Jump to content

වර්නන් අබේසේකර

විකිපීඩියා වෙතින්

වර්නන් අබේසේකර ශ්‍රී ලාංකික සිවිල් සේවකයෙකි. ඔහු හිටපු තැපැල්පති, රේඩියෝ සිලෝන් හි අධ්‍යක්ෂ සහ රජයේ නියෝජිතයා විය. [1]

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව එවකට ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවති කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීය. අනතුරුව ලංකා සිවිල් සේවයට (CCS) එක්වූ ඔහු පොළොන්නරුව සහ ගාල්ල දිස්ත්‍රික්කවල දිසාපතිවරයා වශයෙන් සේවය කළේය. පසුව රේඩියෝ සිලෝන් ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට පත් වූ අතර, ඉන්පසු ලන්ඩනයේ පිහිටි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වසර පහක කාලයක් සේවය කළේය. නැවත දිවයිනට පැමිණීමෙන් පසු ඔහු යාපනය දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. 1969 දී තැපැල්පති ධුරයට පත් වූ හෙතෙම 1970 දී විශ්‍රාම යන තෙක්ම එම ධුරයේ කටයුතු කළ අතර, පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ගියේය. [2]

ග්‍රන්ථ නාමාවලිය

[සංස්කරණය]
  • Abeysekera, Vernon (1989). Images of Jaffna : a Government Agent's Recollections. SLAM Publishing Service. ISBN 978-0-7316-5344-7.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
  1. ↑ Brohier, Deloraine. "A Gentleman of a Past Era was He". The Sunday Times. සම්ප්‍රවේශය 22 August 2022.
  2. ↑ Abeysekera, Vernon (1989). Images of Jaffna : a Government Agent's Recollections. SLAM Publishing Service. ISBN 978-0-7316-5344-7.

.

ග්‍රන්ථ නාමාවලිය

[සංස්කරණය]
  • Abeysekera, Vernon (1989). Images of Jaffna : a Government Agent's Recollections. SLAM Publishing Service. ISBN 978-0-7316-5344-7.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]

යාපනයේ කුල විරෝධී අරගලය (1966 ඔක්තෝබර් 21 නැගිටීම)

ආශ්රිත

[සංස්කරණය]

සැකිල්ල:Postmaster General of Sri Lanka

"https://si.wikipedia.org/w/index.php?title=වර්නන්_අබේසේකර&oldid=800964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි