සංස්කරණ
7,683
ක්
No edit summary |
No edit summary |
||
මේවා විවිධ ආකාරයෙන් වෙනස් වූ වර්ගයන් කිහිපයකට පුළුල්ව බෙදා දැක්විය හැක. වඩාත් බහුල ඒවා ලෙස පොලියෙස්ටර්, විනිල් එස්ටර, ඉපොක්සි, ෆීනෝලික, පොලිමයිඩ, පොලිඒමයිඩ, පොලිප්‍රොපිලින්, පීක් (PEEK) /පොලිඊතර් ඊතර් කීටෝන හැඳින්විය හැක. වඩා දැඩි කරන ද්‍රව්‍ය බොහෝවිට කෙඳි වර්ග වුවද, ඒවා බහුලව භාවිතා වන කුඩු කරන ලද ඛනිජ වර්ග ද විය හැක. පහත විස්තර කර ඇත්තේ අවසාන නිෂ්පාදනයෙහි රෙසින අන්තර්ගතය අඩු කිරීමට හෝ කෙඳි අන්තර්ගතය වැඩි කිරීමට, වැඩිදියුණු කර ඇති විවිධ ක්‍රමය. රූල් ඔෆ් තම්බ් හෑන්ඩ් ලේ අප් (Rule of thumb hand lay up) යනුවෙන් හැඳින්වෙන ක්‍රමයකට අනුව 60% ක කෙඳි අන්තර්ගතයක් අවසාන නිෂ්පාදනයේ ලබා ගත හැකි අතර, වැකියුම් ඉන්ෆියුෂන් (Vacum infusion) මඟින් 40% ක රෙසින හා 60% ක කෙඳි අන්තර්ගත නිෂ්පාදනයක් ලබා ගත හැක. නිෂ්පාදනයෙහි ඇති ශක්තිමත් බව, මෙම අනුපාතය මත විශාල ලෙස රඳා පවතී. එබැවින් කෙඳි අන්තර්ගතය ඉහළ වීම, වඩා ශක්තිමත් නිෂ්පාදනයක් ලබා ගැනීමට වැදගත් වේ.
[[en:Composite material]]
|