Jump to content

ලූර්දුහි අප ස්වාමිදුව

විකිපීඩියා වෙතින්
  • ලූර්දුහි අප ස්වාමිදුව
ශුද්ධවූ බර්නඩෙත් සිබරේ වෙතට භාග්‍යවත් කන්‍යා මරියතුමිය දර්ශනයවූ ලූර්දුහි මැසබියෙල් නම් ස්ථානයෙහි පර්වත ගුහාවක් තුල දක්නට ලැබෙන ප්‍රතිමාව
ස්ථානයලූර්දු, ප්‍රංශය
දිනය11 පෙබරවාරි සිට 16 ජූලි 1858
සාක්ෂිකරුශුද්ධවූ බර්නඩෙත් සිබරේ
වර්ගයමරියානු දර්ශනය
අනුමැතියIXවන පයස් පාප්වහන්සේ
(අනුමැති ආඥාව 1 පෙබරවාරි 1876)
සිද්ධස්ථානයලූර්දුහි අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය, ලූර්දු, ප්‍රංශය
අනුග්‍රාහකත්වයලූර්දු, ප්‍රංශය, කේසෝන් නගරය, ටැගෙයිටේටැගෙයිටේ, ඩේගූඩේගූ, දකුණු කොරියාව, ටෙනසීටෙනසී, ලැන්කෙස්ටර් රදගුරු වසම, මංඩලුයොං ලූර්දු ශාස්ත්‍රාලයය, ශාරිරීක රෝග, රෝගී ජනතාව, ඇදුම රෝගීන්, රෝගවලින් ආරක්ෂාව
මංගල්‍ය දිනය11 පෙබරවාරි

ලූර්දුහි අප ස්වාමිදුව (ප්‍රංශ: Notre-Dame de Lourdes; Occitan: Nòstra Senhora de Lorda) යනු, කන්‍ය මරියතුමියට වන්දනා ගරු බුහුමන් කිරීමට කතෝලික සභාව විසින් භාවිතා කරනු ලබන වන්දනාමය නම් හෝ මාතෘකා අතරින් එකකි. මෙම නම විසින් සමරනුයේ 1858 වසරෙහිදී ප්‍රංශයෙහි ලූර්දුහිදී , වසර 14 වියැති ගැහැණු දරුවෙකුවූ බර්නඩෙත් සිබරේ විසින් වාර්තා කරන ලද දර්ශන 18 වෙතින් සමන්විත මාලාවක් වෙයි. 1858 පෙබරවාරි 11 දිනදී සිදුවුනු පළමු වාර්තාගත දර්ශනය වීමෙන් පසුව, බර්නඩෙත් විසින් තම මවට පවසා ඇත්තේ බර්නඩෙත්, ඇයගේ සොහොයුරිය සහ මිතුරකු විසින් දර එකතු කරමින් සිටින විට, මැසබියෙල් (නගරයෙන් 1.5 කිලෝමීටර (0.93 සැත) පමණ දුරකින් පිහිටි) නම් ස්ථානයෙහි ගුහාවක් තුලදී "ආර්යාවක්" විසින් ඇයට කතා කල බවයි. [1] "ආර්යාවගේ" මෙවන් දර්ශන, බර්නඩෙත් විසින් ඉදිරි සති කිහිපය තුලදී වාර්තා කෙරුණු අතර, අවසන් දර්ශනයෙහිදී "ආර්යාව" විසින් ඕතුමන්ව හඳුන්වාදී ඇත්තේ " නිර්මල පිළිසිඳීම" ලෙසටයි. [2] 1862 වසරෙහි ජනවාරි 18 දිනදී, ප්‍රාදේශීය රදගුරු ටාබ බෙර්ටොං-සෙවෑර් ලොරොන්ස් විසින් අනුමත කරන ලද්දේ භාග්‍යවත් කන්‍යා මරියතුමියට ලූර්දුහිදී භක්ති ප්‍රණාමය පුදකිරීම සුදුසු බවයි.

1876 වසරෙහි පෙබරවාරි 1 දිනදී, IXවන පයස් පාප්වහන්සේ විසින් මෙම දර්ශනය වූ රූපය නොත්‍ර-ඩෑම් ඩූ සන් රොසේර් ලෙසින් නම් කොට ආඥාවක් මගින් නිල වශයෙන් ධාර්මික අභිෂේක මංගල්‍යය පැවැත්වීය. වර්තමානයෙහි ලූර්දුහි ජපමාල බැසිලිකාව ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලෙහි කොටසක්වූ අංගණයෙහි කාදිනල් පියාර් ෆ්‍රොන්සෙස්කෝ මීලියා විසින් 1876 වසරෙහි ජූලි 3 දිනදී අභිෂේක මංගල්‍යය පැවැත්විණි.[3][4]

ලූර්දුහි අප ස්වාමිදුවගේ රූපය පුළුල් ලෙසින් පිටපත්කොට සිද්ධස්ථාන සහ නිවෙස්, සමහරවිට උද්‍යාන භූ දර්ශනයන්හී පුනරුත්පාදනය කොට ඇත. XIවන පයස් පාප්වහන්සේ විසින් 1933 වසරෙහිදී, බර්නඩෙත් සිබරේ ශුද්ධවරයට ඔසවන ලදි.[5][6]

මරියානු වන්දනය එවක් පටන් ක්‍රමයෙන් වැඩිවුනේ ඇයගේ දර්ශන පිළිබඳ සමයානුකූල අන්වේෂණ වෙතින් ඒවාට අනුමැතිය ලබා දුන් බැවිනි. පසුකාලීන වර්ෂ වලදී, මෙම ස්ථානයෙහි විශාල දේවස්ථානයක් ඉදි කෙරුණු අතර, එය එතැන් සිට [7] ආගමික වන්දනා ගමනෙහි ප්‍රධාන අඩවියක් බවට පත් වී ඇත.

දර්ශන

[සංස්කරණය]
මෙයද බලන්න: බර්නඩෙත් සිබරේ
බර්නඩෙත් සිබරේගේ (වයස 14) මැදිරි ඡායාරූපයක් දෛනික ඇඳුමෙන්. (ප. 1 ජනවාරි 1858)

ඇයගේ සෙහොයුරිය ටොයිනෙට්ට සහ අසල්වැසි ජොන් ඇබැඩි සමග සිබරේ 1858 වසරෙහි පෙබරවාරි 11 දිනදී දර එකතුකිරීම සඳහා ගියාය. මැසබියෙල් ලෙන අසලදී ජල පහර තරණය කිරීම සඳහා ඇය සපත්තු සහ මේස් ගලවමින් සිටින විටදී, සුළං පහර දෙකක ශබ්දය (coups de vent) ඇයට ඇසුණු නමුත් අසල ගස් හෝ පඳුරු හෝ නොසෙල්වුණු බව ඇය පැවසුවාය. කෙසේවෙතත්, ලෙන තුල ස්වභාවික කුහරයක තිබූ කැලෑ රෝස ගසක් සෙලවුණු බව ඇය පැවසුවාය.

මම ලෙන වෙත යළි පැමිණ මගේ මේස් ගැලවීමට පටන් ගතිමි. මම පළමුවන මේස් එක ගැලවුවත් සමගම සුළං පහරක ශබ්දයක් වැන්නක් මට ඇසුණි. එවිට මම දෙනිය දෙසට හිස හරවා බැලිමි. මම දුටුවේ ගස් නොසෙල්වී තිබුනු බවය: මම මේස් ගැලවීමෙහි කාර්යයෙහි යෙදුනෙමි. පෙර ශබ්දය නැවත මට ඇසුණි. ලෙන වෙත බැලීමට මම හිස ඔසවන විට, සුදු වතින් සැරසුනු ආර්යාවක් මම දුටිමි, ඇය සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටියාය, නිල් පැහැති බඳපටියක් පැළඳ සිටි අතර ඇයගේ එක් එක් පය වෙත කහ පැහැති රෝස මලක් විය, ඇයගේ ජපමාලයෙහි දම්වැලෙහි වර්ණයද එයම විය; ජපමාලයෙහි ඇට වල වර්ණය සුදු විය ... ලෙන් කුහරයෙන් හෝ, එයට පසුපසින් වූ අඳුරු කුටීරයෙන් අතිශයින් දීප්තිමත් ආලෝකයක් නිකුත් විය.[8]

ලූර්දු, ප්‍රංශය අසළ මැසබියෙල් ලෙනෙහිදී බර්නඩෙත් සිබරේ වෙත කන්‍යා මරියතුමිය දර්ශනය වීම දැක්වෙන සිත්තම

සිබරේ විසින් කුරුසියෙහි ලකුණ ඇඳීමට උත්සාහ කලද, එසේ කිරීමට නොහැකි වූයේ ඇයගේ දෑත් වෙව්ලමින් පැවති හෙයිනි. ආර්යාව මදහස පා සිබරේ වෙත ආරාධනා කලේ ඇය සමග ජපමාලය යාඥා කරන ලෙසටය.[9] මෙම සිද්ධිය රහසක් වශයෙන් තබා ගැනීමට සිබරේ උත්සාහ කලද, ටොයිනෙට්ට විසින් එය මව වෙත කියන ලදි. දෙමව්පියන් විසින් සිදු කරන ලද හරස් ප්‍රශ්න ඇසීම් වලින් පසුව, ඇය සහ ඇයගේ සොහොයුරිය මෙම කතාන්තරය වෙනුවෙන් ශාරිරීක දඬුවම් ලබන ලදි.[10]

දින තුනකට පසුව, පෙබරවාරි 14 දිනදී, සිබරේ යළිත් ලෙන වෙත පැමිණියාය. මෙම දර්ශනය නපුරු සම්භවයක්/නිදානයක් නොවන බවට තහවුරු කර ගැනීමට පරික්ෂණයක් ලෙස භාවිතා කිරීමට ඇය ආසිරි පැන් රැගෙන ආවාය: "දෙවන අවස්ථාව වූයේ ඊළඟ ඉරිදා දිනයෙහිය ... ඉන්පසු ඇයගේ දිශාවට මම ආසිරි පැන් වීසි කිරීමට අරඹා සහ ඇය දෙවියන්වහන්සේ වෙතින් පැමිණියේ නම් ඇය දිගටම සිටිය යුතු බවත් නැතිනම් ඇය නැතිවී යා යුතු බවද එවිටම පැවසීමි. ඇය මදහස පෑ අතර මදක් නැවී ආචාර කලාය ... මෙය දෙවන අවස්ථාව විය."[11]

ඇය ධ්‍යාන සුවයෙන් සිටින බව දුටු විට සිබරේගේ මිතුරෝ බියට පත් වූහ. ඔවුන් යළි ගම්මානය වෙත පැමිණෙන විටද ඇය ධ්‍යාන සුවයෙන්ම සිටියාය. සති දෙකක කාලසීමාවක් පුරාම ගුහාව වෙත පැමිණෙන ලෙස ආර්යාව විසින් පැවසූ බවක් ඇය විසින් පෙබරවාරි 18 දින පැවසුවාය. දර්ශනයෙහිදී වූ දෙය ඇය මෙසේ පැවසුවාය: "ආර්යාව මට කතා කලේ තුන්වන අවස්ථාවෙහිදීය ... මෙම ලෝකයේදී මා ප්‍රීතිමත්ව තැබීමට ඇය පොරොන්දු නොවෙතත් ඊළඟ ලෝකයෙහිදී එසේ කිරීමට පොරොන්දු වන බව ඇය කීවාය."[10]

යළි එහි නොයන ලෙසින් ඇයගේ දෙමව්පියන් සිබරේට නියෝග කලහ. කෙසේවුවද ඇය එහි ගිය අතර, පෙබරවාරි 24 දිනදී සිබරේ පැවසුවේ, පව්කාරයන් යළි දෙවියන් වෙත හැරවීම සඳහා යාච්ඤා සහ පශ්චාත්තාපය සිදු කරන ලෙසට ආර්යාව ඇය වෙත පැවසූ බවයි.

ඇය පැවසුවේ, ඊළඟ දිනයෙහිදී පොළවේ වලක් හාරා එවිට ඇයට හමුවන උල්පතෙන් දිය බොන ලෙසට දර්ශනය ඇයගෙන් ඉල්ලා සිටි බවය. මෙහිදී ඇය අවුල් සහගත වූ අතර ඇයගේ සහායකයන්ගෙන් සමහරෙක් චංචල බවට පත්වූ නමුත්, මෙම ක්‍රියාව නිසා දියපාරක් හමුවූ අතර, එය විගසින් වන්දනාකරුවන් අතර පුළුල්ව භාවිතා වන්නක් බවට පත් විය.[12]

සටහන්

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]

උපහරණ

[සංස්කරණය]
  1. ^ "කැතලික් ඔන්ලයින්: ඇපරිෂන්ස් ඔෆ් අවර් ලේඩි ඔෆ් ලූඩ්ස් ෆර්ස්ට් ඇපරිෂන්". අප්‍රේල් 12, 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. ^ 2009 කැතලික් ඇල්මනැක්. අවර් සන්ඩේ විසිටර් පබ්ලිෂින්. 2009. ISBN 9781592764419.
  3. ^ "La Vierge couronnée – Lourdes". 2014-09-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-09-04.
  4. ^ ""Marie Reine, 22 août", Zenit, 21 Août 2013".
  5. ^ බර්ක්, රේමන්ඩ් එල්.; සහ අනෙකුන්. (2008). මේරියොලොජි: අ ගයිඩ් ෆො ප්‍රීස්ට්ස්, ඩීකන්ස්, සෙමිනේරියන්ස්, ඇන්ඩ් කොන්සික්‍රේටඩ් පර්සන්ස් ISBN 978-1-57918-355-4 පිටු. 850–868
  6. ^ ලෝරන්ෂින්, ආර්., ලූඩ්, දෝසියේ ඩෙ ඩොකියුමොන් ඔතන්ටික්, පරී: 1957
  7. ^ බක්ලි, ජේම්ස්; බවර්ෂ්මිට්, ෆ්‍රෙඩ්රික් ක්‍රිස්ටියන්, සහ පොම්පියුල්න්, ට්‍රෙන්ට්. ද බ්ලැක්වෙල් කම්පෑනියන් ටු කැතකලිසිම්, 2010 ISBN 1444337327 පි. 317
  8. ^ ටේලර්, තෙරේස් (2003). බර්නඩෙට් ඔෆ් ලූඩ්. බර්න්ස් ඇන්ඩ් ඕට්ස්. ISBN 0-86012-337-5
  9. ^ Fr. Paolo O. Pirlo, SHMI (1997). "අවර් ලේඩි ඔෆ් ලූඩ්". මයි ෆර්ස්ට් බුක් ඔෆ් සේන්ට්ස්. සන්ස් ඔෆ් හෝලි මේරි ඉමැකියුලේට් – ක්වැලිටි කැතලික් පබ්ලිකේෂන්ස්. pp. 49–50. ISBN 971-91595-4-5.
  10. ^ a b Laurentin 1988, පිටු අංකය: 161.
  11. ^ Harris 1999, පිටු අංකය: 4.
  12. ^ Harris 1999, පිටු අංකය: 7.
"https://si.wikipedia.org/w/index.php?title=ලූර්දුහි_අප_ස්වාමිදුව&oldid=763536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි