විපුල් ධර්මප්රිය ජයසේකර
පෙනුම
විපුල් ධර්මප්රිය ජයසේකර Vipul Dharmapriya Jayasekara | |
|---|---|
| උපත | විපුල් ධර්මප්රිය ජයසේකර පෙබරවාරි 23, 1963 |
| මරණය | මැයි 25, 2014 (වයස 51) කොළඹ ජාතික රෝහල |
| මරණයට හේතුව | හෘදයාබාධය |
| අධ්‍යාපනය | තර්ස්ටන් විද්‍යාලය, කොළඹ |
| වෘත්තියs | ගීත රචක, ගුවන් විදුලි නිවේදක |
| සක්‍රීය වසර | 1990 - 2014 |
| Spouse | දමිතා ජයසේකර |
| දරුවන් | 2 |
විපුල් ධර්මප්රිය ජයසේකර යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙක්, ගුවන් විදුලි නිවේදකයෙක් සහ වේශ නිරුපණ ශිල්පියෙකි. දූ පුතුනේ රට අපේය, සුළගේ ලෙලෙනා මල් සේ දඟපා, සඟවන්න එපා හසරැල්, අහස් ගැබේ තරුකැට ගානේ, සුරිදුනේ කඳසුරිදුනේ, බොල්පිනි වැටෙනා මේ යාමේ, මම මවා ගතිමි, නො කී රහසක් ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් රචනා කර ඇත. 2014 මැයි 25 දින ඔහු මියගියහ.[1][2][3]
ජනප්‍රිය ගී නිර්මාණ
[සංස්කරණය]| ගීතය | ගායකයා | සංගීතය |
|---|---|---|
| සුළගේ ලෙලෙනා | ශාලිත අභයවික්‍රම | ශාලිත අභයවික්‍රම |
| පිපුණු මලක හැඩ | ||
| දිලෙන පුරසඳ | ||
| මම මවා ගනිමි | අසංග ප්‍රියමන්ත පීරිස් | ජයන්ත දිසානායක |
| සඟවන්න එපා හසරැල් | කරුණාරත්න දිවුල්ගනේ | එච්.එම්. ජයවර්ධන |
| බොල්පිනි වැටෙනා | ලක්ෂ්මන් හිල්මි | ලක්ෂ්මන් හිල්මි |
| නොකී රහසක් | එඩ්වඩ් ජයකොඩි | එඩ්වඩ් ජයකොඩි |
| ලෙංගතු පෙම | රොහාන් ශාන්ත බුලේගොඩ | ලක්ෂ්මන් හිල්මි |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "සොඳුරු ගුණ පිරි විපුල සම්පත නිසල විය". mahamegha.lk. මහාමේඝ. 27 මැයි 2014. සම්ප්‍රවේශය 18 ජුනි 2025.
- ^ "විපුල් ගේ හසරැල් අහස් ගැබේ තරු අතර සැඟවෙයි..." www.lankadeepa.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. 26 මැයි 2014. සම්ප්‍රවේශය 18 ජුනි 2025.
- ^ සංජීව සම්පත් බාලසූරිය (29 මැයි 2014). "මේ දිවිය අතරමඟකින් - මඟ නතර නොකොට හිනැහෙන්..." sarasaviya.lk. කොළඹ: ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. සම්ප්‍රවේශය 18 ජුනි 2025.