Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු

විකිපීඩියා වෙතින්

තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


දැන් වෙලාව 23:32 සඳුදා, ජූනි 8, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න



මාර්තු 1: පැරගුවේ රාජ්‍යයේ වීරයන්ගේ දිනය (1870);

ජුලියා ප්‍රභවය
ජුලියා ප්‍රභවය
  • 1796 - ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම එරට රජය ජනසතු කරයි
  • 1869 - රුසියානු රසායනඥ දිමත්‍රී මෙන්ඩලීව් පළමු ආවර්තිතා වගුව සකස් කරයි.
  • 1877 - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රථම දුම්රිය පානදුරට ධාවනය ඇරඹෙයි.
  • 1975 - සිකිම් ඉන්දියාවේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වෙයි.
  • 1999 - ජුලියා නමින් හඳුන්වන ප්‍රභවය හඳුනානොගත් සද්දය පටිගත කිරීම.
  • 2014 - චීනයේ කුන්මිං නගරයේ දුම්රිය ස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 143 දෙනෙකු තුවාල ලැබෙයි

    තවත් සිදුවීම්: පෙබරවාරි 28 මාර්තු 1 මාර්තු 2

    view සාකච්ඡාව edit history


    මාර්තු 2: සිංහල භාෂා දිනය

    උඩරට ගිවිසුම
    උඩරට ගිවිසුම
  • 1815 බලකාමී උඩරට රදළයන් විසින් ලංකාද්වීපය ඉංග්‍රීසීන්ට පාවාදීමට අත්සන් කළ උඩරට ගිවිසුම (සේයාරුව) පිළිබඳ කටයුතු ඇරඹේ.
  • 1815 ඉර උදාව අනුව ගණන් සෑදෙන සිංහල වේලාව භාවිතා කිරීම අවසන් වීම.
  • 1917 - පුවටෝ රිකෝ වැසියන්ට එක්සත් ජනපද පුරවැසිභාවය හිමි වෙයි.
  • 1962 - බුරුමයේ ජෙනරල් නෙ වින් ප්‍රමුඛ යුධ හමුදාව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනියි.
  • 1991 දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් හැව්ලොක් බෝම්බ ප්‍රහාරය සිදුකරයි. එහිදී එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න ජීවිතක්ෂයට පත් වෙයි.
  • 2004 - ඉරාක යුද්ධය: එරට අෂූරා ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයෙන් පුද්ගලයන් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 500 දෙනෙකු තුවාල ලැබෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 2 මාර්තු 3 මාර්තු 4

    view සාකච්ඡාව edit history


    මාර්තු 3: බල්ගේරියා රාජ්‍යයේ විමුක්ති දිනය (1878)

  • 1845 - ෆ්ලොරිඩාව (එහි ධජයේ සේයාරුව) එක්සත් ජනපදයේ 27 වන ප්‍රාන්තය ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
  • 1875 - ලොව ප්‍රථම ගෘහස්ත අයිස් හොකී තරගය පැවැත්වීම.
  • 1938 - සෞදි අරාබියේ බොරතෙල් සොයා ගනී.
  • 1969 - නාසා ආයතනයේ ඇපලෝ 9 වැඩසටහන දියත් කෙරේ.
  • 2016 - නවසීලන්ත රාජ්‍යයේ ධජය පිළිබඳ ජනමතවිචාරණයේ 2 වැනි වටයේ ඡන්ද විමසීම ආරම්භ විය.
  • 2020 - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.

    තවත් සිදුවීම්: මාර්තු 2 මාර්තු 3 මාර්තු 4

  • 2018 - ශ්‍රී ලංකා බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අතිගෞරවාර්හ දරණාගම කුසලධම්ම නාහිමියන් අපවත් වීම view සාකච්ඡාව edit history

    මාර්තු 4: ඉන්දියාවේ ජාතික කම්කරු සුරක්ෂිතතා දිනය (1971);

    කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලය
    කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලය
  • 1789 - එක්සත් ජනපදයේ 1 වැනි කොංග‍්‍රස් මණ්ඩලය පළමුවරට රැස්වෙයි.
  • 1899 - ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කුක්ටවුන් ප්‍රදේශයේ ඇතිවූ සුළි කුණාටුවකින් පුද්ගලයින් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1908 - එක්සත් ජනපදයේ ඔහයියෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නගරයේ පාසලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1977 - නැගෙනහිර සහ දකුණු යුරෝපයට බලපෑ ඇති භූමිකම්පාවකින් පුද්ගලයන් 1,500කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1994 - නාසා ආයතනය කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලය (සේයාරුව) එස්ටීඑස්-62 මෙහෙයුමට දියත් කරයි.
  • 2018 - කොංගෝ ජනරජයේ බ්‍රසාවිල් අගනුවර අවි ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 250කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 3 මාර්තු 4 මාර්තු 5

    view සාකච්ඡාව edit history


    මාර්තු 5:

    නිකොලස් කොපර්නිකස්

    තවත් සිදුවීම්: මාර්තු 4 මාර්තු 5 මාර්තු 6

    view සාකච්ඡාව edit history


    මාර්තු 6: ඝානා රාජ්‍යයේ විමුක්ති දිනය (1957)

  • 1866 - මහනුවර මහනගර සභාව සඳහා පළමු මැතිවරණය පැවැත්විණි.
  • 1882 - සර්බියා රාජධානිය පිහිටුවන ලැබේ.
  • 1964 - ග්‍රීසියේ අවසන් රජු ලෙස දෙවන කොන්ස්ටන්ටයින් රජු (සේයාරුව) කිරුළු පළඳයි.
  • 2003 - ඇල්ජීරියා රාජ්‍යයේදී ගුවන්යානයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි මගීන් 103 දෙනාගෙන් 102 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • 2008 - ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ කේ. සිවනේසන් ඝාතනයට ලක්විය.
  • 2018 - නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ආරම්භ විය.

    තවත් සිදුවීම්: මාර්තු 5 මාර්තු 6 මාර්තු 7

    view සාකච්ඡාව edit history


    මාර්තු 7: ස්ලෝවේනියා රාජ්‍යයේ සමුද්‍ර දිනය (1996)

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
  • 1799 - නැපෝලියන් බොනපාට් පලස්තීනයේ ජොප්පා නගරය අල්ලා ගන්නා අතර ඔහුගේ හමුදා එහි සිටින ඇල්බේනියානු සිරකරුවන් 2,000ක් සමූලඝාතනය කරයි.
  • 1876 - ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් (සේයාරුව) දුරකථනයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සමත් විය.
  • 1931 - ෆින්ලන්තයේ පාර්ලිමේන්තු සංකීර්ණය හෙල්සින්කි අගනුවර නිල වශයෙන් විවෘත කෙරේ
  • 1986 - චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය: යූ.එස්.එස්. ප්‍රිසර්වර් නෞකාවේ ගැලවුම්කරුවන් අභ්‍යවකාශ ෂටල් චැලෙන්ජර් ෂටලයේ මගී කුටිය සොයා ගනී.
  • 1987 - එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකාවේ වවුනියා දිස්ත්‍රික්කයේ, අවරන්තලාව ගම්මානයේදී සිවිල් වැසියන් 6 දෙනෙකු සහ සෙබළුන් 11 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු ඝාතනය කිරීම.
  • 2021 - සමක ගිනියා රාජ්‍යයේ බාටා නගරයේ සිදුවූ පිපිරීම්වලින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අතර 600 දෙනෙකු තුවාල ලබා ඇත.

    තවත් සිදුවීම්: මාර්තු 6 මාර්තු 7 මාර්තු 8

    view සාකච්ඡාව edit history


    මාර්තු 8: ජාත්‍යන්තර කාන්තා දිනය

    මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය
    මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය
  • 1640 ආකර්ස්ලූට් හි විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර් යටතේ කාර්ය සාධක හමුදාවක් ගාලු බොක්කට ගොඩ බැස්වීම.
  • 1917 රුසියානු විප්ලවයේ පෙබරවාරි විප්ලවය ආරම්භ වේ
  • 1924 එක්සත් ජනපදයේ යූටා ප්‍රාන්තයේ ගල් අඟුරු ආකර අනතුරකින් පුද්ගලයින් 172 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • 1942 දෙවන ලෝක යුද්ධය: ජපානය එක්සත් රාජධානියෙන් බුරුමයේ රැන්ගුන් නගරය අල්ලා ගත්තේය.
  • 1979 ෆිලිප්ස් සමාගම පළමු වරට සංයුක්ත තැටිය හඳුන්වා දුන්නේය.
  • 2014 මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බිජිං නුවර බලා පියාසර කරමින් තිබූ මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය (සේයාරුව දැක්වෙන අදාළ ගුවන්යානය) අභිරහස් ලෙස අතුරුදන් විය.
  • තවත් සිදුවීම්: මාර්තු 7 මාර්තු 8 මාර්තු 9

    view සාකච්ඡාව edit history


    මාර්තු 9: ලෙබනන් රාජ්‍යයේ ගුරුවරුන්ගේ දිනය

    යූරී ගගාරීන්
    යූරී ගගාරීන්
  • 1842 - එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු වරට රත්‍රන් සොයා ගෙන ඇත.
  • 1934 - අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ යූරී ගගාරීන් (සේයාරුව) උපත ලැබීය.
  • 1946 - එංගලන්තයේ ක්‍රීඩාංගනයක ඇති වූ තෙරපීමකින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
  • 1977 - එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් ඩී.සී නගරයේ ගොඩනැගිලි 3කට මුස්ලිම් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කර 149 දෙනෙකු ප්‍රාණඇපයට ගෙන ඇත.
  • 1988 - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2 වැනි පාර්ලිමේන්තුව පළමුවරට රැස්විය.
  • 2007 - ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීම.

    තවත් සිදුවීම්: මාර්තු 8 මාර්තු 9 මාර්තු 10

    view සාකච්ඡාව edit history


    මාර්තු 10:

    යුරේනස් ග්‍රහලෝකයේ වළලු පද්ධතිය
    යුරේනස් ග්‍රහලෝකයේ වළලු පද්ධතිය
  • 1801 එක්සත් රාජධානියේ පළමු සංගණනය පැවැත්වෙයි.
  • 1933 එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරහිදී ඇතිවූ භූමිකම්පාවකින් 108කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1952 කියුබාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
  • 1977 තාරකා විද්‍යාඥයින් යුරේනස් ග්‍රහලෝකයේ වළලු පද්ධතිය (සේයාරුව) සොයා ගනියි.
  • 2009 දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරයි.
  • 2019 ඉතියෝපියාවේ බිෂොෆ්ටු ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 9 මාර්තු 10 මාර්තු 11

    view සාකච්ඡාව edit history


    මාර්තු 11

    රොබට් බ්‍රවුන්රිග්
    රොබට් බ්‍රවුන්රිග්
  • 1812 - රොබට් බ්‍රවුන්රිග් (සේයාරුව) බ්‍රිතාන්‍ය ලංකාවේ තුන්වන ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගනී.
  • 1942 - දෙවන ලෝක යුද්ධය: කෙටිකාලීන ජපන් රූකඩ රාජ්‍යයක් වූ වියට්නාම අධිරාජ්‍යය පිහිටුවනු ලැබේ.
  • 1988 - ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, සුහදගම ප්‍රදේශයේදී බස් රථයකට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 8 දෙනෙකුට තුවාල ලබා ඇත.
  • 1990 - ලිතුවේනියාව සෝවියට් සංගමයෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1991 - බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ (BBC) ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව වන බීබීසී වර්ල්ඩ් නිව්ස් නාලිකාව දියත් වුණි.
  • 2004 - මැඩ්රිඩ් නගරයේ දුම්රිය බෝම්බ ප්‍රහාරය: අල්කයිඩා ත්‍රස්තවාදීන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දුම්රියවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 2,050 දෙනෙකුට තුවාල ලබා ඇත.

    තවත් සිදුවීම්: මාර්තු 10 මාර්තු 11 මාර්තු 12

    view සාකච්ඡාව edit history


    මාර්තු 12:

    මහත්මා ගාන්ධි
    මහත්මා ගාන්ධි
  • 1918 - මොස්කව් නගරය රුසියාවේ අගනුවර බවට පත්විය.
  • 1930 - මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව දන්දි යාත්‍රා සත්‍යග්‍රහය (සේයාරුව) ආරම්භ කරයි.
  • 1968 - මුරුසිය එක්සත් රාජධානියෙන් නිදහස ලබයි.
  • 1993 - ඉන්දියාවේ මුම්බායි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,400 දෙනෙකුට තුවාල ලබා තිබේ.
  • 1999 - චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට එක් විය.
  • 2018 - නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකුට තුවාල ලබා තිබේ.

    තවත් සිදුවීම්: මාර්තු 11 මාර්තු 12 මාර්තු 13

    view සාකච්ඡාව edit history


    මාර්තු 13:

    ගාලු කොටුව
    ගාලු කොටුව
  • 1640 ගාලු කොටුව (සේයාරුව) ලන්දේසීන් විසින් අත්පත් කර ගනියි.
  • 1697 අවසාන ස්වාධීන මායා රාජධානිය, ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ට යටත් වෙයි.
  • 1781 විලියම් හර්ෂෙල් විසින් යුරේනස් ග්‍රහලෝකය සොයා ගනියි.
  • 1888 ජර්මානු නවගිනියාවේ රිටර් දූපතේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ඇතිවූ සුනාමියකින් 3,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1979 ග්‍රෙනඩාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
  • 2016 තුර්කියේ අන්කාරා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 37 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 127 දෙනෙකු තුවාල ලැබෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 12 මාර්තු 13 මාර්තු 14

    view සාකච්ඡාව edit history


    මාර්තු 14: පයි දිනය

    සෝල් නගරය
    සෝල් නගරය
  • 1965 එක්සත් ජනපද මුදල් ඒකකය රන් සම්මතයට අනුගමනය කරයි.
  • 1926 කොස්ටාරිකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 248 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1951 කොරියානු යුද්ධය: එක්සත් ජාතීන්ගේ හමුදා සෝල් නගරය (සේයාරුව) යළි අත්පත් කරගනියි.
  • 1980 පෝලන්තයේ වෝර්සෝ අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2006 චෑඩ් ජනරජයේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්‍රයත්නයක් සිදු වෙයි.
  • 2021 මියන්මාරයේ හ්ලයිංතායා ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 13 මාර්තු 14 මාර්තු 15

    view සාකච්ඡාව edit history


    මාර්තු 15:

    ජුලියස් සීසර්
    ජුලියස් සීසර්
  • ක්‍රිපූ 44 රෝමානු ජනරජයේ ඒකාධිපති වූ ජුලියස් සීසර් (සේයාරුව) ඝාතනයට ලක් වෙයි.
  • 1877 එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලොව ප්‍රථම ටෙස්ට් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.
  • 1917 රුසියාවේ දෙවන නිකොලස් අධිරාජ්‍යයා සිහසුන අත්හැර දමයි.
  • 1951 ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කරයි.
  • 2011 සිරියාවේ සිවිල් යුද්ධය ඇරඹෙයි.
  • 2019 ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය: නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරගත් සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 14 මාර්තු 15 මාර්තු 16

    view සාකච්ඡාව edit history


    මාර්තු 16:

    සචින් ටෙන්ඩුල්කාර්
    සචින් ටෙන්ඩුල්කාර්
  • 1898 ඕස්ට්‍රේලියාව නිර්මාණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත 6 ක නියෝජිතයන්ගෙන් සාකච්ඡා ඇරඹෙයි.
  • 1925 චීනයේ ඩාලි ප්‍රදේශයේදී ඇතිවූ භූමිකම්පාවකින් 5,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1969 වෙනිසියුලාවේ මරිකයිබෝ ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 155 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1994 ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ කුදිරමලේ මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා ඉලක්ක කර දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කරයි. එහිදී පුද්ගලයන් 17 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 3 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 2012 ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් (සේයාරුව) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතක 100ක් රැස්කළ පළමු පිතිකරුවා බවට පත්වෙයි.
  • 2014 යුක්‍රේනයෙන් වෙන්වී රුසියාවට එක්වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක ජනමත විචාරණයක් ක්‍රිමියාවේ පැවැත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 15 මාර්තු 16 මාර්තු 17

    view සාකච්ඡාව edit history


    මාර්තු 17: බංග්ලාදේශයේ ළමා දිනය (1996);

    අර්ජුන රණතුංග
    අර්ජුන රණතුංග
  • 1861 ඉතාලි රාජධානිය බිහි වෙයි.
  • 1891 ජිබ්‍රෝල්ටා බොක්කේදී නැව් දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 562 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1957 පිලිපීනයේ සිදුවූ ගුවන් අනතුරකින් එරට ජනාධිපතිවරයා ඇතුළු 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1988 වෙනිසියුලා දේශසීමාව ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 143 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1992 වර්ණභේදවාදය අවසන් කර ගැනීමට දකුණු අප්‍රිකාවේ ජනමත විචාරණයක් පැවැත්වෙයි.
  • 1996 අර්ජුන රණතුංග (සේයාරුව) ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරයි.

    තවත් සිදුවීම්: මාර්තු 16 මාර්තු 17 මාර්තු 18

    view සාකච්ඡාව edit history


    මාර්තු 18:

    ඇලෙක්සි ලියනෝෆ්
    ඇලෙක්සි ලියනෝෆ්
  • 1922 මහත්මා ගාන්ධිට සිවිල් අකීකරුකම සම්බන්ධයෙන් වසර හයක සිර දඬුවමක් නියම කරයි.
  • 1937 එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිව් ලන්ඩන් ප්‍රදේශයේ පාසලක ඇතිවූ පිපිරීමකින් 300කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1965 රුසියානු ජාතික ඇලෙක්සි ලියනෝෆ් (සේයාරුව) අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා බවට පත්වෙයි.
  • 1980 කාම්බෝජයේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සිදු වෙයි.
  • 1996 පිලිපීනයේ කුවේසොන් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 162 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2013 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කරයි.

    තවත් සිදුවීම්: මාර්තු 17 මාර්තු 18 මාර්තු 19

    view සාකච්ඡාව edit history


    මාර්තු 19:

    සිඩ්නි වරාය පාලම
    සිඩ්නි වරාය පාලම
  • 1833 කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශයට ප්‍රකාරව ලංකාවේ විධායක සභාව පිහිටුවනු ලැබෙයි.
  • 1932 සිඩ්නි වරාය පාලම (සේයාරුව) විවෘත කරයි.
  • 1945 දෙවන ලෝක යුද්ධය: ඇමරිකානු ගුවන් යානා ගෙන යන නෞකාවක් වන ෆ්‍රෑන්ක්ලින් නෞකාව ජපාන වෙරළට ඔබ්බෙන් ප්‍රහාරයකට ලක්වෙයි. එහිදී සෙබළු 724 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1960 ලංකාවේ 4වැනි මහ මැතිවරණය පැවැත්වෙයි.
  • 1998 ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2016 තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 5 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 36 දෙනෙකු තුවාල ලැබෙයි

    තවත් සිදුවීම්: මාර්තු 18 මාර්තු 19 මාර්තු 20

    view සාකච්ඡාව edit history


    මාර්තු 20: ටියුනීසියාවේ නිදහස් දිනය (1956)

    ඇල්බට් අයින්ස්ටයින්
    ඇල්බට් අයින්ස්ටයින්
  • 1854 එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන රිපබ්ලිකන් පක්ෂය පිහිටුවනු ලැබෙයි.
  • 1861 ආර්ජන්ටිනාවේ මෙන්ඩෝසා පළාතේදී ඇතිවූ භූමිකම්පාවකින් 6,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1916 ඇල්බට් අයින්ස්ටයින් (සේයාරුව) විසින් සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය ප්‍රකාශයට පත් කරයි.
  • 1969 ඊජිප්තුවේ අස්වාන් ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2003 ඉරාක යුද්ධය: එක්සත් ජනපදය ඇතුළු රටවල් ඉරාකය ආක්‍රමණය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරයි.
  • 2012 ඉරාකයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 52 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 19 මාර්තු 20 මාර්තු 21

    view සාකච්ඡාව edit history


    මාර්තු 21: නැමිබියාවේ නිදහස් දිනය (1990)

    ඔටෝ වොන් බිස්මාර්ක්
    ඔටෝ වොන් බිස්මාර්ක්
  • 1844 බහායි විශ්වාසයේ දිනදසුන මෙදින සිට ආරම්භ වෙයි.
  • 1864 උතුවන්කන්දේ සූර සරදියෙල් පොලිස් අත්අඩංගුවට පත්වෙයි.
  • 1871 ජර්මානු අධිරාජ්‍යයේ පළමු චාන්සලර්වරයා ලෙස ඔටො වොන් බිස්මාර්ක් (සේයාරුව) දිවුරුම් දෙයි.
  • 1960 දකුණු අප්‍රිකාවේ ෂාප්විල් ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 180 දෙනෙකු තුවාල ලැබෙයි.
  • 2006 ට්විටර් (එක්ස්) සමාජ මාධ්‍ය ජාලය එළිදකීයි.
  • 2022 චීනයේ ගුවාංෂි නුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 20 මාර්තු 21 මාර්තු 22

    view සාකච්ඡාව edit history


    මාර්තු 22: ලෝක ජල දිනය

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල
    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල
  • 1873 පුවටෝ රිකෝ වහල්භාවය අහෝසි කරයි.
  • 1933 නාසි ජර්මනිය එහි පළමු සිර කඳවුර විවෘත කරයි.
  • 1943 දෙවන ලෝක යුද්ධය: බෙලරුසියාවේ කැටින් ගම්මානයේ සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයින් 149 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1965 ලංකාවේ 6වැනි මහ මැතිවරණය පැවැත්වෙයි.
  • 2017 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල (සේයාරුව) ඉදිරිපිට ඉස්ලාමීය අන්තවාදියෙකු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරයි.
  • 2024 රුසියාවේ ක්‍රෝකුස් නගරයේ ගීත ප්‍රසංගයක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 145 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 551 දෙනෙකු තුවාල ලැබෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 21 මාර්තු 22 මාර්තු 23

    view සාකච්ඡාව edit history


    මාර්තු 23: පාකිස්ථානයේ ජනරජ දිනය (1956);

    මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
    මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
  • 1889 ඉස්ලාමීය ආගමික ව්‍යාපාරයක් වන අඃමදියා ව්‍යාපාරය පිහිටුවනු ලැබෙයි.
  • 1933 ඇඩොල්ෆ් හිට්ලර්ට ඒකාධිපති බලතල ලබා දෙන පනතක් ජර්මානු පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි.
  • 1982 ග්වාතමාලාවේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සිදු වෙයි.
  • 1991 සියෙරා ලියෝන් රාජ්‍යයේ සිවිල් යුද්ධය ඇරඹෙයි.
  • 2001 රුසියානු මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (සේයාරුව) සේවා කාලය අවසාන කරයි.
  • 2021 සූවස් ඇළේ නෞකාවක් සිරවී නැව් ගමනාගමනය අවහිර කරයි.

    තවත් සිදුවීම්: මාර්තු 22 මාර්තු 23 මාර්තු 24

    view සාකච්ඡාව edit history


    මාර්තු 24:

    අදාළ බැක්ටීරියාවේ සෛල
    අදාළ බැක්ටීරියාවේ සෛල
  • 1878 එච්එම්එස් යුරිඩිස් නම් ඉංග්‍රීසි නෞකාව උතුරු ගිලී යයි. එහිදී පුද්ගලයන් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1882 ක්‍ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව (සේයාරුව) සොයා ගැනියි.
  • 1944 ඉතාලියේ රෝම අගනුවරදී සිදුවූ සමූලඝාතනයකින් පුද්ගලයන් 335 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1990 ශ්‍රී ලංකා සිවිල් යුද්ධයඉන්දියානු මැදිහත්වීම නිල වශෙන් අවසන් වෙයි.
  • 2008 භූතානය නිල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වෙයි.
  • 2015 ඇල්ප්ස් කඳු වැටියේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 150 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 23 මාර්තු 24 මාර්තු 25

    view සාකච්ඡාව edit history


    මාර්තු 25: ග්‍රීසියෙහි නිදහස් දිනය (1821)

    ටයිටන් චන්ද්‍රයා
    ටයිටන් චන්ද්‍රයා
  • 1655 - සෙනසුරු ග්‍රහලොවේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් චන්ද්‍රයා (සේයාරුව) සොයා ගැනියි.
  • 1911 - එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ඇඟලුම් කම්හලක හටගත් ගින්නකින් සේවකයින් 146 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1941 - දෙවන ලෝක යුද්ධය: යුගෝස්ලාවියාව අක්ෂ බලවතුන්ට එක්වෙයි.
  • 1947 - එක්සත් ජනපදයේ සෙන්ට්‍රාලියා ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 111 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1954 - පෝක් සමුද්‍ර සන්ධියේ වාර්තා කළ පළමු පීනා තරණය සිදුවෙයි.
  • 1987 - දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් සේරුනුවර සමූලඝාතනය සිදුකරයි.

    තවත් සිදුවීම්: මාර්තු 24 මාර්තු 25 මාර්තු 26

    view සාකච්ඡාව edit history


    මාර්තු 26: බංග්ලාදේශයෙහි නිදහස් දිනය (1971);

    ඊජිප්තු-ඊශ්‍රායල සාම ගිවිසුමේ අත්සන් තැබීමේ අවස්ථාව
    ඊජිප්තු-ඊශ්‍රායල සාම ගිවිසුමේ අත්සන් තැබීමේ අවස්ථාව
  • 1812 වෙනිසියුලාවේ කරකාස් අගනුවර ඇතිවූ භූමිකම්පාවකින් 20,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1871 ලංකාවේ පළමු ජන සංගණනය පවත්වනු ලැබෙයි.
  • 1896 නවසීලන්තයේ ග්‍රේමවුත් ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 65 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1979 අන්වර් සදාත්, මෙනචෙම් බෙගින් සහ ජීමී කාටර් එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවරදී ඊජිප්තු-ඊශ්‍රායල සාම ගිවිසුමට අත්සන් තබයි (සේයාරුව).
  • 2007 භූතානය නිල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වෙයි.
  • 2010 දකුණු කොරියානු දිය යට නාවික යාත්‍රාවක් ගිලි යයි. එහිදී නාවිකයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

    කේ. ඩබ්ලිව්. දේවනායගම් (උ. 1910) · කේ.එම් රත්නපාල (උ. 1965) · අබේවර්ධන බාලසූරිය (ම. 2010)
    තවත් සිදුවීම්: මාර්තු 25 මාර්තු 26 මාර්තු 27

    view සාකච්ඡාව edit history


    මාර්තු 27: මියන්මාරයෙහි සන්නද්ධ හමුදා දිනය (1974);

    යූරී ගගාරීන්
    යූරී ගගාරීන්
  • 1638 දකුණු ඉතාලියට බලපෑ ඇති භූමිකම්පාවකින් 30,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1836 ටෙක්සාස් ගොලියඩ් ප්‍රදේශයේදී මෙක්සිකානු හමුදාව ටෙක්සස් හමුදා යුධ සිරකරුවන් 342 දෙනෙකු සමූලඝාතනය කරයි.
  • 1968 අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වූ යූරී ගගාරීන් (සේයාරුව) ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1977 කැනරි දූපත් සමූහයේ ටෙනරීෆ් දූපතේදී ගුවන් යානා දෙකක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 583 දෙදෙනකු ජීවිතක්ෂයට වෙයි.
  • 2009 ඉන්දුනීසියාවේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2020 උතුරු මැසිඩෝනියාව උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට එක්වෙයි.

    අරුණ ද සිල්වා (උ. 1961) · ලීසා මනෝබන් (උ. 1997) · එම්.සී. එෂර් (ම. 1972)
    තවත් සිදුවීම්: මාර්තු 26 මාර්තු 27 මාර්තු 28

    view සාකච්ඡාව edit history


    මාර්තු 28: ටිබෙටයෙහි ප්‍රවේණිදාස විමුක්ති දිනය (1959);

    ජේම්ස් කැලගන්
    ජේම්ස් කැලගන්
  • 1802 ඉතිහාසයේ හමුවූ දෙවන ග්‍රහකය වූ 2 පැලස් ග්‍රහකය සොයා ගැනියි.
  • 1961 ජර්මනියේ ඉජෙන්ස්ඩෝෆ් ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 52 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1979 බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ජේම්ස් කැලගන්ගේ (සේයාරුව) රජය විශ්වාසභංග යෝජනාවකින් එක් ඡන්දයකින් පරාජයට පත් වෙයි.
  • 1999 කොසෝවොහි ඉස්බිකා ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
  • 2005 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ ඇතිවූ භූමිකම්පාවකින් 1,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2020 කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය: ශ්‍රී ලංකාව ඇතුළත කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් වාර්තා වූ පළමු මරණය තහවුරු වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 27 මාර්තු 28 මාර්තු 29

    view සාකච්ඡාව edit history


    මාර්තු 29: තායිවානයෙහි තරුණ දිනය (1911);

    මංගල් පාණ්ඩේ
    මංගල් පාණ්ඩේ
  • 1849 සික් අධිරාජ්‍යය එක්සත් රාජධානිය යටතට පත් වෙයි.
  • 1857 සිපෝයි මංගල් පාණ්ඩේ (සේයාරුව) ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කරයි.
  • 1947 මැඩගස්කරයේ ප්‍රංශ යටත් විජිතකරණයට එරෙහි කැරැල්ලක් ඇරඹෙයි.
  • 1974 ටෙරාකොටා හමුදාව සොයා ගැනියි.
  • 1999 ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඇතිවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 103 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වෙයි.
  • 2017 බ්‍රෙක්සිට්:එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස ආරම්භ කරයි.

    තවත් සිදුවීම්: මාර්තු 28 මාර්තු 29 මාර්තු 30

    view සාකච්ඡාව edit history


    මාර්තු 30: භූමි දිනය (පලස්තීනියානුවෝ)

    රොනල්ඩ් රේගන්
    රොනල්ඩ් රේගන්
  • 1856 ක්‍රිමියානු යුද්ධය අවසන් වෙයි.
  • 1867 එක්සත් ජනපදය රුසියාවෙන් ඇලස්කාව මිලදී ගනියි.
  • 1918 අසර්බයිජාන ජාතිකයන් ඉලක්ක කරගත් සමූලඝාතනයක් එරට අගනුවර වන බකුහිදී ඇරඹෙයි. එහිදී 12,000කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1959 14වන දලයි ලාමා ටිබෙටයෙන් පලා යයි.
  • 1981 එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන්ව (සේයාරුව) වෙඩි තබා ඝාතන කිරීමේ තැතක් සිදුවෙයි.
  • 2023 අධිචෝදනා ලැබූ පළමු හිටපු එක්සත් ජනපද ජනාධිපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 29 මාර්තු 30 මාර්තු 31

    view සාකච්ඡාව edit history


    මාර්තු 31:

    අයිෆල් කුළුණ
    අයිෆල් කුළුණ
  • 1889 අයිෆල් කුළුණ (සේයාරුව) නිල වශයෙන් විවෘත කරයි.
  • 1931 නිකරගුවාවේ මනගුවා අගනුවරහිදී ඇතිවූ භූමිකම්පාවකින් 2,450කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1949 බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයක් වූ නිව්ෆවුන්ඩ්ලන්ඩ් නිල වශයෙන් කැනඩාවට එක් වෙයි.
  • 1986 මෙක්සිකෝවේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 167 ජීවිතක්ෂයට පත් වෙයි.
  • 1991 වෝර්සෝ ගිවිසුම විසුරුවා හරියි.
  • 2022 අරගලය: විරෝධතාකරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදීමට උත්සාහ කරයි.

    තවත් සිදුවීම්: මාර්තු 30 මාර්තු 31 අප්‍රේල් 1

    view සාකච්ඡාව edit history


    තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
    ජනවාරිපෙබරවාරිමාර්තුඅප්‍රේල්මැයිජුනිජූලිඅගෝස්තුසැප්තැම්බර්ඔක්තොම්බර්නොවැම්බර්දෙසැම්බර්


    තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම්තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්


    දැන් වෙලාව 23:32 සඳුදා, ජූනි 8, 2026 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න