරෝ තරගයයි). දෙවන ලෝක යුද්ධය පැවති කාලයේදී පවා පවත්වා ඇති මෙය, අඛණ්ඩව මේ දක්වා පැවැත් වූ එකම ක්‍රිකට් තරගය වේ.

ක්‍රිකට් තරගයකින් ඔබ්බට ගිය සමාජ අංගයක් ලෙසින් සැලකිය හැකි මෙම තරගයට විදේශගතව සිටින ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් වාර්ෂිකව සහභාගී වෙති.

සමිති සහ සංගම්

  • බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය
  • සාමාන්‍ය දැනීම සංගමය
  • කෘෂිකර්ම සංගමය
  • සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය
  • සිංහල කථික හා විවාද සංසඳය
  • නව නිපැයුම්කරුවන්ගේ සංගමය
  • චෙස් සංගමය
  • ස්ක්‍රැබල් සංගමය
  • මාධ්‍ය ඒකකය
  • එක්සත් ජාතීන්ගේ සංගමය
  • අන්තර්ක්‍රියාකාරිත්ව සංගමය
  • යුනෙස්කෝ සංගමය
  • ගුවන් විදුලි සංගමය
  • පරිගණක සංගමය
  • තාරකා විද්‍යා සංගමය
  • රසායන විද්‍යා සංගමය
  • වාණිජ සංගමය
  • කථික සමාජය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • පරිසර සංගමය
  • පුරාවිද්‍යා සංගමය
  • ගණිත සංගමය
  • සංගීත කවය
  • ඡායාරූප සංගමය
  • රතු කුරුස සංගමය

ශිෂ්‍යභට ඛණ්ඩය

1881 වර්ෂයේදී එවකට රාජකීය විදුහලේ විදුහල්පති ජේ.බී.කල් මහතා විසින් ඝණ සරඹ තුලින් ශිෂ්‍යයන්ගේ විනය නගා සිටුවීම සදහා ශිෂ්‍යහට ඛණ්ඩය ප්‍රථමයෙන් පිහිටවීය. මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශිෂ්‍ය භට ඛණ්ඩය වන අතර, එයට අනුබද්ධව ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය පවතී.

විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු

ප්‍රධානාචාර්යවරු

නම සිට දක්වා
ජෝසෆ් H. මාෂ් (ජ්‍යෙෂ්ඨ), MA (Edin) දේවගැතිතුමා
1835
1838
J. බෲක් H. බේලි (වැඩබලන)
1839
1842
A. කෙසන් දේවගැතිතුමා
1842
1842

විදුහල්පතිවරු

නම සිට දක්වා
J.F. හැස්ලම්, BA (කැන්ටබරි)
1839
1840
ආචාර්ය බාක්‍රොෆ්ට් බෝක්, BA (ඩබ්ලින්), DD (ඩබ්ලින්) දේවගැතිතුමා
1842
1870
ජෝජ් ටොඩ්, BA (Oxon), ISO
1871
1878
J.B. කල්, MA (Oxon)
1878
1890
J.H. මාෂ් (කණිෂ්ට), MA (එඩින්බරෝ)
1890
1892
J.H. හාවර්ඩ්, MA (Oxon)
1892
1902
C. හාර්ට්ලි, MA (කැන්ටබරි)
1903
1919
මේජර් H.L. Reed, MC, BA (කැන්ටබරි)
1920
1932
L.H.W. සැම්සන්, BA (Oxon), FRGS
1932
1938
E.L. බ්‍රැඩ්බි, MA (Oxon)
1939
1945
J.C.A. කොරෙයා, MA (ලන්ඩන්), DipEd (කැන්ටබරි)
1946
1953
D.K.G. ද සිල්වා, BSc (ලන්ඩන්), DipEd (ලංකා)
1954
1966
දේශබන්ධු B.G. ප්‍රේමරත්න, BA (ලන්ඩන්), MA (NY TTC)
1967
1971
D.G. වැලිකල, BSc (ලන්ඩන්)
1971
1972
D.J.N. සෙනෙවිරත්න, BSc (ලන්ඩන්), MA (කොලොම්බියා), F.G.TRD, Cert(History) (ලංකා)
1972
1972
L.D.H. පීරිස්, BSc (ලන්ඩන්), DipEd (ලංකා)
1972
1980
C.T.M. ප්‍රනාන්දු, BA (ලන්ඩන්), CertEd (ලංකා), Cert Ed. Adm. (එඩින්බරෝ)
1981
1986
B. සූරියාරච්චි, BA (ලංකා), DipEd
1986
1994
S.H. කුමාරසිංහ, BA (ලංකා), DipEd
1994
1997
H.L.B. ගෝමස්, BA (පේරාදෙණිය), DipEd, Cert Ed. Mgt.
1997
2003
H.A.U. ගුණසේකර, BSc (පේරාදෙණිය), DipEd
2003
මේ දක්වා


අඩවියෙන් බැහැර පිටු