වරිගපොජ්ජ

විකිපීඩියා වෙතින්
වරිගපොජ්ජ(ගෝත්‍රය)
ගොනුව:වරිගපොජ්ජ.jpg.jpg
අධ්‍යක්‍ෂණයතුෂාර තෙන්නකෝන්
රචනයනන්දසිරි ගමගේ
නිශ්පාදනයශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සේවා සමුපකාර සමිති සංගමය
රංගන ශිල්පීන්නදීෂා නිලුක්ෂි

නයනා හෙට්ටිආරච්චි

ජගත් මනුවර්ණ
සිනෙමාරූපණයවිශ්වජිත් කරුණාරත්න
සංස්කරණයප්‍රවීන් ජයරත්න, ජයන්ත අහංගම
සංගීතයදිනේෂ් සුභසිංහ
Production
companies
Dil Films, TVT Colombo
නිකුත්වූ දිනය
2014 මාර්තු 20
තිර කාලය
මිනිත්තු 116
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
පිරිවැයලක්ෂ 180

වරිග පොජ්ජ යනු 2014 වර්ෂයේදී තුෂාර තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් හා ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සේවා සමුපකාර සමිති සංගමයේ නිෂ්පාදනයෙන් බිහි වූ ශ්‍රී ලාංකික ත්‍රාසජනක චිත්‍රපටයකි.  [1] මෙහි නදීශා නිලුක්ෂි, ජගත් මනුවර්ණ සමග සෝමවීර ගමගේ, නයනා හෙට්ටිආරච්චි සිය රංගනහි යෙදෙති.  සංගීත නිර්මාණය දිනේෂ් සුභසිංහ විසිනි.  [2]

තිර රචනය පදනම් වී ඇත්තේ නන්දසිරි ගමගේ විසින් ලියන ලද "වරිගය" කෙටි කතාවයි. මෙම චිත්‍රපටය මහනුවර අවට හන්තාන වනාන්තර ප්‍රදේශයේ දී රූ ගත විය. වරිග පොජ්ජ  කතාවගොඩ නැගී ඇත්තේ මොරාන ගෝත්‍රයේ ආදිවාසියෙකු මැලේරියා[3] රෝගයෙන් විනාශ වන සිය වරිගය ආරක්ෂා කරගැනීමට පලා යන ගමන වටාය

නන්දසිරි ගමගේ විසින් මෙම චිත්‍රපටයෙහි මුල්‍යමය දායකයින් සියලුදෙනා මෙහි නිෂ්පාදකයින් වශයෙන් නම් කර ඇත. එම පිරිස 80,000කි. සෑම අයෙක්ම රුපියල් 100 කින් මේ සඳහා දායක වී ඇත.,මෙය ශ්‍රී ලංකාවේ බිහි වූ 1204 වන සිනමා නිර්මාණය විය.

කතාව[සංස්කරණය]

1890 දී පමණ ශ්‍රී ලාංකික ආදිවාසීන් (වැද්දන්) මැලේරියා රෝගය සමග සටන් වදින්නට වූහ. චිත්‍රපටය ආරම්භ වන්නේ රෝගය හේතුවෙන් මව මියයාම සහ අනතුරුව ඔවුන් සිය මව සමග ජීවත් වූ ගල් ගුහාවෙන් පිටත් වීමත් සමගය. 

තාත්තා-කව්වා, පුතා-බිලා සහ දුව-හඳුනි ගමන් කරන අතරතුර දී පියා විසින් ඔවුන්ගේ පසුපස එන මියගිය මවගේ ආත්මය (හේතා) දකී. ඔවුහු ගංගාවක් අසල ගුහාවකට ළඟා වී එහි රැය පහන් කිරීමට සුදානම් වෙති. එහිදී ඔවුන්ට මිනී මස් කන නිට්ටෑවකුගේ ශබ්දයක් ඇසෙයි.

එදින රාත්‍රියේදී පියා සිය දරුවන්ට තමා හැර ගොස් වනයේ අනෙක් පස දී සිය ඥාතීනට එකතු වෙන ලෙස පවසයි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බිලා විවේක ගෙන නැවත ශක්තිමත් වී තමන් සමග එකතු වන ලෙස ඉල්ලා සිටියි. නමුත් අවසානයේ ඔහු සිය නැගණිය ආරක්ෂා කරගන්නා බවටත්, ඇයට සුදුසු සහකරුවෙකු රැහෙන් සොයා දෙන බවටත් පියාට පොරොන්දු වෙමින් පියාගේ කීමට අවනත වෙයි. 

රංගනය සහ කාර්ය මණ්ඩලය[සංස්කරණය]

රංගනය[සංස්කරණය]

  • නදීෂා ෆොන්සේකා හඳුනි ලෙස
  • නයනා හෙට්ටිආරච්චි මව ලෙස
  • ජගත් මනුවර්ණ බිලා ලෙස
  • පූපාලසිංහම් ප්‍රදීපන් නිට්ටෑවා ලෙස
  • සෝමවීර ගමගේ කව්වා ලෙස

කාර්ය මණ්ඩලය[සංස්කරණය]

  • අධ්‍යක්ෂණය - තුෂාර තෙන්නකෝන්
  • පිටපත් රචනය - නන්දසිරි ගමගේ
  • සිනමාරූපණය - විශ්වජිත් කරුණාරත්න
  • සංස්කරණය - ප්‍රවීන් ජයරත්න, ජයන්ත අහංගම
  • සංගීත නිර්මාණය - දිනේෂ් සුභසිංහ
  • කලා අධ්‍යක්ෂණය - දම්මික හේවාදුවත්ත
  • නිෂ්පාදනය - මංජුල පෙරේරා
  • ශබ්ද නිර්මාණය - කාලිංග ගිහාන් පෙරේරා

සංගීත තනු නිර්මාණය[සංස්කරණය]

මෙහි සංගීත තනු නිර්මාණය ආමේනියානු duduk, බොවිලියානු නළා, takara, චීන ගිටාර් 'pipa' මෙන්ම බට නළා, jembe drums, දේශීය බෙර, ජපන් taiko , විවිද ලී නළා ආදිය යොදාගනිමින් දිනේෂ් සුභසිංහ[4] මහතා විසින් නිර්මාණය කර ඇත..ආනන්ද පෙරේරා සහ උරේෂා රවිහාරිගේ ගායනය සමග දිනේෂ් සුබසිංහගේ ජන ගායනය එක්ව ඇත.

තුන්වන දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උළෙල 2015 හිදී හොඳම සංගීත නිර්මාණය සඳහා නම් කරන ලද අතර එහිදී ම වසරේ ජනප්‍රියතම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනාගන්නා ලදි.එහි පදරචනය නන්දසිරි ගමගේ මහතාගෙනි.[5]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Power of people in filmmaking". Sunday Times. 13 April 2014. සම්ප්‍රවේශය 4 June 2015.
  2. "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  3. "Warigapojja - වරිගපොජ්ජ". Sri Lanka Cinema Database. Cinema.lk. සම්ප්‍රවේශය 4 June 2015.
  4. Jayawardana, Ruwini (27 November 2013). "A Rebel's Music". Daily News. සම්ප්‍රවේශය 4 June 2015.
  5. http://www.sundaytimes.lk/160131/magazine/a-musical-revival-in-lankan-cinema-180794.html

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වරිගපොජ්ජ&oldid=593289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි