ලැව් ගිනි

විකිපීඩියා වෙතින්

ළැව්ගින්නක් යනු, කැලෑ බිමක ඇති වන ගිනි ගැනීමක් හෝ ග්‍රාමීය ප්‍රදේශයක ඇති වන ගිනි ගැනීමක් හෝ වශයෙන් ඉක්මනින් දහනය වන වෘක්ෂලතා රාශියක පාලනය කළ නොහැකි ගින්නකි. පවතින වෘක්ෂලතා ආදිය පදනම් ව, බ්‍රෂ් ෆයර් (Brush Fire), පඳුරු ආශ්‍රිත ගිනි ගැනීම් (Bush fire) (ඕස්ට්‍රේලියාවේ), කාන්තාර ආශ්‍රිත ගිනි ගැනීම් (Desert Fire), වනාන්තර ආශ්‍රිත ගිනි ගැනීම් (Forest Fire), තණ බිම් ආශ්‍රිත ගිනි ගැනීම් (Grass Fire), කඳු ආශ්‍රිත ගිනි ගැනීම් (Hill Fire)පීට් ආශ්‍රිත ගිනි ගැනීම් (Peat Fire), වෘක්ෂලතා ආශ්‍රිත ගිනි ගැනීම් (Vegetation Fire) හෝ පතන බිම් ආශ්‍රිත ගිනි ගැනීම් (Veld Fire) වශයෙන් ලැව් ගිනි වර්ග කළ හැකි ය. බොහෝ සංවිධාන ළැව්ගිනි , සැලසුම් සහගත නොවූ සහ අනවශ්‍ය ගින්නක් ලෙස සලකන අතර කැලෑ බිම් ආශ්‍රිත ගින්නක් යනු පුළුල් ගින්නක් වන අතර එය නියමිත ගින්න මෙන් අති විශාල ය.

මීට වසර මිලියන 420කට පෙර පොළොවෙහි ශාක ඇති වු විගස ලැව් ගිනි හට ගත් බව ෆොසිල ගල් අඟුරු පෙන්වා දෙයි. ලැව් ගිනි ඇති වීම නිසා පෘථිවියෙහි ජීවය වන බොහෝ පරිසර පද්ධතිවලට අයත් වන ශාක හා සත්ත්වයන්ට ඉතිහාසය පුරා පරිණාමීය වශයෙන් බලපෑම් ඇති කළ බවට අනුමාන කළ හැකි ය. කාබන් බහුල ව අඩංගු වෘක්ෂලතා, සෘතුමය වශයෙන් වියළි දේශගුණය, වායුගෝලීය ඔක්සිජන්, අකුණු සහ ජ්වලනය වූ ගිනි කඳු හේතුවෙන් පෘථිවිය අභ්‍යන්තරයෙන් දැවෙන ග්‍රහ වස්තුවකි.

ජ්වලනයට හේතුව, ඒවායේ භෞතික ගුණාංග, පවතින දහනය කළ හැකි ද්‍රව්‍ය, සහ කාලගුණයේ බලපෑම අනුව ළැව්ගිනි වර්ග කළ හැකි ය. ළැව්ගින්නෙන් දේපල සහ මිනිස් ජීවිතයට හාන් සිදු විය හැකි නමුත් ස්වභාවිකවම ඇති වන ළැව්ගිනි ස්වදේශික වෘක්ෂලතා, සතුන් සහ ගින්නෙන් පරිණාමය වූ පරිසර පද්ධති කෙරෙහි හිතකර බලපෑම් ඇති කළ හැකි ය.

ලැව් ගිනි

තදබල ළැව්ගිනි හේතුවෙන් සංකීර්ණ මුල් කාලීන වනාන්තර වාසස්ථාන ( “ස්නැග් වනාන්තර වාසස්ථාන“ ලෙස ද හැඳින්වේ.) නිර්මාණය කරයි. ඒවා බොහෝ විට නොපිළිස්සුණු පැරණි වනාන්තරවලට වඩා ඉහළ ජීවී විශේෂ ගණනාවකින් සහ විවිධත්වයකින් යුක්ත වේ. බොහෝ ශාක විශේෂ රඳා පවතින්නේ ඒවායේ වර්ධනයට සහ ප්‍රජනනයට ගින්නෙන් වන බලපෑම මත ය. ළැව්ගිනි ඇති වීම දුබල හෝ ස්වදේශීය නොවන ශාක සහිත පරිසර පද්ධතිවලට ලැව් ගිනි පාරිසරික වශයෙන් දැඩි බලපෑම් ඇති කරයි.

ළැව්ගිනිවල හැසිරීම සහ බරපතල බව තීරණය වන්නේ පවතින ඉන්ධන, භෞතික සැකසුම සහ කාලගුණය වැනි සාධකවල එකතුවෙනි. උතුරු ඇමරිකාවේ බටහිර ඓතිහාසික කාලගුණ ව්ද්‍යාත්මක දත්ත සහ ජාතික ගිනි වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ තෙත් කාල පරිච්ඡේදයන් හරහා කලාපීය වශයෙන් විශාල ගිනි ව්‍යාප්ත වීම සැලකිය හැකි ඉන්ධන නිපදවීම, කාලගුණය දීර්ඝ කරන නියඟ හෝ උණුසුම ඇති වීම කෙරෙහි බලපාන බව යි.

ළැව්ගිනි වැළැක්වීම, හඳුනා ගැනීම, පාලනය කිරීම සහ මර්දනය කිරීම සඳහා වූ උපාය මාර්ග වසර ගණනාවක් තිස්සේ වෙනස් වී ඇත. ගිනි ඇවිළීම පාලනය කිරීම සාමාන්‍ය සහ මිල අවම ක්‍රමවේදයකි.

විභව ගිනි ගැනීම් ඇති වීමට හේතු වන ගිනි ගන්නා සුලු ද්‍රව්‍ය අවම කිරීමේ පියවරක් ලෙස හිතාමතාම කුඩා ගිනි ඇවිළීම් සිදු කරයි. ඉහළ වටිනාකමක් ඇති විශේෂයන්ගේ විවිධත්වය නඩත්තු කිරීමට සහ ඉන්ධනවලට ආදේශකයක් ලෙස කටයුතු කළ හැකි ශාක හා අනෙකුත් සුන්බුන් සමුච්චය කිරීම සීමා කිරීමට වෘක්ෂලතා වරින් වර පුළුස්සා දැමිය හැකි ය. බොහෝ වනාන්තර සඳහා ලාභදායක සහ පාරිසරික වශයෙන් සුදුසු ම ප්‍රතිපත්තිය වන්නේ කැලෑ බිම් ගිනි තැබීම යි. කැලෑ කැපීමෙන් ද ළැව්ගිනි ඇති වීමට සාධක වන ඉන්ධන ඉවත් කළ හැකි නමුත්, දරුණු කාලගුණික තත්ත්ව යටතේ ගින්නෙහි බරපතල බව අවම කිරීමට එවැනි ප්‍රතිකර්ම ඵලදායී නොවනු ඇත. යෙලෝස්ටෝන් ක්ෂේත්‍ර මධ්‍යස්ථානයේ (Yellowstone Field Station) ජීව විද්‍යාඥයෙකු වන ජෑන් වැන් වැග්ටෙන්ඩොන්ක් (Jan Van Wagtendonk) පවසන පරිදි ළැව්ගිනි පැතිරීමේ වේගය අවම කිරීමට වඩාත් ඵලදායී ප්‍රතිකර්මය වන්නේ ගිනි ගැනීමේ තීව්‍රතාවය, ගින්නේ දිග සහ තාපය අඩු කිරීම යි. ළැව්ගිනි ඇති වන ප්‍රදේශ ආශ්‍රිත ව පිහිටා ඇති ගොඩනැගිලි, ඒවායේ ව්‍යූහයන් ගිනි ප්‍රතිරෝධී ද්‍රව්‍යවලින් තැනිය යුතු අතර ගොඩනැගිලි ව්‍යූහයෙන් නිශ්චිත දුරක් අවට ඇති වහා දැවෙන සුලු ද්‍රව්‍ය ඉවත් කිරීම මඟින් ආරක්ෂාකාරී බව තහවුරු කර ගත හැකි ය.

ලැව් ගිනි ඇති වීමට බලපාන හේතු සාධක[සංස්කරණය]

ලැව් ගිනි ඇති වීමට බලපාන හේතු සාධක 03 කි.

  1. වියළි දේශගුණය
  2. අකුණු
  3. ගිනි කඳු පුපුරා යාම
වියළි දේශගුණය

ලැව් ගිනි ඇති වීමට බලපාන මිනිසාගේ සෘජු සම්බන්ධයක් සහිත පොදු හේතු සාධක ලෙස ගිනි තැබීම, ඉවතලන සිගරට්, බල රේඛා චාප ( චාප සිතියම්ගත කිරීමෙන් අනාවරණය වී ඇති පරිදි) සහ විවිධ උපකරණවලින් ඇති වන ගිනි ගැනීම් දැක්විය හැකි ය. උණුසුම් රයිෆල් උණ්ඩ කොටස් හරහා ද ලැව් ගිනි ඇති වීම සිදු විය හැකි තත්ත්වයකි. ඉක්මනින් ඉඩම් පවිත්‍ර කර පසේ සාරය ගිලිහී යන තෙක් වගා කටයුතු කර වගා බිම අතහැර දමන ප්‍රජාවන්ට අයත් ව තිබූ බිම්වල ද, දරුණු ලෙස ගිනි තැබීම මඟින් පිරිසිදු කරන බිම්වල ද ලැව් ගිනි ඇති විය හැකි ය. කැලෑ කැපීම මඟින් එළිපෙහෙළි වන වනාන්තර හරහා වහා ඇවිළෙන සුලු තණකොළවල වර්ධනයට  මඟ සලසන අතර වෘක්ෂලතා ආදියෙන් ආවරණය වී ඇති, කැලෑ කැපීමෙන් තොර ප්‍රදේශ ගිනි කොරිඩෝවක් ලෙස කටයුුතු කරයි. වියට්නාම් යුධ කාලසීමාවේ දී ඇමරිකාව යොදා ගත් මිලිටරි වල්නාශක, පුපුරණ ද්‍රව්‍ය, සහ යාන්ත්‍රික වශයෙන් ඉඩම් පිරිසිදු කිරීමේ සහ ගිනි තැබීමේ මෙහෙයුම් නිසා වර්තමානය වන විට දකුණු වියට්නාමයේ වාර්ෂික ව තණබිම් ආශ්‍රිත ගිනි ගැනීම් ඇති වේ.

ලැව් ගිනි ඇති වීමට බලපාන හේතු රටින් රටට වෙනස් වේ. කැනඩාවේ සහ වයඹදිග චීනයේ ලැව් ගිනි ඇති වන ප්‍රධාන ප්‍රභවය ලෙස අකුණු දැක්විය හැකි ය.  ලෝකයේ වෙනත් රටවල ලැව් ගිනි ඇති වීමට මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන දායකත්වයක් සපයයි. අප්‍රිකාව, මධ්‍යම ඇමරිකාව, ෆීජි, මෙක්සිකෝව, නවසීලන්තය, දකුණු ඇමරිකාව, සහ අග්නිදිග ආසියාව වැනි රටවල කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ගිනි තැබීම් හරහා ඉඩම් පරිවර්තනය යන මානව ක්‍රියාකාරකම් නිසා ලැව් ගිනි ඇති වේ. චීනයේ සහ මධ්‍යධරණී ප්‍රදේශවල මිනිස් නොසැලකිලිමත් බව ලැව් ගිනි ඇති වීමට බලපාන ප්‍රධාන සාධකයකි. ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇති වීමට අකුණු ගැසීම් සහ මිනිස් ක්‍රියාකාරකම් ( යන්ත්‍රසූත්‍රවලින් ඇති වන ගිනි, ඉවතලන සිගරට්, හෝ ගිනි තැබීම්) යන හේතු දෙවර්ගය ම සාධක වී තිබේ. ලොව පුරා ගල් අඟුරු දහනය වීම් ආශ්‍රිත ගිනි ගැනීම්; නිදසුනක් ලෙස නිව් සවුත් වේල්ස් හි සෙන්ට්‍රලියා, පෙනිසිල්වේනියා ප්‍රදේශවල දැවෙන කඳු හෙවත් බර්නින් මවුන්ටන් සහ  චීනයේ ගල් අඟුරු ආශ්‍රිත ගිනි ගැනීම් දැක්විය හැකි ය. මේවා අනපේක්ෂිත ව දැල්වෙන අතර අසල ඇති ගිනි ගන්නා සුලු ද්‍රව්‍ය ද දැල්විය හැකිය.

අකුණු


ගිනි කඳු පුපුරා යාම





ලැව් ගිනිවල ව්‍යාප්තිය[සංස්කරණය]

ගිනි ගන්නා සුලු ද්‍රව්‍යවල පැවැත්ම, ඒවායෙහි සිරස් සැකැස්ම සහ තෙතමනය, කාලගුණික තත්ත්වයන් යනාදිය මත පදනම් ව ලැව් ගිනිවල ව්‍යාප්තිය විවිධාකාර වේ.  පවතින හිරු එළිය සහ ශාක වර්ධනයට අවශ්‍ය ජලය, භූමියේ හැඩය තීරණය කරනවා සේ ම, භූ ලක්ෂණ තීරණය වීම කෙරෙහි ඉන්ධනවල සැකැස්ම සහ ඝනත්වය බලපායි. සමස්තයක් ලෙස, ඉන්ධන වර්ග අනුව ගිනි වර්ග පහත පරිදි වර්ග කළ හැකි ය.

  • භූමිය ආශ්‍රිත ගිනි ගැනීම් ඇති වන්නේ භූගත මුල්, අනවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙක් භූගත කාබනික ද්‍රව්‍ය හේතුවෙනිි.  ඉන්දුනීසියාවේ කාලිමන්තන් (Kalimantan) සහ නැගෙනහිර සුමාත්‍රාහී සහල් බිම් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස පීට් වියළී, සිඳී යාම නිසා පීට් ආශ්‍රිත ගිනි මෙන් සෙමින් දුම් නගිමින්, මාස ගණනක් ඔස්සේ භූමිය ආශ්‍රිත ගිනි දැල් වේ.
ලැව් ගිනිවල පැතිරීම
  • ගස්වල කොළ සහ රොඩු, සුන්බුන්, තණකොළ, සහ උස් ව නොවැඩෙන පඳුරු වැනි වනාන්තර භූමියෙහි උස් ව නොවැඩෙන වෘක්ෂලතා ආදිය මඟින් පොළෝ මට්ටමේ හෝ මතුපිට ගිනි ඇති විය හැකි ය. මෙම වර්ගයේ ගිනිවල උෂ්ණත්වය ශාකවල මුදුන් ගිනි ගන්නා විට ජනනය වන උෂ්ණත්වයට වඩා අවම වන අතර (සෙල්සියස් අංශක 400 අඩු) බෑවුම් සහ සුළං මඟින් ව්‍යාප්ත වීමේ දී වේගය වැඩි විය හැකි නමුත් සාමාන්‍යයෙන් ව්‍යාප්ත වීමේ වේගය අඩු ය.
  • ලැඩර් ගිනි මඟින් (Ladder Fire) පහළ වෘක්ෂලතා මට්ටමේ සිට ශාක ආවරණය තෙක් සීමාවට අයත් වන ද්‍රව්‍ය වන  කුඩා ගස්, කඩා වැටුණු ගස් කඳන්, සහ වැල් පිළිස්සෙයි. කුඩ්සූ, ඕල්ඩ් වර්ල්ඩ් නම් පර්ණාංග, සහ අනෙකුත් ආක්‍රමණශීලී පැළෑටි හේතුවෙන් ද ලැඩර් ගිනි ඇති විය හැකි ය.
  • ශාක මුදුන්, වියන් හෝ අග්ගිස්සෙහි ඇති වන ගිනි මඟින් ශාක ආවරණ මට්ටමේ ඇති ද්‍රව්‍ය පිළිස්සෙයි. උස් ශාක, වැල් සහ පාසි ශාක ආවරණ මට්ටමට අයත් වේ.   පිළිස්සීමට භාජනය වන ද්‍රව්‍යයේ ඝනත්වය, වියනෙහි උස, වියනෙහි අඛණ්ඩ පැතිරයාම, ප්‍රමාණවත් මතුපිට සහ ලැඩර් ගිනිවල බලපෑම, වෘක්ෂලතාවල තෙතමනය, සහ ගින්න අතරතුර පවතින කාලගුණික තත්ත්වයන් ශාක මුදුන්හි හට ගන්නා ගින්නට බලපායි. මිනිසුන් විසින් දල්වන ගිනි ඇමේසන් වැසි වනාන්කරය තුළට වුව ද පැතිර යා හැකි අතර, විශේෂයෙන් ම අධික තාපයට හෝ ශුෂ්ක තත්ත්වයන්ට නොගැළපෙන පරිසර පද්ධතිවලට හානි ගෙන දෙයි.
  • උතුරු ඕස්ව්‍රේලියාවේ මෝසම් ප්‍රදේශවල ලැව් ගින්නෙන් දැවෙන ගොදුරු අල්ලා ගැනීමට පුරුදු වී සිටින විශාල පක්ෂීන් විසින් ගොදුරු අල්ලා ගැනීමේ උපක්‍රමයක් ලෙස හිතාමතාම ගෙන යන ගිනි ගන්නා හෝ දුම් දමන ලී කැබලි හෝ තණකොළ පඳුරු මඟින් මතුපිට ගිනි (Surface Fire) ඇති වේ. මෙවැනි පක්ෂීන්ට නිදසුන් ලෙස කළු උකුස්සා (Milvus migrans), සියුරු සන් උකුස්සා (Haliastur sphenurus), සහ දුඹුරු උකුස්සා (Falco berigora) දැක්විය හැකි ය. ඇබෝජීන්වරු මෙම සතුන්ගේ හැසිරීම දීර්ඝ කාලයක් පුරා දැන සිටින අතර, ඔවුන්ගේ මිථ්‍යා කතාවලද එ් පිළිබඳ  සඳහන් වේ.

දේශගුණයේ බලපෑම[සංස්කරණය]

තාප තරංග, නියඟ, එල් නිනෝ වැනි කාලගුණික වෙනස්වීම් සහ අධි පීඩන භූ තරංග වැනි කාලගුණික රටාවන් මඟින් අවදානම වැඩි කළ හැකි අතර ලැව් ගිනිවල හැසිරීම විවිධාකාරයෙන් වෙනස් කළ හැනි ය.  වසර ගණනාවක වර්ෂාපතනයෙන් පසුව උදාවන උණුසුම් කාල පරිච්ඡේදයන්හි දී වඩාත් පුළුල් සහ දීර්ඝ ගිනි ඇති වීමට වැඩි අවදානමක් පවතී. 1980 දශකයේ මැද භාගයේ සිට උණුසුම ඉහළ යාම නිසා හිම දිය වීම, ලැව් ගිනි ඇති වීමේ සුලබතාව සහ පවතින කාල සීමාව වැඩි වීම හා සෘජු ව සම්බන්ධ වී ඇති අතර බටහිර එක්සත් ජනපදයේ වැඩිම කාලයක් ලැව් ගිනි පැවති වසර ලෙස ද හඳුනා ගෙන ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම බොහෝ ප්‍රදේශවල නියඟයේ තීව්‍රතාවය සහ නියඟ ඇති වන වාර ගණන තව දුරටත් වැඩි කරන අතර ලැව් ගිනිවල ප්‍රබලතාව සහ වාර ගණන වැඩි කිරීමට ද ඉවහල් වේ. කැලිෆෝනියාවේ ලැව් ගිනි  අවදානම වැඩි වීම කෙරෙහි මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන් හේතු විය හැකි බව 2015 වසරේ දී කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ. වසර 8000ක් පමණ පැරණි ඇලුවියල් අවසාදිත පාෂාණ පිළිබඳ කළ පර්යේෂණයකින් හෙළි වූයේ උණුසුම් කාලපරිච්ඡේදයන්වල ප්‍රතිඵලයක් ලෙස දරුණු නියඟයන් සහ නිරන්තර ගිනි ඇති වූ බවත්, ලැව් ගිනි, දේශගුණය කෙරෙහි එතරම්ම බලපෑමක්  සිදු කරන බැවින් වනාන්තර ව්‍යූහය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීම ගෝලීය උණුසුම උත්සන්න වූ අනාගතයක කළ නොහැකි ක්‍රියාවක් බවයි.

දිවා කාලයේ දී ද ගින්නෙහි තීව්‍රතාව වැඩි වේ. අඩු ආර්ද්‍රතාව, උෂ්ණත්වයේ ඉහළ යාම, සහ සුළගේ වේගය වැඩි වීම නිසා දිවා කාලයේ දී ගස් කඳන්වල දුම් දමන වේගය පස් ගුණයකින් පමණ ඉහළ යයි. දිවා කාලයේ දී හිරු එළිය නිසා පොළෝ තලය උණුසුම් වන බැවින් ඒ හරහා ඉහළට ගමන් කරන වායු ධාරාවන් නිර්මාණය වේ. රාත්‍රී කාලයේ දී පොළෝ තලය සිසිල් වන අතර ඉහළට නැගුණු වායු ධාරා නැවත පහළට නිර්මාණය වේ. මෙම වායු ධාරා, ලැව් ගිනි ඇති වීමට හේතු වන අතර මේවා කඳු සහ නිම්න හරහා ගමන් කරයි. යුරෝපයේ ලැව් ගිනි තත්ත්වයන් ඇති වීම බහුල ව සිදු වන්නේ රාත්‍රී 12ත් අලුයම 2ත් අතර ය. දිවා කාලයේ දී ඇති උණුසුම නිසා ගින්නෙහි පුරෝකථනය කළ තීව්‍රතාව වැඩි විය හැකි බැවින්, ඇමරිකාවේ ලැව් ගිනි නිවීමේ මෙහෙයුම් උදෑසන 10ට පමණ ආරම්භ වී දවස පුරා පැවැත්වෙයි.

2019 වසරේ අධික උණුසුම සහ වියළි බව නිසා සයිබීරියාව, ඇලස්කාව, කැනරි දූපත්, ඕස්ට්‍රේලියාව සහ ඇමේසන් වැසි වනාන්තරවල දරුණු ලැව් ගිනි ඇති විය. නීති විරෝධී ලෙස දැව කැපීම ලැව් ගිනි හට ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබිණි. ගින්නෙන් ඇති වූ දුමාරය ප්‍රධාන නගර ඇතුළු විශාල භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වූ අතර වාතයේ ගුණාත්මකභාවය විවිධාකාරයෙන් වෙනස් වුණි.


"https://si.wikipedia.org/w/index.php?title=ලැව්_ගිනි&oldid=608952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි