විල්ගම්වෙහෙර රජ මහා විහාරය, සේරුවිල
This article is actively undergoing a major edit for a little while. To help avoid edit conflicts, please do not edit this page while this message is displayed. This page was last edited at 04:20, 14 ජූලි 2026 (UTC) (දින 5 කට පෙර) – this estimate is cached, update. Please remove this template if this page hasn't been edited for a significant time. If you are the editor who added this template, please be sure to remove it or replace it with {{Under construction}} between editing sessions. |
| විල්ගම්වෙහෙර රජ මහා විහාරය (මහමෙව්නාව භාවනා අසපු ශාඛා) | |
|---|---|
විල්ගම්වෙහෙර සෝමාවතී ස්ථූපය | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | තෝප්පූර්,සේරුවාවිල, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 8°23′47.4″N 81°18′49.6″E / 8.396500°N 81.313778°E |
| අනුබැඳියාව | ථේරවාද බුදුදහම |
| Sect | මහමෙව්නාව භාවනා අසපු සංචිතය |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමලය |
| ජනපදය | සේරුවාවිල |
| පළාත | නැගෙනහිර පළාත |
| උරුම නාමකරණය | පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානය-මුල් අනුරාධපුර යුගය |
| නායකත්වය | මහමෙව්නාව භාවනා අසපු සංචිතය |
| වෙබ්අඩවිය | https://mahamevnawa.lk |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | පුරාණ බෞද්ධ විහාර(පධානඝර-බටහිරාරාම සම්ප්‍රදාය) |
| ආදිකර්තෘ | ගිරිඅභය නම් සෝමනුවර ප්‍රාදේශීය රජු(කාවන්තිස්ස මහ රජ සමය) |
| සම්පූර්ණ කෙරුණේ | ක්‍රිස්තු පූර්ව 2 වන සියවස |
| නිල නාමය: විල්ගම්වෙහෙර පුරාවිද්‍යා ස්ථානය | |
| වර්ගය | පැරණි බෞද්ධ ආරාම |
| නිර්ණායක | පධානඝර |
සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය නැතහොත් විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය/විල්ගම්වෙහෙර මහමෙව්නාව භාවනා අසපුව(ඉංග්‍රීසි: Wilgamwehera Raja Maha Vihara,දෙමළ: வில்கம்வெஹேர ராஜ மகா விகாரை) යනු මුල් අනුරාධපුර යුගයේදී ඉදිකළ ඉපැරණි බෞද්ධ ආරාම සංකීර්ණයකි.මෙම ආරාම සංකීර්ණය සේරුවාවිල මංගල රජ මහා විහාරය පිහිටි සේරුවිල ප්‍රදේශයේ සිට 4km ක් පමණ දුරින් තෝප්පූර් ප්‍රදේශයට ආසන්නව නෙලුම්ගම පිහිටා තිබේ.පධානඝර හෙවත් බටහිරාරාම විහාර ආරාම සම්ප්‍රදායට අයත් ලෙස යැයි සලකනු ලැබේ.වර්තමානයේ මෙම විහාරය මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වේ.
පාලි ධාතුවංශය,සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලී යන පැරණි මුලාශ්‍ර වලට අනුව සේරු නම් විල කෙළවර ගිරිඅභය නම් ප්‍රාදේශීය රජෙක් තම බිසවගේ නමින් ගෞතම බුදුරදුන්ගේ දකුණු දළදා වහන්සේ නිධන් කරවා "සෝමවතී ස්තූපය" නම් ස්ථූපය කරවීය.දකුණු දළදා නිධාපිත එම සෝමවතී සෑය යනු වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හදුන්වන මෙම ස්තූපය විය හැකි බව ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල 2020 වර්ෂයේ අගෝස්තු මස මාධ්‍ය සාකච්ඡාවක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.[1][2] ඒ මත අනුව සේරුවිල විල් කෙළවර දකුණු දළදා වහන්සේ තැන්පත් කර සෑදූ එම ස්ථූපය "විල්ගම්වෙහෙර සෝමාවතිය මහා සෑය" ලෙස හැඳුන්වා දිය හැක.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේලා
[සංස්කරණය]මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව මේ ලෝකයේ ඇත්තේ දළදා වහන්සේලා 4 නමක් පමණයි.ඒවා නම් උඩු වම් දළදා වහන්සේ ,යටි වම් දළදා වහන්සේ, උඩු දකුණු දළදා වහන්සේ,යටි දකුණු දළදා වහන්සේ. කුමක් නිසාද යත්, සතර දළදා වහන්සේලා හැර ඉතිරි දළදා වහන්සේලා 36, කේශ ධාතු සහ ලෝම ධාතු රාශියක් බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසුව ආදාහනය කරන අවස්ථාවේ එක් එක් සක්වලින් පැමිණි දෙවිවරුන් විසින් රැගෙන ගිය බැවිනි. මූලාශ්‍රවලට අනුව එක් සක්වලකට රැගෙන ගියේ එක් ධාතුන් වහන්සේ නමක් පමණි.
මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව ඒවායේ පිහිටීම පහත පරිදි වේ.
| දළදා නාමය | පෙර ස්ථානය | වත්මන් ස්ථානය |
|---|---|---|
| යටි වම් දළදා වහන්සේ | කාලිංග (ඓතිහාසික කලාපය) රාජධානිය, ඉන්දියාව | ශ්‍රී ලංකාවේ මහනුවර දළදා මාලිගාව |
| උඩු වම් දළදා වහන්සේ | ගන්ධාර - වර්තමාන වයඹදිග පකිස්ථානයේ සහ ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ | නිශ්චිතව හඳුනාගෙන නොමැත |
| දකුණු දළදා වහන්සේ | තව්තිසා දෙව්ලොව සිළුමිණි ස්තූපය | තව්තිසා දෙව්ලොව සිළුමිණි ස්තූපය |
| දකුණු දළදා වහන්සේ | ජයසේන නා රජුගේ නාග භවන | සෝමාවතිය ස්තූපය (සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතිය ස්තූපය හෝ පොලොන්නරුව සෝමාවති ස්ථූපය විය හැක) |
ඉතිහාසය
[සංස්කරණය]දකුණු දළදා වහන්සේ - ශ්‍රී ලංකාවේ සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතී ස්තූපයේ දළදා වහන්සේ
[සංස්කරණය]භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව අසා නාග ලෝකයේ ජයසේන නාරජු අතිශයින් ශෝකයට පත් වී “මම අවසන් වරට බුදුරජාණන් වහන්සේ දැක වන්දනා කරන්නෙමි” යි සිතූහ. ධාතු බෙදීමේදී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම හෙළා තම පාදයෙන් වසාගත් අයුරු ජයසේන නාරජු දුටුවේය.ඔහු ද්‍රෝණ බමුණාට නොදැනෙන ලෙස ඉර්ධියෙන් දළදා වහන්සේ ගෙන නාගභවනට ගෙන ගොස් නාග පුරය මැද මැණික් ස්තූපයක් තනා දකුණු දළඳා එහි තැන්පත් කර මහා පූජාවන් කළේය. ලක්දිව කාවන්තිස්ස රජ දවස මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා මහින්ද මහරහතන් වහන්සේගේ නාග භවනට ගොස් භාග්‍යවතුන් වහන්සේගේ දකුණු දළදාව රැගෙන ලක්දිවට වැඩම කර,සෝමනුවර පාලනය කළ ගිරි අභය නම් ප්‍රාදේශීය රජුට ස්ථුපයක් කරවීම පිණිස ලබාදුන්නාහ. රජුගේ මෙහෙසිය වන සෝමාදේවිය නමින් කළ එම ස්තූපය "සෝමාවතිය ස්තූපය" නම් වේ.
පුරාවිද්‍යාත්මක සාධක
[සංස්කරණය]දකුණු දළදා සෑය පිළිබඳ ඓතිහාසික කරුණු සියල්ල සලකා බැලීමේදී එය පිහිටා තිබිය යුත්තේ බුදුරාජණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් සේරුවිල මංගල මහාසෑය පිහිටි පින්බිමේ සිට කි.මී. 05 ක පමණ වපසරියක සේරු වැවේ අනෙක් කෙළවර ය. ඒ අනුව ඓතිහාසික භූ විද්‍යාත්මක කරුණු සියල්ල සපුරමින් නටබුන් වූ එක් විශාල ස්ථූපයක් ඇත. මෙම ස්තූපය හැර එම ප්‍රදේශයේ වෙනත් පෞරාණික මහා ස්තූපයක් නොමැත. එය 1 වේ සේරුවිල මංගල මහා සෑයේ සිට කි.මී. තොප්පූර් මුස්ලිම් ගම්මානයට මායිම්ව සේරු නම් විල කෙළවර උතුරු කෙළවරට කිලෝමීටර් 04 ක් පමණ දුරින් නටබුන් වූ පුරාණ ස්ථූපයක් තිබුනේය,එය වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හැඳින්වේ. ඉහත කී විල්ගම්වෙහෙර ඓතිහාසික සෝමාවතිය ස්තූපයවිය හැකි බව දැන් හඳුනාගෙන ඇත.
දකුණු දළදා වහන්සේ නිදන් කළ සෝමාවතී ස්තූපය පිළිබඳ ‘පාලි ධාතුවංශය, සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලි’ ග්‍රන්ථවල ඇතුළත් සියලුම ඓතිහාසික කරුණු සහ භූගෝලීය සාධක සමඟ මෙම ස්තූපය සැසදෙයි.විල්ගම්වෙහෙර චෛත්‍යයේ පුරාවිද්‍යා කැණීම්වලදී ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැණීමේදී හමුවූ අතර එම යුගයට අයත් චෛත්‍යවල පවතින ශෛලමය චත්‍රය සහ යූප ස්ථම්භය ද හමුවී ඇත.එම යුගයේ ලක්‍ෂණ සහිත සිරිපතුල් ගල් හා ශෛලමය පද්ම ද මළුවේ තිබී හමුවිය.තවද අනුරාධපුර මුල් යුගයේ ලක්ෂණ පෙන්වන ඉපැරණි ඇත් පවුරක් ද හමුවිය.මෙම චෛත්‍යය; යුග කිහිපයක් පුරා ප්‍රතිසංස්කරණය කරන ලද දැවැන්ත ව්‍යුහයක් වන අතර එහි මුල් ඉදිකිරීම් ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ බව තහවුරු වී ඇත.
මෙම විල්ගම්වෙහෙර පිහිටා ඇත්තේ සේරුවිලට නුදුරින් පිහිටි තොප්පූර් මුස්ලිම් නගරය ආසන්නයේය. ක්‍රිස්තු වර්ෂ 16 සහ 17 වැනි සියවස් වල සිට එම ප්‍රදේශයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන්ගේ වාග් ව්‍යවහාරය අනුව (සෝම්පුර ➤ සෝම්පූර් ➤ තෝම්පූර් ➤ තෝප්පුර්) ලෙස විකාශනය වී ඇති බව වාග් විද්‍යාඥයන්ගේ මතයයි. (ථූපපුර ➤ ථූප්පුර් ➤ තෝප්පුර්) යන්න තවත් මතයකි.මේ මත වඩාත් තහවුරු වේ.
මෙම විල්ගම්වෙහෙර විහාරස්ථානය දකුණු දළදා වහන්සේ නිධන් කළ සෝමාවතිය විහාරස්ථානය ලෙස පිළිගනිමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඩබ්ලිව්. විමල් විජේරත්න මහතා විසින් රචිත "සේරුවවිල තිස්ස මහා විහාරවංශය" (සේරුවිල මංගල රජමහා විහාරය පිළිබඳ) නම් වූ ශාස්ත්‍රීය පර්යේෂණ (ආචාර්ය) ග්‍රන්ථය හොඳම සිංහල ස්වාධීන බහු-විනය ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය (2012 වසර). මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉහත කී මහාචාර්යවරයා විසින් රචිත “ශ්‍රී දකුණු දළදා වහන්සේ විසින් නිධන් කර ඇති ඓතිහාසික සෝමනුවර සහ සෝමාවතී විහාරය හඳුනාගැනීම” නමැති ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් තහවුරු කරගත හැකිය.
එමෙන්ම 2020 වසරේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල විල්ගම්වෙහෙර මහා සෑය පිහිටි ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විල්ගම්වෙහෙර මහා සෑය පැරණි සෝමාවතී මහා සෑය විය හැකි බවට කරුණු තහවුරු වී ඇති බවයි.[3][4]
සේරුවිල විල්ගම්වෙහෙර විහාරය දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ විහාරස්ථානයක් ලෙස ද ඇතැමුන් සලකනු ලබන්නේ;බෝධි වංශයේ "සේරුවිල නයින්ගේ විල්ගම්වෙහෙර" ලෙසින් සඳහන් වන බැවිනි.නමුත් සමහර විද්වතුන් මෙම බෝධීන් වහන්සේ මීට නුදුරුව පිහිටා තිබුණු කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධිය බවට ද මත පල කරයි.එම බෝධීන් වහන්සේ අද දක්නට නොමැත.
ස්මාරක සහ පුරාවිද්‍යාත්මක කැණීම්
[සංස්කරණය]වාස්තු විද්‍යා ලක්ෂණ
[සංස්කරණය]ස්ථූපය සහ ස්ථූප මළුව
[සංස්කරණය]වෙනත් පුරාවිද්‍යාත්මක සාධක
[සංස්කරණය]අභිලේඛන
[සංස්කරණය]පූර්ව වාර්තා
[සංස්කරණය]වර්තමාන සංරක්ෂණය
[සංස්කරණය]2020 අගෝස්තු මස පැවති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාව
[සංස්කරණය]වෙනත් ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]වැඩිදුර කියවීම
[සංස්කරණය]- සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඩබ්ලිව්.විමල් විජේරත්න
- ශ්‍රී දකුණු දළදාවෙහි නිධන් කර ඇති ඓතිහාසික සෝමනුවර සහ සෝමාවතී ස්තූපය හඳුනාගැනීම පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථය - මහාචාර්ය විමල් විජේරත්න
