විජයබාහු IV

විකිපීඩියා වෙතින්

හතරවන විජයබාහු රජතුමා (ක්‍රිස්තු වර්ෂ 1270 - 1272), දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ වැඩුමහල් පුත් කුමාරයාය. ක්‍රිස්තු වර්ෂ 1258 දී පමණ දෙවන පරාක්‍රමබාහු රජු ගිලන් විය. එවිට රාජ්‍යයේ වැඩ බලන තත්වයට පත් වූයේ දේවපතිරාජ අමාතයවරයා ය. ක්‍රිස්තු වර්ෂ 1262 දී පමණ මේ රජුගේ වැඩිමහල් පුත් වන විජයබාහු කුමාරයා රාජ්‍යයේ වැඩ කටයුතු කරන්න පටන් ගත් නමුත් නිල වශයෙන් රාජ්‍යත්වයේ සිටියේ ක්‍රිස්තු වර්ෂ 1270 වන තෙක් පරාක්‍රමබාහු රජතුමා ය. දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසු විජයබාහු කුමාරයා හතරවන විජයබාහු රජ නමින් ක්‍රිස්තු වර්ෂ 1271 දී රාජ්‍යත්වයට පත් විය.

බෝසත් විජයබාහු නමින්ද ප්‍රකට වූ මෙම රජතුමාගේ ආගමික කටයුතු ගැන එතුමා ප්‍රකටය.

නිල වශයෙන් රජකමට පත්වී දෙවෙනි වසරේදී, "මිත්ත" නමැති ඇමතියෙකු විසින් හතරවන විජයබාහු රජු ඝාතනය කරන ලදී. රජුගේ මරණයෙන් පසු ඔහුගේ බාල සොයුරු, දෙවන පරාක්‍රමබාහු රජුගේ දෙවෙනි පුත් භුවනකබාහු, පලවෙනි භුවනකබාහු නමින් ක්‍රිස්තු වර්ෂ 1272 වසරේදී රජවිය.

"https://si.wikipedia.org/w/index.php?title=විජයබාහු_IV&oldid=491405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි