ලන්ඩනයේ බෝම්බ පිපිරුම් - 2007 මැයි අත්අඩංගුවට ගැනීම

විකිපීඩියා වෙතින්

2007 මැයි 9 දින පොලිසිය තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. යෝර්ක්ෂයර් හිදි එක්කෙනෙකු සහ බර්මින්හැම් හි සෙලිඕර්ක් හීදි එක් කෙනෙකුද වශයෙනි. මෙම අත්අඩංගුවට ගත් අය අතර නායකයෙකු යයි අනුමාන කරන මොහොමඩ් සිද්දික් ඛාන් ගේ වැන්ඳඹු බිරිය වූ හසීනා පතෙල් (Hasina Patel) ඇයට එරෙහි චෝදනා වූයේ ත්‍රස්තවාදි ක්‍රියා සැලසුම් කිරීම, පෙළඹවීම, හා ක්‍රියාත්මක කිරීමයි.

පතෙල්ද ඇතුළුව අත්අඩංගුවට ගනු ලැබූ තිදෙනෙකු 2007 මැයි 15 දින නිදහස් කරන ලැබූහ. හතරවැන්නා වූ තනිකඩ, රැකියාවකින් තොර, දරු තිදෙනෙකුගේ පියෙකු වූ ඛාලිඩ් ඛාලික් නැමැත්තාට එරෙහිව අල් ඛයිඩා පුහුණු අත්පොතක් තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලද නමුත් එම චෝදනාව ජුලි 7 දා බෝම්බ ප්‍රහාරයට අදාළ නොවීය. ත්‍රස්තවාදි ක්‍රියාවක් කිරීමට උපදෙස් දෙන පොතක් තම සන්තකයේ තබා ගැනීම අවුරුදු 10 ක් සිර දඬුවම් නියම කළ හැකි වරදකි.


ෂික් අබ්දුල්ලා එල් - ෆයිසාල් පිටුවහල් කිරීම[සංස්කරණය]

ෂික් අබ්දුල්ලා එල්-ෆයිසාල් ඔහුගේ පොදු සමාකාලය එළඹීමෙන් පසුව සිර දඬුවමෙන් නිදහස් කොට ඔහුගේ මව් රට වූ ජැමෙයිකාවට 2006 මැයි 25 දින පිටුවහල් කරනු ලැබීය. ඔහු වැරදි කරු කරන ලද්දේ චෝදනා තුනක් සම්බන්ධයෙනි. එකක් වූයේ යුදෙව්වන්, ඇමෙරිකානුවන් සහ හින්දූන් මැරවීම සඳහා පෙළඹවීම් කිරීමයි. ඉතිරි චෝදනා දෙක 2003 වර්ෂයේ දි ජාති වාදි වෛරය ඇවිස්සෙන පරිද්දෙන් තර්ජනාත්මක වචන පාවිච්චි කිරීමයි. ඔහුගේ අභියාචනයෙන් පසු අවුරුදු හතකට සිර දඬුවම් නියම කරන ලදී.


වගකීම භාර ගැනීම[සංස්කරණය]

අල් ඛයිඩා සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙබ් අඩවියක් හඳුනා ගනු ලැබූ බවත්, ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව සඳහන් වචන 200 කින් යුත් ප්‍රකාශයක් එහි අඩංගුව තිබෙන බවත් බිබිසි ප්‍රවෘත්ති සේවාව ජුලි 7 වැනි දින ප.ව.12.10 ට වාර්තා කළේය. ජර්මනියේ ඩර් ස්පීගල් ප්‍රවෘත්ති සඟරාව සහ බිබිසී මොනිටරි යන දෙකම “රහස් සංවිධානය - යුරෝපයේ අල් ඛයිඩා “ නම් රහසිගත සංවිධානයක් වගකීම භාර ගනිමින් අල්-ඛල්දුඅහ් (මාළිගය) අන්තර්ජාල වෙළඳ පොළෙහි නිවේදනයක් පල කළ බව වාර්තා කළහ. මෙම නිවේදනයෙන් ප්‍රකාශ වූයේ 2003 වර්ෂයේ බ්‍රිතාන්‍ය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට සහ ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම පහර දීම සිදු කළ බවයි. ඉරාකය හා සම්බන්ධ වී සිටින අනෙකුත් රටවල් (විශේෂයෙන් ඩෙන්මාර්කය සහ ඉතාලිය) ඔවුන්ගේ හමුදා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ආපසු ගෙන්වා ගත යුතු බවත් එම ලිපියෙන් අනතුරු ඇඟවීමක් කර තිබුනි. ලන්ඩනයේ සිටි සෞදි අරාබි ප්‍රකාශකයෙක් එම ප්‍රකාශය ව්‍යාකරණ දෝෂ වලින් යුක්ත බවත් සඳහන් කර ඇති කුරානයේ පාඨද වැරදි බවත් පෙන්වා දුන්න්ය. මෙය විවාදයට ලක් විය.

පහර දීම් 2004 මාර්තු 11 වෙනි දින මැඩ්රිඩ් දුම්රියේ බෝම්බ ප්‍රහාරය‍ට සමාන බවත් අල් ඛයිඩා ක්‍රමයේ පහර දීම් බවටත් අනුමාන කරනු ලැබින. බුඩාපෙස්ට් - මූලස්ථානය කර ගත් ආරක්ෂක විශ්ලේෂක සෙබස්තියන් ගොර්කා “නිසැකවම පෙනෙන පළමු කාරනය එක විට ප්‍රහාර සිදු කිරීමේ ස්වභාවයයි. එය අල් ඛයිඩාව හෝ ඊට සම්බන්ධ සංවිධානයක ස්වරූපයයි” යනුවෙන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

කලින් සිටි නාගරික පොලිස් කොමසාරිස් වූ ක්අර්ක්වෙල්පින්ග්ටන් ගේ මතයට අනුව බෝම්බකරුවන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට පෙර ඔවුන් ඉපදුනේ හෝ මූලස්ථාන ගත වී සිටියේ බ්‍රිතාන්‍යයේ බව සම්පූර්ණයෙන්ම වාගේ විශ්වාස කර තිබුනි. මෙම ප්‍රහාරයන්ට මනා පෙර සූදානමක් ද, බෝම්බ නිෂ්පාදනය පිළිබඳ පළපුරුද්ද, ලන්ඩන් ප්‍රවාහන ජාලය පිළිබඳ දැනුමක්, මෙන්ම බෝම්බ නිෂ්පාදන උපකරණ රසායන ද්‍රව්‍ය පිළිබඳ හොඳ දැනීමක් ද අවශ්‍ය විය යුතුය.

http://en.wikipedia.org/wiki/7_July_2005_London_bombings#May_2007_arrests