ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව

වමෙහි සිට දකුණට: V වන ගුස්ටාෆ් රජ, VII වන හෝකොන් රජ සහ X වන ක්‍රිස්ටියන් රජ.
සීමිත රාජාණ්ඩුව, පාර්ලිමේන්තු රාජාණ්ඩුව හෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජාණ්ඩුව ලෙසින්ද හැඳින්වෙන , ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව යනු, රජුන් විසින් ඔවුන්ගේ අධිකාරී බලය භාවිතා කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී වන අතර ස්වීයව තීරණ ගැනීමෙහි හැකියාව නොමැති රාජාණ්ඩු වර්ගයකි. [1][2][3][4] පරමාධිකාරී රාජාණ්ඩු (මෙහිදී එකම තීරණගන්නා වන්නේ රජුය) වෙතින් ව්‍යවස්ථාපිත රාජාණ්ඩු වෙනස්වන්නේ ස්ථාපිත නෛතික රාමුවක් විසින් නිර්දිෂ්ට සීමා තුල බලය සහ අධිකාරිය භාවිතා කිරීමට ඔවුන් බැඳී ඇති බැවිනි. රජතුමා බොහෝවිට සංජානනය කෙරෙන්නේ ජාතික සමගියෙහි දෘශ්‍ය සංකේතයක් ලෙසිනි.
ව්‍යවස්ථාපිත රජවරුන්ගේ බලාධිකාරීන් විවිධ රටවල විවිධ ආකාර ගනියි. සමහරක් රටවල, රජු වෙත කාර්යමාත්‍ර වශයෙන් විධායක හෝ ප්‍රතිපත්ති -සම්පාදන හෝ බලතල නොමැති අතර ප්‍රාථමික වශයෙන් පාරම්පරික සංකේතාත්මක රාජ්‍ය නායකයෙක් (අධිරාජ්‍යයෙක්, රජෙක් හෝ රැජිණක්, කුමාරයෙක් හෝ මහා ආදිපාදවරයෙක්) වන අතර, සමහරක් අනෙකුත් රටවල, රජතුමා වෙත අර්ථවත් විධිමත් බලතල ( නිෂේධ බලය, පත්කිරීමෙහි බලතල, පාර්ලිමේන්තුවක් විසුරුවාහැරීමෙහි බලතල වැනි) ඇත.[5]
ආශ්‍රිත
[සංස්කරණය]උපහරණ
[සංස්කරණය]- ^ බ්දුම්, කැමරොන් & බාන්ස් 1970, pp. 2Nnk67–268.
- ^ ට්‍රිඩිමාස්, ජෝර්ජ් (2021). "කන්ස්ටිට්‍යුෂනල් මොනකි ඈස් පවර් ෂෙයාරිං". කන්ස්ටිට්‍යුෂනල් පොලිටිකල් ඉකනමි. 32 (4): 431–461. doi:10.1007/s10602-021-09336-8.
- ^ ස්ටෙෆාන්, ඇල්ෆ්‍රඩ්; ලින්ස්, ජුවන් ජේ.; මිනෝවෙස්, ජුලි එෆ්. (2014). "ඩිමොක්‍රටික් පාලිමෙන්ටරි මොනකීස්". ජර්නල් ඔෆ් ඩිමොක්‍රසි (ඉංග්‍රීසි බසින්). 25 (2): 35–36. doi:10.1353/jod.2014.0032. ISSN 1086-3214. S2CID 154555066.
- ^ කූරියන් 2011, p. [page needed].
- ^ ඉටානා, කානා (2025). මොනකීස් ඉන් ද කොන්ටෙම්පරරි වර්ල්ඩ්: බෝර්න් ටු රූල් ඕ බවුන්ඩ් ටු ෆේඩ්?. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.