"උපක්‍රම කළමණාකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:කළමනාකරණය නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
5 පේළිය: 5 පේළිය:


සංවේදන දත්ත වාර්තා කරන සකස් කරන මෘදුකාංග නිෂ්පාදිත වර්තමානයේ වෙළඳපොලේ සුලභව පවතින අතර ඒවා උපක්‍රම කළමණාකරණයට විශාල රුකුලක් ලබාදේ.
සංවේදන දත්ත වාර්තා කරන සකස් කරන මෘදුකාංග නිෂ්පාදිත වර්තමානයේ වෙළඳපොලේ සුලභව පවතින අතර ඒවා උපක්‍රම කළමණාකරණයට විශාල රුකුලක් ලබාදේ.

[[Category:කළමනාකරණය]]

08:44, 28 ජනවාරි 2011 තෙක් සංශෝධනය

උපක්‍රම කළමණාකරණය යනුවෙන් අදහස් වන්නේ සංවිධානයක පරමාර්ථ ලඟාකර ගැනීම සඳහා විධිමත්ව සකස් කිරීමේ (Formulationg) ක්‍රියාවට නැගීමේ (Implemonting) සහ ශ්‍රිතයන් අතර තීරණ ඇගයීමේ කලාවක්‍ හෙවත් විද්‍යාවකි. මෙය ආයතනයක පරමාර්ථ නිශ්චිත කිරීමේ, පරමාර්ථ ලඟාකර ගැනීම සඳහා ප්‍රතිපක්ති හා සැලසුම් දියුණු කිරීමේ, පරමාර්ථ ලඟාකර ගැනීම සඳහා සම්පත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියකි‍. ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ උපක්‍රම කළමණාකරණය ව්‍යාපාරික පරමාර්ථ ලඟාකර ගැනීම සඳහා ශ්‍රිතමය කාර්යයන් සම්බන්ධීකරණය කරන බවයි. මෙය කළමණාකරණ කාර්යයන්ගේ ඉහළට මට්ටම් වේ. සාමාන්‍යයෙන් මෙය ව්‍යාපාරයක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් විධිමත්ව සකස් කරන අතර ප්‍රධාන විධායක සංවිධායක ඇතුළු විධායක කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. උපක්‍රම කළමණාකරණය ව්‍යාපාරය ගමන් කල යුතු දිශාව නිරූපණය කරන අතර සංවිධාන අධ්‍යයනය සමඟ කිට්ටු සම්බන්ධයක් පවතී. (Organization Studies)

උපක්‍රම කළමණාකරණය ඉදිරියට යන ක්‍රියාවලියකි. එමනිසා ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු අනෙකුත් ව්‍යාපාර ආයතන හඳුනා ගැනේ. මීට අමතරව ව්‍යාපාරයේ තරඟකරුවන් හඳුනාගෙන ඔවුන් අභිබවා යෑමට අවශ්‍ය ඉලක්ක හා උපක්‍රම නිර්මාණය කරයි. මෙහි තවත් කාර්යයක් වන්නේ උපක්‍රම වාර්ශිකව හෝ කාර්තු වශයෙන් ඇගයීමට ලක් කිරීමයි. ඒතුලින් උපක්‍රම ක්‍රියාත්මක වී ඇති ආකාරය ඒවා සාර්ථක වී ඇද්ද යන වග සහ නව උපක්‍රම අවශ්‍ය වේද යන වග සලකා බැලේ. නව තාක්ෂණය, නව තරඟකරුවන්, නව ආර්ථික පරිසරයන්ගේ වෙනස්කම් නිසාද සාමාජීය, මූල්‍ය හා දේශපාලන පරිසරයේ වෙනස්කම් නිසාද නව උපක්‍රම පිළිබඳ සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ.

සංවේදන දත්ත වාර්තා කරන සකස් කරන මෘදුකාංග නිෂ්පාදිත වර්තමානයේ වෙළඳපොලේ සුලභව පවතින අතර ඒවා උපක්‍රම කළමණාකරණයට විශාල රුකුලක් ලබාදේ.

"https://si.wikipedia.org/w/index.php?title=උපක්‍රම_කළමණාකරණය&oldid=137721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි