විලාසිතා ජන මාධ්‍යවේදය

විකිපීඩියා වෙතින්

විලාසිතා ජන මාධ්‍යවේදය සහ අන්තර්ජාලය අතර සම්බන්ධය[සංස්කරණය]

විලාසිතා පිළිබදව බිහිවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරබුණු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් අන්තර්ජාලය විද්වතුන්ගේ විමර්ශණයට ලක්විය. එයින් අන්තර්ජාල භාවිතය සඳහා වැඩි කැමැත්තක් ජනතාව තුළින් ඇති බවට පැහැදිලි විය. එයින් මාස හයකට පමණ පසු “ලුමියර් ” නම් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සගරාව නක් නයිට් ,ඡීන් - බැප්ටිස්ටි මොන්ඩිනෝවැනි ජායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඇරබිණි. 1996 පැෂන් ලියු වෙබ් අඩවිය ප්‍රථම සජීව අන්තර්ජාල විලාසිතා සංදර්ශනය අරඹනු ලැබුවේ yves sawnt laurent විලාසිතා සන්දර්ශයත් සමගිනි. ෆැෂන් වින්ඩෝස් වෙබ් අඩවියද ප්‍රධාන වෙබ් අඩවියක් වන අතර එය 2007 දී සිය 10 වෙනි සංවත්සරය සැමරීය. 1998 CNN ස්ටයිල් සහ හින්ට් සගරාව ඇරබිණි. ඊට පසු වසරේ boo.com වෙබ් අඩවිය ඇරබුනද එය එතරම් සාර්ථක නොවීය. වෝග් සගරාවේ අන්තර්ජාල වෙබ් අඩවි වන showstudoi.com සහ style.com 2000 දී ඇරබි අතර 2002 බදී ජේසන් කැම්බල්ගේ JCReport ද 2005 දී Refinery29.com ඇරබිණි. ලේඛණයන් සඳහා ඇරඹි නවතම වෙබ් අඩවිය වන්නේ Fashionreportsers ය. 2007 දී සුවිශේෂ අන්තර්ගතයක් සහිතව Beauty How සගරාව ඇරබිණි. වර්තමානයේ වෙබ් අඩවි ඉතා බලවත් වෙමින් පවතී. 2006 දී වෙස්ට්ෆිඩ් ගෘප් ආතනය ප්‍රසිද්ධ විලාසිතා සඳහා වෙබ් අඩවියක් විවෘත කළේය. වෙළඳසැල්වල භාණ්ඩ ප්‍රචාරණය කිරීමද යටි අරමුණු සහිත විය. එහෙත් මෙවන් අඩවියක් සඳහා විශාල මුදලක් වැය වෙන්නේ එය සම්පූර්ණයෙන්ම වෙළඳකරණයක් මත රදා පවතින බැවිනි


සටහන්[සංස්කරණය]