රෝම හමුදාව

විකිපීඩියා වෙතින්

රෝම හමුදාවේ සංග්‍රාම ඉතිහාසය[සංස්කරණය]

ඉතාලියේ ප‍්‍රධාන නගරය වූ සහ ක‍්‍රි: පූ: 9 වන සියවසේ සිට ක‍්‍රි: ව: 5 වන සියවස තෙක් යුරෝපා ආසියාව සහ උතුරු අප‍්‍රිකාව පාලනය කළ ඓතිහාසික රෝමයේ ඉතිහාසය බැඳී පවතින්නේ යුද ඉතිහාසයත් සමග ය. මෙම ඉතිහාසය වනාහී, රෝම හමුදාවේ ගොඩබිම් සටන් වේ. මෙම සටන් ඉතාලි අර්ධ ද්වීපයේ අසල්වැසියන් යටත් කර ගැනීමෙන් පසුව දියත් කළ මූලික ආරක්ෂක සටන්වලින් ආරම්භ වී අධිරාජ්‍ය නැගෙනහිර හා බටහිර ලෙස වෙන්වීමෙන් පසුව හන්, වැන්ඩල් හා ජර්මානු ගෝත‍්‍රවල ආක‍්‍රමණවලින් ආරක්ෂාවීමට දියත් කළ අවසන් අරගලය දක්වා දිවේ. රෝම හමුදා ඉතිහාසය තුළ මධ්‍යධරණි මුහුද වටා ඇති භූමිය යටත් කර ගැනීමට කරන ලද සටන් හැරුණු කොට, මුහුදු සංග‍්‍රාම ඉතා අවම ය. ඊට හේතුව නම්, පළමු පියුනික් යුද්ධයෙන් පසුව එහි නෞවක ආධිපත්‍යයට තර්ජනයක් එල්ල නොවීමය.

රෝම හමුදාව මුලින්ම සටන් කළේ සිය අසල්වැසියන් සහ එත‍්‍රැස්කාන් :ෑඑරමිජ්බ* නගරවලට එරෙහිව ය. පසුව මධ්‍යධරණි කලාපයේ සහ ඉන් අනතුරුව බි‍්‍රතාන්‍යය හා සුළු ආසියාව  :්ිස් – පසබදර* යන ප‍්‍රදේශවලට පැතුරුණි. බොහෝ ශිෂ්ටාචාරවල මෙන් රෝම හමුදාව ද කරුණු 3ක් සඳහා සේවය කළේය. එනම්, දේශසීමා ආරක්ෂා කර ගැනීම, යටත් වැසියන් මත ආධිපත්‍යය පැතිරවීම සහ අභ්‍යන්තර සාමය පවත්වාගෙන යාමයි. මුල සිටම රෝම හමුදාව මෙය ආදර්ශයක් ලෙස පවත්වාගෙන ගිය අතර, එහි සංග‍්‍රාම මින් හේතු එකක් හෝ දෙකක් මත පදනම් විය. පළමුව, සාමාන්‍යයෙන් ප‍්‍රති ප‍්‍රහාර වැළැක්වීමක් ලෙස ආරම්භ කළ දේශසීමා පුළුල් කිරීමේ සටන් ය. මෙමගින් විශාල භූමි ප‍්‍රමාණ අත්පත් කර ගැනීමේ හැකියාව ලැබුණු අතර, ලොව ජනගහණයෙන් 10/4ක් පදිංචිව සිටින තරම් වූ බිම් ප‍්‍රමාණයක් සහිත ලොව තුන්වන විශාලතම අධිරාජ්‍යය බවට පත් විය. දෙවනුව, රෝමයේ ආරම්භක යුගයේ සිට බිඳ වැටෙන තෙක් එය පීඩාවට පත් කළ සිවිල් යුද්ධයයි.

රෝම හමුදාවන් ගැන තිබූ භයානක අදහස් හා ඔවුන්ගේ ජයග‍්‍රහණ මාලාව කෙසේ වුවද, ඔවුන් පරාජය කළ නොහැකි වූවන් නොවීය. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඔවුහු සිය නොහැකියාවන් ගොඩ නඟාගත් අතර, එය ඔවුන්ගේ අන්ත පරාජයන්ට මඟ පෙන්වීය. එසේ වුවත්, සටන් ජයග‍්‍රහණය කරන නමුත්. යුද්ධයෙන් පරාජය වීම වූ කලී රෝමයේ සතුරන් වූ පයිරස්වරුන්ගේ හා හැනිබාල්වරුන්ගේ ද ඉරණම විය. රෝම සංග‍්‍රාම ඉතිහාසය යනු අන් කිසිවක් නොව, අන්ත පරාජයන් යටපත් කරන ලද අප‍්‍රතිහත ධෛර්්‍යය පිළිබඳ ඉතිහාසයය

සටහන්[සංස්කරණය]

|Campaign_history_of_the_Roman_military |}

"https://si.wikipedia.org/w/index.php?title=රෝම_හමුදාව&oldid=468663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි