ව්‍යවහාරික මානව විද්‍යාව

විකිපීඩියා වෙතින්

ව්‍යවහාරික මානව විද්‍යාව යනු මානව විද්‍යාවේ විධික‍්‍රමයන් සහ න්‍යායන් ප‍්‍රායෝගික ගැටලූ වලට විසඳුම් ලබාගැනීම සඳහා යෙදීමයි. මානව විද්‍යාව ජීව විද්‍යාත්මක, සංස්කෘතික භාෂාවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක යන උප ධාරාවන්ගෙන් සමන්විත වන බැවින් මෙම උප ධාරාවන් එකක හෝ ප‍්‍රායෝගික යෙදවුම ‘ව්‍යවහාරික මානව විද්‍යාව’ යනුවෙන් හඳුනාගත හැක. සමහර ප‍්‍රායෝගික ගැටලූ සඳහා මෙම උප ධාරාවන් සියල්ලම යොදාගැනීමට අවශ්‍ය විය හැක. උදාහරණයක් ලෙස ස්වදේශික ඇමරිකානු ප‍්‍රජාවගේ සංවර්ධන වැඩසටහනකදී ජල මූලාශ‍්‍ර අයිතීන් පිලිබඳව වන අයිතීන් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරීමට අවශ්‍ය වනු ඇත. අදාල ප‍්‍රදේශයේ ප‍්‍රජාවගේ මෑත ඉතිහාසයේ ඵෙතිහාසික හා සංස්කෘතික ගතිලක්‍ෂණයන් තක්සේරු කිරීම සඳහා මානව වංශ ශාස්ත‍්‍රය යොදාගැනීමට අවශ්‍ය විය හැක. භාෂා හැකියාවන් නැවත ප‍්‍රකෘතිමත් කිරීම සඳහා භාෂා විද්‍යාව වැදගත් වනු ඇත. ජීව විද්‍යාත්මක වඩාත් නිවැරදිව දක්වන්නේ නම් ‘වෛද්‍ය විද්‍යාත්මක’ මානව විද්‍යාව ෙපා්ෂණ ඌනතාවයන් හේතුකොටගෙන ඇතිවන්නාවූ රෝගාබාධයන්ට බලපන සාධක නිර්ණය කිරීමට වැදගත් වනු ඇත.

සමහරු ව්‍යවහාරික මානව විද්‍යාව තත්කාලීන සමාජ ගැටලූ හඳුනාගැනීම තක්සේරු කිරීම සහ විසඳිම සඳහා වන මානව විද්‍යාත්මක දත්ත පර්යාවලෝකනය න්‍යාය සහ ක‍්‍රමවේදයන් යොදාගනු ලබන මානව විද්‍යාවේ පස්වන උප ධාරාව ලෙස හඳුන්වති.

ව්‍යවහාරික මානව විද්‍යාඥයෝ බෙහෝවිට රජයන්, සංවර්ධන නියෝජිතායතනයන්, රාජ්‍ය නොවන සංවිධාන, ගෝති‍්‍රක හා ජනවාර්ගික සංවිධාන, උනන්දුවක් දක්වන කණ්ඩායම්, අධ්‍යාපනික නියෝජිතායතන සහ ව්‍යාපාරයන් වැනි ශ‍්‍රාස්ත‍්‍රාලීය නොවන සේවාදායකයින් වෙනුවෙන් සිය සේවය සපයති. මානව වංශ ශාස්ත‍්‍රය සහ සහභාගීත්ව නිරීක්‍ෂණය ව්‍යවහාරික මානව විද්‍යාඥයාගේ මූලික උපකරණයන් වෙයි. ප‍්‍රතිපත්ති පිලිබඳව දැනුම්දීම සහ භාණ්ඩ ප‍්‍රචාරනය සඳහා ඔවුහු පඨිත විශ්ලේෂණය, මිනුම් සමීක්‍ෂණ සහ වෙනත් අනුභූතික ක‍්‍රමවේදයන්ද ඔවුහු භාවිතා කරති. ව්‍යවහාරික මානව විද්‍යාඥයකු හැමවිටම පාහේ ශ‍්‍රාස්ත‍්‍රාලීය නොවන ආකෘතියක කටයුතු කරයි.

සිය විශ්ලේෂණයට අදාල වන්නාවූ ඒකකයන්ට අදාල වන සමාජ අසමානතාවය, කාර්යභාරය, හුවමාරුව, අර්ථය වැනි න්‍යායික මොඩලයන් නිර්මාණය කිරීම පිලිබඳව වැඩි අවධානයක් යොමු කරන ශාස්ත‍්‍රාලීය සමාජසංස්කෘතික මානව විද්‍යාවට වඩා මෙය වෙනස්වූවකි. සමහර අවස්ථාවන්හිදී ව්‍යවහාරික ක්ත්‍ෂ්ත‍්‍රය තුලට වැටෙන සමීක්‍ෂණයන් ශ‍්‍රාස්ත‍්‍රාලීය සමීක්‍ෂණ හැඳින්වෙන ‘මූලික’ යන්නට වෙනස්ව ‘ව්‍යවහාරික’ ලෙසින් හඳුන්වනු ලබයි. ව්‍යාපාරික මානව විද්‍යා ‘ව්‍යවහාරික’ මානව විද්‍යාව පිලිබඳ එක් උදාහරණයකි. ව්‍යවහාරික මානව විද්‍යාඥයකු විසඳීමට උත්සාහ කරන ප‍්‍රශ්ණවලට උදාහරණ කිහිපයක් පහත දැක්වේ. · ඇමරිකානුවකු සෙනසුරාදා පෙ. ව. 2 ට වෙළඳ සැලකින් කිසියම් වග_යක භාණ්ඩයක් මිළදී ගන්නේ නම් ඔහුගේ / ඇයගේ ඊළග මිළදී ගැනීම කුමක් වනු ඇැතිද ? · විශේෂිත උපසංස්කෘතික සාමාජිකයන් අතර උපත් පාලන කොපු භාවිතය ප‍්‍රචලිත කිරීමට මහජන සෞඛ්‍ය බලධාරීන් ගතයුතු පියවර මොනවාද ? · ගී‍්‍රක කිමිදුම්කරුවන්ට ඉස්පන් කිමිදීම වඩාත් ආරක්‍ෂිත බවට පත් කරන්නේ කෙසේද ? · එක්ස් වියි ඉසේඞ් නම් ස්ථානයක් වෙත පී කිවු ආර් නම් ස්ථානයේ සිට ජනතාව සංක‍්‍රමණය වන්නේ ඇයි ? එක්සත් ජනපදයේ ව්‍යවහාරික මානව විද්‍යාව වෙනුවෙන් වෙන්වූ ප‍්‍රථම සඟරාව වන්නේ ව්‍යවහාරික මානව විද්‍යාව සඳහා වන සංගමය විසින් ප‍්‍රකාශයට පත්කළ හියුමන් ඕගනයිසේෂන්ය.