ව'චුවල් තියට'

විකිපීඩියා වෙතින්
Virtual Theatre
ගොනුව:Virtual Theatre.png
සංවර්ධක(යෝ)Revolution Software
පරිගණක වේදිකාවAmiga, Atari ST, PC (MS-DOS and Windows), PlayStation, Macintosh, Linux
වර්ගයGame engine
බලපත්‍රයProprietary
වෙබ් අඩවියhttp://revolution.co.uk/

වර්චුවල් තියටර් යනු වික්‍රමාන්විත පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීම සදහා Revolution Software සමාගම විසින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා පදනම් මෘදුකාංගයකි. මෙම පරිගණක ක්‍රීඩා එන්ජින් මෘදුකාංගය මගින් සිදුවීම් සැලසුම් කිරීම ,සකසන ලද පසුබිමකට අනුව රූපක චලන විශේෂිත අතුරු මුහුණතක් භාවිතයෙන් යොමුකිරීම්-තෝරාගැනීම් සරල ක්‍රමවේදය මගින් සැලසුම් කිරීමේ පහසුකම් නිර්මාණකරුවන්ට ලබාදී ඇත. පළමු මෘදුකාංග නිකුත් කිරීමේ පටන් දැනට භාවිතයේ පවතින LucasArts' SCUMM සහ Sierra's Creative Interpreter, වැනි සමාන මෘදුකාංග හා තියුණු තරගයක් ඇති කිරීමට මෙහි ඇති ඉහල ගනයේ කෘතීම බුද්ධිය භාවිතය හේතුවන්නට ඇත. මෙම මෘදුකාංගය පළමු නිකුත් කිරීම 1989 වන අතර එය භාවිතයෙන් පළමු පරිගණක ක්‍රීඩාව 1992 දී Lure of the Temptress යන නමින් නිකුත් කරන ලදී. අනතුරුව පිලිවෙලින් Beneath a Steel Sky (1994), Broken Sword: The Shadow of the Templars (1996) and Broken Sword II: The Smoking Mirror (1997) වැනි පරිගණක ක්‍රීඩා එළිදක්වන ලදී. මෙම මෘදුකාංගය භාවිත කොට සයිබර් පරිගණක ක්‍රීඩා අවකාශය තුල රිසි අයුරෙන් තනිව හැසිරිය, හැසිරවිය හැකි අකාරයේ ක්‍රීඩා චරිත නිර්මාණය කිරීමේ පහසුකම් සලසා ඇති අතර පෙර පැවති සමාන මෘදුකාංග වල ඇති සියලුම වස්තුන් අවකාශය තුල එකිනෙකට බැදී පැවතිය යුතුවීමේ අවශ්‍යතාව මේ තුල නොමැති වීම මෙහි විශේෂත්වයක් වන අතර එමගින් ක්‍රීඩකයන් නොවන චරිත අවකාශය තුල හැසිරවීමේ හැකියව වැඩි දියුණු වනවාත් සමග වඩාත් ප්‍රයෝගික පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ අවකාශය ක්‍රීඩා නිර්මානකරුවන්ට ලබාදී ඇත.

වර්චුවල් තියටර් එන්ජින් සහිත පරිගණක ක්‍රීඩා දැනට පවතින නුතන දෘඩාංග හා ගැලපවිම සදහා ScummVM වැනි මෘදුකාංගයක් භාවිත කල හැක. එමගින් වර්චුවල් තියටර් සදහා පහසුකම් නොමැති දෘඩාංග මෘදුකාංග පාදමක් මත වුවද සාර්ථකව එය හැසිරවීමේ හැකියව ලබාදේ. 2012 වර්ෂය තුලදී “වර්චුවල් තියටර් 7” නමින් එළිදක්වන ලදී.


සංවර්ධනය[සංස්කරණය]

Charles Cecil සහ Tony Warriner ඉංග්‍රීසි පරිගණක ක්‍රීඩා නිර්මාණ ආයතනයක් වන Artic Computing හි සේවය කල අතර 1990 වසරේදී ඔවුන්ගේම පරිගණක ක්‍රීඩා නිර්මාණ ආයතනයක් David Sykes and Noirin Carmody ගේද මුල් වීමෙන් පිහිටුවා ගන්නා ලදී. ඔවුන් නිර්මාණය කල වික්‍රමාන්විත ක්‍රීඩාවක් වන Lure of the Temptress 1992 වසරේදී Amiga, Atari ST and PC සදහා නිකුත් කරන ලද අතර එහි සංකල්පය Cecil, Warriner, Sykes සහ Dan Marchant විසින් Warriner නිපදවන ලද වර්චුවල් තියටර් මත සංවර්දනය කරන ලදී.

Beneath a Steel Sky, පරිගණක ක්‍රීඩාව 1994 වසරේදී Amiga, and PC සදහා නිකුත් කල අතර ඒ ලැබූ පන්නරය ඔස්සේ වර්චුවල් තියටර් නව සංස්කරණය “වර්චුවල් තියටර් 2.0” නමින් එළිදක්වන ලදී. මෙය Warriner and Sykes විසින් නිර්මාණය කරනලදි. කෙසේ වෙතත් මෙය “Lure of the Temptress” මෙන් සය ගුණයක් විශාල වූ අතර මුලික චරිතයට වඩා ක්‍රීඩක නොවන චරිත ක්‍රීඩාව තුල පුරෝගාමී විය. “Broken Sword: The Shadow of the Templars” 1996 දී PC, Mac and PlayStation සදහා නිකුත් කරන ලද අතර එහි දිගුවක් ලෙස 1997 දී “Broken Sword II: The Smoking Mirror” නමින් PC and PlayStation සදහා නව වර්චුවල් තියටර් සංස්කාරනායක් නව විශේෂිත කිරීම් රාශියක් සහිතව එළි දක්වන ලදී. “Broken Sword: The Serpent's Curse” නවතම සංස්කරණය (VT7) පාරිභෝගික ඉල්ලීම් මත පදනම් විවිදාන්ගිකරණයට ලක් කොට තිර සැකසුම් පහසුකම් සහිතව එළි දක්වන ලදී. ( මෙම පද්ධතිය C++ සහ OpenGL ඇතුලුව ස්‌වයං නිර්මාණය විය හැකි භාෂාමය පහසුකම් සහිතව නිර්මාණය කරන ලදී.)

විශේෂතා[සංස්කරණය]

සාමාන්‍යය වික්‍රමාන්විත පරිගණක ක්‍රීඩා එන්ජින් සදහා ක්‍රීඩක-නොවන චරිත ස්ථිතික හැසිරවීමක් ඇසුරේන් හසුරවන අතර තරගය තුලදී ක්‍රීඩකයා හා සමගාමිව කටයුතු කරයි. නමුත් වර්චුවල් තියටර් තුලදී එය සසම්භාවී ලෙස අබිමත පරිසරය තුල හසුරවනු ලබයි.පළමු නිකුතුවේ පටන් LucasArts' SCUMM සහ Sierra's Creative Interpreter, වැනි සමාන මෘදුකාංග හා තියුණු තරගයක් ඇති කිරීමට මෙහි ඇති ඉහල ගනයේ කෘතීම බුද්ධිය භාවිතය හේතුවිය. තවත් විශේෂතාවක් වන්නේ මෙහි ඇති සුවිශේෂී දෘඩාංග මෘදුකාංග පදනම් ස්වයාත්තතාවයි. තවද එය ඉතා වේගවත්ව Amiga මත, c ක්‍රමලේකනයටත් වඩා වැඩි වේගයෙන් ක්‍රියාත්මක වේ. ක්‍රීඩා අවකාශය තුල වූ සියලුම වස්තුන් සලකන මොහොතකදී ප්‍රදාන පද්දතියට සුවිශේෂී අංගයක් වන අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ක්‍රීඩක-නොවන චරිතයක් ක්‍රීඩාව තුලදී ඉස්මතු වනවිට එයට ක්‍රීඩක ප්‍රමුකතාව ද ලැබිය හැකි වීම තාත්වික පරිගණක ක්‍රීඩා නිර්මාණයේදී වැදගත් සාධකයක් වේ. වර්චුවල් තියටර් භාවිත වන පරිගණක ක්‍රීඩා නවතම දෘඩාංග හා පහසුවෙන් ඈදීමට ScummVM භාවිත කල හැක. එහි ප්‍රථිපලයක් වශයෙන් නිල වශෙයෙන් පහසුකම් රහිත පදනමක් මත වුවද එය ස්ථාපිත කිරීමේ හැකියාව ලැබේ.


ඇමුනුම[සංස්කරණය]

  1. Edge Staff (May 9, 2008). "THE MAKING OF ... Lure of the Temptress - Edge Magazine". Edge. Future Publishing. Retrieved March 30, 2012.
  2. Revolution Software (March 1994). Beneath a Steel Sky PC. Scene: Credits.
  3. "TEDxLeeds - Charles Cecil- 09/10/09 :: "Beneath a Steel Sky"". TED. October 6, 2009. Retrieved March 30, 2012.
  4. Wood, Claire. "Adventure Gamers: Lure of the Temptress review". Adventure Gamers. Retrieved March 31, 2012.
  5. Wood, Claire (March 18, 2005). "Adventure Gamers: Beneath a Steel Sky review". Adventure Gamers. Retrieved March 31, 2012.
  6. "TEDxYork - Charles Cecil - Revolution Games :: "Broken Sword: The Shadow of the Templars"". TED. July 18, 2011. Retrieved March 31, 2012.

අමතර සබැදුම්[සංස්කරණය]


සැකිල්ල:Video game engines

"https://si.wikipedia.org/w/index.php?title=ව%27චුවල්_තියට%27&oldid=381380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි