විකිපීඩියා:අත්මේස් රූකඩකරණය/සැකකරු සඳහා උපදෙස්

විකිපීඩියා වෙතින්

සැකකරු සඳහා උපදෙස්:

අත්මේස් රූකඩකරණයෙහි යෙදුනු බවට සැක කිරීමකට ප්‍රතිචාර දක්වන අයුරු:

ඔබ මෙතැන සිටී නම්, එයින් බොහෝ දුරට ගම්‍ය වන්නේ, යමෙකු විසින් ඔබ අත්මේස් රූකඩයෙක් යැයි සිතනු ලබන බැවින්, එම පරිශීලකයා විසින් ඔබගේ පරිශීලක සාකච්ඡා පිටුවෙහි {{අත්මේස්රූකඩයා}} යන්නක් බහා ලනු ලැබ ඇති බවය. ඔබ විසින් පහත දේ කල හැක:

I. සාක්ෂි පිටුව, සැකකාර අත්මේස් රූකඩයා සැකිල්ලට බැඳී ඇති අතර, එය පිහිටා ඇත්තේ විකිපීඩියා:සැකකාර අත්මේස් රූකඩයෝ/ඔබගේපරිශීලකනාමය පිටුවෙහිය (හෝ, මෙය ඔබ පිළිබඳ පළමු චෝදනාව නොවේ නම්, විකිපීඩියා:සැකකාර අත්මේස් රූකඩයෝ/ඔබගේපරිශීලකනාමය (2වන) හෝ එවැනි වෙනත් පිටුවකය). චෝදකයා විසින් උචිත සාක්ෂි පිටුවක් සාදා නොමැති නම්, ඔබ විසින් දැන්වීම ඉවත් කල යුතුය.
II. චෝදකයා විසින් ඔබට එරෙහිව සාක්ෂි ලැයිස්තුගත කර ඇති නම් හා, එවා නිසැකයෙන්ම වැදගම්මකට නැති ඒවා නොවේ නම්, ඔබ විසින් චෝදනා වලට ප්‍රතිචාර දැක්විය යුතුය. එයින් එක එකක් සඳහා සාක්ෂි පිටුව තුලදී ප්‍රතිචාර දැක්වීමට ඔබට ඉඩ ලැබෙන මුත් චෝදනා ඉවත් කිරීමට ඔබට අවසර නොලැබේ.
III. චෝදකයා විසින් දින දහයක් ඇතුලත චෙක්යූසර් වෙත ඉල්ලීම් කර නොමැති නම්, පරිපාලකවරයෙකු විසින් මෙම වාර්තාව වසා දමනු ලැබේ.