"සුනිල් ෂෙට්ටි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'[[Image: 220px-Suneilshettycrop.jpg |frame|thumb|alt=tiny globe| {| |- |'''උපත''' |1966 අගොස්තු 11...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[Image: 220px-Suneilshettycrop.jpg |frame|thumb|alt=tiny globe|
[[Image:Suneilshettycrop.jpg|thumb|
{|
{|
|-
|-

20:25, 11 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

ගොනුව:Suneilshettycrop.jpg
උපත 1966 අගොස්තු 11 (වයස 44)
මැන්ගලොරෙ, කර්නාටක, ඉන්දියාව
වෙනත් නම් Action Star, අන්නා
රැකියාව සිනමා නළුවෙකු, නිෂ්පාදකයෙකු, රූපවාහිනි නිවේදකයෙකු
ක්‍රියාකාරි වර්ෂයන් 1992-වර්තමානය
භාර්යාව මනා ශෙට්ටි

සුනිල් ෂෙට්ටි (තුලු: ಸುನಿಲ್ ಶೆಟ್ಟಿ) (1966 අගොස්තු 11 උපත ලැබූ) සුප්‍රසිද්ධ සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ උඩුපි ආහාර සඳහා විශේෂිත හොටල් හිමිකරුවෙකු සහ මද්‍යසාර සහ ඇඳුම් කඩපිල් හිමිකරුවෙක්ද වේ. ප්‍රධාන වශයෙන් බොලිවුඩ් සිනමාවෙහි ක්‍රියාකාරි මොහු මැන්ගලොරෙ අසල මුල්කි හි උපන්නේය.

1992 බල්වාන් ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර එය සාමාන්‍ය සාර්ථක චිත්‍රපටයක් විය. ඔහුගේ පළමු ජනප්‍රිය චිත්‍රපටය වුයේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ “මොහොරා (1994)” චිත්‍රපටයි. එම වසරේදීම අග භාගයෙදී “දිල්වාලෙ” සහ “ගොපි කිශන්” නැමති ප්‍රහසන චිත්‍රපටය ඔහු වඩාත් ජනප්‍රිය කරවීමට සමත් විය. 1990 දශකයෙදී ක්‍රියාදාම චිත්‍රපටයන්හි දැක්වූ දක්ෂතා නිසා ඔහු සිනමා තරුවක් බවට පත් විය. 1997 "බොර්ඩර්" නම් චිත්‍රපටයේ වීර චරිතය බොහෝ පැසසුමට ලක් විය. ඔහු තවදුරටත් “රෙෆුජී (2001)”, “ක්‍යමත්: සිටි අන්ඩර් ත්‍රෙට් (2003)” සහ LOC: “කර්ගිල් (2003)” වැනි චිත්‍රපටයන්හි දේශප්‍රේමි චරිත නිරූපණයෙහි යෙදුනි. හෙරා ෆෙරි (2000), ආවාරා පාගල් දීවනා (2002), ෆිර් හෙරා ෆෙරි (2006), මෙන් හූන් නා සහ දෙ දනා දන් (2009) වැනි ජනප්‍රිය ප්‍රහසන චිත්‍රපටයන්හිද චරිත නිරූපණයෙහි යෙදුණි. 2001 වසරෙදී “දඩකන්” (2000) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම දුෂ්ටයාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය දිනාගත් අතර SAIFF (South Asia International Film Festival) 2009 දී හොඳම නළුවාට හිමි සම්මානය Red Alert: The War Within චිත්‍රපටය වෙනුවෙන් හිමිකර ගන්න ලදී.

චිත්‍රපට නිෂ්පාදකයෙකු වශයෙන් මොහු සී/ස පොප්කොර්න් මෝශන් පික්චස් (Popcorn Motion Pictures Ltd) නැමති නිෂ්පාදන සමාගම පිහිටවූ අතර ඛෙල් (2003), රඛ්ට්: What If You Can See the Future සහ භගම් භග් (2006) යන චිත්‍රපට මෙමගින් නිර්මාණය විය. මෑත කාලයෙදී ඔහු විවිධ සිනමා තරු රඟපෑ චිත්‍රපටයන්හි කුඩා චරිත නිරූපණයන්හි යෙදුණි. බොලිවුඩ් සිනමාවට අමතරව ඉංග්‍රීසි චිත්‍රපටයකට දායක වූ අතර 12B නම් දමිළ චිත්‍රපටයකද චරිත නිරූපණය කළේය. තවද, Sahara One හි විකාශය වූ Biggest Loser Jeetega නම් වැඩසටහනද මෙහයවීය.

| Sunil_Shetty |-

"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ෂෙට්ටි&oldid=172502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි