රෝරිංග් ට්වෙන්ටි (Roaring Twenties)
"ෆොලිස්" (Follies) ආකාර දර්ශනයක් - දශකයේ වඩාත්ම ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකු වූ ෆ්ලොරෙන්ස් සීග්ෆෙල්ඩ් ගේ "ෆොලිස්" (මෝඩකම). මේරි ඊටන් සහ ජොනි වෙස්මුලර් පෙනී සිටින මෙම සිනමා නිශ්චල ඡායාරූප 1929 ෆොලිස් පාදක කර ගත් 'ග්ලොරිෆයින්ග් ද ඇමෙරිකන් ගර්ල්' (Glorifying the American girl) චිත්‍රපටයෙනි.
රෝරිංග් ට්වෙන්ටි (Roaring Twenties) යන වචනය 1920 දශකය විස්තර කිරීම සඳහා භාවිතා වේ. (විශේෂයෙන් උතුරු ඇමෙරිකාවේ) එම කාලය තුල සමාජීය, කලා සහ සංස්කෘතික ප්‍රබෝධය එයින් අවධාරණය කෙරේ. පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නයේ දේශපාලන තත්වය ඉතා හොඳින් පැවතුනි. ජෑස් සංගීතය දියුණු විය. තරුණ ලඳුන් නවීන කාන්තාවන් ලෙස හැඩ ගැසුනෝය. කලා ශිල්ප වල තත්වය ඉහළම තත්වයට පත් විය. නව සොයාගැනීම් කීපයක් නිසාද මහත් ප්‍රථිපල ලැබෙන ආකාරයේ අපනයන ද්‍රව්‍යයන් සොයා ගැනීමෙන්ද පෙර නොවූ ආකාරයේ සංවර්ධන කටයුතු සහ ඉතා ඉක්මණින් වැඩි වූ පාරිභෝගික ඉල්ලීම් හේතුවෙන්ද ජනතාවගේ ජීවන රටාවේ කැපි පෙනුනු වෙනස් වීම් නිසාද එම යුගයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබුනි.
රෝරිංග් ට්වෙන්ටීස් (Roaring Twenties) නමින් හැඳින්වුනු උතුරු ඇමෙරිකාවේ ආරම්භ වුනු සමාජ විප්ලවය පළමු වැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපය දක්වා පැතිරුනේය. එම අවුරුදු කිපය තුල යුරෝපය ඔවුන්ගේ පුනර්ජිවන කටයුතු වල සහ යුද්ධයේ දි වූ විශාල ජීවිත හානි සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියේය. මෙම අවස්ථාවේදි එක්සත් ජනපදය යුරෝපයට උදව් කළේ සුලු වශයෙනි. ඒ වෙනුවට හුදෙකලාව සිටිමේ තීරණයක සිටියේය. දශකයේ මැද භාගය වන විට යුරෝපයේ ආර්ථික වර්ධනයේ සීඝ්‍ර දියුණුවක් ඇති විය. දශකයේ දෙවැනි භාගයේදි පමණ ජර්මනියේද, බ්‍රිතාන්‍යයේද සහ ප්‍රංශයේද "රෝරිංග් ට්වෙන්ටි" පැන නැංගේ "ගෝල්ඩන් ට්වෙන්ටීස්" නොහොත් ස්වර්ණමය විසි ගණන් නමින් හැඳින්වෙමිනි. ප්‍රංශයේ සහ කැනඩාවේ එය හැඳින්වුනේ "ක්‍රේසි ඉයර්ස්" (Crazy years) යන නමිනි.
නවීනත්වය හා බැඳුනු වෙන්වීමක් රෝරින්ග් ට්වෙන්ටීස් හි හරය සනිටුහන් කළේය. නවීන තාක්ෂණයෙන් සෑම දෙයක්ම කළ හැකි බව පෙනි ගියේය. නව තාක්ෂණය, විශේෂයෙන් මෝටර් රථ වාහන, චිත්‍ර පට සහ රේඩියෝ යනාදිය මගින් විශාල පිරිසකගේ නවීනත්වය ඉස්මතු කළේය. ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ එදිනෙදා ජීවිතයේ විධිමත් ලෙස සකස් කළ මෝස්තර වැල් වැටුනේය. එතෙක්මතකයේ තිබුණු පළමු ලෝක යුද්ධයේ බියකරු මතකයන්ට එරෙහිව මෙන් මෙම කාලය තුල ජෑස් සංගීතය සහ නැටුම් ක්ෂේත්‍රය තුල විනෝදය සහ සැහල්ළු බව වර්ධනය විය. එම කාල පරිච්ඡේදය බොහෝ අවස්ථාවල "ජෑස් යුගය" ලෙසද හැඳින්වුනේය.