ලොස්ට් වර්ල්ඩ්ස් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
ලොස්ට් වර්ල්ඩ්ස්
ලොස්ට් වර්ල්ඩ්ස් තේමා තිරය
Narrated byකොරී ජොන්සන්
සම්භව රටඑක්සත් ජනපදය
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව2
කථාංග ගණන32
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ඇට්ලැන්ටික් නිෂ්පාදන
ධාවන කාලයආසන්න. මිනිත්තු 44
ප්‍රචාරණය
මුල් නාලිකාවද හිස්ට්‍රි නාළිකාව
රූප ආකෘතිය480i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනයඅප්‍රේල් 4, 2005 – දෙසැම්බර් 5, 2007

ලොස්ට් වර්ල්ඩ්ස් යනුවෙන් හැඳින්වෙන්නේ ද හිස්ට්‍රි නාළිකාව මගින් විකාශය කරන ලද වාර්තා රූපවාහිනී කතාමාලාවකි. මෙමගිව් පුරාතන සිට නූතන යුගය දක්වා "නෂ්ට වී" ගිය ස්ථාන ගණනාවක් ගවේෂණය කෙරේ. මෙවැනි "ඉංජිනේරු, තාක්ෂණ, සහ සංස්කෘතික වික්‍රමයන්"[1] පුරාවිද්‍යාත්මක සාධක, අදාළ විශේෂඥයින් සමග සම්මුක සාකච්ඡා, අදාළ අධ්‍යයන සහ CGI ප්‍රතිනිර්මාණ අනුසාරයෙන් ගොඩනැගීමට ඔවුහු උත්සාහ දරති.[2] මෙම දෘශ්‍ය ප්‍රතිනිර්මාණ ත්‍රිමාණ පරිසරයන් සහ ඡායාරූප පාදක කරගත් නිර්මාණ අනුසාරයෙන් "නෂ්ට වූ ලෝක"වල වර්තමාන තත්ත්වය පෙන්නුම් කරයි.

මෙම කතාමාලාවේ පළමු කථාංගය වූ "පැලන්කේ: මායාවරුන්ගේ රාජධානිය" යන්න 2005 අප්‍රේල් 4 දින විකා්‍ය විය‍. ඉන් අනතුරුව 2006දී තවත් කථාංග 12කුත්, 2007දී කථාංග 19කුත් විකාශය විය.

කථාංග[සංස්කරණය]

කථාංග අංකය කථාංග නාමය වර්තමාන පිහිටීම මුල් විකාශන දිනය
1 පැලන්කේ: මායාවරුන්ගේ රාජධානිය මෙක්සිකෝව අප්‍රේල් 4, 2005
2 ටෙම්ප්ලර් නයිට්වරු සිරියාව ජූලි 10, 2006
3 අත්ලන්තිසය ක්‍රීටය, සැන්ටොරිනි ජූලි 17, 2006
4 රැම්සෙස්ගේ ඊජිප්තු අධිරාජ්‍යය ඊජිප්තුව ජූලි 24, 2006
5 ඇතැන්ස් - පුරාතන සුපිරි නගරය ග්‍රීසිය ජූලි 31, 2006
6 A-බෝම්බයේ රහස් නගර එක්සත් ජනපදය අගෝස්තු 7, 2006
7 හිට්ලර්ගේ සුපිරි නගරය ජර්මනිය අගෝස්තු 14, 2006
8 ජේසුස්ගේ ජෙරුසලම ඊශ්‍රායලය/පලස්තීනය අගෝස්තු 21, 2006
9 චර්චිල්ගේ රහස් බංකර එංගලන්තය අගෝස්තු 28, 2006
10 සැබෑ ඩ්‍රැකියුලා රුමේනියාව සැප්තැම්බර් 4, 2006
11 අභීත හදවතැත්තාගේ ස්කොට්ලන්තය ස්කොට්ලන්තය සැප්තැම්බර් 11, 2006
12 පළමු ක්‍රිස්තියානුවෝ ග්‍රීසිය, ඉතාලිය, තුර්කිය සැප්තැම්බර් 18, 2006
13 මිත්‍යාදෘෂ්ටිකයෝ එංගලන්තය සැප්තැම්බර් 25, 2006
14 ලෝකයේ පුදුම හත ඊජිප්තුව, ග්‍රීසිය, ඉරාකය, තුර්කිය අගෝස්තු 1, 2007
15 කාම සූත්‍ර ඉන්දියාව අගෝස්තු 8, 2007
16 රහස් A-බෝම්බ කම්හල් එක්සත් ජනපදය අගෝස්තු 15, 2007
17 VIIIවන හෙන්රිගේ දැවැන්ත ව්‍යූහ එංගලන්තය අගෝස්තු 22, 2007
18 රහස් එ.ජ. බංකර එක්සත් ජනපදය අගෝස්තු 29, 2007
19 මහා හේරෝද් ඊශ්‍රායලය/පලස්තීනය සැප්තැම්බර් 5, 2007
20 ටයිටැනික් ඉදි කිරීම අයර්ලන්තය සැප්තැම්බර් 12, 2007
21 බටහිර අධර්ම නගරය එක්සත් ජනපදය සැප්තැම්බර් 19, 2007
22 වයිකිංවරු ඩෙන්මාර්කය, එංගලන්තය, අයිස්ලන්තය සැප්තැම්බර් 26, 2007
23 ඇල් කපෝන්ගේ රහස් නගරය චිකාගෝ (එක්ස්ත ජනපදය) ඔක්තෝබර් 3, 2007
24 බයිබලයේ නැතිවූ සුපිරි බලය තුර්කිය ඔක්තෝබර් 10, 2007
25 ස්ටාලින්ගේ සුපිරි නරගය රුසියාව ඔක්තෝබර් 17, 2007
26 ආමගෙඩ්න්ගේ නගරය ඊශ්‍රායලය/පලස්තීනය ඔක්තෝබර් 24, 2007
27 ජෙකිල් සහ හයිඩ් ස්කොට්ලන්තය ඔක්තෝබර් 31, 2007
28 ගුවන්නැව් යුගය ජර්මනිය, එක්සත් ජනපදය නොවැම්බර් 7, 2007
29 භයානක අයිවන්ගේ බලකොටුව රුසියාව නොවැම්බර් 14, 2007
30 කැරිබියන් මුහුදු කොල්ලරුවෝ ජැමෙයිකාව නොවැම්බර් 21, 2007
31 ටාජ් මහල් ඉන්දියාව නොවැම්බර් 28, 2007
32 ඇෆ්‍රොඩයිටිගේ නැතිවූ නගරය තුර්කිය දෙසැම්බර් 5, 2007

DVD නිකුතු[සංස්කරණය]

සෑම කථාංගයක්ම එහි මුල් විකාශන දිනයේ සිට DVD ලෙස නිකුත් කෙරිණි. 2007 ජනවාරි 30 දින මුල් කථාංග 13 DVD තැටි 4කින් යුත් එකතුවක් ලෙස මුදාහැරිණි.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "About the Series". history.com. The History Channel. 9 February 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2012. ක්ෂේක්‍ර පරීක්ෂකයින් සහ ඉංජිනේරු විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෝකය වටා මහා ඉංජිනේරු, තාක්ෂණික සහ සංස්කෘතික නිමැවුම් සොයා සංචාරය කරති. ඒවා වර්තමාන ග්‍රැෆික් තාක්ෂණය අනුසාරයෙන් පණ පොවන්නට ඔවුහු උත්සාහ දරති.
  2. "About Lost Worlds" (video). history.com. The History Channel. සම්ප්‍රවේශය 12 June 2012.
  3. "Lost Worlds DVD Set". shop.history.com. The History Channel. සම්ප්‍රවේශය 12 June 2012.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:History shows