විචිත්‍රමත් නවකථා (Graphic Novel)

විකිපීඩියා වෙතින්

විල් එයිස්නර් ගේ (Will Wishhner) "A contract with God (දෙවියන් සමඟ ගිවිසුමක්) නවකථාව, විචිත්‍රමත් නවකථා ලෙස හඳුන්වන ලද ප්‍රථම ග්‍රන්ථයයි.

විචිත්‍රමත් නවකථාවක් යනු දිගු සහ සංකිර්ණ වු කථා වස්තුවකින් හෙබි, බො‍හෝ විට වැඩිහිටි පාඨක සමුහයක් අරබයා ලියැවුණු චිත්‍ර කථාවකි. සාමාන්‍ය චිත්‍ර කථා පොත් වලට වඩා කල් පැවතෙන අයුරින් මේවා තිබේ. මෙම නවකථාවන්, චිත්‍රකථා පොත් මෙන් පුවත් පත් වෙළෙඳ සැල් තුළ නොව පොත් හල් තුළද අලෙවි කෙරේ.


අර්ථ දැක්විම[සංස්කරණය]

තවමත් පරිණාමය වෙමින් පවතින මෙම විචිත්‍රමත් නවකථා (Graphic novels) සඳහා සාධාරණ අර්ථකථනයක් නොමැත.එබැවින් සමහර අවස්ථාවල චිත්‍රකථා වල ඇති වෙනස විදහා දැක්වීමට ද එහි පද්‍ය කොටස්ද භාවිතා වී ඇත. එනම් සාමාන්‍ය චිත්‍රකථා පොත් වලින් වෙනස් වු අංග වලින් යුත් වඩාත් ‍පරිණත ‍තේමා භාවිතා වන්නක් ලෙස මෙම පොත් හැඳින්විය හැක. එනමුත් මෙම අදහසට එකඟ වන පරිද්දෙන් කෘති ලියවුණ ද, ඒවා සම්ප්‍රදායික හාස්‍යෝත්පාදක නවකථා යටතේ වර්ග කෙරෙණි. මෙම පද්‍ය පොදුවේ භාවිතා වනුයේ හාස්‍යෝත්පාදක නවකථා වලින් මෙම කෘති වෙන් කිරිම පිණිසය. මෙම හේතුව පාදක කර ගනිමින් ප්‍රංශ පදයක් ‍වන 'Bande Dessinee' යන්න ඉතිහාසඥයන් විසින් භාවිතා කරන ලදි.

පොත් ප්‍රකාශන කර්මාන්තයේ දී මෙම පද්‍ය “නවකථා” යන ගණයට නොවැටෙන්නා වු කෘති සඳහා භාවිතා වුණි. එකිනෙක හා ගැලපීමක් නොමැති හාස්‍යජනක කථා හා ප්‍රබන්ධ නොවන කෘති සඳහා ද නමම භාවිතා වුණි.

සටහන්[සංස්කරණය]

Graphic novel