ලේක්‍යුන් සෙක්‍යා

විකිපීඩියා වෙතින්
(ලේක්‍යුන් සෙක්‍යා බුද්ධ ප්‍රතිමාව වෙතින් යළි-යොමු කරන ලදි)

ඛණ්ඩාංක: 22°04′49″N 95°17′22″E / 22.080207°N 95.289359°E / 22.080207; 95.289359 (Laykyun Setkyar) ලේක්‍යුන් සෙක්‍යා බුද්ධ ප්‍රතිමාව (බුරුම: လေးကျွန်းစင်္ကြာ) යනුවෙන් හැඳින්වෙන්නේ 2016 වනවිට, ලෝකයේ උසම ප්‍රතිමා තුන අතුරින් එකකි. මීටර 116ක් (අඩි 381) උසැති මෙම බුද්ධ ප්‍රතිමාව මගින් ගෞතම බුදුන් වහන්සේ නිරූපණය වේ. මෙම බුද්ධ ප්‍රතිමාව වැඩහිඳින ආසනය මීටර 13.5 (අඩි 44) ක් උස ය. මෙය පිහිටා ඇත්තේ මියන්මාරයේ මොනිවා අසල ඛාටකන් ටෝන්ග් ගම්මානයේ ය. 1996දී ඉදිකිරීම් ඇරඹි මෙම ප්‍රතිමාව නිමවා අවසන් වූයේ 2008 පෙබරවාරි 21වන දින ය. මෙම කටයුත්ත මෙහෙයවන ලද්දේ විහාරාධිපති නාරද හිමිපාණන් විසිනි.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලේක්‍යුන්_සෙක්‍යා&oldid=563142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි