විද්‍යුත් වානිජ්‍යය

විකිපීඩියා වෙතින්

'විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාලය මගින් ප්‍රචාරණ කටයුතු සිදු කළ හැකි ය. විද්‍යුත් තැපෑල මගින් පාරිභෝගිකයන් හා ඍජුවම සම්බන්ධ විය හැකි ය. විද්‍යුත් වාණිජ්‍ය මගින් විද්‍යුත් භාණ්ඩ (මෘදුකාංග, ගීත, චිත්‍රපට, පරිගණක කී්‍රඩා වැනි) හුවමාරු කර ගත හැකි ය. එසේම වෙබ් එක මගින් කෙඩිට් කාඩ් භාවිතා කර මුදල් ගෙවිය හැක. මේ අකාරයට අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු කළ හැකි ය. මෙය විද්‍යුත් වාණිජ්‍යය ලෙස හැඳින් වේ.

අන්තර්ජාලය හරහා සිදු කරන හුදු ප්‍රචාරණය විද්‍යුත් වාණිජ්‍යය ලෙස සැලකිය නොහැක. එය විද්‍යුත් වාණිජ්‍යයේ එක් කොටසක් පමණි. උදාහරණයක් ලෙස බොහෝ ව්‍යාපාර සංවිධාන සඳහා වෙබ් අඩවි තිබේ. ඒවා මගින් ඔවුන් තම භාණ්ඩ හා සේවා පිළිබඳ එ මගින් පාරිභෝගිකයන්ට විස්තර ලබා දේ. එම ආයතන විද්‍යුත් වාණිජ කටයුතුවල නිරත වේ යැයි පැවසීමට එය පමණක් ප්‍රමාණවත් නොවේ. නමුත් යම් වෙබ් අඩවියක් හරහා භාණ්ඩ විකිණීම වැනි කාර්යයක නිරතවන්නේ නම් එය විද්‍යුත් වාණිජ්‍යය ලෙස හැඳින් වේ.

විද්‍යුත් වාණිජ්‍යය සාමාන්‍යයෙන් e-commerce හෝ ecommerce ලෙස හැඳින්වේ. විද්‍යුත් වාණිජ්‍යය යනු අන්තර්ජාලය වැනි පරිගණක හා සබැදි සන්නිවේදන ජාල හරහා භාණ්ඩ හා සේවා මිල දී ගැනීම හා විකිණීමයි. විද්‍යුත් මාධ්‍යයෙන් කෙරෙන ගනුදෙනු අන්තර්ජාල භාවිතයේ ශිඝ්‍ර වර්ධනය නිසා විශාල ලෙස ව්‍යාප්ත වී ඇත. නවීන විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනුවලදී එක් විටෙක හෝ බොහෝ විට අන්තර්ජාලය භාවිතා කරන අතර විද්‍යුත් තැපෑල ද බහුලව භාවිතා කෙරේ. විද්‍යුත් අරමුදල් පැවරිම, සැපයුම් කළමණාකරණය, අන්තර්ජාල වෙළඳාම, අන්තර්ජාල ගනුදෙනු කි්‍රයාවලිය, විද්‍යුත් දත්ත හුවමාරුව :ෑෘෂ-, නිෂ්පාදන කළමණාකරණ පද්ධති සහ ස්වයංකී්‍රය දත්ත එකතු කිරිමේ පද්ධතිය යනාදී උපකාරක පද්ධති මත නුතන විද්‍යුත් වාණිජ්‍යයේ වර්ධනය රඳා පවතී. විද්‍යුත් වාණිජ්‍යය ගනුදෙනු ක්‍රියාවලියේ සමහර කොටස් වලදි ඉතා අඩුවෙන් ලෝක ව්‍යාප්ත ජාලය භාවිතා වේ. නමුත් එයට හැකි තාක්ෂණික ව්‍යාප්තිය සමඟ ව්‍යාප්ත දිගු ගමනක නියැළී සිටී. එහි අනාගතය මෙසේ යැයි පුරෝකතනය පවා අපහසුය. අන්තර්ජාලය විශ්වය දක්වා දියත්වීම ඇරඹී ඇත. විද්‍යුත් වාණිජ්‍යය ද ඒ සමඟ මුළු විශ්වය පුරාම විහිදෙනු ඇත.

විද්‍යුත් වාණිජ්‍යයේ නියුතු විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ වෙබ් අඩවිවලට පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සොයා ගැනීමය. ඒ ඔස්සේ භාණAඩ හා සේවා තෝරා ගන්නා අතර ඉන් පසු හුවමාරු කි්‍රයාවලියට ගමන් කරයි. අන්තර්ජාලය හුදු සන්නිවේදන ජාලයක් වනමුත් එමගින් හුවමාරු කර ගත හැක්කේ සේවා පමණි. නමුත් සමහර වෙළෙන්ඳෝ භෞතික මාර්ග ප්‍රවාහනය සම්බන්ධ කර භාණ්ඩ හුවමාරුව සඳහා පියවර ගෙන ඇත. අන්තර්ජාලය තුළ සිල්ලර වෙළෙනඳන් සමහර විට ඉ-වෙළෙන්ඳන් ලෙසත් අන්තර්ජාල සිල්ලර ගනුදෙනු ඉ-සිල්ලර වෙළඳාම ලෙසත් හැඳින්වේ. ලෝක ව්‍යාප්ත ජාලය තුළට විද්‍යුත් වාණිජ්‍ය පැමිණිම සමඟ විශාල සිල්ලර ගනුදෙනු සඳහා මගක් උදා විය.


ව්‍යාපාර අතර ව්‍යාපාර සිදුවන විද්‍යුත් වාණිජ ගනුදෙනු හැදින්වෙන්නේ ව්‍යාපාර-ව්‍යාපාර හෝ ඊ2ඊ ගනුදෙනු වශයෙනි. ඊ2ඊ ගනුදෙනු පොදු ඕනෑම පාර්ශවයකට හෝ සමහර අවස්ථාවලදී සීමාසහිත පාර්ශව ගණනකට සීමා විය හැක. (උදාඃ- වෙළඳ භාණ්ඩ හුවමාරුව හෝ සීමා සහිත විශේෂිකරණය, ප්‍රමිතිකරණය, පුත්ගලික විද්‍යුත් වෙළඳපොල) ව්‍යාපාර හා පාරිභෝගිකයන් සිදුවන විද්‍යුත් වාණිජ ගනුදෙනු හඳුන්වන්නේ ව්‍යාපාර-පාරිභෝගික :Business-to-consumer හෝ ඊ2ක‍ ලෙසනි. පාරිභෝගික විද්‍යුත් වාණිජ කටයුතු සඳහා Amason.com, ebay.com වැනි වෙබ් අඩවි පිහිටුවා ඇත.


විද්‍යුත් වාණිජ්‍යයට සාමාන්‍යයෙන් සලකන්නේ ව්‍යාපාරවල විකුණුම් අංශය ලෙස ය. ඊට අමතරව ව්‍යාපාර ගනුුදෙනුවලදි සිදුවන දත්ත හුවමාරු කටයුතු සඳහා දි භාවිතා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යුත්_වානිජ්‍යය&oldid=470791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි