විවාහ නර්තනය පිළිබඳ තෙල් සායම් පින්තාරුව

විකිපීඩියා වෙතින්
විවාහ නර්තනය
ශිල්පියාපීටර් බෲගල් ද එල්ඩර්
වර්ෂය1566[1]
වර්ගයතෙල් සායම්[1]
මාන119.4 cm × 157.5 cm (47 in × 62 in)
පිහිටීමකලා කටයුතු පිලිබඳ ඩිට්රොයිට් ආයතනය,මිචිගන්

කලා කටයුතු පිලිබඳ ඩිට්රොයිට් ආයතන කෞතුකාගාර හිමි ලන්දේසි ජාතික පීටර් බෲගල් ද එල්ඩර් නැමැති චිත්‍ර ශිල්පියා (කලා කරුවා) විසින් 1566 වසර විවාහ නර්තනය නම් වූ තෙල් සායම් පින්තාරුව (සමහර අවස්ථාවන්හි දී නර්තන ගම්මානය යනුවෙන් හදුන්වනු ලබයි.) කැටයම් ලෑල්ල මත පින්තාරු (ආලේපන) කරන ලදී. මෙම නිර්මාණය ඩිට්රොයිට් ආයතනයේ අධ්‍යක්ෂක විසින් 1930 වසර එංගලන්තයේ දී සොයා ගැනීමෙන් අනතුරුව එය ඩිට්රොයිට් වෙත ගෙන එන ලදී. මෙම විවාහ නර්තන පින්තාරුව එකම කාල වකවානුවක දී සිදු කරන ලද බෲගල් සංකීර්ණ නිර්මාණ කාණ්ඩ 3කින්් එකක් බව විශ්වාසයක් පවති. ගැමි විවාහය (1567) සහ ගැමි නර්තනය (1569).මෙම පින්තාරුව මගින් එකී කාල වකවානුව තුල සිදු වූ විවාහ අමුත්තන් 125 දෙනෙක් පිළිබඳව චාරිත‍්‍රානුකූල පුනරුදයන් පිළිබඳ විස්තර දක්වන අතර, මනාලිය කළු වර්ණයෙන් හා මනාලයාගේ කලිසම ඉදිරිපස කෝෂය ආවරණය වන පරිදි කුඩා ආවරණයක් (පසුම්බියක් වැනි) වැනි දෙයකින් අවයවය ආවරණය කරන ලද ඇඳුමකින් සැරසී සිටින අයුරු දක්වා ඇත. මුළු චිත‍්‍රකලාව තුළින් දර්ශාස්වාදය පිළිබඳ විස්තර දක්වන නමුත් අධිකාරින් හා පල්ලිය මගින් නර්තනය තහනම් කරන ලදී. නිර්මාණය තුළන් මෙම කාලයේ පැවැති ගැමි ඒකාකීතික අධික කාමාශාව සමඟ විචාරණ හා විකට ස්වභාවයක් විස්තර කරනු ලබයි.


පසුබිම[සංස්කරණය]

පීටර් බෲගල් ද එල්ඩර් විවාහ නර්තනය වසර 1566 දී සම්පූර්ණ කරන ලදී. එවකට ඩිට්රොයිට් ආයතනයේ අධ්‍යක්ෂක විලියම් ආර්. වැලන්ටිනර් විසින් වසර 1930 දී ලන්ඩනයේ පැවති අලෙවියක දී (සේල් එකක දී) මෙම තෙල් පින්තාරුව අනාවරණය කර ගන්නා තුරු මෙය වසර ගණනාවක් අතුරුදහන් වී තිබුණ බව විශ්වාස කෙරේ[2][3][4]. එමෙන්ම විවාහ නර්තන පින්තාරුව අත්පත් කර ගැනීම සඳහා වැලන්ටිනර් විසින් ඩොලර් 35,075 ක් ගෙවන ලද අතර[5], අද වන විටත් එහි හිමිකම කෞතුගාරය සතු වේ. එම කාල වකවනුවේ දී හා පසුව ද ගැමි විවාහය (1567) සහ ගැමි නර්තනය (1569) පිළිබඳ තේමාව හා මුලිකාංගයන් හි කොටස් සහිතව බෲගල් සංකීර්ණ නිර්මාණ සිදු කර ඇත. මෙම සංකීර්ණ නිර්මාණ තුළින් ග‍්‍රන්ථති‍්‍රකය සලකා බලා ඇති අතර, මෙම තුන් ආකාර නිර්මාණ තුළින් නළාකාරයන් අදාළ සංගීත භාණ්ඩ තුළින් වාදනය කරන ආකාරය මෙන්ම අභිමානය හා අහංකාරය ගලායෑමක් විදහා දක්වා ඇත[6][7]. උදාහරණ ලෙස ගැමි නර්තන කලාවේ සංගීත භාණ්ඩ වාදනය කරන වාදකයෙක් අසල වාඩි වී සිටින පුද්ගලයෙක් ඔහුගේ හිස පළඳනාවේ මොණර පිහාට්ටක් රඳවා සිටීම වැනි නිර්මාණයන් දැක්විය හැක[8][9]. මනෝවිද්‍යාත්මක නිර්මාණ සඳහා ඉස්තරම් උදාහරණ ලෙස රොබට් එල්. බෝන් සහ කර්තෘ මෙම ග‍්‍රන්ථති‍්‍රකය හඳුන්වා ඇත. ඔහුගේ කාලයේ හා පසුව කරන ලද මෙම තුන් ආකාර නිර්මාණ බෲගල් සංකීර්ණ නිර්මාණ බව සලකා විභේදය (අසමානතාවක් ඇති) ලෙස සංකේතවත් කරන ලදී. එමෙන්ම තෝමස් ක‍්‍රාවන් විවාහ නර්තනය යනු ප්‍රීතිය සමරන ජෛව බලයෙන් යුත් දැඩි ආශාවක් ඇති කරවන බෲගල් සංකීර්ණ නිර්මාණයක් ලෙස සාරාංශ කරන ලදී[10]. මෙම නිර්මාණ අනුශාසනා හා කි‍්‍රස්තුස් වහන්සේ විසින් අති උසස් ලෙස පොන්වා දී ඇති පල්ලියේ උපමා කථාව හෙලාදකින දැඩි ආශාවක් හුවාදක්වන නිර්මාණ බව කලා ඉතිහාසඥ වෝල්ටර් එස්. ගිබ්සන් විසින් නිරීක්ෂනය කරන ලදී[11].

විස්තරය හා තේමාව[සංස්කරණය]

ගස් වලින් වට වී තිබුණ එළිමහන් උත්සව අවස්ථාවක දී විවාහ අමුත්තන් 125 දෙනෙකින් සමන්විත විවාහ අමුත්තන් කණ්ඩායමක් විසින් ගණරෙදි වලින් සකසන ලද ව්‍යාකූල ඇඳුම් ඇඳ සිටීම මෙම සුප‍්‍රසිද්ධ[12] නිර්මාණයෙන් පෙන්නුම් කර තිබුණි[13][14][15][16]. එම කාල වකවානුව ඔවුන්ගේ ඇඳුම් වල වැදගත්ම කොටසක් වන පුනරුදය අවස්ථාවක් බැවින් මනාලිය කළු වර්ණයෙන් හා මනාලයාගේ කලිසම ඉදිරිපස කෝෂය ආවරණය වන පරිදි කුඩා ආවරණයක් (පසුම්බියක් වැනි) වැනි දෙයකින් අවයවය ආවරණය කරන ලද ඇඳුමකින් සැරසී සිටින අයුරු දක්වා ඇත. මෙම සම්පූර්ණ නිර්මාණයේ ම ඇති දර්ශාස්වාදය (මිනිසුන් රහසිගතව පවත්වාගෙන යන චර්යාව හෙවත් හැසිරීම) තුලින් සියලූම මිනිසුන්ගේ කි‍්‍රයාවන් හුවා දක්වයි[17][18][19]. පින්තාරුවේ දක්වා ඇති එක් එක් අමුත්තාට ආවේණික වූ චර්යාවන් (ස්වරූපය) වල තේරුම එම නිර්මාණයෙන් ස්ථාපිත කරයි. මෙම චිත‍්‍රවල ඉදිරි කොටස පසුබිමෙන් නර්තකයාගේ ඇඳුම් මගින් පෙන්නුම් කර තිබුණේ එවකට තිබුණු ගැමි පරසරයක වටපිටාව හුවා දැක්වීම හා චිත‍්‍රයේ මැද මනාලිය ඇයගේ පියා සමඟ නර්තනයේ යෙදෙන අවස්ථාව පෙන්නුම් කිරීම සඳහා මනාලිය සමඟ මහළු මිනිසෙකුගේ රුව ද[20], නිර්මාණයේ දකුණු පස ලියන උපකරණයක් ඉන පටියේ රඳවාගත් මධ්‍යම පන්තියේ නිර්මාණකරුවෙක් හෝ ලේඛකයෙක් විය හැකි පුද්ගලයෙක් සංගීත භාණ්ඩ වාදනය කරන කෙනෙක් ව නරඹන ආකාරය දැක්වීම සඳහා ද[21], පිටුපසින් මේස රෙදි දමා ඔටුන්නක් හා නුසුදුසු දෙයින් සරසන ලද මේසයක් මනාලිය සඳහා දක්වා තිබුණ අතර, විවාහ අමුත්තන් ආහාර අනුභව කරන අවස්ථාවේ දී මේසයට ඉදිරියෙන් අගල් (කාණු)හාරමින් සිටින මුදල් රැස් කරන්නන් පිරිසක් සිටින බව ද දක්වා ඇත[22].මිනිසුන්ගේ සංචලන (චර්යාවන්) තුලින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ කල්කි‍්‍රයාව (හැසිරීම) නුසුදුසු (නොහොබිනා) හෝ විහිලූවට ලක් කරන හෙවත් විකට අශිෂ්ට විගඩම් ලෙසයි[23]. නමුත් ඉන් සරුභාවය (දරුඵල) සහ අභිජනනය (බෝකිරීම) පිළිබඳ පී‍්‍රතිමත් විලාසයෙන් (ආකාරයෙන්) පෙන්නුම් කර ඇත, නැතහොත් ඉදිරිපත් කර ඇත. සැබැවින්ම පින්තාරු නිර්මාණයෙන් ආවර්ජනය කරන්නේ (දොස් පැවරීම) දැඩි කාමාශාවට විරුද්ධ වන ව්‍යාකූලත්වයේ තරාතිරම හුවාදක්වන හාස්‍යජනක උපදවන විකට පින්තූරයක ස්වභාවයයි. දහසයවන ශතවර්ෂයේ දී මෙම පින්තාරුව නිර්මාණය කළ අවස්ථාවේදී නර්තනය සමාජයට අකුසලක් නොවන පරිදි බලධාරින් හා පල්ලියෙන් ව්‍යවස්ථා සංග‍්‍රහයට යටත් වන පරිදි බලධාරින්ගේ නිරීක්ෂණයට ලක් කරන ලදී. මිනිසුන් තමුන්ගේ දෑත් හෝ පා නොපෙනෙන පරිදි ආවරණය නොකිරීම හා ශබ්ද නගා (හයියෙන්) සිනාසීම බොහෝ මිනිසුන්ගේ නොහික්මුණු බව හුවා දක්වන්නක් බව සලකන ලදී. එමනිසා මෙම පින්තාරුව එවකට පිළිගත් සමාජ තත්තවය රැකගැනීමට අපොහොසත් වූ ගැමි බවේ (පිටිසර) නිදහස සඳහා ඉහළ පෙලේ දැඩි සීමාවන් වලින් යුක්ත හොඳ හික්මීමක් නොමැත්තක් බව පැහැදිලි ලෙස පෙන්නුම් කරයි[24][25][26]. මෙම පින්තාරු මාලාව සත් මාරාන්තික පාපය (අකුසල) සහ බලය හුවා දක්වන කොටසක් බවත් බෲගල්ගේ චරිතය පිළිබඳ වූ සදාචාරයට (ඇදහීම ලැදියාව හෝ භක්තිය) සාක්ෂි දරණ බවත් උතුරු පුනරුදය භෝජන සංග‍්‍රහ දර්ශනයේ සංගීත තේමාව යන්නෙහි කර්තෘ වන රොබට් ක්විස්ට් පෙන්වා දෙන ලදී. නර්තනය කරන අවස්ථාවේදී වරදක් සිදු නොවන බව හෝ ගම්බද ගොවි ජනතාවගේ ස්වභාවය පෙන්නුම් කරන අතර, එය මිනිස් ආත්මයට පැහැදිලි තර්ජන (බොරු ගතිගුණ දැක්වීම) ඇති කරන්නකි. ආගමික හා සමාජ අධිකාරින් විසින් පවත්වන ලද නර්තනයෙන්, මුල් අවධියේ (ආරම්භයේ) දී ගම්බද ගොවි ජනතාවගේ වරිතය නොහික්මුන්ණක් (වනචාරි) බව හා අපකීර්තියට ලක් වූවක් බව පෙන්නුම් කිරීම නිරානුමානව ප‍්‍රයෝජනවත් වේ. බෲගල් පටහැනි රේ බ්‍රොක් විස්තර කරන පරිදි බෲගල් වයස අවුරුදු හතලිස් හතරක් වූ ලෙස තදබල මත්පැන් පානය කරන, පරුෂ (අප‍්‍රසන්න හෝ කෲර) සුන්දර ජීවිතයක් ගෙවන ජීවිතය විනාශ කරගත් සිනහ උපදවන දරුණු පින්තාරු ලෙසයි. ඔහුව අව්‍යාජ පී‍්‍රතිය යනුවෙන් පුදනු (ශුභාසිංශනය) ලැබීය. මෙයින් පෙන්නුම් කරන්නේ සැබැවින්ම බෲගල් එවකට පල්ලියෙන් බලාපොරොත්තු වූ තත්වය දැන සිටියත් එම සදාචාරය පැතිරීම නොසලකා උත්සවාකාරයෙන් පී‍්‍රතියෙන් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගෙවූ කෙනෙක් හැටියට විස්තර කළ හැක[27].

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 "Pieter Bruegel the Elder". History of Art:Renaissance. සම්ප්‍රවේශය June 4, 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "y-w1" defined multiple times with different content
  2. Detroit Institute of Arts; Henshaw, Julia Plummer (1985). 100 masterworks from the Detroit Institute of Arts. Hudson Hills Press, in association with the Founders Society, Detroit Institute of Arts. Retrieved 4 June 2012.
  3. Morse, John D. (1979). Old Master Paintings in North America: Over 3000 Masterpieces by 50 Great Artists. Abbeville Press. p. 31. ISBN 978-0-89659-050-2. Retrieved 14 June 2012.
  4. Bruegel, Pieter (1970). Pieter Bruegel the Elder. Thames & Hudson. p. 1. Retrieved 4 June 2012.
  5. a b Sterne, Margaret Heiden (June 1980). The Passionate Eye: The Life of William R. Valentiner. Wayne State University Press. ISBN 978-0-8143-1631-3. Retrieved 14 June 2012
  6. a b Bonn, Robert L. (2006). Painting Life: The Art of Pieter Bruegel, The Elder. Bonn, Robert. p. 41. ISBN 978-1-884092-12-1. Retrieved 9 June 2012.
  7. Serebrennikov, Nina Eugenia; Sullivan, Margaret A (22 September 1996). "Bruegel's Peasants: Art and Audience in the Northern Renaissance". Cambridge, New York and Melbourne: Cambridge University Press, 1994: Renaissance Quarterly. Retrieved 22 June 2012.(subscription required)
  8. "Pieter Bruegel the Elder Grove Bio". Grove Art Online — Montgomery College. Retrieved 8 June 2012.
  9. "Grove Bruegel". Oxford Art Online (subscription required). 2005. Retrieved 8 June 2012.
  10. Craven, Thomas (26 May 1977). A Treasury of Art Masterpieces. Simon and Schuster. p. 101. ISBN 978-0-671-22776-0. Retrieved 9 June 2012
  11. Gibson, Walter S. (2003). The Art of Laughter in the Age of Bosch and Bruegel. Gerson Lectures Foundation. p. 33. Retrieved 9 June 2012
  12. Roberts-Jones, Philippe; Roberts-Jones, Françoise (1 November 2002). Pieter Bruegel. Harry N. Abrams. p. 220. ISBN 978-0-8109-3531-0. Retrieved 9 June 2012
  13. Richardson, Todd M. (1 October 2011). Pieter Bruegel the Elder: Art Discourse in the Sixteenth-Century Netherlands. Ashgate Publishing, Ltd.. p. ix. ISBN 978-0-7546-6816-9. Retrieved 9 June 2012
  14. "Pieter Bruegel, The Wedding Dance in the Open Air". MyStudios. Retrieved 22 June 2012.
  15. "Pieter Bruegel the Elder: The Wedding Dance". Detroit Institute of Arts. Retrieved June 4, 2012.
  16. Bruegel, Pieter; Marijnissen, Roger H.; Seidel, Max (1984). Bruegel. Harrison House. p. 49. ISBN 978-0-517-44772-7. Retrieved 9 June 2012
  17. Hagen, Rose-Marie; Hagen, Rainer (2005). Bruegel Rainer Hagen — All Works. Kielce: Taschen. ISBN 83-60160-19-8. Retrieved June 4, 2012
  18. Chafin (5 May 2011). "Short Takes: Herzog's Cave, Picasso's Guernica, Brueghel's Wedding Dance". Pasadena, CA: Huffington Post Arts. Retrieved 22 June 2012
  19. Mazzei, Rebecca (2 August 2006). "Arts: Anatomy of an artwork — The Wedding Dance". Metro Times. Retrieved 4 June 2012
  20. Rynck, Patrick de (2005). How to read painting. 1. Kraków: Universitas. ISBN 83-242-0565-9
  21. Rynck, Patrick de (7 December 2004). How to read a painting: lessons from the old masters. 2. H.N. Abrams. ISBN 978-0-8109-5576-9. Retrieved 4 June 2012
  22. a b HPS Warsaw (2007). Kunsthistorisches Museum, Vienna. Great Museums. ISBN 978-83-60688-26-7
  23. ^ a b c d e Quist, Robert (2004). The Theme of Music in Northern Renaissance Banquet Scenes. ProQuest. p. 166. ISBN 978-0-549-54063-2. Retrieved 9 June 2012
  24. ^ a b c d e Quist, Robert (2004). The Theme of Music in Northern Renaissance Banquet Scenes. ProQuest. p. 166. ISBN 978-0-549-54063-2. Retrieved 9 June 2012
  25. "Dancing, 16th Century". Kitchen Musician. 12 May 2012. Retrieved 6 June 2012
  26. "The High Renaissance & Mannerism". All-Art. Retrieved 22 June 2012
  27. Brock, Ray (1949). The Permabook of Art Masterpieces. Permabooks. pp. 43–6. Retrieved 9 June 2012