විකිපීඩියා:කෝපි කඩේ/2009

විකිපීඩියා වෙතින්

සිංහල විකිපීඩියාවේ නූතන අධි-ක්‍රියාකාරිත්වය[සංස්කරණය]

මෑතකදී සිට සිංහල විකිපීඩියාවේ ලිපි ගණන සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නිරීක්‍ෂණය කෙරුමෙන් අමන්දානන්දයට පත් වූයෙමි. මෙම වෙනසට මූලික හේතුව ප්‍රාථමික වශයෙන් පහත දායකත්වයන් බව මාගේ අදහසයි.

  • කොළඹ විශ්ව විද්‍යාලයයයෙහි IRQUE ව්‍යාපෘතිය
    • සරසවියෙහි පීඨ කිහිපයක විවිධ දැනුම් හා කුසලතා සංකලනයක පැතිකඩක් නිරූපණය කරන සිසු එකමුතුවක වෙර දැරුමකි
  • ICTA ව්‍යාපෘතිය
    • යම් මඩුල්ලක් විසින් පරිවර්තනය කෙරෙන ලිපි විවිධ විෂය පථ නිරූපණය කෙරෙන ආචාර්යය මණ්ඩලයක අධීක්ෂණයට ලක්ව එළිදැක්වේ
  • පරිශීලක Singhalawap
    • ස්වීය වෙරදැරුමකි

මෙම ත්‍රිත්වයම ප්‍රශංසනීය කාර්යයක් සිදු කිරීමට වෙර දරතත්, තුන්වැන්නාගේ කටයුතු පිළිබඳ විවේචනය කිරීමට කැමැත්තෙමි. Singhalawap පරිශීලකයා ගේ ක්‍රියාකාරිත්වය මෙසේය:

  • IRQUE ව්‍යාපෘතිය හා ICTA ව්‍යාපෘතිය විසින් නිපැයුණු ලිපි වල සුළු වෙනස් කම් සිදු කිරීම. බොහෝ විට මෙම වෙනස්කම් ලිපියෙහි නම වෙනස් කිරීමකට සීමා වේ.
  • නව ප්‍රවර්ග නිමැවීම
  • ඉංග්‍රීසි විකිපීඩියාවෙහි ලිපි පරිවර්තනය කිරීම. පරිවර්තනය කිරීම යැයි සඳහන් කරතත් සිංහල නමකට ඉංග්‍රීසි අන්තර්ගතය කැවීම පමණක් බොහෝ විට සිදුවේ. බොහෝ ලිපි වල එකදු ඉංග්‍රීසි අකුරක් හෝ සිංහලට වර නැගූ බවක් නොපෙනේ. ගැමි බසෙන් පවසන පරිදි මෙම ආත බූත කඩා ගෙන යන ගමනේ අරමුණ කුමක් දැයි නොවැටහේ.

මෙයින් සිංහල විකිපීඩියාවට අවැඩක් මිස වැඩක් නොසිදුවන බව නම් මට පෙනේ.

ඔබටත් මෙය පෙනේද? සිංහල විකිපීඩියාව කරවන පරිශීලක මහතුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වේවා!! --මහාසෝණ 15:21, 11 අප්‍රේල් 2009 (යූටීසී)[reply]

All the errors that were pointed to me were simply mistakes done by Singhalawap due to his lack of knowledge about wikipedia. I don’t see any reason for us to ban him. Furthermore he has done (and still doing) a quality work here. My opinion is we should try our best to protect the community we have, not fight with each other. For people who are new to this battle, you may read some of it my talk page. ;-) --Lee 03:00, 22 අප්‍රේල් 2009 (යූටීසී)[reply]
කෑමට අවශ්‍ය වූ විට කබරගොයි මසුත් මසකැයි ගැමි වහරෙහි එන්නේ මෙවැනි කතා වලටය. Singhalawap පරිශීලක වරයාහට විකිපීඩියාව ගැන දැනුමක් නැති නම් පරිපාලක වශයෙන් ඔහු දැනුවත් කිරීම ඔබ විසින් සිදුකල යුතුය. ප්‍රාථමික වශයෙන් ඔහු හට ඇත්තේ සිංහල භාෂාව ගැන මනා දැනුමක් ඇතැයි යන අධි-මානසික තත්ත්වයකි. එනමුදු ඔහු සතු දැනුම අල්ප බව කිව යුතුය. පරිපාලකවරයෙකු ලෙසින් මෙය පමණක් ප්‍රජාවට පවසන්න: පරිපාලක වරුනට අවශ්‍ය සිංහල ලිපි වලින් පෝෂිත විකිපීඩියාවක්ද නැත්නම් ඉංග්‍රීසි ලිපි කොපි කොට නම පමණක් වෙනස් කල ලිපි වලින් පිරි සිංහල විකිපීඩියාවක්ද? ඔබ වර්ණනා කරන Singhalawap පරිශීලක වරයා සිදු කරන්නේ මින් කුමක්ද? සැබෑ ලෙසින් මූලික අධ්‍යයනය කොට ලියැවුනු සිංහල ලිපි සපයන්නන් හා පරිවර්තකයන් සිංහල විකිපීඩියාවෙන් ඈත්ව ඇති බව පරිපාලක වරුනට පෙනේද? එයට හේතුව Singhalawap පරිශීලක වරයා ගැන පරිපාලක වරුන්ගේ ඇල්මැරුණු ආකල්පයද? -- ගෝඨයිම්බර 16:38, 22 අප්‍රේල් 2009 (යූටීසී)[reply]
මාගේ සාකච්ඡා පිටුවෙහි සිංහලවප් තැබූ පරිකථනයෙහි "සාකච්ඡා" යන හෙළ වදන "සාකච්චා" ලෙසද, "සංස්කරණය" යන පදය "සංකරනය" ලෙසද වැරැදියට යෙදූ ඔහු, සිංහල විකිපීඩියාවේ සිංහල නිවැරැදි කරමින් ප්‍රශංසනීය සේවයක් කරන බවක් අපගේ පරිපාලක වරුනට පෙනෙන්නේ කිසියම් ඉන්ද්‍රජාලයක් නිසාද යැයි සැකයකි. ---ගෝඨයිම්බර 13:00, 26 අප්‍රේල් 2009 (යූටීසී)[reply]


මෙම ලිපියෙහි ඇති පරිදී වසර 6000 කට පෙර ලංකාව පාලනය කල රාවණා රජගේ උපන් දිනය ක්‍රි.පූ.5114 ජනවාරි 10 ලෙස දක්වා ඇතත් මිය ගිය දිනය කතුවරයා විසින් දක්වා නොමැති වීම අභාග්‍යයකි. මෙවැනි කෙප්ප ඇද බෑමට ඉඩ දී පරිපාලකයන් පසෙකට වී සිටීමෙන් සිංහල විකිපීඩියාවට යන කල කුමක්ද? --ගෝඨයිම්බර 11:11, 28 අප්‍රේල් 2009 (යූටීසී)[reply]

මෙවැනි දේ සිංහල විකිපීඩියාවේ පමණක් නොව වෙනත් විකිපීඩියා තුළ ද දක්නට ලැබේ. විකිපීඩියාව‍ට ඔනෑම කෙනෙකුට දායකත්වය දිය හැකි නිසා මෙවැනි දේ සිදුවීම ස්වාභාවිකයි. දැන දැනම අසත්‍ය දේ පළ කිරීම නම් හොඳ ගුණයක් නොවේ. නමුත් වැරදීමකින් සිදු වූ දෙයක් නම් නිවැරදි කිරීම පරිපාලකයන්ම සිදු කළ යුතු නොවන් බව කවුරුත් දන්නා දෙයක්ය. මෙවැනි සියුම් දේ ගැන විමසිල්ලෙන් බලන අය විකිපීඩියාව ආර්ම්භයේම සිටීම , එහි අනාගතය හොඳ තත්වකට ගෙන එමට හැකිවනු ඇත.
මක්නිසාද රාවනා රජුගේ උපන්දිනය සාමාන්‍ය දැනුමක් ඇති කෙනෙක්ට නම් මෙය වැරදීමක් යයි සිතා ගත හැකිය. එත් ගැටලුව වන්නේ දෙයක් මුල් වතාවට ඉගෙනගන්න කෙනෙක් මෙමගින් තොරතුරු ලබා ගත්තානම් ය. එමනිසා දන්නා දේ නිවැරදිව ස‍ටහන් කිරීම මහත්මා ගතියකි. මක් නිසාද අසත්‍ය තුලින් කෙනෙකු වැරදී වැ‍ටහීමකට යාමට ගතවන්නේ සුලු කාලයකි.-asiri 09:06, 29 අප්‍රේල් 2009 (යූටීසී)[reply]


මෙම ලිපියෙහි අන්තර්ගතය පිළිබඳ සැක පහල වෙයි. මෙම ලිපියෙහි ඇති පරිදි "ප්‍රචණ්ඩත්වය හා ගැටුම්වලට හඬ නැගිය හැකි ප්‍රභලම මාධ්‍යයයි. නිදසුනක් ලෙස බර්ටෝල් බ්‍රෙස්ට් විසින් නාසි පාලනය අතරතුරදී හ‍ා වියට්නාම් යුද්ධය අතරතුරදී ඉදිරිපත් වූ උද්ඝෝෂක ප්‍රචාරක රංගකාලව දැක්විය හැකිය." ගැන අවධානය යොමු කරමු. බර්ටෝල් බ්‍රෙස්ට් ජීවත් වී ඇත්තේ 1898 පෙබරවාරි 10 දින හා 1956 අගෝස්තු 14 දින අතරතුර වන අතර වියට්නාම් යුද්ධය පැවතී ඇත්තේ 1959 සිට 1975 දක්වාය. ඔහුගේ මරණයෙන් පසුව වියට්නාම් යුද්ධ කාලයේදී උද්ඝෝෂක ප්‍රචාරක රංගකාලව (රංග කලාව?) දැක්වීමට බ්‍රෙස්ට් හට ඇති ඉඩ කඩ සීමිතය.

මෙම ලිපියේ මුල් ඉංග්‍රීසි ආශ්‍රිතය ලෙස දක්වා ඇති en:Theatre ලිපිය තුල කතෝලික යන්නට ඉංග්‍රීසි වදන වන Catholic යන වදන එක් තැනක හෝ දක්නට නොමැත. එමනිසා මෙම ලිපියේ දැක්වෙන "කතෝලික පල්ලි විසින් රංග පීඨයන් තුළ ප්‍රසාංගිකත්වය වැඩිකරනුවස් රාගයට ලැදි, අභිරහස්, සදාචාරාත්මක ආදී නාට්‍යයන් නිර්මාණයේ යෙදුණහ." ද්වේශසහගත ලෙස යෙදුනේද යන්න ගැන සැක පහලවනුයේ කතෝලික පල්ලිය විසින් රාගයට ලැදි නාට්‍ය නිපදවූවාදැයි සාධාරණ සැකයක්ද පහල වන බැවිණී.

මේ ගැන පරිපාලක අවධානය පතමු.-- දසනැබළයෝ 14:45, 1 ජූනි 2009 (යූටීසී)[reply]

As I mentioned before, sysops don’t own the wikipedia. The community owns it. This kind of disagreements should be handled by the community. Only if things go out of control sysops should interfere. Other than the request for sysop involvement you are right in initiating a discussion regarding this. I did a check on the English article and it seems that the Sinhala translation is done on an old copy of the English article. Please check this page [1]. There you can see the English article do refer to Catholic Church. Therefore please check the facts before you get angry with someone. They may be trying to help us not hurt us. --Lee 08:11, 3 ජූනි 2009 (යූටීසී)[reply]
Please accept my apologies for drawing sysop attention to this matter. As I am a new user, I am ignorant about these & mostly I play by the ear. Thanks for highlighting the old revision of the English article. I should have dug into the past before commenting. However the user who did the translation has done it wrong by translating "passion" as "රාගයට ලැදි", as "passion" is (in christian meaning) දුක්ප්‍රාප්තිය (The last night Jesus Christ spent before his trial & subsequent crucifixion) and doesn't mean "lust" or "desire" according to its context of usage in the article. With regard Brecht, the old revision refers as "Brecht during the Nazi regime or "Agitprop" during Vietnam." The editor in his/her translation had attributed Nazi regime and Vietnam both to Brecht erroneously. "Agitprop" is a shortened term (Russian) for Agitation & Propaganda. Thanks --දසනැබළයෝ 10:23, 3 ජූනි 2009 (යූටීසී)[reply]


සිංහල විකිපීඩියාවේ පිටු සැකසුම[සංස්කරණය]

How to insert a table or picture to a newly made page..? Anyway i would like to propose to maintain a page with instructions on making new pages to sinhala wikipedia.... --Epannila 09:53, 21 සැප්තැම්බර් 2009 (යූටීසී)[reply]

සමාවන්න. එය සොයාගතිමි. වෙනත් අයෙකුගේ දැනගනීම පිණිස එම පරිශීලකය මෙහි දක්වමි.

http://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%94:%E0%B6%B4%E0%B6%A7%E0%B7%94%E0%B6%B1 --Epannila 09:53, 22 සැප්තැම්බර් 2009 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:කෝපි_කඩේ/2009&oldid=109351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි