ආහාර රටා

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:ආහාර රටාව වෙතින් යළි-යොමු කරන ලදි)
රසායනාගාර මීයා

බටහිර ආහාර රටාවේ වැනි, සත්ව මේදය හා සත්ව ප්‍රෝටීන මත පදනම් වූ ආහාර සෞඛ්‍යට අහිතකර බව තර්ක ඉදිරිපත් වීමට මූලික වුනු පර්යේෂණ කිහිපයක්ම මීළඟ දශකය තුළ ඩීන් ඕනිෂ්, කැඩ්වෙල් එසෙල්ස්ටයින්, නීල් ඩී. බර්නාඩ්, ජෝන් ඒ. මැක්ඩගල්, මයිකල් ග්‍රෙගර් වැනි වෛද්‍යවරුන්, ජෛව රසායන විද්‍යාඥ ටී. කොලින් කැම්බෙල් (T. Colin Campbell) සහ තවත් විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් සිදුවුනි. මැක්ඩගල්ගේ "The McDougall Plan" (1983), මස් අනුභවය පරිසර හානිය සමඟ එක්කළ ජෝන් රොබින්ගේ "Diet for a New America" (1987) සහ වෛද්‍ය ඩීන් ඕනිෂ්ගේ "Program for Reversing Heart Disease" (1990) ඇතුළු නිර්මාංශ ආහාර රටා නිර්දේශ කරන පොත් පෙළක්ම ඔවුහු රචනය කළේය. 2003දී උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන ආහාරවේදී සංගම් දෙකක් මනාව සැලසුම් කළ වීගන් ආහාර වේල් ජීවිතයේ ඕනෑම අවධියක අයෙකුට සුදුසු බව කියා සිටියේය. පසුව නිර්මාණය වුනු "Earthlings" (2005) සහ "Forks over Knives" (2011) යන චිත්‍රපටිවල සහ කැම්බෙල්ගේ "The China Study" (2005), රෝරි ෆ්‍රීඩ්මෑන් සහ කිම් බානුයින්ගේ "Skinny Bitch" (2005) සහ ජොනතන් සැෆ්‍රාන් ෆෝයර්ගේ "Eating Animals" වැනි ග්‍රන්ථවල මෙම කාරණය ඉස්මතු කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=ආහාර_රටා&oldid=470573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි