Jump to content

ලානා ඩෙල් රේ

විකිපීඩියා වෙතින්
ලානා ඩෙල් රේ
Lana Del Rey smiling at a festival performance
Del Rey in 2024
උපත
එලිසබෙත් වූල්රිජ් ග්‍රාන්ට්

ජුනි 21, 1985 (1985-06-21) (වයස 40)
නිව්යෝර්ක් නගරය, ඇමරිකා එක්සත් ජනපදය
වෙනත් නම්
  • ලනා ඩෙල් රේ
  • ලනා රේ ඩෙල් මාර්
  • ලිසී ග්‍රාන්ට්
  • මේ ජේලර්
  • ස්පාර්කල් ජම්ප් රෝප් ක්වීන්
උගත් ශාස්ත්‍රාලයෆෝඩ්හැම් විශ්ව විද්‍යාලය (BA)
රැකියාව
  • ගායක
  • ගීත රචක
සක්‍රීය වසර2005–වර්තමානය
ප්‍රධාන නිර්මාණ
කලත්‍රයා(යන්)Jeremy Dufrene (වි. 2024)[1]
සම්මානFull list
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩVocals
ලේබල
වෙබ් අඩවියlanadelrey.com/ Edit this at Wikidata
අත්සන

එලිසබෙත් වුල්රිජ් ග්‍රාන්ට් (උපත 1985 ජුනි 21), වෘත්තීයමය වශයෙන් ලානා ඩෙල් රේ ලෙස හැඳින්වෙන ඇමරිකානු ගායිකාවක් සහ ගීත රචිකාවියකි. ඇගේ සංගීතය, පොප් සහ 1950-1970 ගණන්වල ඇමරිකානා සංස්කෘති වල ආභාෂය සහ ප්‍රේමය පිළිබඳ මෙලන්කොලික් ගවේෂණය සඳහා ප්‍රසිද්ධ වේ.[2] ඇය, MTV වීඩියෝ සංගීත සම්මානයක්, MTV යුරෝපීය සංගීත සම්මාන තුනක්, බ්‍රිතාන්‍ය සම්මාන දෙකක්, බිල්බෝඩ් හි සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තාවන් සඳහා වන සම්මාන දෙකක් සහ චන්ද්‍රිකා සම්මානයක් ඇතුළු විවිධ සම්මාන ලබා ඇත. ඊට අමතරව ඇය, ග්‍රැමී සම්මාන එකොළහක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇත. "21 වන සියවසේ වඩාත්ම බලගතු ගායිකාවන්-ගීත රචිකාවියන්ගෙන් කෙනෙකු" ලෙස Variety විසින් ඔවුන්ගේ Hitmakers සම්මාන උළෙලේදී ඇයට ගෞරව ප්‍රධානය කරන ලදී. 2023 දී, රෝලිං ස්ටෝන් විසින්, ඔවුන්ගේ "මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨතම ගායිකාවන් 200" ලැයිස්තුවට ඇයව ඇතුළත් කළ අතර, ඔවුන්ගේ සහෝදර ප්‍රකාශනයක් වන එක්සත් රාජධානියේ රෝලිං ස්ටෝන් සඟරාව, ඇයව "21 වන සියවසේ ශ්‍රේෂ්ඨතම ඇමරිකානු ගීත රචිකාවිය" ලෙස නම් කළේය.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ හැදී වැඩුණු ඩෙල් රේ, සංගීත වෘත්තියක් හැදෑරීම සඳහා 2005 දී නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වන ලදී. ඇගේ ඉදිරි ගමන 2011 දී නිකුත් වූ ඇගේ "වීඩියෝ ක්‍රීඩා" ගීතයේ අති සාර්ථකත්වයත් සමඟ සිදු වූ අතර, එය පොලිඩෝර් සහ ඉන්ටර්ස්කෝප් සමඟ පටිගත කිරීමේ ගිවිසුමකට මග පෑදීය.[3] ඇය, ඇගේ දෙවන ඇල්බමය වන බෝන් ටු ඩයි (2012) සමඟ තීරණාත්මක සහ වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්තාය. එහි මනෝභාවයෙන් යුත්, හිප් හොප් ශෛලියෙන් යුත් ශබ්දයක් ඇතුළත් වූ අතර, "මර්ටයිම් සැඩ්නස්" නම් ස්ලීපර් හිට් ගීතය ඇතුලත් විය. මෙම ඇල්බමය ලොව පුරා එක් එක් රටවල ගීත දර්ශක ගණනාවකම ඉහළටම පැමිණි අතර, 2023 දී එක්සත් ජනපදයේ බිල්බෝඩ් 200 දර්ශකයේ සති 500 කට වඩා ගත කළ ඇල්බමය හිමි දෙවන කාන්තාව බවට පත්විය.

ඇයගේ විචාරක පැසසුමට ලක් වූ හයවන ඇල්බමය වන නෝමන් ෆකින් රොක්වෙල්! (2019), 62 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ ඇල්බමය සඳහා නම් කරන ලද අතර රෝලිං ස්ටෝන් විසින් "මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨතම ඇල්බම 500" අතරට ලැයිස්තුගත කරන ලදී. විචාරක පැසසුමට ලක් වූ "A&W " ගීතය ඇතුලත් ඩෙල් රේගේ නවවන ස්ටුඩියෝ ඇල්බමය වන ඩිඩ් යූ නෝ දට් දර්ස් අ ටනල් අන්ඩර් ඕෂන් බොලිවාර්ඩ් 2023 දී නිකුත් කරන ලද අතර, එය රෝලිං ස්ටෝන් විසින් " මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨතම ගීත 500" අතරට නම් කරන ලදී. එම වසරේම, ඈ බිල්බෝඩ් ග්ලෝබල් 200 දර්ශකයේ ඉහළම ජනප්‍රිය ගීත 20 අතරට එක් වූ "සේ යෙස් ටු හෙවන්" නිකුත් කළාය.

ඩෙල් රේ දෘශ්‍ය මාධ්‍ය වලට ශබ්ද පට සඳහා දායකත්වය ලබා දී ඇත; 2013 දී, ඇය විචාරකයින්ගේ පැසසුමට ලක් වූ සංගීත කෙටි චිත්‍රපටයක් වන ට්‍රොපිකෝ ලියා එහි රඟපෑ අතර, "ද ග්‍රේට් ගැට්ස්බි" නම් ආදර නාට්‍යය සඳහා "යං ඇන්ඩ් බියුටිෆුල්" නිකුත් කළ අතර එය විචාරකයින්ගේ ප්‍රශංසාවට ලක් වූ අතර ග්‍රැමී සහ විචාරකයින්ගේ තේරීම් සම්මාන සඳහා නාමයෝජනා ලබා ගත්තාය. 2014 දී, ඇය අඳුරු මනඃකල්පිත ත්‍රාසජනක චිත්‍රපටයක් වන මැලේෆිසන්ට් සඳහා "වන්ස් අපොන් අ ඩ්‍රීම්" සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා නම් කරන ලද බිග් අයිස් චරිතාපදාන චිත්‍රපටයේ නාමික තේමා ගීතය පටිගත කළාය. ඩෙල් රේ විසින් 2019 දී, "චාලිස් ඒන්ජල්ස්" ක්‍රියාදාම හාස්‍යජනක චිත්‍රපටය සඳහා "ඩෝන්ට් කෝල් මී ඒන්ජල්" ද පටිගත කරන ලදී. ඇය 2020 දී "වයලට් බෙන්ට් බැක්වර්ඩ්ස් ඕවර් ද ග්‍රාස්" කාව්‍ය හා ඡායාරූප එකතුව ප්‍රකාශයට පත් කරන ලදී.

  1. ^ "Lana Del Rey Marries Alligator Tour Guide Jeremy Dufrene in Louisiana Wedding". US Magazine (ඉංග්‍රීසි බසින්). 2024-09-27. සම්ප්‍රවේශය 2024-09-27.
  2. ^ Erlewine, Stephen Thomas. "Lana Del Rey | Biography & History". AllMusic. June 28, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය June 29, 2016.
  3. ^ Harris, Paul (January 21, 2012). "Lana Del Rey: The strange story of the star who rewrote her past". The Guardian. June 26, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 29, 2016.
"https://si.wikipedia.org/w/index.php?title=ලානා_ඩෙල්_රේ&oldid=748427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි