ලෙවී දේහ සහිත ඩිමෙන්ෂියාව
| ලෙවී දේහ සහිත ඩිමෙන්ෂියාව | |
|---|---|
| වෙනත් නම් | විසිරි ලෙවී දේහ රෝගය, ලෙවී දේහ නිසා ඇතිවන ඩිමෙන්ෂියාව |
| සබ්ස්ටන්ෂියා නයිග්‍රා කලාපයේ සහිත ස්නායු සෛලයක ඇති ලෙවී දේහයක අන්වීක්ෂ රූපයක් (ඊතලය ආසන්නයේ). පරිමාණ රේඛාව 20 μm. | |
| විශේෂඥතාව | ස්නායුවේදය, මනෝචිකිත්සාව |
| රෝග ලක්ෂණ | ඩිමෙන්ෂියාව, REM නින්දේ ඇතිවන අසාමාන්‍ය හැසිරීම්, අවධානයේ ඇතිවන උච්චාවචනයන්, දෘශ්‍ය මායාවන්, පාකින්සෝනියානුභාවය[1] |
| සාමාන්‍ය ආරම්භය | වයස 50න් පසුව,[2] median 76[3] |
| කාලය | දීර්ඝ කාලීන[2] |
| හේතූන් | නොදනී[2] |
| රෝග විනිශ්චය ක්‍රමය | රෝග ලක්ෂණ සහ ජෛව සලකුණු[1] |
| වෙනත් විනිශ්චයන් | ඇල්ෂයිමර් රෝගය, පාකින්සන් රෝග ඩිමෙන්ෂියාව, ඇතැම් මානසික රෝග, වාහිනී ඩිමෙන්ෂියාව[4] |
| ඖෂධ | ඩොනෙපෙසිල්, රිවාස්ටිග්මයින් සහ මෙමැන්ටීන්;[5] මෙලටොනින්[6] |
| Prognosis | විචල්‍ය වේ; සාමාන්‍ය ආයු අපේක්ෂාව රෝග නිර්ණය කොට වසර හතරකි[7] |
| සංඛ්‍යාතය | වයස 65ට වැඩි අයගෙන් 0.4%[8] |
ලෙවී දේහ සහිත ඩිමෙන්ෂියාව (DLB) යනු නින්ද, හැසිරීම, චින්තනය, චලනය සහ ස්වයංක්‍රීය ශාරීරික ක්‍රියාකාරකම්වල වෙනස්කම් සමඟ ඇති වන ඩිමෙන්ෂියාවකි.[9] මතක ශක්තිය නැතිවීම සැමවිටම මුල් රෝග ලක්ෂණයක් නොවේ.[10] කාලයත් සමඟ රෝගය නරක අතට හැරෙන අතර සාමාන්‍යයෙන් රෝග විනිශ්චය කරනු ලබන්නේ සංජානන පරිහානිය සාමාන්‍ය දෛනික ක්‍රියාකාරිත්වයට බාධා කරන විටය.[11] හෘද ක්‍රියාකාරිත්වය සහ ආමාශ ආන්ත්‍රික ක්‍රියාකාරිත්වයේ සෑම මට්ටමකටම - සැපීමේ සිට මළපහ කිරීම දක්වා - බලපෑම් ඇති විය හැකි අතර, මලබද්ධය වඩාත් පොදු රෝග ලක්ෂණ වලින් එකකි.[9][12] සිටගෙන සිටියදීත් අඩු රුධිර පීඩනය ඇති විය හැක.[9] එය හැසිරීමට බලපෑ හැකිය; මානසික අවපීඩනය සහ උනන්දුව නොමැතිකම වැනි මනෝභාවයේ වෙනස්කම් බහුලව දක්නට ලැබේ.[11]
නිශ්චිත හේතුව නොදන්නා නමුත්,[13] රෝගී මොළයේ ස්නායු සෛල තුළ ප්‍රෝටීන් අසාමාන්‍ය ලෙස පොකුරු ලෙස පැතිරීම මෙයට ඇතුළත් වේ.[14] බොහෝ දෙනෙකුට බලපෑමට ලක් වූ පවුලක් නොමැත, නමුත් ඉඳහිට එය පවුලක් තුළද සිදු වේ.[13] ලෙවී දේහ (1912 දී ෆ්‍රෙඩ්රික් ලෙවී විසින් සොයා ගන්නා ලදී) සහ ලෙවී නියුරයිට් ලෙස හඳුන්වන මෙම ගැටිති මධ්‍යම ස්නායු පද්ධතියට සහ ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට බලපායි.[15] REM නින්දේ හැසිරීම් ආබාධය (RBD) - සාමාන්‍යයෙන් REM නින්දේදී සිදුවන මාංශ පේශි අඩපණ වීම නැති වී ඔවුන්ගේ සිහිනවල පෙනෙන දෑ නින්දෙන් සිදුකරන්නට උත්සාහ කිරීම - මූලික ලක්ෂණයකි.[11] අනෙකුත් රෝග ලක්ෂණ වලට වසර ගණනාවකට හෝ දශක ගණනාවකට පෙර RBD මතුවිය හැක.[11] අනෙකුත් මූලික ලක්ෂණ වන්නේ දෘශ්‍ය මායාවන්, අවධානය හෝ අවදියෙන් සිටීමේ කැපී පෙනෙන උච්චාවචනයන් සහ පාකින්සෝනියානුභාවය ( චලනය මන්දගාමී වීම, ඇවිදීමේ අපහසුතාව හෝ දෘඩතාව ) ය.[11] රෝග ලක්ෂණ කිහිපයක් පවතී නම් හෝ ජෛව සලකුණු තිබේ නම් අනුමාන රෝග විනිශ්චයක් කළ හැකිය; රෝග විනිශ්චය කටයුතු සඳහා රුධිර පරීක්ෂණ, ස්නායු මනෝවිද්‍යාත්මක පරීක්ෂණ, ප්‍රතිබිම්භකරණය සහ නිද්‍රා අධ්‍යයනයන් ඇතුළත් විය හැකිය.[11] නිශ්චිත රෝග විනිශ්චයක් සඳහා සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණයක් අවශ්‍ය වේ.[11] පාකින්සන් රෝග ඩිමෙන්ශියාව සහ DLB යනු ලෙවී දේහ ඩිමෙන්ශියා ආකාර දෙකෙන් එකකි.[9]
රෝගය වර්ධනය වීම නැවැත්වීමට නිශ්චුත ප්‍රතිකාරයක් හෝ ඖෂධයක් නොමැත,[16] සහ DLB හි අවසාන අදියරවල සිටින පුද්ගලයින්ට තමන් ගැන සැලකිලිමත් වීමට නොහැකි විය හැකිය.[17] ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ කිහිපයක් සමනය කිරීම සහ රැකබලා ගන්නන් මත පැටවෙන බර අඩු කිරීම අරමුණු කර ඇත.[9][18] ඩොනෙපෙසිල් සහ රිවස්ටිග්මයින් වැනි ඖෂධ සංජානනය සහ සමස්ත ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී වන අතර, නින්ද ආශ්‍රිත රෝග ලක්ෂණ සඳහා මෙලටොනින් භාවිතා කළ හැකිය. DLB ඇති පුද්ගලයින්ගෙන් අඩකට ආසන්න පිරිසකට දරුණු හා ජීවිතයට තර්ජනයක් වන ප්‍රතික්‍රියා සිදුවිය හැකි බැවින්, දෘශ්‍ය මායාවන් සඳහා පවා ප්‍රති-මනෝ නාශක ඖෂධ සාමාන්‍යයෙන් ලබාදෙනු නොලැබේ. විවිධ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම අභියෝගාත්මක ය, මන්ද එයට බහුවිධ විශේෂඥතා සහ රැකබලා ගන්නන්ගේ අධ්‍යාපනය ඇතුළත් වේ.[19][9][11]
DLB යනු ඩිමෙන්ශියා රෝගයේ සුලබ ආකාරයකි, නමුත් බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව නිවැරදිව නොදනී සහ බොහෝ රෝග විනිශ්චයන් මග හැරී ඇත.[20] එය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ වයස අවුරුදු පනහෙන් පසුව ය. රෝගය ඇති පුද්ගලයින් රෝග විනිශ්චය කිරීමෙන් පසු වසර අටක් පමණ ජීවත් විය හැක.[13] මෙම රෝගය මුලින්ම විස්තර කළේ 1976 දී කෙන්ජි කොසාකා විසිනි.[21]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- 1 2 McKeith et al. 2017, Table 1, p. 90.
- 1 2 3 "Lewy body dementia". National Institute of Neurological Disorders and Stroke. ජනවාරි 31, 2025. සම්ප්‍රවේශය ජූලි 16, 2025.
- ↑ Hershey & Coleman-Jackson 2019, පිටු අංකය: 309.
- ↑ Gomperts 2016, පිටු අංකය: 437.
- ↑ Watts et al. 2022, පිටු අංකය: 206.
- ↑ Taylor et al. 2020, sec. "Sleep disturbances".
- ↑ Armstrong 2021, sec. "Progression".
- ↑ Levin et al. 2016, පිටු අංකය: 62.
- 1 2 3 4 5 6 Taylor JP, McKeith IG, Burn DJ, et al. (පෙබරවාරි 2020). "New evidence on the management of Lewy body dementia". Lancet Neurol (Review). 19 (2): 157–69. doi:10.1016/S1474-4422(19)30153-X. PMC 7017451. PMID 31519472.Taylor JP, McKeith IG, Burn DJ, et al. (February 2020).
- ↑ Tousi B (ඔක්තෝබර් 2017). "Diagnosis and management of cognitive and behavioral changes in dementia with Lewy bodies". Curr Treat Options Neurol (Review). 19 (11): 42. doi:10.1007/s11940-017-0478-x. PMID 28990131.
- 1 2 3 4 5 6 7 8 McKeith IG, Boeve BF, Dickson DW, et al. (ජූලි 2017). "Diagnosis and management of dementia with Lewy bodies: Fourth consensus report of the DLB Consortium". Neurology (Review). 89 (1): 88–100. doi:10.1212/WNL.0000000000004058. PMC 5496518. PMID 28592453.McKeith IG, Boeve BF, Dickson DW, et al. (July 2017).
- ↑ Palma JA, Kaufmann H (මාර්තු 2018). "Treatment of autonomic dysfunction in Parkinson disease and other synucleinopathies". Mov Disord (Review). 33 (3): 372–90. doi:10.1002/mds.27344. PMC 5844369. PMID 29508455.
- 1 2 3 "Dementia with Lewy bodies information page". National Institute of Neurological Disorders and Stroke. මාර්තු 27, 2019. ජූනි 10, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය මාර්තු 18, 2020.
- ↑ Walker Z, Possin KL, Boeve BF, Aarsland D (ඔක්තෝබර් 2015). "Lewy body dementias". Lancet (Review). 386 (10004): 1683–97. doi:10.1016/S0140-6736(15)00462-6. PMC 5792067. PMID 26595642.
- ↑ Lin YW, Truong D (අප්‍රේල් 2019). "Diffuse Lewy body disease". J. Neurol. Sci. (Review). 399: 144–50. doi:10.1016/j.jns.2019.02.021. PMID 30807982.
- ↑ Yamada M, Komatsu J, Nakamura K, et al. (ජනවාරි 2020). "Diagnostic Criteria for Dementia with Lewy Bodies: Updates and Future Directions". J Mov Disord. 13 (1): 1–10. doi:10.14802/jmd.19052. PMC 6987529. PMID 31694357.
DLB diagnoses are often missed.
- ↑ "What is Lewy body dementia?". National Institute on Aging. US National Institutes of Health. ජූනි 27, 2018. ඔක්තෝබර් 6, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය මාර්තු 18, 2020.
- ↑ St Louis EK, Boeve BF (නොවැම්බර් 2017). "REM sleep behavior disorder: Diagnosis, clinical implications, and future directions". Mayo Clin Proc (Review). 92 (11): 1723–36. doi:10.1016/j.mayocp.2017.09.007. PMC 6095693. PMID 29101940. ජූලි 20, 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය ජූලි 21, 2020.
- ↑ Tahami Monfared AA, Meier G, Perry R, Joe D (දෙසැම්බර් 2019). "Burden of disease and durrent management of dementia with Lewy bodies: a literature review". Neurol Ther (Review). 8 (2): 289–305. doi:10.1007/s40120-019-00154-7. PMC 6858913. PMID 31512165.
- ↑ Armstrong MJ (පෙබරවාරි 2019). "Lewy Body Dementias". Continuum (Minneap Minn) (Review). 25 (1): 128–46. doi:10.1212/CON.0000000000000685. PMID 30707190.
- ↑ Weil RS, Lashley TL, Bras J, Schrag AE, Schott JM (2017). "Current concepts and controversies in the pathogenesis of Parkinson's disease dementia and dementia with Lewy bodies". F1000Res (Review). 6: 1604. doi:10.12688/f1000research.11725.1. PMC 5580419. PMID 28928962.