ලංකාවේ නිදහස් අරගලය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

දෙවන ලෝක යුද්ධය[සංස්කරණය]

දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසු නිදහස ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිස් බ්‍රිතාන්‍යයන්ගේ යුද්ධ ප්රුයත්නයන්ට අමාත්යිවරු සහයෝගය දැක්වීම ගැන විරුද්ධ වූහ. බ්රිඉතාන්යක යුද යාන්ත්ර්ණයට ශ්රීේ ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් පරිත්යාුග කිරීම සඳහා ඇමතිවරු ඉදිරිපත් කළ යෝජනාවලට රාජ්යී මන්ත්රවණ සභාවේ හුන් නිදහස ලබා ගැනීමට පක්ෂ මන්ත්රීුවරු විරුද්ධ වූහ. යුද්ධයට එරෙහි වූ සෑහෙන පිරිසක් ලංකාවේ සිටියහ. ඒ විශේෂයෙන් වැඩකරන ජනතාව සහ ජාතිවාදීන් අතරයි. පසුව කී අයගෙන් වැඩි දෙනෙක් ජර්මන්වරුන්ගේ ජයග්රවහණය අපේක්ෂා කළහ. මේ අතර ජර්මන් සම්භවයක් ඇති බෞද්ධ භික්ෂුවක් 'සතුරු හමුදාවේ' යයි සැක කොට සිර ගත කරන ලදී. එම සිද්ධිය බෞද්ධයින්ගේ නොමනාපයට හේතු වූයේ ඉතාලි, ජර්මන්, රෝමන් කතෝලික පූජකයින්ට එසේ නොකිරීම නිසාය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්රීරවරුන් දෙදෙනෙකු වූ ජූනියස් රිචඩ් ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක, බ්රිුතාන්යීයන් පලවා හැරීමේ අපේක්ෂාව ඇතිව ජපනුන්ගේ සහයෝගය අපේක්ෂාවෙන් ඔවුන් සමග සාකච්ඡා පැවැත්වූහ.

වතු කම්කරුවන්ගේ වර්ජන රැල්ල

තම සංවිධානයේ අයිතිවාසිකම් දිනා ගැනීමේ මූලික අභිප්රාාය ඇතිව 1939 නොවැම්බර් මාසයෙන් පටන් ගෙන 1940 පළමු හය මාසය දක්වා බ්රිවතාන්යඅයන්ගේ වතුවල වර්ජන රැල්ලක් ඇති විය. අයියර්ගේ සිලෝන් ඉන්ඩියන් කොන්ග්ර ස් (Ceylon Indian Congress) සහ සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ සංගමය (පසුව ලංකා වතුකම්කරුවන්ගේ සංගමය) යනුවෙන් ප්රමධාන වතුකම්කරුවන්ගේ වෘත්තීය සමිති දෙකක් විය. සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ සංගමය මෙහෙයවන ලද්දේ සම සමාජ පක්ෂය විසිනි.

මධ්යයම පළාත් වර්ජන රැල්ල උච්චාවස්ථාවකට පත් වූයේ 'මූල්' ඔය වත්තේ වර්ජනයේය. එය සම සමාජ පාක්ෂිකයන් විසින් මෙහෙයවන ලදී. මෙයට වතුකම්කරුවන්ගේ සංගමයේ ලේකම් වේලුසාමිද ඇතුළත් විය. මෙම වර්ජනයේදී 1940 ජනවාරි 19 දින පොලීසිය විසින් වෙඩි තබන ලදුව කම්කරුවෙකු වූ ගෝවින්දන් මිය ගියේය. රාජ්යිය මන්ත්ර ණ සභාවේ දී සහ පිටතදී කරන ලද උද්ඝෝෂණයන්හි ප්රවථිපලයක් ලෙස පරීක්ෂණ කොමිෂමක් පත් කිරීමට රජයට බල කෙරුණි. මිය ගිය ගෝවින්දගේ වැන්ඳඹු බිරිය වෙනුවෙන් කොල්වින් ආර් ද සිල්වා පෙනී සිට සුදු වතු අධිරාජ්යගයේ ස්වාමිවරුන්ගේ සහ පොලීසියේ ඒකාබද්ධ රඟපෑම නිරාවරණය කළේය.

මුල් මාසයෙන් පසු වර්ජන රැල්ල දකුණු දෙසින් ඌව දක්වා පැතිරුණේය. වර්ජන රැල්ල දිගින් දිගට ඇදී ගිය අතර කම්කරුවන් දිගින් දිගටම සම සමාජ පාක්ෂික සටන්කාමී නායකත්වයක් අපේක්ෂා කළහ. විලී ජයතිලක, එඩ්මන් සමරක්කොඩි සහ වී.සිත්තම්පලම් ඇතුළු සම සමාජ පාක්ෂිකයෝ නායකත්වය දැරූහ. වතු අධිරාජ්යඑවාදීන් විසින් රැස්වීම් තහනම් කිරීම සඳහා බදුල්ල මහේස්ත්රාතත්වරයාගෙන් නියෝගයක් ලබා ගත්හ. ඇන්.ඇම්.පෙරේරා එම නියෝගයට කඩ කරමින් මැයි 12 දින බදුල්ලේදී විශාල රැස්වීමක් ඇමතුවේය. පොලීසිය ඊට විරුද්ධව ක්රිරයාකිරීමට බලයක් නොමැතිව අසරණ විය. කම්කරුවෝ වේවැස්ස වතුයායේදී තෝරාගත් කවුන්සලයක් පිහිටුවා ගත්හ. කම්කරුවන්ගේ කවුන්සලය සමග සාකච්ඡා කොට උපදෙස් ලබාගෙන ක්රිපයා කිරීමට වතු අධිකාරී තැන එකඟ විය. සාමය ආරක්ෂා කිරීමට ගිය ආයුධ සන්නද්ධ පොලිස් පිරිස් කම්කරුවන් විසින් නිරායුධ කරණු ලැබූහ.

පසුව පොලීසිය විසින් දියත් කරන ලද බිහිසුණු ක්රි යා සහ ඒ දිනවල ඇතිවූ ගංවතුර හේතුවෙන් ඌව පළාත සෙසු පෙදෙස්වලින් සතියකට වැඩි කාලයක් වෙන්වීමද නිසා වර්ජනය නතර විය. එහෙත් යටත් විජිත පාලකයින් එයින් තේරුම් ගත්තේ නිදහස් අරගලය ක්රවමයෙන් බලවත්වන බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_නිදහස්_අරගලය&oldid=433590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි