විජයාවතරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

විජය කුමරු නම මවුබිමින් පිටුවහල් කිරීම, ලක්දිව වෙත සේන්දුවීම සහ කුවේණි කුමරිය හමුවීම පොදුවේ විජයාවතරණය ලෙස හඳුන්වනු ලැබේ.

විජය නම්වූ ලාට ජාතික කුමරා සිංහල දේශයට පැමිණීම වනාහා සිංහලේ දේශයේ ඉතිහාසයේ එක් පුවතක් පමණි.

ඉංදියාවේ බටහිර බෙන්ගාලයේ ලාටය නම් කුඩා රාධානියක් විය. මෙය ආර්ය ජනපදයවූ බව මහා වංශය කියයි. එය තවදුරටත් දක්වන පරිදි මෙම ජනතාවගේ රජකුමරියක්ව සිංහයෙක් හෝ සිංහ වෙස් ගත් මිනිසෙක් සමග හෝ ජීවත්ව දරු දෙදෙනෙක් ලබයි. සිංහබාහු නම් මේ එක් දරුවෙක් ලාට දේශයේ රජවෙයි. මෙම ලාට රජුගේ පුත්‍රයින් අතර විජයනම් කුමරෙක් සිටියි. ඔහු කරන ලස කිසියම් බරපතල විශමාචාරයක් හේතුකොට ඔහු හා ඔහුගේ 700ක පිරිස සිය දේශයෙන් පිටිවහල් කරයි.

මෙහිදී මහාවංශය විසින් මේ සිංහයා සහ සුප්පා දේවියගේ කතාව දක්වා ඇත්තේ සිංහලයන්ගේ ඉතිහාසය දැක් වීමට නොවන එම විජය පැවත එන ලාටයින්ගේ පරපුරේ ඉතිහාසය දැක්වීමට බව අප හොඳින්ම තේරුම් ගත යුතුය.

විජය කුමරු  ක්‍රි. පූ 543 දී ගොඩ බසින්නේම සිංහලදීපයටය. එහි ඔහු සේන්දු වූ වෙරළ තබ පැහැති වූ නිසාවෙන් ඒ අවට ප්‍රදේශය තම්බපණ්නිය යැයි නම් තැබූ බව කියැවේ. මෙය අශ්වයෙක්ගේ ප්‍රතිමාවක් පැවති පෙදෙසකි. මේනිසා එම පෙදෙස විජයා ගමනයට පෙර පටන් හැඳින්වූයේ අශ්ව කන්ද නමිනි. පසුකාලයේ දෙමළ ජාතිකයන් ඔවුන්ගේ බසට පරිවර්තනය කර කුදිරමෛලෙයි ලෙස හදුන්වයි.

මේ විජය ඇතුළු ලාට සරණාගත පිරිසට සරණ වන්නේ කූවන්නා හෙවත් කුවේනි නම්වූ එවකට එම පෙදෙස පාලනය කළ මහාකාලසේන නම්වූ යක්ෂ ගෝත්‍රික තරුණියකි. මහාවංශය දක්වන ආකාරයට විජය ඇතුළු සරණාගත පිරිස ඇගේ සේවකයින් විසින් කැඳවාගෙන එන විට ඇය කපු කටිමින් සිටියාය. කපු කැටීම යනු ඉතා සංකීර්ණ කර්මාන්තයකි. කපු කටින්නේ රෙදි විවීම පිණිස කපු නූල් තැනීමටය. එය විශිෂ්ඨ  සලකුණකි.

විජය ඇතුළු පිරිසට උවටැන් කිරීමට තරම් කුවේනිය පොහොසත් වංශාධිපතිනියක්ව සිටි බව පැහැදිළිය. ඇය කිසියම් හේතුවක් නිසා වයඹදිග හෙළය පාලනය කළ සිහළ වස්තු ප්‍රදේශයේ සිය නෑසියන් සමග අමනාපයෙන් පසුවූ බව පෙනේ.

සිහළ වස්තු පුරය යන නාමආර්ථයෙන්ම පෙනීයන්නේ විජය සිංහලද්ධීපයට පැමිනෙන විට මෙරට සිටියේ සිහළුන් හෙවත් සිංහලයන් බවය.

සිංහලයින්ගේ වස්තුව වූ නගරය යන්න මේ නගර නාමයේ අරුතයි. මේ නගරයේ පාලකයාව සිටි මහාකාලසේන නම් රජුගේ දරුවෙක්ගේ විවාහ මංගල්‍ය  උත්සවයකදී මදු පානය කර මත්ව සිටි රාත්‍රියක කුවේණිය විජය ඇතුළු පිරස යොදවා ඔවුන් ඝාතනය කර සිහළ වස්තු ප්‍රදේශයේ බලය අල්වා ගනී.

මහාවංශය ඉතාම පැහැදිළිව විජයාවතරණය පිළිබද පුවතේදී අපගේ සිංහල පාලකයින්ගේ නම් සහ එවකට පැවති සිංහල නගර වල නාම  මනාව දක්වයි. ඇතුම් අදබාලයින් මහාවංශයට විරෝධී තර්ක ගොඩනන්වන්නේ එය කියවාවත් නොමැතිවය. බුද්ධ ශාසනය ඇරඹීමත් එකල මෙරට සිදුවූ දේශපාලන කාරණා මත මේ කතාපුවත විස්තර කලා විනා ඉන් කිසිසේත් විජයගෙන් සිංහලය පැවත එන බවක් නොහැගවේ. මෙය මහාවංශය වැරදියට අර්ථිකතනය කරගත් අනුකාරක වාදීන් ගොතන ලද දුර් මතයක් පමනය.

ඉන්පසුව මෙම සිංහල කුමාරිකිව සිය සිත්ගත් ලාට කුමරු හා විවාහවී වඩාත් ආරක්ෂාව පතා තම්බපණ්නියේ නගරයක් ගොඩ නන්වා ප්‍රාදේශීය පාලිකාවක තත්වයට පත්වේ. දරුවන් ලැබීම වැනි කටයුතු නිසා රාජයේ පාලන බලය ක්ර්මයෙන් සියතට ගැනීමට විජය සමත්වේ. කුවේණියගේ සහය නොතිබ්බේනම් 700ක වැනි සුළු පිරිසකට සිංහලය වැනි රටක ප්‍රාදේශීය පාලනයක් වත් ලබා ගත නොහැකිය.

විජය රජුගේ පාලනය තම්බපණ්නිය අවට වයඹ දිග කලාපයට පමණක් සීමාවිය. එවකට කැළණිය ප්‍රමුඛ මායා රට සම්පූර්ණයෙන්ම පාහේ හිමිව පැවතියේ බලවත් නාගයින්ටය.

රටේ ඉහළ කොටස්ද ඔවුන් සතුවිය. මේ බලවත් නාගයින්ට තබා බලයෙන් වැටී දුර්වලට සිටි යක්ෂ රක්ෂස කණ්ඩායම් වලට වත් විජය රජුගෙන් තර්ජනයක් නොවීය. මේ වන විට එකිනෙකාට විරුද්ධ රවි ශෛලාශ හා කේවස්ථාන නම් වංශ දෙකක බලවත් යක්ෂ ‍ගෝත්‍රික පාලකයින් වූ බව වර්ගපුර්නිකාවෙන් පෙනේ.

නමුත් මේවන විටත් කතරගම අවට කිසියම් ආර්ය කණ්ඩායමක් බලය අල්ලා ගෙන සිටි බව අපට පෙනීයයි ඔවුන්ට මර්ධනය කරනුයේ කාවන්තිස්ස රජුගේ පියා ගෝඨාභය රජ විසිනි.

විජය රජු වනාහී කාමභෝගී තැනැත්තෙක් විය. රාජ්‍යත්වය පිළිබදවද ස්ථීරසාර බවක් නොවූ නිසා මධුරා පුරයේ පඬි රජුගේ දියණියකද  සරණපාවා ගැනීමට අදහස් කළේය. නමුත් මෙයට කුවේණි රැජින විරුද්ධ වූවාය. එකල පැවති සිංහල සම්ප්‍රදායට අනුව ඒක භර්යා සේවනය මෙරට සිරිත විය. රාවණ රජුට සීතා දේවිය නිසා චෝදනාවන් එල්ල වූයේද මේ නිසාය. නමුත් ආර්යන් අංතප්පුර සම්ප්‍රදාය පවත්වාගෙන ආවේය. මධුරාවේ සිට විජායි කුමරිය පැමිණි පසු කෝපයට පත් කුවේනිය රජමාළිගය අතහැර ගියාය.

ඇය උදව් ඉල්ලා ගියේ ලංකා පුරයට බව මහාවංශයේ පැහැඳිව දක්වා තිබේ. මෙයින් පෙනී යන්නේ රාම ආක්‍රමණයෙන් පසුවද ලංකාපුරය නටඹුන් වෙමින් හො පැවති බවයි. එසේනම් මේ ලංකාපුරය එක්කෝ අනුරාධපුරය විය යුතුය, නොඑසේනම් සීගිරිය විය යුතුය. කෙසේ නමුත් පහරදීමක් හේතුකොට කුවේණිය ලංකා පුරයේදී මිය යයි.

විජය රජු ඇතුළු පිරිස ආක්‍රමණිකයන් ලෙස හැදින්වීමට බැරි ඔවුන් තම්පණ්නිය හා වයඹදිග කලාපයෙන් ඔබ්බට බලය විහිදීමට කිසිවිටක උත්සාහ නොකල බැවිනි. මේ ලාට ප්‍රධානීන් විසින් තමන් පාලන කළ ගම් වල නම් කිහිපයක් තමන්ගේ නමින් නම් කිරීම හැර වෙනයම් විප්ලවයකට  උත්සාහා නොදැරීය.

අවසාන කාලයේ විජය රජු අර්ධ උමතු තත්වයේ සිටි බව කියවේ. මෙයට සිංහල ඇදුරන් විසින් සිදුකරන ලද අණවින කොඩාවින මෙන්ම අසල්වාසී ස්වදේශීය බලවතුන්ගේ තර්ජනද හේතුවන්නට ඇත. කෙසේනමුත් ක්‍රි.ව 505 දී මියයන තෙක්ම වසර 38ක් බලයේ සිටීමට සමත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=විජයාවතරණය&oldid=434445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි