පියැසි උද්‍යාන

විකිපීඩියා වෙතින්
(වහලවල් මත ඉදිකරන ලද උද්‍යාන වෙතින් යළි-යොමු කරන ලදි)
වහල මත ඉදිකර ඇති උද්‍යානයක්

වහල මත ඉදිකර ඇති උද්‍යානයක් යනු ඕනෑම ගොඩනැගිල්ලක වහලය මත ඉදිකර ඇති ඕනෑම උද්‍යානයකි.

පුරාතන කාලයේ සිට මිනිසුන් ව්‍යුහ මත ශාක වැවීම සිදු කරන ලදී. අලංකරණය කිරීමේ නාසිය හැර වහල මත ශාක වැවීම තුළින් ආහාර, උෂ්ණත්ව පාලනය ,වාස්තු විද්‍යාත්මක අලංකාරත්වය හා නව නිර්මාණ ශීලි අවස්ථා සපයා දේ.නගරබද ප්‍රදේශවල උද්‍යානකරණය සඳහා ඇති ඉඩ පහසුකම් අඩු කම වහල මත උද්‍යාන බිහිවීමට මූලික හේතුව බවට පත්ව ඇත. උද්‍යානය ස්වාධීන ගොඩනැගිල්ලක වහලය මත තිබිය හැකි අතර එහෙයින් එම ගොඩනැගිල්ලේ ජලය හා අපද්‍රව්‍යය පිළිබඳ කටයුතු කරනු ලැබේ. දිය වගාව හා අනෙකුත් අතිරේක ක්‍රමවලින් උදාහරණ ලෙස පස් අවශ්‍යතාවය හෝ එහි විශාල බර අඩු කිරීම තුළින් වහල මත ඉදිකරන උද්‍යානයක ඉදිකිරීම් හැකියාව වැඩි කළ හැක. වහල මත ඇති උද්‍යානවලදී බඳුන් තුළ වගා කිරිම බහුල වශයෙන් භාවිතා කෙරේ. වහල මත ඇති උද්‍යානයකට උසස් උදාහරණයක් වන්නේ චිකාගෝ නගර ශාලාවයි.

කුඩා නිවාසවල ජීවත් වන්නන්ට වර්ග අඩි උද්‍යානකරණය හෝ (ඊටත් වඩා ) අඩු ඉඩක් ඇති අවස්ථාවල ජීවත්වන බිත්ති (සිරස් උද්‍යානකරණය) අතිශයින් සුවිශේෂ වේ. මේවා මගින් සාම්ප්‍රදායික උද්‍යානකරණයට වඩා ඉතා අඩු අවකාශයක් භාවිතා කරයි. (වර්ග අඩි උද්‍යානකරණය මගින් සාම්ප්‍රධායික ‍පේළිවල අවකාශය 20% ක් පමණක් භාවිතා කරන අතර සිරස් අද්‍යානකරණය මගින් ඊට වඩා දස ගුණයක් වැඩි නිෂ්පාදනයක් ලබා ගත හැක. ) මෙමගින් පරිසරයට බලපාන ක්‍රියාවන්ද වැඩි දියුණු කිරීම සිදු කරයි. එමගින් ප්‍රිෂ් ක්‍රමය නැති කිරීම , පලිබෝධනාශක අඩු කිරීම හෝ ඉවත් කිරීම හා කොම්පෝස්ට් හරහා අප ද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය දිරි ගැන්වීම සිදු කරනු ලැබේ. කුඩා බද්ධ නිවාසවලදී සාම්ප්‍රධායික කොම්පෝස්ට් පද්ධතියකට වඩා බොකෝෂි කොම්පෝස්ට් පද්ධතියක් වඩා ප්‍රායෝගික වේ.

ජීවත් වීමේ යන්ත්‍රයේ සම්බන්ධිත අදහස පදනම් වී ඇත්තේ උද්‍යානකරණයේ වඩාත් ප්‍රාථමික ආකාරය මතයි. පසමත අපද්‍රව්‍යය දැමීම (කොම්පෝස්ට් හා මළ අපද්‍රව්‍යය සුදුසු ලෙස බිඳීම සිදු කරනු ලබන්නේ විශේෂිත අගල් හෝ ඇසුරුම් තුළය.) හා ආහාර පළදාව නෙළා සැකසුම් කිරීමේදී කොම්පෝස්ට් නිපදවෙන අතර ඒවා අනුභව කිරීමේදී මළ අපද්‍රව්‍යය නිර්මාණය වේ. ලෝකයේ බොහෝ ප්‍රදේශවලදී සංවෘත කුඩු උද්‍යානකරණය භාවිතා කරනු ලබයි. නමුත් මෙමගින් අවශ්‍ය ආරක්ෂාවීම් නොකළ හොත් සෞඛ්‍යය අවධානම් ඇතිවීම සිදුවිය හැකිය.මනුෂ්‍යය හෝ සත්ව අපද්‍රව්‍යය අඩංගු කොම්පෝස්ට් තාපකාමී තත්වවලට ළඟාවිය යුතු අතර භාවිතයට ගැනීමට පෙර වසරක් වත් පරණවිය යුතුය ශාක භක්ෂක සතුන්ගෙන් ලැබෙන පොහොර සඳහා මෙම ක්‍රියා මාර්ග නොගත්තද ඒවා ආරක්ෂාකාරීය.

විවිධ වෙනස් වර්ගවල අමුද්‍රව්‍ය රාශියකින් සමන්විත වීම කොම්පෝස්ට් කිරීම ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙලක් වන අතර එය ලබා ගත හැකි හොඳම පොහොර ආකාරවලින් එකක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පියැසි_උද්‍යාන&oldid=472425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි