විකිපීඩියා:තෝරාගත් සේයාරුව/අගෝස්තු 2010

විකිපීඩියා වෙතින්

18 අගෝස්තු 2010ට පෙර[සංස්කරණය]

  • වයලීනය ශ්‍රී ලංකා‍ව තුළ ඉතා ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. බටහිර, උතුරු ඉන්දීය හා කර්ණාඨක ශාස්ත්‍රීය සංගීතය සඳහා මෙන්ම සරල සංගීතයේදී ද බහුලව භාවිත කරයි. කිසියම් සංගීත ශෛලියකට අනුව වාදනය කිරීමේදී එම සංගීත ශෛලියටම ආවේනික වාද්‍ය භාණ්ඩයක් ලෙස ධ්වනි නිපදවීමට හැකිවීම මෙහි සුවිශේෂී ගුණයකි. වයලීන‍යේ උපත පිළිබඳ මත කිහිපයක්ම පවතී. ඉන් එක් මතයකට අනුව වයලීනය ඉන්දියාවෙන් බිහිවූවක් බව පැවසේ. 'රාවණ රස්තම්' නම් වූ වාද්‍ය භාණ්ඩය ඉන්දියාව, පර්සියාව, අරාබිය යන රටවල් හරහා යුරෝපයට ගොස් පරිවර්තනයට ලක්වී වර්තමාන ස්වරූපය ගත්බව තවත් මතයකි. යූරෝපීය මතයකට අනුව වියෝලා නම් වාද්‍ය භාණ්ඩය ඇසුරින් වයලීනය ඇතිවූ බව කියැ වේ. වියෝලා, චෙලෝ හා ඩබල්බේස් වාද්‍ය භාණ්ඩද වයලීනය පවුලට අයත්වේ.


18 අගෝස්තු 2010ට පසු[සංස්කරණය]

ගොනුව:Sitar-1-.jpg
  • සිතාරය හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි. ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.


පැරණි සේයා රූ