ලීමා හි ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
20 වන ශතවර්ශයේ මුල් භාගයේ දී ලීමාවේ ප්‍රධාන වීදිය වූ ජිරෝන් ඩි ලා යුනිඕන් Jirón de la Unión දිස් වූ අයුරු.

පේරු හි අගනුවර වූ ලීමාහි ඉතිහාසය 1535 ජනවාරි 18 දින ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ විසින් එය පිහිටුවීමත් සමඟ ඇරඹේ. පසුව යැක්මා ජන සමූහය රීමැක් නදී නිම්නයේ එය පිහිටුවනු ලැබීය​. ලීමාව​ 1543 ස්පාඤඤ ප්‍රාන්ත රාජ්‍යක් වූ පේරු හි අග​නුවර බවට පත්විය. භූමිකම්පා සහ මුහුදු කොල්ලකරුවන්ගේ ගැහැටින් පීඩාවට​ පත් වුවත් 17 වන සියවසේ මෙම නගරය සෞභාග්‍ය​මත් විශාල​ වෙළඳ මද්‍යස්ථානයක් විය. එහෙත් 18 වන සියවස වන විට​ එම සෞභාග්‍ය​ පරිහානිය​ කරා යොමු වූයේ අර්ථික පරිහානියක් වූ බෝරෝන් ප්‍රතිසංස්කරන හේතුවෙනි.

1821-1824 පැවති පේරු නිදහස් අරගලයේදී ලීමා හි ජනතාවගේ ප්‍රතිවිරුදධ අදහස් නිසාත්, රජයේ හමුදා සහ දෙශප්‍රේමී හමුදාවල ක්‍රියාවන් නිසාත් දැඩි සේ පීඩාවට පත් විය​. නිදහසින් පසුව ලීමා, පේරු ජන රජයේ අගනුවර බවට පත්විය​. නමුත් මේ සෞභාග්‍ය පැවතියේ ටික කලකට පමනි. 19 වන සියවසේ මැද භාගයේ 187-1883 කාලය තුල පැවති ෆැසිපික් යුද්ධයෙන් පසු චිලී හමුදාව ලීමා කොල්ල කා පදිංචියට පැමිනියාහ​. යුද්ධයෙන් පසු අවධිය තුල ජන සමූහයේ වර්ධනයත් සමඟ නගරයේ නවීකරනයේ පසුබිම සැකසිනි.1940 දී පේරු රාජ්‍යයේ ඇන්ඩියන් පෙදෙසින් පැමිණි සක්‍රමනිකයන් ගෙන් ජනගහන වර්ධනය ඉහල යෑමට පත්විය​.මේ නිසා මුඩුක්කු වලින් ගහණ නගර සීග්‍ර​යෙන් ඉහළ ගිය අතර සිදු වූ නාගරික ප්‍රසාරණය වැලැක්වීමට රජය අසමත් විය​.

ආරම්භය[සංස්කරණය]

ප්‍රාග් කොළොම්බියානු සමයේ දී පැක්මැක් Pachacamac (Pachacamac ) එහි ප්‍රධාන​ ආගමික මද්‍යස්‍ථානය විය​.

ප්‍රාග් කොළඹියානු (pre-Columbian) යුගයේ දී, වර්තමාන ලීමා (ලීමා) අගනුවර පිහිටි ප්‍රදේශය ඇමරින්දියන් (Amerindian) කණ්ඩායම් මුල් පදිංචි කරුවන් විය​. ඉන්කා අධිරාජ්‍ය (Inca Empire) ඇති වීමට පෙර රිමැක් (Rímac) සහ ලුරීන් නදී නිම්න වල යැක්මා ජන සමූහයන් ජීවත් විය​. ඔවුන් විසින් පිරමීඩ 40 ක් පමණ ඉදි කළ අතර ගං නිම්නයන් හි වාරි පද්ධතියක්ද ඇති කලහ​. 15වන සියවසේ ඉන්කාවරු ප්‍රදේශය යටත් කරගත් අතර පැක්මැක් වැනි ස්වීය ගොඩනැගිලි ඉදි කලහ​.

1532 දී ස්පාඤඤ අධිරාජ්‍යයා වූ කොන්කිස්දෝටර් ගේ හමුදා නිලධාරියකු වන ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ නම් ඉන්කා පාලකයා වූ අතහුආල්පා (defeated the Inca ruler Atahualpa) යටත් කොට ඔහුගේ අධිරාජ්‍ය තමා යටතට ගත්තේ ය​. ස්පාඤඤ කිරීටය (Spanish Crown) යටතේ පිසාරෝ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා බවට පත් විය.​ තම අගනුවර පිහිටුවීමට සුදුසු ස්ථානයක් පිලිබඳව පිසාරෝ ගේ අවධානය යොමු වූ අතර මුල්ම තෝරා ගැනීම වූයේ අන්දීස් (Andes ) මද්‍යයේ වූ ජවුජාය​. එහෙත් මුහුදෙන් බොහෝ ඈත්ව පිහිටීමත් අධික උන්නතාංශය ත් නිසා මෙහි අගනුවර පිහිටුවීම අපහසු බැව් තීරනණය විය​. මේ අතර ස්පාඤඤ තොරතුරු සපයන්නන් රික්මා නදී නිම්නයේ වූ වඩාත් හොඳ ස්ථනයක් වර්තා කලහ​. එය ෆැසිපික් සයුරට (Pacific Ocean) සමීප වූවා සේම ජලයෙන්,දැවයෙන් මෙන්ම පැතිරුනු කෙත් යායන් ගෙන් සහ සුවදායී කාලගුණයකින් ද යුක්ත විය​. 1535 ජන​: 18 දින පිසාරෝ ඔහුගේ නව අගනුවර වූ සියුඩැඩ් ඩි ලොස් රෙයස් (රජුන්ගේ නගරය​) නමින් පිහිටු වීය.​

1536 අගෝස්තු වලදී ඉන්කා කැරලිකාර නායක මැන්කෝ විසින් නව නගරය වටලනු ලැබීය. පිසාරෝ විසින් මෙහෙයවනු ලැබූ ස්පාඤඤ හා ස්වදේශීය පාක්‍ෂිකයන් විසින් දරුණු සටනකින් පසුව කැරලිකරුවන් පරාජයට පත් කරනු ලැබූ හ​. 1536 දී ස්පාඤඤ කිරීටය පිහිට වූ අතර​ 1537 දෙසැම්බර් 7 දින​ ස්පාඤඤයේ 5 වන චාල්ස් (Charles_V) නගරය යුද පාලනයට නතු කළේය​.

යටත් විජිත යුගය[සංස්කරණය]

ලීමාවේ යටත් විජිත කාලය තුල දී එහි ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රධාන ලක්‍ෂනයක් ලෙස බැල්කනිස් ( Balconies) ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමය හැඳින්විය හැකිය.

අනතුරුව අවුරුදු කිහිපයකට පසු ලීමා ව කැළඹිලි වලින් ගහන එකක් විය​. ස්පාඤඤ ජාතිකයන් අතර ඇති වූ විවිධ මත ගැටුම් ඊට ඉවහල් විය​. ඒ අතරම දී පේරු ප්‍රාන්තයේ (Viceroyalty of Peru) අගනුවර බවට ලීමාව 1543 දී පත්වෙමින් ප්‍රසිද්ධියට පත්විය​. ලීමාවේ ප්‍රථම සරසවිය 1551 දී ශාන්ත මාර්ක් (University of San Marcos) ලෙස පිහිටුවනු ලදහ​. එමෙන්ම එහි ප්‍රථම මුද්‍රනාලය 1584 දී පිහිටුවනු ලැබීය​. එමෙන්ම ලීමාව වැදගත් ආර්ථික මද්‍යස්ථානයක් ද විය​.1541 දී රෝමානු කතෝලික දියෝකීසිය ( archdiocese) පිහිටුවනු ලැබූ අතර​අවුරුදු 5කට පසු අගරදගුරුතුමගේ බල ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ලීමාව 17 වන සියවස පුරාම සමෘධිමත් අති විශාල වෙළඳ මද්‍යස්ථානයක් විය​. පේරු රාජ්‍යයේ ඈත පෙරදිග, යුරෝපය සහ ඇමරිකාව මෙහි වෙළඳ ජාලය​ විය​. ලීමා හි වෙලඳුන් ස්වකීය වරාය වූ කෑලෝ වලින් පීරු රිදී අපනයනය කළ අතර වටිනා බඩු සමඟ හුවමාරු කර ගැනිනි. මේ වෙළඳාම සිදු වූයේ වර්තමානයේ පැනමා නමින් හඳුන්වන පොටෝබෙලෝ හිදීය​. වෙලඳ කටයුතු නිසා ඇති වූ ආර්ථික සමෘධියත් සමඟ ජනගහනයේ තීවුර වර්ධනයක් දක්නට ලැබුනි.1619 වූ 25000ක ජන සංඛ‍‍යාව 1687 දී 80000 කට ඇස්තමේන්තු කරන ලදී.

කෙසේ වෙතත් ලීමාව අනතුරු වලින් නිදහස් නගරයක් නොවීය​. 1682 ඔක්:20 (October 20) සහ දෙසැ:2 යන දින තුල බලවත් භූමිකම්පා වලින් නගරයේ අවට ප්‍රදේශයන් විනාශයට පත් විය​.භූමිකම්පා ව්‍යසනයෙන් පසු ඇති වූ රෝග පීඩා සහ ආහාර හිඟය නිසා 1692 දී ජන සංඛ‍‍යාව 40000 දක්වා අඩුවිනි. දෙවන තර්ජනය වූයේ ෆැසිපික් මුහුදෙන් පැමිනි මුහුදු කොල්ලකරුවන් ගෙන් සහ සන්නද​ධ නෟකා මගින් විය​. ජැකී අයි හර්මයිට් නම් ලන්දේසි ජාතිකයා මෙහෙයවූ නාවික කණ්ඩායම කැලෝ වරායට ප්‍රහාර එල්ල කරන ලදී. නමුත් ස්පාඤඤ නියෝජිත දියාගෝ ෆර්නැඩස් කෝර්ඩෝබා විසින් ඔවුන් පලවා හරිනු ලැබීය​. 1680 ගනන් වලදී ඉංග්‍රීසි මුහුදු කොල්ලකරුවන් ෆැසිපික් සයුරේ රජයන්නට වූහ​.ලීමා හි ස්පාඤඤ පාලක මෙල්ක ඩී නවාරා වයි රොකාෆුල් විසින් ආරක්‍ෂක පියවරක් වශයෙන් ලීමා හි නගර ප්‍රාකාරය 1684-1687 කාලයේදී ඉදි කරනු ලැබීය​.

1687 දී ඇති වූ භූමිකම්පාව ලීමා ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂය විය​. මේ මගින් වෙලඳාමේ පසුබෑමක් වූ අතර රිදී නිෂ්පාදනය අඩු විය​. බුවනෝර්ස් අයර්ස් වැනි වෙලඳ නගර වල බලපෑමට යටත් වීමත විය​. 1746 ඔක්:28 දින මේ ප්‍රශ්න වලට තවත් විශාල භූමිකම්පාවක් දායක විය​. ඒ මගින් නගරය දැඩි සේ අනතුරට ලක් වූ අතර කැලෝ වරායද විනාශයට පත් විය​. නමුත් විසුරේ (එවකට ස්පාඤඤ පාලක​) තැන්පත් ජෝසේ ඇන්තෝනියෝ මැන්සෝ ඩී වෙලස්කෝ විසින් යලි සීග්‍ර ගොඩනැගීමකට ලක් විනි.මෙම උපද්‍රවය හේතුවෙන් දැඩි ආගමික භක්තියක් ප්‍රාතිහාර්යයේ ස්වාමියා නම් වූ කිතුනු ප්‍රතිමාවකට දැක්වීමට ඔවුන් උත්සුක විය​. 1746 න් පසු සෑම ඔක්තෝම් බර් මාසයකම මේ ප්‍රතිමාව පුද පෙරහරින් එළියට ගැනීම ඔවුන් කටයුතු කරමින් සිටී.

යටත් විජිත සමය අවසන් වූ පසු බර්බෝන් හවුස් පාලනය යටතේ ලීමාව නව අදහස් වලින්, මහජන සනීපාරක්‍ෂාවෙන් මෙන්ම ප්‍රජා පාලන ක්‍රම වලින් හැඩ ගන්වන ලදී. නව ගොඩනැගිලි ඉදි කරන ලදී. විවිධ ක්‍රීඩාගාර(කුකුල් පොර​,ගව පොර සිදු කරන​) ඉදි කරන ලදී. ප්ලාසා ඩි ටොරොස් ඩි ආකෝ නමි වූ පොදු සුසාන භූමියක් ද පිහිටුවනු ලදී. කුකුලන් කෙටවීම සහ ගව පොර සිදු කරන ස්ථාන ඇති කිරීමෙන් ජනතා ක්‍රියාකාරකම් එකම ස්ථානයකට මද්‍යගත කර පාලනය කිරීමට ක්‍රියා කරන ලදී. පොදු සුසාන භූමිය ඇති කරනු ලැබුවේ පල්ලි ආශ්‍රිතව මෘත ශරීර වැලලීම මහජනයාගේ ශාරීරික සුවතාවට නිර්නයකයක් බැව් පාලන පක්‍ෂය වටහා ගත් බැවිනි.

නිදහස​[සංස්කරණය]

1821 ජූලි 28 දින ජෙනරාල් ජෝසේ ඩි සැන් මාර්ටින් José de San Martín විසින් ලීමාවේ නිදහස ප්‍රකාශයට පත් කළේය​.

18 වන සියවසේ දෙවන භාගයේදී බොර්බොන් ප්‍රතිසංස්කරණ වලින් ලීමාව දැඩි හා අහිතකර තත්වයන්ගෙන් පීඩාවට පත් විය. විදේශයන්හි තිබූ වෙලඳ ඒකධිකාරය අහිමි විය​. වැදගත් කැනීම් පෙදෙස් පේරු සිට (Upper Peru) රියෝ ඩි ලා ප්ලාටා වලට මාරු විය​. මේ ආර්ථික පරිහානිය ප්‍රජා හා රාජකීයන්ගේ පත්වීම් වලට බලපෑ අතර නිදහස පිලිබඳව කතා කිරීමට පැකිලීමක් ඇති විය​. 1810 වසර තුල ජෝසේ ෆර්නෑන්දු ඩි ඇබස්කල් වයි සොයිසා මෙහෙය වූ දකුණු ඇමරිකානු විමුක්ති අරගල සමය​යේ නගරය රාජපාක්‍ෂිකයන්ගේ බලකොටුවක් බවට පත්විය​.

1820 සැප්තැම්බර් 7 වන දින ජෙනරාල් ජෝසේ ද සැන් මාර්ටින් යටතේ ඒකාබද්ධ ආජන්ටිනියානු සහ චිලී දේශප්‍රේමී හමුදාවට ලීමා වල දකුණු කොටසට ගොඩ බැසීමට හැකි විය​.එහෙත් නාවික බාධා සහ ගොඩබිමේ වූ ගරිල්ලා හමුදාවන්ගේ බලපෑම නිසා නගරයට ආක්‍රමන එල්ල කිරීම සිදු වූයේ නැත​. උප සෙනට් ජොසේ ද ලා සර්නා (José de la Serna) 1821 ජූලි මස ලීමා වලින් හමුදා ඉවත්කර රාජකීය හමුදාවන් බේරා ගති. මේ අතර මහජන විරෝධතා කැලඹිලි සහ නීතිය සහ සාමය ස්ථාපිත​ කිරීම අසීරු එහෙත් ලීමා මන්ත්‍රන සභාව සැන් මාර්ටින ට ලීමාවට පැමිනීමට ආරාධනා කරන ලදී. අනතුරුව ඔහුගේ ඉල්ලීම පිට නිදහස ප්‍රකාශ කිරීමට​ අත්සන් තබන ලදී. කෙසේ වෙතත් යුද්ධය නිම වූයේ නැත​. ඉදිරි වසර දෙක තුල පාලන බලය හුවමාරැ වූ අතර ලීමාව දෙපසේම සූරා කෑමට හා පීඩනයට ලක් විණි. යුද්ධය තීරණාත්මක විය​. 1824 දෙසැම්බර් 9 දින ඇති වූ අයකුචෝ සටනින් ලීමාව සැළකිය යුතු තරම් දරිද්‍රතාවයකට ඇද දැමීය​.

ජනරජ සමය[සංස්කරණය]

The Palacio de la Exposición was built to house an International Exposition in 1872.

නිදහස් සටනින් පසු ලීමාව පේරු ජනරජයේ අගනුවර බවට පත් විය​. එහෙත් ආර්ථික කටයුතු ඇණහිටීමත් දේශපාලන වියවුල් සහිත බවත් නිසා එහි නාගරික සන්වර්ධනය අඩාල විණි. නමුත් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ගුආනෝ දූපත් වල කරන ලද අපනයන වල සීග්‍ර වර්ධනයත් සමඟ නගරය යලිත් සීග්‍රයෙන් සංවර්ධනය විය​. ඉදිරි දශක දෙක තුළ රජය විසින් යටත් විජිත ඉදිකිරීම් වෙනුවට විශාල ගොඩනැගිලි ඉදි කරනු ලැබිනි. ඒ අතර පොදු වෙලඳපොල,සත්ව ඝාතකාගාර, මානසික රෝහල්, සිරගෙවල් සහ දෙස් ද මයෝ රෝහල විය​. සන්නිවේදනය දියුණු කල අතර ලීමා සිට කාලෝ වරාය තෙක් දුම්රිය මාර්ග ඉදි කරන ලදී. 1850 දී රික්මා නදිය හරහා ලෝහ පාලමක් ඉදිකළ අතර බෝල්ටා පාලම 1870 දී විවෘත කරන ලදී. තවදුරටත් නගරයේ සංවර්ධනය අපේක්‍ෂා කරමින් නගරයේ වූ තාප්පය 1872 දී බිඳ හෙලන ලදී. කෙසේ වෙතත් අපනයන අභිමුක ආර්ථික වර්ධනය මගින් දුප්පත් පොහොසත් පරතරය පුළුල් කළ අතර එය සමාජ අසහනකාරී බවට ඉවහල් විය​.

1879-1883 කාලය තුළ ඇති වූ ෆැසිපික් යුද්ධයෙන් චිලී හමුදාව ලීමාව අත්පත් කර ගනු ලද්දේ පීරු ජන විරෝධය හමුවේ සැන් ජුආනා (Battle of San Juan and Chorrillos) සහ මිරෆ්ලෝර්ස්වල සටන් වලිනි. ලීමාව ආක්‍රමනිකයන් ගේ මංකොල්ල කෑම් වලින් අසරණ විය​. ඔවුන් විසින් ලීමා කෞතුකාගාරය, පුස්තකාල​, අධ්‍යාපනික ආයතන කොල්ල කන ලදී. මේ අතර කලහකාරී කණඩායම් ධනවතුන් සහ ආසියානු ජනතාවට පහර දී ඔවුන් ගේ දේපළ සහ ව්‍යාපාර මන්කොල්ල කෑහ​. යුද්ධයෙන් පසුව 1890 සහ 1920 දක්වා කාල වලදී ලීමාවේ නාගරික ප්‍රතිසංස්කරණ වලට ලක් විය​. ලීමා නගරය අධික ජනගහනයෙන් යුක්ත නගරයක් බවට පත් වූ අතර ලා වික්ටෝරියා පෙදෙස (La Victoria District) 1896 දී කම්කරු වටපිටාවක් සහිතව​ ඉදි කරනු ලැබීය​.යාබද මිරෆ්ලෝර්ස් (La Victoria District) නගරය හා සම්බන්ධ කරමින් මග දෙපස සංවර්ධනය කරමින් නගර සැලැස්ම නවීකරණයට ලක් විය​. 1920-1930 අතර කාලය තුල ලීමා හි ඓතිහාසික මද්‍යස්ථාන (HistoricCentre of Lima) ලෙස පැවති නාගරික මාලිගය (Government Palace) හා රජ මාලිගය යන ගොඩනැගිලි යලි ගොඩනගන ලදී.

20වන සියවසේ මුල් භාගයේ සිදුවූ නාගරික ප්‍රතිසංස්කරණ වල කොටසක් ලෙස බොලිවර් හෝටලය​ Hotel Bolívar හැඳින්විය හැකිය​.

1940 මැයි මස 24 භූමිකම්පාව මොඩගල් සහ ක්වින්චා ගොඩනැගිලි ඉදි කිරීමේ සම්ප්‍රදායන්ට ගොඩනගා තිබූ නගරයේ වැඩි කොටසක් විනාශ විය​. 1940 වර්‍ෂයන්හිදී පීරරු වල ඇන්ඩියන් පෙදෙසින් පැමිනි සංක්‍රමනිකයන් නිසා ලීමාව සීග්‍ර වර්ධනයකට ලක් විය​. 1940 වන විට ජනගහනය මිලියන 0.6 කට ගනනය කරන ලදී.1960 මිලියන 1.9 වූ අතර 1980 මිලියන 4.8 කට ලඟා විණි. මෙම කාලඡේදය ඇරඹීමත් සමඟ චිලී නාගරික පෙදෙස, ඓතිහාසික මද්‍යස්ථාන, කාලෝ වරාය සහ කොරිලෝස්වලින් සීමා වූ ත්‍රිකෝණාකාර පෙදෙසක් විය​. ඊලඟ දශකයේදී වාසස්ථාන රිමැක් නදියෙන් ඔබ්බට උතුරටත්, නැගෙනහිරටත් මෙන්ම ප්‍රධාන මහාමාර්ගය දිගේ දකුණටත් ව්‍යාප්ත විය​. පළමුව මේ සංක්‍රමනිකයන් ලීමා නගරයේ පැල්පත් වලට සීමා විය​. මහා පරිමාණයෙන් සිදු වූ ඉඩම් ආක්‍රමනයෙන් ප්‍යුබ්ලොස් ජෝවීන්ස්වැනි පැල්පත් නගර ඉදිවන්නට විය​. මේ කාලය පුරාම ප්‍රධාන පොදු ඉදිකිරීම් මැනුඑල් ඒ ඔඩ්‍රියා (Manuel A. Odría) (1948-1956) සහ ජුආන් වෙලස්කෝ අල්වරාඩෝ (1968-1975) ගේ පාලන කාලය තුල සිදු විය​. බ්රුටලිසම් ගෘහ නිර්මාණ ශිල්පය ට කදිම උදාහරණයක් ලෙස 1970 දී රජයේ පෙට්‍රල් ස්මාගමේ මූලස්ථානය වන පෙට්‍රෝපේරු (Petroperú) ඉදි කරන ලදී. 1993 ජන සංගනනය (Peru_1993_Census) අනුව ලීමා හි ජනගහනය මිලියන 6.4 කට ලඟා වූ අතර 1940 දී 9.4% වූ සමස්ත ජන අනුපාතය 1993 දී පේරු වලට සාපේක්‍ෂව 28.4% ක් විය​.

ආශ්‍රිත ලිපි​[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලීමා_හි_ඉතිහාසය&oldid=434593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි