විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/2017

විකිපීඩියා වෙතින්

පරිශීලක Ravindu Navin වාරණය[සංස්කරණය]

පරිපාලකවරු වෙත. පරිශීලක Ravindu Navin විසින් දිගින් දිගටම විකිපීඩියාව තුල සිදුකරණ මතභේදාත්මක හා කඩාකප්පල්කාරී සංස්කරණ රටාව මෙම විකී අවකාශයේ තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ දැඩි අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමි. ඔහුගේ හැසිරීම මෙහි අනෙකුත් පරිශීලකයන් වෙත දැඩි පීඩාවක් ඇති කොට ඇති බව ඉතාමත් පැහැදිලිව දැක්වීමට තරම් සාධක රැසක් පවතී. පරිශීලක Ravindu Navinට සිය සංස්කරණ නිවැරදි අයුරින් පවත්වාගෙන යාම සදහා මීට පෙර මේ සම්බන්ධව මගපෙන්වීම් රැසක් සහ අවැසි තරම් කාලය අනෙකුත් පරිශීලකයින් විසින් ලබාදී තිබුණත් ඔහු විසින් නොනවත්වා වැරදි සංස්කරණ රාශියක් විකියේ සිදුකොට ඇත. මෙවැනි කරුණු හේතුවෙන් ඔහුට වාරණ තහනමක් යෙදිය යුතුයැයි මා යෝජනා කරමි. මේ යෝජනාව සාධාරණීකරනය කිරීමට තරම් අවැසි සාධක රාශියක් පෙන්වා දීමට හැකියාව පවතී. එසේම මේ සම්බන්ධයෙන් ඔබලාගේ ප්‍රතිචාරය මෙන්ම අනෙකුත් පරිශීලකමහතුන්ගේ අදහස්ද ඉක්මනින් බලාපොරොත්තු වෙමි.--L Manju (talk) 14:20, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි. යෝජනාව සිදු කරන පරිශීලක තුමන්ගේ යෝජනාවට සහය පලකරමි. මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් අනුගමනය කෙරෙන්නේ නම් මේ පිළිබඳව සාධක මවිසින්ද ඉදිරිප කෙරෙනු ඇත.----Shwetha (talk) 15:13, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
  2. සහයෝගය පළ කරමි. පරිශීලකයන්ට මානසික අල්ලස් ලබා දීම​. ජේෂ්ඨත්වයක් ගැන නිතරම දොඩමින් වැරදි ආකල්පයක් සමාජ ගත කිරීම​. පරිපාලකයන් වන්දනාව​, සහ අන් පරිශීලකයන්ට අශිෂ්ඨ අයුරින් කතා බහ කිරීම​. තමුන් ගේ වැරදි පෙන්වා දෙන විට නරකයි. නමුත් කිසිම වරදක් නොකරන අයෙක් ලෙස අනික් පරිශීලකයන් පහත් අයුරින් අමතයි. දැන් අපට වී ඇත්තේ මොහුගේ ගුණ වැයීමටයි.    | අනංගයා | සංවාදය​ | 15:49, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
  3. සහයෝගය පළ කරමි. මෙම පරිශීලකයා (Ravindu Navin) වාරණය කළ යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාවට සහාය පළකිරීමට සිදුව ඇත. මාස ගණනාවක් තිස්සේ ඔහු නිවැරදි මාර්ගයට එනු ඇතැයි අපේක්ෂා කළත් එය එසේ සිදු නොවන බව දක්නට ලැබීම කණගාටුවට කරුණකි. ඔහු සිංහල විකිපීඩියා සංස්කරණ ආරම්භ කළ කාලයේදී අනෙකුත් පරිශීලකයන් නිවැරදිව සංස්කරණ කටයුතු කළයුතු ආකාරය පෙන්වා දෙද්දී ඔවුන් නවකයින් සපාකන බවට චෝදනා කළ ඔහු දැන් දැන් විකිපීඩියාවේ අනෙකුත් පරිශීලකයන් අමතන්නේ ඉතා පහත් අයුරිනි. (සාකච්ඡාව:ශාහිඩ් කපූර් බලන්න). විකිපීඩියා සාකච්ඡා පිටුවල, පහත් ආකාරයෙන් අනෙකුත් පරිශීලකයන් ඇමතීම පවා එම පරිශීලකයා වාරණය කිරීමට ප්‍රමාණවත් හේතුවකි. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඔහුගේ වැරදි සාකච්ඡා පිටුවලට පමණක් සීමා වූවක් නොවීමයි. විකිපීඩියාව සමූහයක ප්‍රයත්නයක් වශයෙන් නොව, තමාගේ නීති රීති වලට අනුව සහ තමාට අවශ්‍ය පරිදි ගොඩනැංවිය යුත්තක් බව සිතන ඔහු විකිපීඩියාවේ දැනට පවතින ලිපි සියල්ලක්ම මකා දැමිය යුතු බවක් සිතන බව ද පෙනෙන්නේ ඒවා නිර්මාණය කළ පරිශීලකයන්ට පහත් අයුරින් අමතන අතරම නිසි උපමාන දැක්වීමකින් තොරව ලිපි රාශියක් මකා දැමීමට යෝජනා කිරීම මගිනි. පරිශීලකයන්ට ඉතා පහත් ලෙස අමතා ඔවුන්ගේ වැරදි පෙන්වා දීමට උත්සාහ දරණ Ravindu ට, අනෙකුත් පරිශීලකයන් ඔහුගේ වැරදි පෙන්වා දෙන විට එය පිළිගැනීමට තරම්වත් ගුණධර්මයක් නොමැත. ඒ තමන් සර්ව සම්පූර්ණ බවක් ඔහු සිතා සිටිනා බැවින් විය යුතුය. කෙසේ නමුත් සිංහල විකිපීඩියාවට Ravindu Navin ගෙන් සිදුවන්නේ සේවයකට වඩා හානියක් බැවින් ඔහු වාරණය කරන්නැයි ඉල්ලමි. ස්තුතියි. ----Randeer (talk) 06:43, 11 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
Dear Administrators
A user had requested temporary blocking of Ravindu Navin citing repetitive incorrect editing. Three other users had already supported it. Please take early action. ---- Shwetha (talk) 07:34, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

YesY කළා - (by Singhalawap (talk  contribs)). --Lee (talk) 16:26, 25 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

Yes he dad imposed a temporary block of one week. As per this I request imposition of one month block supported by L Manju please. We seek your intervention here please. ----Shwetha (talk) 17:10, 25 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
තත්වය නැවත විශ්ලේෂණය කර බලමු නේද? පෙරදී නම් මෙම පරිශීලකයා කර තිබූ විනාශකාරී සංස්කරණ කීපයක් මටත් හමු වුණා. අවවාදයට පසු හැසිරීම හොඳ නම් මෙම අයිතමය ඉවත් කර ගමු. එහෙම නැත්තන් සදාකාලික වාරණයක් යොදමු. --Lee (talk) 01:18, 15 නොවැම්බර් 2016 (යූටීසී)[reply]
ස්ථිර ලෙස වාරණය කරන ලදී. --Lee (talk) 11:49, 1 ජූලි 2017 (යූටීසී)[reply]

මෙම පරිශීලක විසින් හිතාමතා විනාශකාරි අයුරින් පිටු නිර්මාණ කර ඇති බැවින් මොහුව වාරණය කරමි. විරෝධතා ඇතොත් දන්වන්න. --Lee (talk) 07:36, 18 පෙබරවාරි 2017 (යූටීසී)[reply]

Lee I could not undersatand what you are saying and explain me what is backlog and please do not block me. I'll give you my reply after you explain me about deletion backlog and the problem you are facing? Please... reply me.--Shriheeran (talk) 06:09, 19 පෙබරවාරි 2017 (යූටීසී)[reply]

Discussion in progress on the users talk page. --Lee (talk) 16:35, 20 පෙබරවාරි 2017 (යූටීසී)[reply]

Shewtha සමඟ කටයුතු කිරීම තරමක් අපහසු වෙමින් පවතී. කරුණාකර ඒ ගැන සොයා බලනවා ද![සංස්කරණය]

මා විසින් පරිපාලකයන්ගේ දැන්වීම් පුවරුවේ කළ සුළු සංස්කරණය ශ්වේත විසින් දැනුම් දීමෙන් පසු lee පරිපාලකතුමා විසින් පුනරාවර්තනය කරන ලදී. මා විසින් එහි දී වරදක් කළ බව වටහා ගත්තෙමි. එය නැවත නොකරන්නෙමි.
නමුත් ඉන් පසුව ශ්වේත, මා විසින් කළ හේතු සහගත සුළු සංස්කරණ සිියල්ලක් ම පවා පුනරාවර්තනය කර ඇත. එය ඔහුගේ පරිශීලක පිටුවේ දැක්වූ නමුත් පිළිතුරු දී නැත. එමෙන්ම 9-14 දින මම "ජිබුටි" විකිපීඩියා පිටුවේ මාතෘකාව "ජිබූටි" විය යුතු බවට, එහි සාකච්ඡා පිටුවේ කරුණු සහිතව දැක්වූයෙමි. නමුත් ඒ සඳහා කරුණු කිසිවක් නැතිව "නැත" ලෙස පමණක් සීතල පිළිතුරක් ශ්වේතයා මට දී ඇත.
විකිපීඩියාව ඔහුගේ උරුමයක් දැයි කියා මට වෙලාවකට සිතේ. ඔහුගේ පරිශීලක පිටුවේ, වෙනත් පරිශීලකයකු, ශ්වේත විසින් සකස් කළ පිටුවක ව්‍යාකරණ වැරදි දක්වා තිබුණත් එය පිළිනොගෙන තම පිටුවල වැරදි නිවැරදි කරන්නේ තමාට අවශ්‍ය වේලාවට බව ඔහු පිළිතුරු දී තිබුණි.
පරිපාලකයකු වීමට ද ඔහුගේ අදහසක් ඇති බවයි මගේ අදහස. එසේ වුවහොත් නම් සිංහල විකිපීඩියාව ඔහුගේ පුද්ගලික නරාවල වන බවට සැකයක් නැත.


INKA000 (talk) 15 නොවැම්බර් 2017

Is user:INKA000 same as Randeer? Socopuppet? Please take action. ---- Shwetha (talk) 15:15, 15 සැප්තැම්බර් 2017 (යූටීසී)[reply]
සමාවන්න! මම රන්දීර් නොවෙමි. රන්දීර්ගෙන් ද සමාව ඉල්ලමි. මම එම කොටස මතකයෙන් ලිවිය නොහැකි නිසා ඉහත මාතෘකාවකින් උපුටා ගත්තෙමි. නම වෙනස් කිරීමට අමතක වුණි. නමුත් ශ්වේත ඔබට පෙනුණු එකම දෙය එයයි. මම ඇසූ ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරක් නම් ඔබ ලබා දුන්නේ නැත. සමහර විට ඔබට ඒවා නොපෙනෙනවා ඇති නේද?
INKA000 (talk) 15 නොවැම්බර් 2017
කණගාටුයි, මට නම් දැකිය හැක්කේ User:INKA000 ගේ වැරදි මිස User:Shwetha ගේ වැරදි නොවේ. කරුණාකර අන් පරිශීලකයන්ගේ ප්‍රකාශ වෙනස් කිරීමෙන් වළකින්න.--Lee (talk) 15:39, 16 නොවැම්බර් 2017 (යූටීසී)[reply]