වතිකානු නගරය
| ජාතික ගීය | "ඉන්නො ඊ මාසියා පොන්ටිෆිකාලේ " (ඉතාලි) |
| අගනුවර | වතිකානු නගරය |
| රාජ්‍ය භාෂාව | ඉතාලි |
| ජන වර්ග | ඉතාලි, ස්විස් (ස්විස් ආරක්ෂකයින්) වෙනත් |
| රාජ්‍යය | දේවගැතිතුමා, පුජකයින් පිළිබද වු රාජාණ්ඩු ක්‍රමය |
| මහරජ | පලමු වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ |
| රාජ්‍යය සභාපති | ගියෝවන්නි ලාජෝලෝ |
| නිදහස | ඉතාලි රාජධානිය සිට |
| ලැටරන් ගිවිසුම | 11 පෙබරවාරි 1929 |
| වර්ග ප්‍රමාණය | |
| එකතුව | වර්ග කිලෝමීටර 0.44 |
| වර්ග සැතපුම් 0.17 | |
| ජනගහනය | |
| ජුලි 2009 තක්සේරුව | 826 |
| ඝනත්වය | වර්ග කිලෝමීටර 1877 |
| වර්ග සැතපුම් 4 859 | |
| මුදල් | යුරෝ (E) (EVR) |
| මං තීරුව | දකුණ |
| අන්තර්ජාල TLD | .va |
| දුරකථන සංකේත | +379 |
වතිකානු නගරය රෝමය තුල පිහිටි ස්වාධීන රාජ්‍යයකි. එය හෙක්ටයාර් 44 (අක්කර 110) (වර්ග කි. මී. 0.44) හා ජනගහනය 800 පමණ වෙසෙන නගරයකි. වතිකානුව 1929 ආරම්භ වු නගර රාජ්‍යයකි. හෝලි සී (Holy See) පුරාණ ක්‍රිස්තු ධර්මය කාලය දක්වා දිවෙන අතර බිෂොප්වරයකු යටතේ පාලනය වන හා බිලියන 1.147 ක ජනගහනයක් ලතින් හා නැගෙනහිර ක්‍රිස්තු භක්තිකයන් වෙසෙන රාජ්‍යයකි. වතිකානුවේ ව්‍යවස්ථාව ඉතාලි භාෂාවෙන් මුද්‍රණය වන අතර හෝලිසී හි ලේඛන ලතින් භාෂාවෙන් මුද්‍රණය වේ. මෙම පාලන 2 කට වෙනස් ගමන් බලපත්‍ර ඇති අතර හෝලි සී (Holy See) තානාපති හා සේවා ගමන් බලපත්‍ර පමණක් හා වතිකානුව සාමාන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කරයි. මෙම අවස්ථා 2 දි ගමන් බලපත්‍ර සීමිත ප්‍රමාණයක් නිකුත් කරයි. ලැටරන් ගිවිසුම අනුව 1929 දී මෙම නගර ආරම්භ වු අතර අතීතයේ මධ්‍යම ඉතාලිය විසින් යටත් කරගත් තරමක් විශාල පැපල් ප්‍රාන්තය මෙන් සංකේතාත්මක නගරයක් පමණක් නොවීය.මෙහි බොහෝ පළාත් 1960 වර්ෂයේදී ඉතාලි රාජධානියට යටත් වූ අතර 1870 වේදී අවුරුදු දහයකට පසුව රෝමය නමින් හැදින් වූ කුඩා කොටසද ඉතාලි රාජධානිය යටතට ගැනුණි. වතිකානුව යනු කතෝලික ප්‍රාන්තයකි. වතිකානු නගරය රාජාණ්ඩුවක් වන අතර එය පාලනය වන්නේ රෝමයේ ආදිපාදවරයා යටතේය. රාජ්‍ය පාලනය වන්නේ ක්‍රිස්තියානි පුජකයන් වන අතර එය හෝලිසී හි ස්වාධීන රාජ්‍ය වන බිෂොප්වරයාගේ නිවස වන අපොස්ටලික්(Apostolic Palace) මාලිගාව පිහිටියේය. 1377 දී පාප් ආදිපාදවරයාගේ පැමිණීමෙන් 1929 පටන් මෙහි පදිංචි වීමෙන් පසු මෙම නගරය වතිකානුව ලෙස නම් කෙරුණි. මෙයට පෙර 313 දී කොන්ස්ටන්ටයින් විසින් ආදිපාද මිලිටියේඩ්ස් හට දුන් රෝමයට ප්‍රතිවිරුද්ධ දිශාවේ පැවති සෙයිලියන් කන්දේ පිහිටි ලැටරන් මාලිගාවේ මොවුන් ජිවත් විය. නව රාජ්‍යයේ ලිපි ලේඛන අත්සන් තැබු පසු, එය ලැටරන් පැන්ට්ස් යනුවෙන් හඳුන්වනු ලැබේ.