වමනය
පෙනුම
| වමනය | |
|---|---|
| 14වන සියවසට අයත් වමනය කරනු නිරූපිත රූපයක්Tacuinum Sanitatis | |
| විශේෂඥතාව | ජඨරආන්ත්රිකවේදය |
| රෝග ලක්ෂණ | ඔක්කාරය |
| සංකූලතා | උච්ශ්වසනය, ඉලෙක්ට්‍රොලයිට සහ ජලය අඩුවීම, දතේ එනැමලයට හානි වීම, අන්නස්‍රෝත ශ්ලේෂ්මලකයේ ඉරීයාම් |
| අවදානම් සාධක | මිග්රේන් ඉතිහාසය, ළමයකුගේ දෙමාපියකු හෝ සහෝදරයකු තුළ PONV හෝ චලන රෝගීභාවය පැවතීම, යහපත් භෞතික තත්ත්වය සහ ASA, ශල්‍යකර්මය පෙර පවතින අධික කාංසාව, ඇතැම් ජන වර්ග සහ ශල්‍යකර්ම වර්ග, ශල්‍යකර්මය අවට කාලයේ තරල භාවිතය අඩුවීම |
වමනය යනුවෙන් හැඳින්වෙන්නේ යම් පුද්ගලයකුගේ ආමාශයේ අන්තර්ගත දෑ මුඛය හරහා හෝ ඇතැම්විට නාසය හරහා බලෙන් පිටතට ඒමයි.[1]
වමනය ආහාර විෂවීම, ජඨරආන්ත්‍රික ප්‍රදාහය, ගර්භනීභාවය, චලන රෝගී භාවය, හෝ මත්පැන් පානය වීම නිසා ඇතිවිය හැක; නැත්නම් මොළයේ ගෙඩි, අන්තර්කපාල පීඩනය ඉහළ යාම, හෝ අයනීකරණ විකිරණයට අධිකව නිරාවරණය වීම නිසා ද ඇතිවේ.[2] වමනය ඇතිවීමට පෙර ඇතිවන හැඟීම ඔක්කාරය ලෙස හැඳින්වේ; මෙය බොහෝවිට වමනය පෙර දැනීගිය ද, ඔක්කාරය ඇතිවන හැමවිටම වමනය සිදුනොවේ. මද්‍යසාර, නිර්වින්දන ඖෂධ, සහ වෙනත් ශමන ඖෂධ නිසා වමනය ආශ්වාස විය හැක. තදබල අවස්ථාවන්හි දී විජලනය ඇතිවිය හැකි අතර, අන්තඃශිරා තරල අවශ්‍ය විය හැක. ප්‍රතිවමන ඖෂධ මඟින් ඔක්කාරය සහ වමනය මැඬ පැවැත්විය හැක. තමන් විසින්ම උත්ප්‍රේරිත වමනය බුලීමියා නර්වෝසා වැනි භක්ෂණ ආබාධයක ලක්ෂණයක් විය හැක.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Tintinalli, Judith E. (2010). Emergency Medicine: A Comprehensive Study Guide (Emergency Medicine (Tintinalli)). New York: McGraw-Hill Companies. p. 830. ISBN 978-0-07-148480-0.
- ↑ Hauser, Joshua M.; Azzam, Joseph S.; Kasi, Anup (2022-09-26). "Antiemetic Medications". StatPearls Publishing. PMID 30335336. 2023-03-30 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-12.
| වර්ගීකරණය |
|---|